tag:blogger.com,1999:blog-85096004438090726022024-03-05T10:56:27.297+05:30අන්දර මල්දම - The Garland of Talesඅමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-8509600443809072602.post-23022865522664844152016-01-07T09:47:00.000+05:302016-01-11T16:25:41.842+05:30සරණ බන්ධන........ පසු වදන
සිය දියණිය හා කුඩා මුණුපුරා නිදනා දෙස මොහොතක් බලා සිටි හෙලේනා නිහඬ පියවර තබමින් තම කාමරය වෙත ඇවිද ගියාය. ගුවන් තොටුපොළේදී සමන්තාව මුණ ගැසීමට පැමිණි අමුත්තන් පිළිබඳව ඇය ගුවන් ගමන අතරතුරේදී සිය මවට හෙළි කොට තිබුණි. පෙර දිනයේ පටන් සිදු වූ සියල්ලට හෙලේනා කන් දී සිටියේ ඇදහිය නොහැකි දෙසවනින් යුතුවය.
පෙර දින සවස් යාමයේ ඔවුන් නතර වී සිටි හෝටලයේ පහත මාලයේ වූ විවාහ උත්සවය නිමා වන මොහොතේ අහම්බයකින් මෙන් ඒ අසළින් ඇවිද ගිය මොහොතේ සිත සසල කරවන රුවක ඡායාවක් ඇගේ නෙත ගැටුණි. එම රුව බොහෝ සෙයින්... ඔහුට... සමානය. ඇගේ සිත විසි හත් වසරකට එපිට අතීතයකට ගෙන යාමට එම රුව එම මොහොතේදී සමත් විය. මැදි වියද සමග උරුම වූ දුර්වල පෙනුම හේතුවෙන් ඒ ඔහුමදැයි සැක හැර දැනගැනීමට නොහැකි වුවද ඒ ගැන වැඩි වේලාවක් සිත නොයොදවා ගිය කාරියද පසෙක දමා ඇය නැවත උඩු මහළ වෙත ගියාය. ගුවන් තොටුපොළේදී සමන්තාව හමු වීමට පැමිණ තිබුණේ එම විවාහ උත්සවයේ මනාළ යුවලයි. එම මනාළයා සමන්තාගේ පැරණි පෙම්වතායි.
තම දෛවයට තම දියණියටද එලෙසින්ම මුහුණ දෙන්නට සිදු වූයේ මන්දැයි ඇයට සිතාගත නොහැක.
කාමරයට ඇතුළු වූ ඇය අබලන් වූ මේස ලාච්චුවක් විවර කර එහි පතුලේම තැන්පත්ව තිබූ ලියුම් කවරයක් අතට ගත්තාය. එහි සඳහන්ව තිබුණේ ඇය ශ්‍රී ලංකාවේ අවසන් වරට පදිංචිව සිටි නවාතැනේ ලිපිනයයි. ඇය ඒ තුළ වූ ලිපිය දිග හැරියාය. තමා යළි කිසිදා ඔහුව හමු නොවන බව පවසා ඔහුගෙන් සමුගෙන ඇගේ මාතෘ භූමිය වූ නෙදර්ලන්තය බලා පැමිණීමෙන් පසු ඔහු එවා තිබූ ලිපිය එයයි. එය ඈ අතට පත් වූයේ ඔහු එය එවා සත් මසක් පමණ ගත වීමෙන් පසුවය.
My Dearest Heli,
I don't know why you left me. I looked for you everywhere but you were gone. Please forgive me for my ignorance. But as I told you again and again, my parents were and are bothering me with all those proposals. I only needed time my dear. I only wanted you to give me a little more time to convince them. But you didn't have the patience. I.........
හෙලේනා ලිපිය කියවීම නතර කර දැමුවාය. ඇය සිවු වසරකට අධික කාලයක පටන් ඔහු ඉල්ලනා කාලය ලබා දුන්නා නොවේද? එපමණ කල් බලා හිඳීමෙන් අනතුරුවද ඔහු පවසන්නේ ඇයට ඉවසීම නොමැති බවයි. ඇය තනිවම සිනාසුණාය. ඒ සියල්ල ඇයට දරාගත හැකිය. තවත් ඕනෑ තරම් කල් වුවද ඇයට බලා සිටිය හැකිය. නමුත්, නමුත් ඔහු ඔහුගේ ජීවිතය විනාශ කරගන්නා අන්දම ඇයට බලාසිටිය නොහැකිය. ඇය ඔහුගෙන් සමුගන්නට තීරණය කළේ එබැවිනි.
එම ලිපිය ඇගේ අතට පත් වූයේ ඔහුගේ දියණිය ඇගේ කුසින් එළිය දුටු දිනයේය. එම ලිපිය රැගෙන ආ ඇගේ ශ්‍රී ලංකික ඥාතිවරියට සැල වී තිබුණු අන්දමට ඔහුගේ විවාහ දිනයේය.
එනමුදු, ඇය ඔහුට ආදරය කළාය. ඔහු එවා තිබූ එම ලිපියට ආදරය කළාය.
එනමුදු, එය තව දුරටත් තමා සන්තකයේ තබාගත නොයුතු බව ඇය තීරණය කළාය. එය අයිති අතීතයටය. කෙතරම් අමතක කර දැමීමට සිතා සිටියද එම අතීතය ඇගේ දියණිය පසුපසද හඹා විත් ඇති අන්දම සිතාගැනීමටවත් නොහැක. ලිපියද රැගෙන කාමරයේ වූ ගිනි උදුන වෙත ගිය ඇය එය දල්වා ලිපිය දිග හැර රඟ දෙන ගිනි දළු වලට හසු වන සේ එය අල්ලාගෙන සිටියාය. මදින් මද දැවී කළු වී අවසානයේ ඇගේ අතැඟිලි ආසනයේ වූ කොටස පමණක් ඉතිරි වී ඉතිරිය අළු ලෙසින් වා තලයට මුසුව ගියේය. එහි ඉතිරි වී තිබුණේ ඔහුගේ නමයි.
Saman Deraniyagala
සුසුමක් හෙලූ ඇය එයද ගිනි උඳුන තුළට අත හැර දෑත් පිස දමාගත්තාය. ඇගේ සිත තුළ වෛරයක් නොමැත. කෝපයක්ද නොමැත. තමාද, තම දියණිය ගැනද සිතේ ඉතිරිව තිබූ සන්තාපය ඇය එම ලිපියත් සමගම දවා හළු කොට දැම්මාය. ඇය තම දියණියද සුරතල් මුණුපුරාද සමග ජීවිතයට අලුතෙන් මුහුණ දෙන්නට ඉටා ගත්තාය.
~ සමාප්තයි ~
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com30tag:blogger.com,1999:blog-8509600443809072602.post-81156828612905955122016-01-05T09:15:00.000+05:302016-01-11T16:25:41.849+05:30සරණ බන්ධන........12 - හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්
හැමදේම හොඳින් විසඳුන හින්දා හතර දෙනාම හිටියේ හරිම සතුටෙන්, සැහැල්ලුවෙන්. තමන්ටත් මේ තරම් සතුටක් දැනෙනවනම් අවන්ති අක්කටයි සුපුන් අයියටයි කොහොම දැනෙනවා ඇත්ද කියලා දසුනිට හිතාගන්නවත් බෑ. හතර දෙනාම සෑහෙන බඩගින්නක හිටපු නිසා ආපහු එන අතරමග නතර වෙලා කඩේකින් කෑවා. කෑම කන අතරෙදි කවුරුවත් සිද්ද වෙච්ච දේ ගැන කතා කළේ නෑ. වෙන වෙන වල්පල් තමයි කතා කළේ. සුපුන් අයියයි අරවින්ද අයියයි තරගෙට දෙන්නා ඉස්කෝලෙ යන කාලේ වෙච්ච දේවල් මතක් කර කර මඩ ගහගත්තා. අවන්ති අක්කයි දසුනියි හිනා වෙවී ඒවා අහගෙන හිටියා.
කාලා ඉවර වෙලා කට්ටියම ආපහු වාහනේ ලඟට ආවා. දසුනි පිටිපස්සේ පුරුදු ආසනේ වාඩි වෙන්න දොර ඇරගත්තා. ඒත් ඒ වෙලාවේ අරවින්ද අයියා කියනවා ඇහුණ කතාව හින්දා එයා නතර වුනා. "ඒයි මේ සුපුන්, මං මුළු රෑ දෙකක් උඹ හින්දා නිදි මැරුවා. දැන් මට පොඩි ඇලට් එකක් දාගන්න ඕනේ. උඹ එළවපං වාහනේ." එයා වාහනේ වටෙන් ඇවිත් පිටිපස්සේ අනිත් දොර ඇරගෙන වාඩි වෙලා හරිබරි ගැහිලා හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන ඇස් දෙකත් පියාගත්තා. දසුනි වාහනේට නගින්නෙත් නැතුව අවන්ති අක්කා දිහා බැලුවා. අවන්ති අක්කා සුපුන් අයියා දිහා බැලුවා. සුපුන් අයියා කාර් එක ඇතුළට එබිලා නිදිකුම්බරයා දිහා බැලුවා. "මං කාවවත් ගිලින්නෙ නෑ. මෙතන යන්න බැරි කෙනෙක් ඉන්නවනං ඩිකියට බැහැලා යන එකයි ඇත්තේ." කුම්භකරණයා ඇස් දෙක පියාගෙනම කිව්වා. අවන්ති අක්කා හිනාවෙලා දසුනිට ඉඳගන්න කියලා කිව්වා. සුපුන් අයියත් එහෙමම කිව්වා. දසුනි හෙමින් සැරේ වාඩි වෙලා දොර වහගත්තා. අවන්ති අක්කයි සුපුන් අයියයිත් ඉස්සරහා සීට් වලින් ඉඳගත්තා.
"නංගි දැං කැම්පස් එකටද යන්නෙ?" සුපුන් අයියා ඇහැව්වා.
"ඔව් අයියේ, හවස් වෙනකල් යාළුවෝ ටික ඉන්නවා කිව්වා."
සුපුන් අයියා වාහනේ ස්ටාර්ට් කළා. ටික දුරක් කිසිම කතාබහක් නැතුව ගියාට පස්සේ සුපුන් අයියා රේඩියෝ එක දැම්මා. දසුනි ආසම ලස්සන සිංදුවක්. 'සිනා පිපෙනා මේ වසන්තය...' දසුනි හෙමීට ඇඟිලි වලින් කකුලට තට්ටු කර කර තාලෙ ඇල්ලුවා. එකපාරටම දැනුණ වෙනසක් නිසා දසුනි දකුණු පැත්ත බැලුවා. එච්චර වෙලා බැඳගෙන හිටපු අත් දෙක සීට් එක උඩ. වම් අත ටිකෙන් ටික දසුනි ඉන්න පැත්තට ඇවිත් සීට් එක මැද නතර වුනා. ඒත් ඇස් දෙකනම් පියවිලා. දසුනි දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා. එයාගෙ පපුව ගැහෙන වේගේ එයාටම දරාගන්න බෑ. මූණ රතු වෙලා කියලා ආයෙ කණ්ණාඩියකින් බලන්න දෙයක් නෑ, එයාටම හොඳටම දැනෙනවා.
විනාඩියක් ගෙවුනා. දෙකක් ගෙවුනා. සිංදුවත් ඉවරයි. දසුනි නිතර අහන රේඩියෝ චැනල් එකක්. ඊලඟට පටන්ගත්තේ දසුනි ආසම තවත් සින්දුවක්. 'අහස් ගැබේ තරු කැට ගානේ...' ඇයි අද මේ ඔක්කොම සින්දු එයාටම කියන ඒවා වගේ දැනෙන්නේ. දසුනි ආයෙමත් සීට් එක දිහා බැලුවා. ඒ අත එතනමයි. අඟලක්වත් මෙහාට ඇවිල්ලත් නෑ, එහාට ගිහිල්ලත් නෑ. '...නිල් සයුරේ රළ පෙළ ගානේ - ආදරෙයි මං ආදරෙයි...' දසුනිත් ඇස් දෙක පියාගත්තා. අඩු ගානේ අවන්ති අක්කයි සුපුන් අයියයිවත් මුකුත් කතා කරන්නේ නෑ. මොනවා කතා කරන්නද කියලා දසුනිට හිතාගන්නත් බෑ.
'මී ලඟට ගී පැදුරෙන් ඔබ වෙත ගෙන එන්නේ එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාගේ ඉතාමත් මියුරු ගීතයක්. පද රචනය අමරසේන කංකානම්ගේ. සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්.'
සංගීත නාද රටාව ඇහෙද්දිම ඒ මොන සින්දුවද කියලා දසුනි අඳුරගත්තා. තවත්නම් මේ අත මෙතන තියෙද්දි, ඒ අතේ අයිතිකාරයා මේ එහාපැත්තේ ඉඳගෙන ඉන්දැද්දි දසුනිට මේ සින්දු වලට කන් දීගෙන ඉන්න පුළුවන් කමක් නෑ.
දසුනි ආදරේ කරන්න පටන් අරගෙන.
දසුනි අරවින්ද අයියට ආදරෙයි.
'නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී...' දසුනි ආයෙත් සීට් එක උඩ තිබුණ අත දිහා බැලුවා. ලස්සන දිග ඇඟිලි. ඒ අත එහෙම තියාගෙන ඉන්නෙ ඇයි කියලා දසුනි හොඳටම දන්නවා. අවන්ති අක්කයි සුපුන් අයියයි සමන්තා එක්ක කතා කරන්න ගිය වෙලාවේ කතා කරපු ගොඩක් දේවල් වලින් අරවින්ද අයියා කියන්න හැදුවේ මොකද්ද කියලා දසුනි හොඳටම දන්නවා. ඒත් ඒක එකපාරටම පිළිගන්න දසුනිට බයයි. මේ වගේ හැඟීමක් දසුනිට ජීවිතේටම ඇති වුනේ මේ පළවෙනි පාරට. ඒ ආදරේ වෙන්න ඕනෙ කියලා දසුනි දන්නවා. ඒත් ඒ ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක කතා කරන්නේ නැතුව ඒ ආදරේ පිළිගන්න දසුනිට බය හිතුණා. එයාට ආයෙ දකුණු පැත්ත බැලුණේ ආයෙමත් වෙනසක් ඒ පැත්තේ දැනුණ නිසා.
තරු කැට දෙකක් අතරමං වෙච්ච දසුනිගෙ හිතට පාර පෙන්නන්න වගේ එයා දිහා බලාගෙන හිටියා. වාහනේ දකුණු පැත්තේ දොරට හේත්තු වෙලා අරවින්ද අයියා එයා දිහා බලාගෙන හිටියා.
'සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමින් - හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...'
ඒ ඇස් දෙකෙන් ගලාගෙන ආවෙත් ඒ වචන. දසුනි ආයෙම සීට් එක උඩ තිබුණ අත දිහා බැලුවා. ඊලඟට එයාගෙ දකුණු අතත් ඒ ගාවින්ම තිබ්බා, සුළැඟිල්ල යාන්තමින් ගෑවෙන්න. අරවින්ද අයියගේ අත හෙමීට ඉස්සිලා දසුනිගේ අත උඩින් තියාගන්න දිහා බලාගෙන හිටපු දසුනිගේ මූණේ තිබ්බ රතු පාට පපුවට බැහැලා පපුව පුරාම සමනල්ලු පියාඹන්න පටන්ගත්තා. ආයෙ ඔළුව උස්සපු දසුනි දැක්කේ ආපහු ඇස් පියාගෙන ඔළුව සීට් එකට හේත්තු කරගෙන නිදා ඉන්න එයාගෙ ආදරවන්තයාව. ඒ මූණේ ලස්සන හීන් හිනාවක් ඇඳිලා තිබ්බා.
වාහනේ කැම්පස් එක ලඟ නතර වෙද්දි දසුනි හිටියේ රත්තරන් පාට වළාකුළක නැගලා අහසේ පා වෙවී. එයා ආදරේ කරන එයාගෙ දිව්‍ය කුමාරයා එයාගෙ අතින් අල්ලගෙන ඒ වළාකුළේම නැගලා හිටියා. දසුනි ඇස් ඇරියේ අවන්ති අක්කා කකුලට දාපු තට්ටුව නිසා. "ඒයි මැඩම්, ක්ලාස් යනවා කියලා නේද කිව්වෙ? නැගිටින්න නැගිටින්න." අවන්ති අක්කයි, සුපුන් අයියයි දෙන්නම පිටිපස්ස හැරිලා හිනා වේගෙන බලන් ඉන්නවා. දසුනිට ලැජ්ජාවේ බෑ. එයාගෙ අත තාමත් අරවින්ද අයියගේ අතේ. එයාට හොඳටම නින්ද ගිහිල්ලා. පව්. "අයියෙ මං බහිනවා," දසුනි හෙමීට ඒ අත තද කළා. අරවින්ද අයියා හෙමීට ඇස් ඇරියා. ඊලඟට නෝන්ඩි හිනාවක් දාගෙන බලං හිටපු සුපුන් අයියට එරෙව්වා. ඊලඟට දසුනි දිහාට හැරුණා. "බහිනවද?"
"ඔව්. අපේ කැම්පස් එක ලඟ ඉන්නෙ දැන්."
නැමිලා දසුනිගේ පැත්තේ ජනේලෙන් එළිය බලපු අරවින්ද දසුනිගේ අත අත ඇරියා.
"අක්කී, මං යනවා එහෙනං. හෝම් කමිං එකේදි ලස්සනට ඉන්න හොඳේ." දසුනි අවන්ති අක්කා දික් කරපු අත අල්ලගෙන කිව්වා.
"තැන්ක් යූ වෙරි මච් නංගි. සොරි අපි හින්දා ඔයාට කරදර වෙන්න වුනාට. හොඳට පාඩම් කරන්න."
"හරි." ඊලඟට දසුනි සුපුන් අයියා දිහා බැලුවා. "මං යනවා අයියෙ එහෙනං."
"හරි නංගි. තෑන්ක්ස්. තාත්තට කෝල් එකක් දීලා කියන්න ආපහු කැම්පස් එකට ආවා කියලා."
"ඔව්, කියන්න ඕනේ." දසුනි අන්තිමටම අරවින්ද අයියා දිහා බැලුවා. "බායි!"
අරවින්ද අයියා අර හීන් හිනාවත් එක්කම අත වනලා බායි කිව්වා. 'හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...' දසුනිට ඒ පේළි ටික ආයෙ ආයෙත් ඇහෙනවා වගේ. එයා දොර ඇරගෙන එළියට බැස්සා. ඒත් ඒ එක්කම අරවින්ද අයියත් වාහනෙන් එළියට බැස්සා. "උඹ ඔය කොහෙද දුවන්නෙ?" සුපුන් අයියා අහනවා ඇහුණා. "පොඩ්ඩක් හිටපන්," කියාගෙන අරවින්ද අයියා වාහනේ වටෙන් දසුනි ලඟට ආවා. කතාවක් නැතුවම ඇවිදගෙන ගිය දසුනි පස්සෙන් එයත් ගේට්ටුව ලඟටම ආවා. ගේට්ටුව ලඟදි දසුනි නතර වෙලා අරවින්ද අයියා දිහා බැලුවා. එයා අත් දෙක කලිසම් සාක්කු වල දාගෙන දසුනි දිහා බලං හිටියා.
"මම එන්නද හවසට ගෙදර එක්ක යන්න?" එයා ඇහැව්වා.
දසුනි බිම බලාගෙන එපා කියන්න ඔළුව වැනුවා.
අරවින්ද අයියා ටිකක් වෙලා තොල් හපාගෙන කල්පනා කළා. "එහෙනං රෑට කෝල් එකක් දුන්නට කමක් නැද්ද?"
ඒකටනම් දසුනි හා කියන්න ඔළුව වැනුවා.
"හෙට කොහොමද හම්බ වෙන්නෙ?"
දසුනි හිනා වුනා. "අනිද්දා හෝම් කමිං එකේදි අපි හම්බවෙනවනේ."
"හෙට බැරිද?"
දසුනි සද්ද නැතුව බිම බලාගෙන හිටියා. උත්තරයක් දෙන්න එයාට බය හිතුණා. හා කියන්නත් බයයි, බෑ කියන්න ඊටත් වඩා බයයි.
අරවින්ද ඔළුව වැනුවා. "හරි කමක් නෑ. පරිස්සමෙන් ඉන්න. හොඳට පාඩම් කරන්න. හවසට ගෙදර ගිහින් මට කියන්න."
දසුනි හිනා වෙලා ඔළුව වැනුවා. අරවින්ද එයාගෙ ඔළුව අතගෑවා. දසුනිව ආයෙමත් හීතල වෙලා ගියා. "යන්න ඇතුළට," අරවින්ද අයියා කිව්වා.
ආයෙමත් අත වනපු දසුනි ගේට්ටුවෙන් ඇතුල් වෙලා හෙමීට ඇවිදගෙන ගියා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com13tag:blogger.com,1999:blog-8509600443809072602.post-27313689293690461262016-01-02T04:12:00.000+05:302016-01-11T16:25:41.846+05:30සරණ බන්ධන.......11 නැවුම් ඇරඹුමක්
අවන්ති හිටියේ පා වෙවී. එයාගේ හිතට දැනුණෙ පුදුම සැහැල්ලුවක්. එදා මගුල් දවසේ හදිසියේ සමන්තාගෙන් ආපු ඇමතුම ට පස්සේ අතරමග නැවතුනු හුස්ම ආයෙත් වැටෙන්ට අරං...
ගොඩාක් වෙලා කතා කර කර හිටියට පස්සේ සමන්තා අම්මායි බබායි එක්ක චෙක්-ඉන් කවුන්ටර් එක ලඟට යන්න පිටත් වෙන්න කළින් අවන්ති සමන්තාව වැළඳගෙන සමු දුන්නේ කියන්න බැරි තරම් ස්තූති පූර්වක හැඟීමකින්. ඒ ගැන කියන්න ඇත්තටම එයා ලඟ වචන තිබ්බෙ නෑ. මේ හැමදේම විසඳලා දුන්නට, සුපුන්ව අවන්තිටම සින්නක්කරේටම තියාගන්න දුන්නට, ඒ දෙන්නට හදවතින්ම අවංකවම සුබ පැතුවට, පුංචි පුතා නිසා එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙලා තියෙන බව ආයෙ ආයෙත් සුපුන්ටයි අවන්තිටයි කිව්වට - ඒ හැම දේකටම අවන්ති සමන්තාව වැළඳගෙන ස්තූති කළා.
සමන්තාගේ ජීවිතේ සම්පූර්ණ කරපු පුංචි පුතා සුපුන්ගේ නෙවෙයි...
සමන්තාගෙත් නෙවෙයි.
එයා එයාව හදාගන්න අරගෙන තියෙන්නේ අනාථ නිවාසෙකින්. ඒ මීට අවුරුදු දෙකකට උඩදි. ඒ හුරතල් පුංචි පැටියා අත්තම්මාගේ උකුළේ නිදා ඉන්න දිහා බලාගෙන හිටපු අවන්තිට එයා ඇත්තටම සුපුන්ට වඩා කොච්චර වෙනස්ද කියලා ඒ වෙලාවෙදී තේරුම් ගියා. කොණ්ඩේ, මූණෙ හැඩේ ඒ හැම දේම වෙනස්. එදා හිතේ තිබුණ කළබලෙත් එක්ක අවන්තිට පෙනුණේ ඒ තද අළු පාට ලස්සන ඇස් දෙක විතරයි. තමුන්ගේ මෝඩකම ගැන අවන්ති පසුතැවුනා. ඒ වෙලාවෙම ඒ ගැන සමන්තාගෙන් හරි හැටි අහගන්නේ නැතුව තමුන් කලබල වෙලා කරපු පටලැවිල්ල ගැන එයා ඇත්තටම දුක් වුනා. ඒ ඇරෙන්න, සුපුනුයි සමන්තායි අතරේ සිද්ද වුන දේ ගැන එදා නොකියා හිටියේ අවන්තීගෙම හොඳට බව සමන්තා කිව්වා. ඒක ඇත්තක් බව අවන්තිට පිළිගන්න සිද්ද වුනා.
ඒ අතරෙදි සුපුන්? මුළදිම පුතා ගැන අහපු ප්‍රශ්නෙ ඇරෙන්න සුපුන් එක වචනයක්වත් කතා කළේ නෑ. එයාට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද කියලා ඇත්තටම අවන්තිට හිතාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. මේ කරපු කලබගෑනියට සුපුන් අවන්තිට සමාවක් දෙයිද? අවන්තිටයි සමන්තාටයි ඇති තරම් කතා කරගන්න ඉඩ දීලා එයා පැත්තකට වෙලා දෙන්නා දිහාම බලං හිටියා. ඇත්තටම සමන්තාගෙන් සමුගන්නකල්ම සුපුන් එක වචනයක්වත් කතා කළේ නෑ.
ආදරේ... කොච්චර පුදුමද...
පුංචි ගිනි පුලිඟු ආදරේ නිසා ගිනි ජාලා වෙනවා... හරියට එදා සුපුන්ට තියෙන ආදරේ නිසා අවන්ති ගේ පපුව ගිනි ගත්තා වගේ....
සමන්තා අම්මායි බබායි එක්ක දොර පිටිපස්සෙන් නොපෙනී ගියාට පස්සේ අවන්ති සුපුන් දිහාට හැරුණා. "සොරි සුපුන්." එයාට ඊට වඩා දෙයක් කියාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. එයාගෙ ඇස් දෙකේ ආපහු කඳුළු පිරීගෙන එන්න පටන්ගත්තා. කිසිම කතාවක් නැතුව එයාගෙ ඇස් දෙකෙන් ගලාගෙන ආපු කඳුළු පිහදැම්ම සුපුන් එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා.
ගිනි ඇවිලුණු අවන්තිගේ හිතට සීතල වතුර බින්දු එක දෙක වැටෙමින් තිබුනේ...
මහා ගිනි ජාලාත් ආදර බින්දු එක දෙක වැටෙද්දී නිවිලා සැනෙහිලා යනවාලු...
"දැන් ඔක්කොම හරි. ඔයාට ඒ හැමදේම දැන් අමතක කරලා දාන්න පුළුවන්."
"මේ හැමදේම අවුල් කළාට ඔයා මට සමාව දෙනවද සුපුන්?"
"ඔයා මට සමාව දෙනවා වගේම මමත් ඔයාට සමාව දෙනවා."
එදා මගුල් දවසත් මෙදා මේ මොහොතත් අතරමැද සිද්ද උණු දුක්බර හැම දෙයක්ම බොඳ වෙලා යනවා අවන්තිට දැනුණා.
ඒත් එක්කම අවන්ති ට මතක් උනේ මගුල් දවසට කලින් දවසේ සවස...
එදා අවන්තිලාගේ ගෙදර කඩි ගුලක් ඇවිස්සුනා වාගේ කලබල...
පේරාදෙණියේ ඉඳන් ආපු අප්පච්චිගේ නෑදෑයෝ කට්ටිය එදා දවල් කෑමට අවන්තිලාගේ කොළඹ ගෙදරට සැපත් වෙලා තිබුණා. පස්සෙන්දා උදෙන්ම මගුල් ගෙදර යන්ට තියෙන නිසා එයාල එදා රාත්‍රියේ එහෙ නවතින්ට ඇවිත් තිබුනේ.
අවන්තිගේ අම්මාගේත් ගම් පළාත් උඩරට උනාට ළඟ නෑයෝ ඒ වෙන විට කොළඹ අවට පදිංචි වෙලා හිටියේ. ඒ උනත් උදව්වට ඒ පිරිසෙනුත් කීප දෙනෙක් ඒ වෙන විටත් ඇවිත් සිටියේ...
මේ මහ පිරිසක් මැද්දේ උනත් එදා සවස අවන්ති ගේ හිතට දැනුනේ හරිම පාළු තනිකමක්. සුපුන්ටවත් කතා කරන්ට තිබුණා නම්...ඒත් සුපුන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... කොහොමත් ඒ වෙලේ කැමරාමන්ව හමුවෙන්න සුපුන් යන බව අවන්තිට කියා තිබුනා.
අවුරුදු විසි පහක් හැදුණු වැඩුණු නිවස හැර දාලා හෙට අවන්තිට යන්ට වෙනවා... ඒ යන්නේ අවන්තිගේ කුළුදුල් ආදරේ සුපුන් එක්කල බව ඇත්ත. ඒ උනාට ගෙදරින් පිට අම්මා අප්පච්චි නැතුව අවන්ති මේ යන්ට ඉන්නේ ජීවිතේ පළවෙනි වතාවට...අවන්තිගේ අම්මයි අප්පච්චියි අවන්තිව හැදුවේ මලක් හදනවා වගේ. පාසැල් කාලෙදිවත් යෙහෙළියන් එක්ක වැඩිපුර විනෝද ගමන් යන්ට අවන්තිට අවසර තිබුනේ නැහැ. ගෙදරින් පිට ඉන්ට නම් කොහොමත් තහනම්.
දැන් එක පාරටම ජීවිතේ උඩු යටිකුරු වෙන්ට යනවා... අවන්ති මේසේ උඩ තිබුණු මංගල ඇරයුම් පත පෙරළුවා.
Dr. Saman Deraniyagala and Mrs. Malinie Deraniyagala cordially invite you to the wedding of their beloved daughter Avanthi Deraniyagala -
"දුව..."
අවන්ති එක පාරටම ගැස්සිලා බැලුවා. අප්පච්චි කාමරේ දොර ළඟ හිටගෙන එයා දිහා බලාගෙන ඉන්නවා.
"මොකද දුව කල්පනාව?"
අප්පච්චිගේ ඇස් වල තිබුනේ අමුතු දිස්නයක්.
"නැහැ අප්පච්චි...කම්මැලියි..."
අවන්ති හිමින් කිව්වා.
අප්පච්චි කාමරේ ඇතුලට ඇවිත් ඇඳ උඩින් වාඩි උනා.
"මගේ දූත් එන්න අප්පච්චි ගාවින් වාඩි වෙන්ට..."
අවන්ති පුටුවෙන් නැගිටලා ගිහින් අප්පච්චි ළඟින්ම වාඩි උනා.
"මයේ පුංචි දෝණි හෙට ලස්සන මනමාලියක් වෙලා යන්ට යනවා..." අප්පච්චිගේ හඬ අමුතු උනු නිසා අවන්ති ඔලුව උස්සලා බැලුවා. අප්පච්චිගේ ඇස් වලින් කඳුළු ගලනවා!
"අනේ අප්පච්චි..."අවන්ති ටත් හැඬුම් ආවා.
"දුවේ...මම ඔයාව හැදුවේ ගොඩක් නීති දාලා... ඒත් මම එහෙම කලේ දූට තියෙන ආදරේ නිසා... දූ මේ ලෝකෙට අහිංසක වැඩියි... පොඩි දේකින් උනත් මයේ දෝණිගේ හිත රිදෙනවා...ඒ හන්දයි මායි දූගේ අම්මයි පුළුවන් තරම් දූව ආරක්ෂා කළේ..."
නිතරම මහා තේජසින් ඉන්න අප්පච්චි - හැමදෙනාම ගරු කරන කීර්තිමත් දොස්තර දැරණියගල - කවදාවත් නැතිව අද පොඩි ළමයෙක් වගේ අඬනවා.
අප්පච්චිගේ කඳුළු හරි බරයි. ඒ බර අවන්තිට ඉවසන්ට බැහැ.
"මම දන්නවා අප්පච්චි..." අවන්ති අප්පච්චිගේ කඳුළු පිහින ගමන් කිව්වා.
අප්පච්චිට තුරුළු වෙලා අවන්ති ටික වෙලාවක් එහෙම්මම හිටියා. පොඩි කාලෙ ඉඳන්ම අප්පච්චිගේ තුරුලේ තියෙන උණුහුමට අවන්ති හරි ලෝබයි.
"දුව..." අප්පච්චි ආයෙමත් කතා කරන්ට ගත්තා.
"හෙට දූ ගේ අලුත් ජීවිතේ පටන් ගන්නවා... සුපුන් දූ ව ආදරෙන් බලාගනී වි කියන එක තමයි මගෙයි අම්මගෙයි පැතුම... දූගේ අප්පච්චියි අම්මයි කසාද බඳින කොට අපි දෙන්නට දෙන්න තනිවම කතා කරලා වත් තිබුනේ නැහැ. ඒ උනත් අපි දෙන්නා හෙමිහිට දෙන්නගේ සිතුම් පැතුම් තේරුම් ගත්තා...ඒක ලේසි නෑ දුව..."
අප්පච්චි ඈත බලාගෙන සුසුමක් හෙළුවා.
"මට දූට කියන්ට ඕනි උනේ... කසාදයක් බඳින එකට වඩා අමාරුයි ඒ කසාදෙ සාර්ථක කර ගන්ට එක... අපේ අතින් වැරදි වෙනවා...වැදගත් වෙන්නේ ආයෙත් අලුතින් පටන් ගන්න එක..."
ඔව් වැදගත් වෙන්නේ ආයෙත් අලුතින් පටන් ගන්න එක...
අවන්ති බිම බලාගෙන හිනාවුනා. "අපි දැන් යමු සුපුන්..."
සුභ මොහොතින් මනාලයා එක්ක නැවුම් මනාලියක් විදිහට මංගල ගමනට පිටත් වෙන්නේ දැන් කියලා එයාට හිතෙන්ට ගත්තා.
පලි: මේ කොටස මුලින්ම ලිව්වේ සිත්තමි. මම ඒකට එහෙන් මෙහෙන් සුට්ටි කෑලි ටිකක් එකතු කළා... මේ කතාව මේ තරම් දුර ඇදගෙන ආ සිත්තමී ට ගොඩක් ස්තුති!
පපලි: හෝව් හෝව් ! කතාව ඉවරයි කියල හිතුවට ඉවර නෑ...තව කොටස් කීපයක් තියෙනවා හොඳේ...
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com6tag:blogger.com,1999:blog-8509600443809072602.post-64874811529722963632015-12-08T16:06:00.000+05:302015-12-08T16:06:26.940+05:30සරණ බන්ධන........10 - A Battle of Wits
සුපුනුයි අවන්තියි සමන්තා ලඟට යනකල් සාක්කු දෙකේ අත් දෙකත් දාගෙන බලං හිටපු අරවින්ද හුස්මක් හෙලලා දසුනි දිහා බැලුවා. දසුනි ඒ ලඟ කෙටි බැම්මකට හේත්තු වෙලා අත් දෙකේ නියපොතු දිහා බලාගෙන ඉන්නවා.
"දසූ."
සද්දයක් නෑ.
"නංගි."
"ඇයි?" දසුනි ඔළුව ඉස්සුවෙවත් නෑ.
"මා එක්ක තරහද?"
"නෑ."
"මගෙ විහිළු ගණන්ං ගන්න එපා. අර දෙන්නගෙ මූඩ් අප් කරන්නයි මම පොඩ්ඩක් විහිළු කළේ. අන්තිමට ඒකෙන් වුනේ ඔයාගෙ මූඩ් එකත් ඩවුන් වෙච්ච එකයි."
දසුනි කතා නෑ.
"ඔයා අවන්ති එක්ක ඉන්න ඩිසයිඩ් කරපු එක ලොකු දෙයක්. මම එවෙලෙ තැන්ක් යූ කිව්වෙ ඇත්තටමයි." ඔළුව හොල්ලන්නෙවත් නැතුව ඇස් දෙකෙන් විතරක් අරවින්ද දිහා බලපු දසුනි ආයෙ නියපොතු අතින් හැඩ කරන්න ගත්තා. "ඔයා හිතුවෙ ඒකත් විහිළුවට කිව්වා කියලා නේද?"
"කියන ඒවයෙ හැටියට ඇත්තට කියන්නෙ මොනවද විහිළුවට කියන්නෙ මොනවද කියලා හිතාගන්නෙ කොහොමද?"
ටික වෙලාවක් නිහඬවම ගෙවිලා ගියා. අරවින්ද ආයෙ වතාවක් සුපුන්ලා දිහා බැලුවා. තුන් දෙනා බර කතාවක. මූණු පේන්නෙ නෑ කාගෙවත්. ඉන් එහා තිබ්බ පුටු පේළියෙ ඉන්නේ සමන්තාගේ අම්මයි බබායි වෙන්න ඇති. අරවින්ද ආයෙ දසුනි දිහා බැලුවා. ඒ ගමන ෆෝන් එක අතට අරගෙන වැඩ.
"ඔයා ඊයෙ හරිම ලස්සනයි," අරවින්ද එකපාරටම කිව්වා. දසුනි ගැස්සිලා උඩ බැලුවත් අරවින්ද අහක බැලුවෙ නෑ. දසුනිගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. ඒ බලා ඉන්දැද්දිම දසුනිගෙ ලස්සන රත්තරන් පාට මූණ ටිකෙන් ටික රෝස පාට වෙලා ඊලඟට ජම්බු ගෙඩියක් වගේ රතු වුනා. අරවින්දගේ කට කොණේ හිනාවක් නළියන්න ගත්තා. අන්තිමේදි දසුනි අහක බලාගත්ත වෙලාවේ අරවින්දත් එයා ලඟට ඇවිත් කෙටි බැම්මට හේත්තු වුනා. "අන්න ඒකනම් මම කිව්වෙ විහිළුවට තමයි." එයා දසුනිගෙ ෆෝන් එකට එබෙන ගමන් හෙමීට කිව්වා.
ගස්සලා ෆෝන් එක අහකට අරගත්තත් දසුනිගේ කටෙන් පැනපු හිනාව එයාට නවත්තගනන් බැරි වුනා. හරියටම ඊයෙ ලිෆ්ට් එක කෙළවරේ ඉන්දැද්දි ආපු හිනාව වගේ. දසුනි ටිකක් එහාට වෙන්න ඉඳගෙන ආපහු ෆෝන් එක ඔබන්න ගත්තා. "දන්නවද," අරවින්ද ආයෙම කතා කළා. "මල්ලිත් එක්ක ෆෝන් එක මාරු කරගත්තෙ ඇයි කියලා ඔයා ඇහැව්වම මම දුන්නෙ එක හේතුවක් විතරයි." අරවින්ද දසුනිගේ පැත්තෙන් පේන මූණ දිහාම බලං හිටියා. ඒ මූණෙන් කිසි දෙයක් එළි වුනේ නෑ. "ඇත්ත හේතුව තමයි ඒ වෙලාවෙදි සුපුන් කියපු එක."
"මං දන්නවා," දසුනි උත්තර දුන්නේ කිසි ගාණක් නැතුව.
ඒ වෙලාවෙදි එහෙම උත්තරයක් දෙයි කියලා අරවින්ද කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ. එයාගෙ මූණෙ ලොකු හිනාවක් ඇඳුනා. "එහෙනං දන්නෙ නෑ වගේ ඇහැව්වෙ?"
"හරියටම දැනගන්න."
අරවින්ද ආයෙමත් දසුනි ලඟට ලං වුනා. "ඔයාට තව මොනවද හරියටම දැනගන්න ඕනේ? ඕනෙ දෙයක් අහන්න."
දසුනි ෆෝන් එක පහළ දැම්මා. "ම්..." එයා කල්පනා කළා. "අහසෙ තරු කීයක් තියෙනවද?"
අරවින්ද හිනාවුණා. "IQ ටෙස්ට් එකට මං වෙන දවසක උත්තර ලියන්නං. මං ඇහැව්වෙ ඔයාට මං ගැන දැනගන්න ඕනෙ මොනවද කියලයි."
"මං මොකටද ඔයා ගැන දැනගන්නෙ?"
අරවින්දගේ හිනාව ටිකක් විතර අඩු වුනා. "ඇයි? ඕනෙ නැද්ද?"
"නෑ." දසුනි ආයෙම ෆෝන් එක අතට ගත්තා.
ටිකක් වෙලා දසුනි දිහා බලන් හිටපු අරවින්ද ආපහු නැගිටලා සුපුන්ලා දිහා බැලුවා. දැන්මම කතාව ඉවර වෙන පාටක් නෑ. මේ ආඩම්බරකාරිගෙ ආඩම්බර බල බල තව කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නෙ නෑ. මෙච්චර හොඳින් කතා කරලත් බලන්ඩ එපායැ ගණන්!
අරවින්ද ඒ ගමන වාඩි වුනේ ටිකක් ඈතින්. ෆෝන් එක අතට අරගත්ත අරවින්දත් එයාගෙ පාඩුවේ ඒකෙ ගේම් එකක් ගහන්න පටන්ගත්තා. අමාරු ගේම් එකක්. පොඩි එකාගෙ ෆෝන් එකත් මරුනෙ. දෙතුන් සැරයක්ම ගේම් ඕවර් වුනත් අරවින්ද වැඩේ අත ඇරියෙ නෑ. තව හොඳට හරි බරි ගැහිලා ඉඳගෙන ආයෙත් පටන්ගත්තා. එකපාරටම ෆෝන් එක එක සැරයක් දෙදරලා නතර වුනා. එස් එම් එස් එකක්. සුපුන්ද දන් නෑ. ගේම් එක නතර කරපු අරවින්ද අළුතෙන් ආපු පණිවිඩේ ඕපන් කළා.
"YOU STUPID SILLY IDIOT!"
මේ බඩ්ඩනෙ මේ. කැපිටල් අකුරෙන්ම ලියලා. අඩි දෙක තුනක් එහායින් ඉඳගෙන හිටපු දසුනි දිහා අරවින්ද ඇස් කොනෙන් බැලුවා. වගේ වගක් නැතුව ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. ඉඳපං උඹට.
"YES, MY GORGEOUS LITTLE PRINCESS?"
අරවින්ද ආපහු ගේම් එක ගහන්න පටන්ගත්තා. දිනාගන්න ඔන්න මෙන්න තියෙද්දි ආපහු ෆෝන් එක දෙදරුවා. වීරයා යකාට අහු වුනා. චැහ්! ඒ ගමන මොකද්ද එවලා තියෙන්නෙ? "How did you know about my last week trip to the film hall with my friends?"
"Why do you want to know?" අරවින්ද අහලා යැව්වා.
හැරෙන තැපෑලෙන්ම උත්තර ආවා. "Because, the question is about ME, not about YOU."
"Oh yes! I forgot that. Sorry! Well, I met your cousin sister and my friend on that day and got to know that they had to postpone a trip to the dress maker because you were having classes. And on my way to home, I saw you coming out of Savoy with a bunch of nutty friends. Happy?"
ටික වෙලාවක් යනකල් අරවින්දට පාඩුවේ ගේම් එක ගහගෙන යන්න පුළුවන් වුනා.
"How did you know my age?"
දැන් දැන් අරවින්දට ඉවසීමේ සීමාව පැනගෙන එනවා. අහන්ඩ ඕනෙ එකක් මේ අඩි දෙකක් එහා පැත්තේ ඉඳගෙන අහන්නෙ නැතුව මළ සමයං කරනවා. "I asked from Avanthi. You want to know why? Because I was curious about you and I didn't want to play the damn nonsense of pride and prejudice!"
එක පාරට එහා පැත්තෙන් ඇහුණේ හුස්ම හිර වෙන සද්දයක්. අරවින්ද ඒ දිහා බැලුවා. යවපු වචන සැර වැඩියිද මන්දා. ඒත් ඒ මූණේ තිබ්බේ හිනාවක්. ආඩම්බරකාරි අරවින්ද දිහා බැලුවා. "අයියා ඒ පොත කියවලා තියෙනවද? මමනං ආසම පොතක් ඒක. ඩාර්සියි එලිසබතුයි නියමයි නේද? ඒ ජාතියෙ ක්ලැසික් නවල්ස් වලට මම හරිම ආසයි. අයියගෙ ආසම පොත මොකද්ද?" දසුනි කියවගෙන කියවගෙන ගියා.
අරවින්ද ඒ දිහා බලන් හිටියා. ඊලඟට දෙසැරයක් ඇස් පිල්ලම් ගැහැව්වා. "මොකද්ද ඇහැව්වේ? මම මේ ගෑණු ළමයෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියේ."
දසුනි ලස්සනට හිනා වුනා. හරියට ඊයෙ වගේම. "මං දන්නවා ඒ බව. කියන්නකො අයියගෙ ආසම පොත මොකද්ද කියලා."
"ඇයි ඔයාට මං ගැන දැනගන්න ඕනෙ?" අරවින්ද බැට් කරන්න පටන් ගත්තා.
"අයියා ගැන නෙවෙයි මං මේ පොත් ගැන අහන්නේ." හිට් විකට් අවුට්.
"මේ, මම පොත් කියවන්න ආස නෑ. මං ඔය කියපු පොත කියවලවත් නෑ. මං දන්න ඩාර්සියෙකුත් නෑ, එළිසබතෙකුත් නෑ!"
"ඈ?"
"ඇයි මොකද?"
දසුනි ආයෙමත් අර ලස්සන හිනාව දැම්මා. "පොත් කියවන්න ආස නැත්තම් අයියගෙ හොබීස් මොනවද?" තීරණය තෙවැනි විනිසුරු අතේ.
අරවින්ද ආයෙත් ෆෝන් එක දිහා බලාගත්තා. "දැන් ඔය අහන්නෙත් මං ගැන නෙවෙයිද?"
"දැන්නං අහන්නේ ඔය stupid silly idiot ගැන තමයි."
"Well, I gave you the chance and you missed it."
"A second chance please?"
"No second chances."
දසුනි දිව දික් කරලා විරිත්තපු හැටි අරවින්ද ඇස් කොණෙන් දැක්කා. හිනාවෙන්න ඕනෙ වුනත් එයා හිනාව තද කරගෙන හිටියා. සද්දයක් නැතුව ගෙවුණ ටික වෙලාවකට පස්සේ කෙටි බැම්මෙන් නැගිට්ට දසුනි සුපුන්ලා හිටිය පැත්ත බැලුවා. "තාම කතාව ඉවරයක් නෑ වගේ."
අරවින්දත් ඒ පැත්ත බැලුවා. "හ්ම්."
"අයියත් සුපුන් අයියගේ වයසෙමද?"
ඔය එන්නෙ ආයෙමත් පොල් පැලේ දිහාවට. "හ්ම්," අරවින්ද කෙටියෙන් උත්තර දුන්නා.
"එක ඉස්කෝලෙද?"
"හ්ම්."
"ඒයි බකමූණෝ," දසුනි ඇවිත් අරවින්ද අතේ තිබ්බ ෆෝන් එකට එබුණා.
අරවින්ද සුටුස් ගාලා ඒක හංගගත්තා. "ඇයි මොකද?"
දසුනි අරවින්ද ළඟින් ඉඳගත්තා. "අයියා මීට කළින් වෙන ගෑණු ළමයි එක්ක යාළු වෙලා ඉඳලා තියෙනවද?"
අරවින්ද දසුනි දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. "මොකක්?" දසුනි මේ වෙලාවේ එහෙම දෙයක් අහයි කියලා අරවින්ද කීයටවත් හිතුවෙ නෑ.
"නෑ මං ඇහැව්වේ, දැන් බලන්න සුපුන් අයියට වෙලා තියෙන දේ. ඒ වගේ මොනවාහරි අයියටත් කළින් තිබ්බද? මං ඇත්තට අහන්නේ."
අරවින්ද ටිකක් වෙලා දසුනි දිහා බලං හිටියා. "ඇයි ඔයාට දැනගන්න ඕනෙ කියලා මං අහන්න එපාද?"
"එපා."
"හරි එහෙනං." අරවින්ද ලොකු හුස්මක් ගත්තා. "කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා."
දසුනිගෙ මූණ කළු වෙච්ච හැටි අරවින්ද දැක්කා. "කීප දෙනෙක්ම කිව්වෙ? දහයක් පහළවක්?"
අරවින්ද හිනා වුනා. "අපොයි නෑ, එච්චර නෑ. දෙතුන් දෙනෙක් මං කිව්වෙ." දසුනි කල්පනා කරන්න පටන්ගත්තා. "හැබැයි බය වෙන්න එපා, ඔය සුපුන් කරගෙන තියෙන ඒවනං මං මුකුත් කරලා නෑ."
"හ්ම්..." දසුනි ආයෙත් කල්පනා කළා. "ඇයි ඒවා බ්රේක් වුනේ?"
අරවින්ද ආයෙමත් ලොකූ හුස්මක් ගත්තා. හිතේ උඩ පැන පැන නළියන හිනාව එළියට පිට නොවී තියාගන්න එයාට සෑහෙන්න මහන්සි වෙන්න වුනා. "පළවෙනියා නිෂාදි. එයාට මාව එපා කියලා මාව අත ඇරලා දැම්මා. මට මේ ලඟදිත් හම්බ වුනා. එයත් ඉන්නෙ ඔසී වල. එහෙ මගෙ යාළුවෙක්වම තමයි බැඳලා ඉන්නේ. සුද්දෙක්ව."
"කොයි කාලෙදිද එයත් එක්ක යාළු වෙලා හිටියේ?" දසුනිගෙ කටහඬ ඇහෙන නෑහෙන ගානයි.
"ගොඩාක් ඉස්සර."
"එතකොට අනිත් දෙන්නා?"
"දෙවෙනියා අනුරාධා. එයාවනං මමමයි එපා කියලා අත ඇරලා දැම්මේ. කච කචේ ඉවරයක් නෑ. අනිත් එක්කෙනා අනුෂ්කා, මේ ලඟක් වෙනකල්ම මට එයාවනං හිතෙන් අහක් කරගන්න බැරුව හිටියේ. හරිම හොඳ ළමයෙක්. ඒත් එයා ඒ දවස් වලම පවුල පිටින්ම රට ගියා. ඊට පස්සෙ අපිට හම්බවෙන්නවත් කතා කරන්නවත් විදිහක් තිබ්බෙ නෑ." අරවින්ද කතා කළේ අහසෙ පාවෙන වළාකුළු දිහා බලාගෙන.
දසුනි ගොඩක් වෙලා යනකල් සද්දයක් නැතුව හිටියා. ඊට පස්සෙ හෙමින් සැරේ කතා කළා. "අයියා මේ කියන්නේ ඇත්තම ඇත්ත නේද? මට බොරු කියනවා නෙවෙයි නේද?"
අරවින්ද දසුනි දිහා බැලුවා. "නෑ නංගි. මං ඒ කියපු හැම වචනයක්ම ඇත්ත."
"අයියට තාමත් ඒගොල්ලන්ව මතක් වෙනවද?"
"නෑ. මං තවත් ඒගොල්ලො ගැන හිතන්නෙ නෑ. මේ ලඟකදි ඉඳං මට හීනෙනුත් පේන වෙන එක්කෙනෙක් ඉන්නවා." අරවින්ද ඒ කිව්වේ දසුනි දිහාම බලාගෙන. ඒ කිව්වෙ කා ගැනද කියලා දසුනි දන්න බව අරවින්ද දන්නවා.
ඉස්සෙල්ලා තරමටම රතු නොවුණත් ලා රෝස පාටක් දසුනිගේ කම්මුල් වලට එකතු වුණා. "ඒත් අයියට එයාවත් එපා වුණොත්?"
අරවින්දට දසුනිගේ අතින් අල්ලගන්න හිතුණා. ඒත් බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන අරවින්ද ඔළුව වැනුවා. "එහෙම වෙන්නෙ නෑ දසූ. එයාට මාව එපා වුණොත් මිසක් මට එයාව එපා වෙන්නෙ නෑ." ලා රෝස පාට ආයෙමත් තද රතු ජම්බු ගෙඩියක පාටට හැරුණා. "මට මේ ටික ඔයාට කියන්න බැරි වුනානේ. නිෂාදි එක්ක මම යාළු වුනේ ඉස්කෝලේ තුන වසරෙදී." දසුනිගේ ඇස් දෙක ලොකු වෙන හැටි අරවින්ද දැක්කා. "අපේ ප්‍රයිමරි එක මික්ස්ඩ් එකක්. අනුරාධා එක්ක පහ වසරෙදි. අනුෂ්කාව හම්බ වුනේ අට වසරෙදි මැත්ස් ක්ලාස් යද්දි. සුපුනුත් දන්නවා ඒ තුන් දෙනාවම." දසුනි ඔළුවෙ අත ගහගත්තා. අරවින්ද හිනාවෙන්න පටන්ගත්තා. "ඒ ඇරෙන්න වෙන කවුරුවත්ම හිටියෙ නෑ. ප්‍රොමිස්."
"මෙයත් එක්ක කතා කරන්නනං වෙනම කෝස් එකක් කරලා එන්න වෙයි මට." දසුනිත් හිනා වෙවීම කිව්වා.
"වෙන කෝස් ඕනෙ නෑ, මමම උගන්නන්නං. කැමතිද?"
උත්තරයක් නොදීපු දසුනි කෙටි බැම්මෙන් බැහැලා සුපුන්ලා හිටපු පැත්ත බැලුවා. "අරවින්ද අයියේ! අන්න අරගොල්ලෝ එනවා!"
බැම්මෙන් නැගිට්ට අරවින්ද දසුනි ලඟට ආවා. "කැමතිද?" එයා නැවිලා කනට ලං වෙලා ආයෙමත් ඇහැව්වා.
දසුනි උත්තරයක් නොදීම හෙමීට ඇවිදගෙන අවන්තිලාව හම්බවෙන්න ඉස්සරහට ගියා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com12tag:blogger.com,1999:blog-8509600443809072602.post-24859347184460228442015-12-07T16:28:00.000+05:302015-12-07T16:28:28.385+05:30සරණ බන්ධන.....9 - හමුව
වාහනේ කටුනායක ගුවන් තොටුපොළ රථ ගාලේ නතර වුනා. යතුර කරකවලා අරවින්ද වාහනේ එන්ජිම නතර කරන දිහා සුපුන් බලාගෙන හිටියා. සමන්තාව හම්බ වෙලා ඇත්ත දැනගන්න කොයිතරම් උවමනාව තිබ්බත් සුපුන්ට වාහනෙන් බහින්න හිතක් නෑ. එයාගෙ කකුල් හිරි වැටිලා වාගේ. එයා ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව හේත්තු කරගත්තා. අරවින්ද උරිස්සට තට්ටුවක් දානවා සුපුන්ට දැනුණා. "බහිමු මචං."
"සුපුන්," ඒ වෙලාවෙදි අවන්ති කතා කළා.
මුළු ගමන පුරාම එක වචනයක්වත් කතා නොකරපු අවන්ති මේ වෙලාවේ කියන්න හදන්නේ දරාගන්න අමාරු තරම් බරපතල දෙයක් බව සුපුන්ට තේරුණා. අවන්තිට කැමති තීරණයක් ගන්න ඉඩ දෙනවා කියලා සුපුන් කියලා තිබ්බත් ඒක කරන්න කොච්චර අමාරුද කියලා සුපුන්ගේ යටි හිත දන්නවා. සුපුන් අවන්තිට ආදරෙයි. ඇත්තටම ආදරෙයි. තමුන් නිසා ඒ අහිංසක කෙල්ලට මේ තරං අඬන්න වෙච්ච එක ගැන සුපුන් හිටියෙ ලොකු දුකකින්. ඒත් සුපුන්ට දැන් රැවුලයි කැඳයි දෙකම ඕනෙ වෙලා ඉන්නේ. අවන්තිත් ඕනේ, තමුන්ගේ දරුවා ගැන දැනගන්නත් ඕනේ. ඒත් ඒ දෙකටම තමන්ගේ ජීවිතේ එක වෙලාවේ ඉඩක් නොලැබෙන බව සුපුන් දන්නවා. ඒ තමුන්ගේ දරුවා වුනත් අවන්තිගෙ දරුවෙක් නෙවෙයිනේ. සුපුන් අමාරුවෙන් හිත හදාගෙන පිටිපස්ස හැරිලා අවන්ති දිහා බැලුවා. ඒ ඇස් වල අළුත් කඳුළු. දසුනි නංගි අවන්තිගේ අත් දෙකෙන්ම අල්ලගෙන. පොඩි කෙල්ල හොඳ වෙලාවට හිටියෙ. නැත්තං මේ වෙලාවේ අවන්තිගේ හිත හදන්න සුපුන්ටවත් බෑ.
"සුපුන්, බහින්න කළින් මං මේක කියන්න ඕනේ." අවන්ති කතා කළේ අමාරුවෙන්. "සමන්තාගේ පුතා ඔයාගෙ බව සමන්තා පිළිගත්තොතින් මම ආයෙ ඔයත් එක්ක එන්නෙ නෑ. ඔයා සමන්තාවයි පුතාවයි බාරගත්තත් නැතත් මට කරන්න දෙයක් නෑ. ඒත් ඇත්ත ඒකනම් මට ඔයත් එක්ක ඉන්න බෑ. මම ආපහු ගෙදර යනවා."
අරවින්දත් හැරිලා අවන්ති දිහා බැලුවා. "ඔයාට සුපුන්ට සමාව දෙන්නම අමාරුද?" එයා ඇහැව්වෙ බොහොම හෙමීට.
අවන්ති ඔළුව දෙපැත්තට වැනුවා. "මේක සමාව දෙන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි අරවින්ද. සුපුන්ගේ දරුවෙක් එයාගෙ අම්මත් එක්ක තනි වෙලා ඉන්දැද්දි මට හිත හදාගෙන සුපුන් එක්ක ඉන්න බෑ. ඒකයි. ප්ලීස්."
ඔළුව වනපු අරවින්ද අවන්ති කියපු දේ පිළිගත්තා. ගමන අතරමගදි තිබ්බ සැහැල්ලු බව අරවින්ද ලඟත් දැන් නෑ.
"අක්කි," ඒ වෙලාවෙදි දසුනි කතා කළා. "අපි හිතමු හැමදේම හොඳට විසඳුනා කියලා. අපි හිතමු ඒ බබා සුපුන් අයියගෙ නෙවෙයි කියලා. අක්කි එතකොට මොකද කරන්නේ?"
සුපුනුයි අරවින්දයි දෙන්නම ආපහු අවන්ති දිහා බැලුවා. සුපුන් අත දික් කරලා අවන්තිගේ අතක් අල්ලගත්තා. ඒත් අවන්ති හෙමීට ඒ අත අත ඇරියා. ලොකු හුස්මක් අරන් පිට කරපු අවන්ති කතා කළේ ටික වෙලාවක් ගියාට පස්සෙ. "එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. මං බොරු බලාපොරොත්තු තියාගන්න කැමති නෑ."
"නෑ අවන්ති, අපි හිතමු එහෙම වුනොත් කියලා?" අරවින්දත් ආයෙම කතා කළා.
සුපුන්ටනම් මුකුත්ම කතා කරගන්න බෑ. අවන්තිගේ තීරණය ගැන කතා කරන මේ මොහොත, තමුන්ගේ අනාගතය තීරණය වෙන සමන්තාව මුණ ගැහෙන ඊලඟ මොහොත - සුපුන්ගේ හිතේ තිබුණේ ලොකු පීඩනයක්, තිගැස්මක්, බයක්.
"එහෙම වුනොත් - එහෙම වුනොත් - මේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාන්න මං ලෑස්තියි."
සුපුන්ගේ හිතට මහා සැහැල්ලුවක් දැනුණා. හැම දේම හොඳින් විසඳෙන්න පොඩි ඉඩක් තියෙනවා එහෙනං? තමන් අතින් සිද්ද වුන ඒ වැරැද්දට සමාව දෙන්න අවන්ති ලෑස්තියි. අවන්ති පිළිගත්ත සදාචාරයට අනුව ඒක මහා බරපතල වැරැද්දක් වුණත්, ඒ වැරැද්දේ අතුරු ප්‍රතිඵල නැත්තම් ඒ වැරැද්දට සමාව දෙන්න අවන්ති ලෑස්තියි. ඉස්සරහට හැරුණ සුපුන් ආයෙමත් ඇස් පියාගත්තා. වැරැද්දක්? අතුරු ප්‍රතිඵලයක්? දරුවෙක් ගැන එහෙම හිතන්නෙ කොහොමද. බෑ... නෑ... මේ හැමදේම ඇයි හීනයක් වෙන්නෙ නැත්තේ? ඇයි මං? ඇයි මටම මෙහෙම වෙන්නේ? සුපුන් ඉස්සරහා ඩෑෂ් බෝඩ් එකේ ඔළුව ගහගත්තා. මට බෑ... සමන්තාව හම්බ වෙන්න යන්න බෑ මට... ඇයි මං එයාට කතා කළේ? ඇයි අවන්ති ඊයෙ එයාව හම්බ වෙන්න ගියේ? ඇයි එයා අවන්තිට කතා කළේ? ඇයි මං හිතාගෙන හිටියා වාගෙම තනියම ඉන්නෙ නැතුව අවන්තිව බඳින්න කැමති වුනෙ? ඇයි මං සමන්තාට යන්න ඉඩ දුන්නේ? ඇයි මං - ඇයි මං අම්මලාගේ අකමැත්ත ගැන හිතන්නෙ නැතුව සමන්තාව බැන්දෙ නැත්තේ? ඇයි මං සමන්තා එක්ක යාළු වුනේ? ඇයි මං ඉපදුණේ? මොන එහෙකටද මං ඉපදුණේ?
"මචං! ඒයි සුපුන්!" සුපුන්ට අරවින්ද තමුන්ගේ උරිස්සෙන් අල්ලලා හොළවනවා දැනුණා. "ඕක නවත්තපං බං. අර අවන්තිත් ආයෙ අඬනවා." සුපුන් හිතට ගලාගෙන ආපු සිතුවිලි නතර කරගත්තා. ඒ වෙනකල් කොයිම වෙලාවකවත් හයියෙන් අඬපු නැති අවන්ති ඉකි ගගහා අඬන සද්දෙ සුපුන්ට ඇහුණා. සුපුන් ආපහු කෙළින් වුනා. ඉස්සරහා මුකුත් පේන්නෙ නෑ. එයා ඇස් දෙක පිහදැම්මා. තෙතයි. කඳුළු? සුපුන්ට මතක ඇති කාලෙදි මීට කළින් කඳුළු පනිනකල් අඬලා තියෙන්නේ ජීවිතේ එකම එක පාරයි. එදා තමයි එයා ජීවිතේ වැඩියෙන්ම බීපු දවස. සමන්තා ගැන ආපහු සැරයක් අම්මලත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් තරහා වෙලා ඇවිත් බාර් එකට වෙලා හිටියේ. සමන්තා ඇවිත් එයාව හොයාගන්නකොටත් සුපුන් හිටියේ බාර් එකේ. එදා රෑ සුපුන් ගෙදර ගියෙ නෑ. මේ හැම දේටම මුල් වෙච්ච දේ සිද්ද වුනේ එදා.
අරවින්ද දික් කරපු ටිෂූ එක අතට ගත්ත සුපුන් මූණ පිහිදගත්තා. එයාට අවන්ති දිහා බලන්න හිත හදාගන්න බෑ, එයා තාමත් අඬනවා. දසුනි එයාගේ ඇඬිල්ල නවත්තන්න මොන මොනවදෝ කියනවා.
"බැහැපං." සුපුන්ගේ පිටට තට්ටුවක් දාපු අරවින්ද දොර ඇරගෙන එළියට බැස්සා. ඒ එක්කම සුපුනුත් බැස්සා. ටික වෙලාවකින් අවන්තියි දසුනියිත් බැස්සා. සුපුන් ඒ වෙලාවෙදි අවන්ති දිහා බැලුවා. කඳුළු පිහදාගෙන. ඒත් ඇස් දෙකයි නහයයි හොඳටම රතු වෙලා. සුපුන්ට අවන්ති ගැන කියාගන්න බැරි තරම් දුකයි.
"සමන්තා කොතනද ඉන්නවා කිව්වෙ?" අරවින්ද ඇහැව්වා.
"එළියෙ ඇති. අපි එනකල් චෙක්-ඉන් නොකර ඉන්නම් කිව්වා වෙලාව තියෙන හින්දා."
සුපුනුයි අරවින්දයි ඉස්සරහිනුත් අවන්තියි දසුනියි ඒ පිටිපස්සෙනුත් ඇවිදගෙන ගියා.
"සමන්තා එක්ක තව කවුද ඉන්නේ?" ආයෙමත් අරවින්ද.
සුපුන් දන්නෙ නැති බව කියන්න උරිස් ඇකිළුවා.
අරවින්ද ආපහු හැරිලා අවන්ති දිහා බැලුවා. "ඊයෙ එහෙදිනම් මම දැක්කේ එයාවයි, බබාවයි, අම්මවයි විතරයි. තව කවුරුත් ඒගොල්ලො එක්ක ඉන්නවද කියලා මං දන්නෙ නෑ."
ටික වෙලාවක් එහෙ මෙහෙ ඇවිද්දට පස්සේ සුපුන් ඒගොල්ලන්ව දැක්කා. සමන්තා. ඉස්සර හිටියා වගේමයි. එතන පහුකරගෙන යන්න ගිය අරවින්දව සුපුන් නතර කරගත්තා. අවන්තියි දසුනියිත් ඒ එක්කම නැවතුණා. සමන්තා ඒ වෙනකොටත් ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියේ. ඒ මූණෙ පිරිලා තිබ්බේ මොන වගේ හැඟීම්ද කියලා අඳුරගන්න සුපුන්ට හරියට පෙනුණෙ නෑ, දුර වැඩියි. සමන්තාගෙන් මොහොතකට ඇස් දෙක මුදවගත්ත සුපුන් අවන්ති දිහා බැලුවා. අවන්ති බලාගෙන හිටියේ සමන්තා හිටපු තැනින් පොඩ්ඩක් එහාට වෙන්න සමන්තාගේ අම්මාගේ උකුලේ නිදාගෙන හිටපු පොඩි එකා දිහා. සුපුන්ගේ පපුව නතර වුනා. ඒ මගේ පුතාද? අවන්ති කිව්වා හරි. අවුරුදු හතරක විතර පැටියෙක්. සමන්තා හෙමීට සුපුන්ලා ඉන්න පැත්තට ඇවිදගෙන එන්න පටන්ගත්තා. සුපුන් ආයෙමත් අවන්ති දිහා බැලුවා. කඳුළු හිර කරගෙන තොල් හපාගත්ත අවන්තිත් සුපුන් දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ මහා දුකක්. ඒ ඇරෙන්න කිසිම තරහක්, වෛරයක් ඒ ඇස් වල තිබ්බෙ නෑ. "සොරි අවන්ති," සුපුන් අමාරුවෙන් කියාගත්තා. ඊයෙ රෑ එයා ඒ වචන දෙක දහස් වතාවකට වඩා කියන්න ඇති. ඔළුව වනපු අවන්ති ඒ වෙනකොටත් එයාගෙ අත අල්ලගෙනම හිටපු දසුනි නංගි දිහා බැලුවා. "නංගි, ඔයා ඉන්න," එයා කිව්වා.
"අක්කිට ෂුවර්ද?"
යාන්තමට හිනාවෙච්ච අවන්ති ඔළුව වැනුවට පස්සේ දසුනි එයාගෙ අත අත ඇරියා.
අරවින්දගේ සොහෝදරත්වයෙන් පිරිච්ච බර අත ආයෙමත් වතාවක් සුපුන්ට උරිස්ස මතින් දැනුණා.
ලොකු හුස්මක් ගත්ත සුපුන් අවන්ති එක්ක සමන්තා ලඟට යන්න පිටත් වුනා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com2tag:blogger.com,1999:blog-8509600443809072602.post-12253776420718410742015-12-04T13:30:00.000+05:302015-12-04T13:31:04.812+05:30සරණ බන්ධන.....8 - ගමන
සමන්තාට කෝල් එක ගත්තෙ සුපුන්, අරවින්දගේ ෆෝන් එකෙන්. එයාම කෝල් එක ගන්න එක හොඳ බව තීරණය කළේ හතර දෙනාම එකතු වෙලා. වෙන කෙනෙක් කතා කළානම් සමන්තා මග අරින්න තියෙන ඉඩ වැඩියි. ෆෝන් එක රිං වෙන සද්දෙට සුපුන් ඇහුම්කන් දීගෙන හිටියේ ඇස් දෙක පියාගෙන. තොල් දෙක හපාගෙන කඳුළු හිර කරගෙන හිටිය අවන්ති අක්කාගේ අතින් අල්ලගෙන දසුනි අරවින්ද අයියා දිහා බැලුවා. එයා කකුලෙන් වැලි පොළොවේ රවුම් අඳිනවා. පොඩි එකෙක් වගේ. දසුනිට හිනා යන්න ආව හින්දා අතින් කට වහගත්තා.
"හෙලෝ! සමන්තා?"
"සුපුන්."
"කොහොමද ඔයාට?" සුපුන් අයියාගේ කටහඬේ වෙනස දසුනිටත් තේරුණා. එයා අවන්ති අක්කා දිහා බැලුවා. එයා මේ මොහොත දරාගෙන ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා දසුනිට තේරුණා.
"ඔයා තාමත් ලංකාවේ නේද?"
"සමන්තා, මට ඔයාව හම්බවෙන්න ඕනේ."
"No, no, මමයි අවන්තියි දෙන්නම. I know that you met her yesterday."
"ප්ලීස් සමන්තා. අපි දෙන්නටම ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා."
"Please give us a chance."
"I know how you feel. I understand that very well. I'm really sorry about that. But this is really important Samantha. Please."
"Yes, she's here." සුපුන් අයියා අවන්ති අක්කා දිහාවට හැරුණා. ඊලඟට ෆෝන් එක එයාට දුන්නා. අවන්ති අක්කා ෆෝන් එක ගත්තේ වෙව්ලන අතෙන්.
"හෙලෝ!"
"සොරි සමන්තා, මට කියන්න වුනා එයාට."
"ඔයා ඊයෙ මගෙන් හංගපු දෙයක් තිබ්බා නේද? ඔයා මට ඔක්කොම කිව්වයි කිව්වට නොකියපු දෙයක් තිබුණා. සුපුන්ගෙන් ඒ ගැන දැනගත්තා මං." අවන්ති අක්කා ආයෙමත් අඬන්න පටන්ගත්තා.
"Supun wants to meet you. He has something to ask from you. ඔයා හම්බවෙන්න ඉඩ දෙනවනං මමත් එන්නම් එයත් එක්ක. මට ඒ ගැන මුකුත් අහන්න ඕනෙ නෑ. ඒත් ඒකෙන් අපේ අනාගතේ මොන විදියට වෙනස් වෙයිද කියන්න බෑ. So I'm glad if you can give a chance to Supun."
"I know, I know." අවන්ති අක්කා සුපුන් අයියා දිහා බැලුවා. "ඒක මෙහෙම කියන්න බෑ සමන්තා..."
"Thank you so much." අවන්ති අක්කා ෆෝන් එක ආපහු සුපුන් අයියා අතට දුන්නා.
"සමන්තා?"
"අපි දැන්මම එන්නං. Thank you very very much." ෆෝන් එක කට් කරපු සුපුන් අයියා අරවින්ද අයියා දිහාට හැරුණා.
"ඒගොල්ලෝ කටුනායක යන ගමන්. ෆ්ලයිට් එක හවස හතරටලු. හම්බවෙන්න වෙලා තියෙනවා."
අරවින්ද අයියා ඔළුව වැනුවා. ඊලඟට දසුනි දිහා බැලුවා. "දසුනි මොකද කරන්නේ? ඔයාව කැම්පස් එකෙන් බස්සගෙන යන්නද අපි?"
දසුනි අවන්ති අක්කා දිහා බැලුවා. එයාව මෙහෙම ඉන්න කොට තනි කරලා යන්න හිතක් ඇත්තෙම නෑ දසුනිට. පව්. ගිහිල්ලා සමන්තාව හම්බ වෙලා කතා කරලා ඊට පස්සෙ ඒ සුපුන් අයියගේ බබෙක් කියලා ඔප්පු වුනොත්? අවන්ති අක්කා මේ ඉන්න හැටියට ඒක එයාට තනියම දරාගන්න කොහෙත්ම අමාරු වෙයි. දසුනි අවන්ති අක්කා දිහා බැලුවා. "අක්කි, මං ඔයත් එක්ක එන්නද? හැබැයි අපෙ තාත්තට කියන්න වෙනවා ඔයාලත් එක්ක යන්නේ කියලා."
අවන්ති අක්කා කල්පනා කළා. "මාමට කිව්වටනං කමක් නෑ නංගි. මාමා තේරුම් ගනියි. ඒත් අපේ අම්මලාටනං දැනගන්න දෙන්න එපා කියන්න. ඒ නැතත්, ඔයා ක්ලාස් යන්න නංගි. ඒකට කමක් නෑ."
දසුනි ආයෙමත් අවන්ති අක්කාගේ අතින් අල්ල ගත්තා. "මං ඔයා එක්ක හිටියොත් හොඳයි කියලා හිතෙනවා අක්කි. අනික අපිට ක්ලාසුත් නෑ. ස්ටඩී ලීව්. යාළුවො ටික කැම්පස් එකේ ඉඳන් පාඩම් කරනවා."
"ඔයාට ෂුවර්ද?"
"ඔව් අක්කි, මං එන්නං."
"තැන්ක් යූ නංගි."
"තැන්ක් යූ නංගි," සුපුන් අයියත් කිව්වා.
"තැන්ක් යූ නංගි," අරවින්ද අයියත් කියනවා ඇහුණා. දසුනි එයා දිහා හැරිලා බැලුවේ ඔරෝගෙන. එයා එහෙම කිව්වේ ඔලොක්කුවට කියලා දසුනි දන්නවා. තාත්තාගේ මොබයිල් එකට කෝල් එකක් අරන් නොකියාම බැරි විස්තර ටික විතරක් කියලා දසුනි අවසර ගත්තා. එයාගෙ තාත්තා සාමාන්‍යයෙන් ඕනෙම කාරණාවක් ගැන විවෘතව හිතන කෙනෙක්. දසුනිට වගේම අවන්තිටත් ඒ ගැන විශ්වාසයි.
අරවින්ද ඩ්‍රයිවිං සීට් එකෙත්, සුපුන් එහාපැත්තෙත්, අවන්තියි දසුනියි පිටිපස්සෙත් වාඩි වුනා. ටික දුරක් යනකල් කවුරුවත් කතා කළේ නෑ. කටුනායකට යනකල් මෙහෙම යන්නෙ කොහොමද? දසුනි කතා කරන්න හිතුවා. මේ තියෙන ප්‍රශ්න කටුනායකට යනකල්වත් අමතක වෙන විදිහට මොනවද කතා කරන්න පුළුවන්.
"අරවින්ද අයියා මොකද අපේ මල්ලිත් එක්ක ෆෝන් මාරු කරගත්තේ?"
අරවින්ද ඉස්සරහා කණ්ණාඩියෙන් එයා දිහා බලනවා දසුනි දැක්කා. "ඇයි මොකද හොඳ නැද්ද?"
"නෑ මං ඇහැව්වේ ඇයි කියලා."
"එහෙම මාරු කරගත්තෙ නැත්තං මං කොහොමද ඔයාගෙ නම්බර් එක හොයාගන්නෙ? එහෙම හොයාගන්න බැරි වුනානං මං කොහොමද ඔයාව අද ගෙන්න ගන්නෙ? එහෙම ගෙන්නගන්න බැරි වුනානං කවුද අද අවන්තිගෙ තනියට ඉන්නෙ?"
"ඔය නංගි මේකා ඔයාගෙ නම්බර් එක ගන්න ඕනවටම කරපු වැඩක්," සුපුන් අයියාත් කතාවට එකතු වුනා. දසුනිව රතු වෙලා ගියා.
"ආන්න හරි. ඔය කිව්වෙ. හරිනෙ දැං, උත්තරේ හම්බ වුනානේ?" තාලෙට ඇදලා පැදලා එහෙම කියපු අරවින්ද අයියා ආයෙම කණ්ණාඩියෙන් පිටිපස්ස බැලුවා. "අනේ මේ, මට මොකටද මෙයාගෙ නොම්බර?"
"එහෙනම් මොකටද ෆෝන් මාරු කරගත්තේ?" දසුනි ඇහැව්වෙ කේන්තියෙන්.
"පොඩි එකා ආසාවෙන් මගෙ ෆෝන් එක බල බල හිටියා. මට ඉතිං අළුත් එකක් ගන්න බැරියැ. මගෙ එක එයාට දීලා එයාගෙ එක මං ඉල්ලගත්තා."
දසුනි කට පියාගත්තා. අපරාදෙ, ඒ ගැන අහන් නැතුව ඉන්න තිබ්බේ. එහෙනං මේ ඇත්ත දැනගත්තම හිතට දැනෙන දුක දැනෙන්නෙ නෑනේ. අරවින්ද අයියා ආපහු සැරයක් කණ්ණාඩියෙන් එයා දිහා බලාගෙන ඉන්නවා දැකපු දසුනි ඉක්මණට අහක බලාගත්තා. ඒ මෝඩයත් එක්ක කතා කරන එක නවත්තලා අවන්ති අක්කා එක්ක කතා කරන්න ඕනේ. ඒත් මොනවද කතා කරන්නේ? දසුනිට හිතාගන්න බෑ. වෙඩින් එක ගැන, හෝම් කමින් එක ගැන මුකුත් කතා කරන්න බෑ. වෙන මොනවද? පොතක් ගැන? ෆිල්ම් එකක් ගැන? අවන්ති අක්කා ඒවා ගැන කතා කරන්න පුළුවන් මූඩ් එකකද ඉන්නේ?
"ඇයි අර අනිත් එක මං දැනගත්තෙ කොහොමද කියලා අහන්නෙ නැද්ද?" ඒ ගමන ආයෙමත් අරවින්ද අයියා. එයා ආපහු කණ්ණාඩියෙන් පිටිපස්ස බලාගෙන.
"මේ, පාර දිහා බලාගෙන වාහනේ එළවනවද?" දසුනි කෑ ගැහැව්වා.
"ඇයි මං ඔයා දිහා බලං හිටියා කියලද හිතුවේ. මං අර පිටිපස්සෙන් එන වාහනේ ඕවර් ටේක් කරන්න හදනවද කියලයි බැලුවේ."
දසුනි දත්මිටි කාගෙන ආයෙමත් අහක බලාගත්තා.
"අවන්ති, ඔයාගෙ මේ නංගි පොඩ්ඩ ගිය සතියේ ක්ලාස් කැන්සල් වෙච්ච දවසක ගෙදර නොගිහින් යාළුවොත් එක්ක හොරෙන්ම ෆිල්ම් බලන්න ගිහිල්ලනේ. ඉන්නෙනං දෙකට ගණින්න බෑ වගේ."
දසුනි කණ්ණාඩියට එරෙව්වා. ඒ වුනාට අරවින්ද අයියා ඒකෙන් බලං හිටියේ අවන්ති අක්කා දිහා. අවන්ති අක්කට දසුනිලාගෙ කතා මුකුත් ඇහිලා නෑ. වෙන කොහෙද ලෝකෙක අතරමං වෙලා ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා. දසුනි එයාගේ අතින් අල්ලගත්තා. "අක්කී..." අවන්ති ගැස්සිලා දසුනි දිහා බැලුවා. "වැඩිය හිතන්න එපා. හැමදේම හොඳින් විසඳෙයි."
යාන්තමට හිනාවුණ අවන්ති ආයෙමත් ජනේලෙන් එළිය බලාගත්තා.
සුපුන් අයියත් පිටිපස්ස හැරිලා අවන්ති අක්කා දිහා බැලුවා. "අවන්ති ඔයාට බඩගිනිද?" අවන්ති අක්කා නෑ කියන්න ඔළුව වැනුවා. "ඊයෙ රෑ කෑවෙත් නෑ, අද උදෙත් හරියට කෑවෙ නෑනේ?" අවන්ති අක්කා සද්ද නැතුව හිටියා.
දසුනි එයාගෙ බෑග් එක අවුස්සන්න ගත්තා. "ඉන්න, මගෙ ගාව බිස්කට් ඇති."
"ඔය ළමයා දවල්ට කන්නෙ බිස්කට්ද?" ආයෙමත් අර මෝඩයා.
"ඔව්! ඇයි මොකද?" දසුනි බෑග් එකට ඔළුව ඔබාගෙනම ඇහැව්වා.
"අනෙ අම්මේ, ඔය බිස්කට් එකක් හොයාගන්න ඔච්චර අමාරුද ඔය මල්ලෙන්? ඕක අස්සෙ ගැරඬි පොළොංගු එහෙමත් ඉන්නවද දන් නෑ?"
වැඩේ නතර කරපු දසුනි හොඳට කෙළින් වෙලා කෙළින්ම අරවින්ද දිහා බැලුවා. වාහනේ එළෝ එළෝ හිටියෙ නැත්තං දනී බෙල්ල මිරිකන හැටි! සුපුන් අයියාගෙ පිටිපස්සෙන් වාඩි වෙලා හිටපු දසුනිගේ ඒ ගිනි පිටවෙන රැවිල්ලට ඒ මෝඩ කටකාරයාව අළු වෙලා යනවනං කියලා දසුනිට හිතුණා. "හාපෝ!" මෝඩයා වම් අතෙන් මූණෙ වම් පැත්ත වහගත්තා. "දවල්ට බිස්කට් කන නෝනා උදේට කාලා ඇවිත් තියෙන්නේ කොච්චි මිරිස්ද කොහෙද? ඒ මචං, ඒ සී එක පොඩ්ඩක් වැඩි කරන්නද?"
සුපුන් අයියටනං ඒ වෙලාවෙදි පොඩි හිනාවක් ගියා. "පව් බං පොඩි කෙල්ල. ඕක නවත්තලා දාපං."
ඒත් අවන්ති අක්කගේ මූණටනං හිනා රැල්ලක්වත් ආවෙ නෑ. එයා තාමත් ලොකු කල්පනාවක. බිස්කට් පැකට් එක එළියට ගත්ත දසුනි බිස්කට් දෙකක් එළියට අරගෙන බලෙන්ම අවන්ති අක්කගෙ අතේ තිබ්බා. ඊලඟට සුපුන් අයියටත් ඇල්ලුවා. "සුපුන් අයියෙ ආ." මෝඩයාගෙ පැත්තටවත් අල්ලන්නෙ නැතුව බිස්කට් පැකට් එක ආපහු ගත්ත දසුනි එයාගෙ අතටත් බිස්කට් දෙකක් ගත්තා.
"කෝ මට නෑ?"
දසුනි ඒත් උත්තරයක් දුන්නෙ නෑ. බයිට් වෙනවයි කියලා ඔහොමත් බයිට් වෙන්න පුළුවනැයි. ඕනෙම දේක සීමාවක් තියෙන්න එපැයි. එයාගෙ විහිළු ඕනෙවට වැඩියි. සද්ද නැතුව තව බිස්කට් තුනක් අතට ගත්ත දසුනි පැකට් එක පිටින්ම ඉතිරි ටික ඉස්සරහා සීට් දෙක අතරින් තිබ්බා. අවන්ති අක්කා ජනේලෙන් එළිය බලාගෙනම බිස්කට් එක හෙමින් හෙමින් කන හැටි බලන් හිටපු දසුනි ආයෙමත් ඔළුව ඉස්සරහට හරවපු වෙලාවේ නොහිතාම ඉස්සරහා කණ්ණාඩිය දිහා බැලුවා. ආයෙමත් එයා දිහා බලාගෙන. දසුනිගෙ ඇස් ඒ ඇස් වල ගැටුණ ගමන්ම ඒ එක ඇහැක් ඉඟි මැරුවා. දසුනි අහක බලාගත්තා. අවන්ති අක්කා අහන් හිටියත් නැතත් කමක් නෑ කියලා හිතලා එයා ගිය සතියේ යාළුවොත් එක්ක බලපු ෆිල්ම් එක ගැන එයාට හෙමින් සැරේ කියන්න පටන්ගත්තා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com3tag:blogger.com,1999:blog-8509600443809072602.post-91530704521203262302015-12-03T09:26:00.000+05:302015-12-04T00:30:34.916+05:30සරණ බන්ධන.........7 - මෙහෙයුම
දසුනි උදේ පාන්දර දනිපනි ගාලා ලෑස්ති වුනේ යාළුවො එක්ක පාඩම් කරන්න කැම්පස් එකට යන්න. විභාගෙ ලබන මාසේ. කොණ්ඩෙ පීරන අතරෙදි රිංග් වෙච්ච ෆෝන් එක එයා ආන්සර් කළේ කෝල් එක කාගෙන්ද කියලවත් බලන්නෙ නැතුව. තමාලි වෙන්න ඇති නොවැරදීම. "හෙලෝ තමාලි! අනේ මං එනවා හොඳේ. ඔහොම ඉන්න. ඊයෙ අපෙ අක්කිගෙ වෙඩිං එකට ගිහින් ඇවිත් මහන්සියට නින්ද ගියා අනේ..." දසුනි කියාගෙන ගියේ තමාලි බණින්න පටන්ගන්න කළිං. ඒත් ඒ පැත්තෙන් සද්දයක් නෑ. "හෙලෝ! තමාලි!" දසුනි ෆෝන් එක කනෙන් ඈත් කරගත්තේ වොලියුම් වැඩි කරගන්න. එතකොට තමයි එයා ඩිස්ප්ලේ එක දිහා බැලුවේ. මළ කෙළියයි! මේ තමාලි නෙවෙයිනේ. වෙන මොකද්ද දන්නෙ නැති නම්බර් එකක්! දසුනිගෙ කටේ කෙළත් හිඳුනා. දසුනි පාට් ටයිම් ජොබ් එකකට ඇප්ලයි කළේ මේ ගිය සතියෙ. එතනින්ද දන්නෙත් නෑ. හාපෝ! විනාසයි! ෆෝන් එක ආපහු කනේ තියාගත්ත දසුනි සාන්ත දාන්ත විනීත කටහඬකින් කතා කළා. "හෙලෝ!"
"දසුනි?"
"යස්, ස්පීකිං?"
"නංගි, මම අරවින්ද." දසුනිගෙ හුස්ම හිර වුනා. එයා දන්න එකම එක අරවින්ද කෙනයි ඉන්නේ. කටහඬත් ඒ කටහඬම තමයි. ඒත් ඒ අරවින්දට දසුනිගේ නම්බර් එක ලැබුණේ කොහොමද? අවන්ති අක්කගෙන් ඉල්ලගත්තද දන්නෙ නෑ. හිත යටින් කැමැත්තක් තියෙන කෙනෙක්ගෙන් නොහිතපු වෙලාවක කෝල් එකක් ආවාම දැනෙන විදිහටම දසුනිගේ මූණ රතු වෙලා බෙල්ල දිගට සීතලක් ඇදිලා ගියා. පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන තරං.
"අරවින්ද අයියා?" දසුනි අමාරුවෙන් කටට පණ දුන්නා. ඒත් කෙළ හිඳිච්ච කටෙන් කතා කරගන්නත් අමාරුයි.
"නංගි ලොකු උදව්වක් ඕනේ."
මෙයාට මොකද්ද මගෙන් ඕන උදව්ව. අනික එයාට කොහෙන්ද මගෙ නම්බර් එක? මම දුන්නෙ නෑනේ. ඒක කොහෙන්ද ලැබුණෙ කියලවත් කියන්නෙ නැතුව මේ මොනවද කියන්නේ? මම ඇහුවොත් මොකද.
"මට නෙවෙයි, සුපුන්ටයි අවන්තිටයි." අරවින්ද ආයෙමත් කතා කළා.
"මගෙ නම්බර් එක අයියට දුන්නේ අවන්ති අක්කද?" දසුනිට එහෙම නාහා ඉන්න බැරි වුනා. ඒත් ඉන් පස්සේ ගෙවුණ නිහඬ තත්පර ගාණ ඇතුළතදි දසුනිට හිතුණේ එහෙම ඇහැව්වේ අපරාදේ කියලයි. ඒක නපුරු ප්‍රශ්නයක් වාගෙ දැනුණද දන්නෙ නෑ.
"ඔයාගෙ මල්ලිගෙ ෆෝන් එක මං ගාව. ඒකෙ තිබ්බේ." දසුනි හිතුවා හරි. කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා. එයා කියපු දේ ගැන දසුනිගේ හිත යොමු වුනේ ඊට පස්සෙ. මල්ලිගෙ ෆෝන් එක? එහෙනං ඒක තමයි මේ. ඊයෙ රෑ තිස්සේ හංගගෙන ඔබ ඔබ ඉන්නේ මොකද්ද කියලා දසුනි කොච්චර හොයාගන්න හැදුවත් මල්ලිගෙන් ඒකට ඉඩක් ලැබුණෙ නෑ.
"අයියගෙ ෆෝන් එක මල්ලිට දුන්නද?"
"ඔව්."
"ඇයි ඒ?"
"දසුනි, අවන්තියි සුපුනුයි ලොකු අවුලක ඉන්නේ. ඒ දෙන්නට උදව් කරන්න මට ඔයාගෙ උදව් ඕනේ."
දසුනි අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණෙ නැතත් අරවින්ද අයියා කතා කරන්නේ බරපතල දෙයක් ගැන කියන එක දසුනිට තේරුණා. ඊයේ වෙඩින් එක වෙලාවේ වෙච්ච කලබලේ ඉවරයි කියලා දසුනි හිතං හිටියට එහෙමම වෙලා නැති පාටයි. "ඇයි අයියේ, මොකද වෙලා තියෙන්නේ?"
"ඒක මෙහෙම කියන්න බෑ. මට ඔයාව හම්බවෙන්න පුළුවන්ද?"
ටික ටික සැහැල්ලු වේගෙන එමින් තිබ්බ දසුනිගේ පපුව ආයෙම කෝච්චි එන්ජිමක් වගේ දුවන්න පටන් ගත්තා. අරවින්ද අයියගේ හිතේ තමුන් ගැන මොනවා හරි දෙයක් තියෙන බව දසුනිට ඊයේ පැහැදිලිවම තේරුණා. දසුනිගේ හිතේ තියෙන දේත් එයාට ඒ වගේ තේරිලා ඇත්ද? මේ හදන්නේ බොරුවක් කියලා ඇවිදින්න එක්ක යන්නද? එයාගෙන් යාළු වෙන්න අහන්නද? නැත්තං ඇයි මේ දසුනිටම අඬගහන්නේ? රතු වෙලා තිබ්බ මූණ තවත් රතු වෙනවා දසුනිට කණ්ණාඩියෙන් පෙනුණා.
"ඊයෙ වෙච්ච දේ ඒ දෙන්නා ඇරුණාම දන්නෙ ඔයයි මමයි විතරයි. ඒකයි මට ඔයාගෙ උදව් ඕනේ. ඒ ගැන තවත් කාටවත් කියන්න බෑ."
දසුනි පා වෙවී හිටිය වළාකුළෙන් බිමට ඇදගෙන වැටුණා. ඔව්නේ. මේ ඇත්තටම අවන්ති අක්කලාගේ වැඩකටම වෙන්න ඇති. ඊයෙ වෙච්ච දේ ගැන වෙන කාටවත් කියන්න බෑනේ. මටත් හිතෙන ඒවා. හිතට දැනුණ සැහැල්ලුවත් එක්ක මූණේ තිබ්බ රතු පාට ටික ටික අඩු වේගෙන යද්දි දසුනිට පොඩි දුකකුත් නොදැනුණාම නෙවෙයි. එයා මොකටද මගෙන් යාළු වෙන්න අහන්නේ. එයාට ඔසී වලදි හම්බවෙන්න ඇති ඕන තරං ලස්සන කෙල්ලෝ.
"ඔයාට උදේ වැඩද?" අරවින්දගේ වෙනස් වෙලා තිබ්බ කටහඬට තවත් මොකද්දෝ පසුබාපු ගතියකුත් එකතු වෙලා.
"යාළුවොත් එක්ක පාඩම් කරන්න යන්න කියලා හැදුවේ අයියේ."
"එහෙමද." සද්දයක් නැතුව තව ටික වෙලාවක් ගෙවුණා. "සුපුන්ගේ පරණ අෆෙයාර් එකක් ගැන අවන්ති ඊයෙ දැනගෙන. ඊයෙ අවන්ති හදිසියෙම ගිහින් තියෙන්නේ ඒ ගර්ල්ව හම්බවෙන්න. එයා හොඳටම අවුලෙන් ඉන්නේ. ඊයෙ මහ රෑ සුපුන් මට කතා කළා. පාන්දර දෙකහමාරට තුනට විතර. මට ඔයාට මෙහෙම කියන්න බැරි ප්‍රශ්නෙකුත් එතන තියෙනවා. මම සුපුන්ට ඊයෙ කිව්වා අද උදේ එන්නං කියලා. ඒත් මට සුපුන් එක්ක තනියම කතා කරන්න ඕනේ. ඒ වෙලාවෙදි අවන්ති එක්ක ඔයාට පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා අහන්නයි මම කතා කළේ." නංගි, දසුනි, ආමන්ත්රණ මුකුත් නෑ. තරහෙන් කතා කරනවා වාගේ කතා කරන්නේ මෙයා. මම මොන වැරැද්දක් කළාටද? "කමක් නෑ, ඔයා පාඩම් කරන්න යන්න." උත්තරයක් නොදී දසුනි කල්පනා කරන අතරෙදි අරවින්ද ආපහු කිව්වා.
"අවන්ති අක්කලා කොහෙද ඉන්නේ?"
"මං ඊයෙ කිව්වේ මං ඒගොල්ලෝ නතර වෙලා ඉන්න ගෙස්ට් හවුස් එකට එන්නං කියලා. ඒත් ඔයා එනවනං මං කියන්නං ඒ දෙන්නට බෝධිරාජ පන්සලට එන්න කියලා. ඔයාටත් එන්න ලේසියිනේ එතනට?" ඒ ගමනනං යාන්තං පණක් ඇවිල්ලා කටහඬට.
දසුනි තොල් දෙක මාරුවෙන් මාරුවට හප හප කල්පනා කළා. "මට ගෙදරට බොරු කියලා එන්න වෙන්නෙ අයියේ..."
ඒ ගමන ඇහුණේ සමච්චල් හිනාවක්. "අනේ බබා! මීට කළින් බොරුවක් කියලම නැතුව ඇති ගෙදරට!"
දසුනිට ඒ වතාවෙදිනං හොඳටම තරහා ගියා. මෙයා මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ? "නෑ තමයි!!!"
"හා! එතකොට අර ගිය සුමානේ ක්ලාස් කැන්සල් වෙච්ච වෙලාවේ යාළුවොත් එක්ක ෆිල්ම් බලන්න ගියේ ගෙදරට කියලද?" දසුනිගෙ ඇස් දෙක පීරිසි දෙකක් වගේ ලොකු වුනා. මෙයා කොහොමද ඒ ගැන දන්නේ? "අපිට ඕවා ආරංචි වෙනවා නංගි, හරි???"
"මං ගිහින් ඇවිත් අම්මලාට කිව්වනේ..."
"හරි හරි, ඒවයෙන් වැඩක් නෑ. දැන් ඔයා එනවද?" ආපහු සීරියස් කටහඬ.
බෝධිරාජ පන්සලට යන එකනම් මහ දෙයක් නෙවෙයි. තමාලිනං පොඩ්ඩක් බණියි. ඒකට මොකද. ඒ වුනාට මෙයාගෙ ආඩම්බර බලාපල්ලකෝ. එන්න බෑ කියලා කියන්න ඕනේ. ඒත් පව් අවන්ති අක්කා. ඊයෙත් එයා හොඳටම අප්සෙට් එකෙන් හිටියේ. සුපුන් අයියගෙ පරණ අෆෙයාර් එකක්? හ්ම්... මේ යාළුවටත් පරණ අෆෙයාර් තිබ්බද දන්නෙ නෑ. මොකද්ද මේ මෙහෙම කියන්න බැරි ප්‍රශ්නෙ?
"දසූ..." තව ටිකෙන් දසුනිගෙ අතෙන් ෆෝන් එකත් අත ඇරෙනවා. දසූ? "ප්ලීස්. ඔයාගෙ අක්කටයි, මගේ යාළුවටයි මේ වෙලාවේ අපේ උදව් ඕනේ. අපි දෙන්නා ඇර වෙන කවුරුවත් ඊයෙ වෙච්ච දේ දන්නෙ නෑ, එහෙම දැනගත්තොත් ඒක ඒ දෙන්නට හොඳ නෑ. ප්ලීස් නංගි?"
අන්න එහෙම එන්නකො අයියා. දසුනිට හිනාවක් ගියා. "හරි මං එන්නං පන්සලට. කීයටද?"
"නවයට?"
"අක්කලාව හම්බ වෙලා කතා කළාට පස්සෙ මට ආපහු කැම්පස් එකට යන්න පුළුවන් නේද?"
"ඔව්, බලමු."
"හරි එහෙනං. මම යාළුවට කතා කරලා කියන්න ඕනේ උදේ එන්නෙ නෑ කියලා. නවයට එන්නං පන්සලට. බායි." දසුනිත් ආමන්ත්රණ මුකුත් නැතුව කතා කළා. එයාට විතරයැ එහෙම පුළුවන්?
"ඕකේ දසූ. සී යූ."
ඒ කෝල් එක ඉවර වෙලා අනිත් අතට තමාලිට කෝල් එකක් ගත්ත දසුනි පාඩම් කරන්න එන්න පරක්කු වෙන බව කියලා, බැණුමකුත් අහලා, කැම්පස් යන විදිහටම අම්මටයි තාත්තටයි කියලා පාරට බැස්සා. වෙනදා යන බස් හෝල්ට් එකටම ගිහින් කැම්පස් යන බස් එක මග ඇරලා බෝධිරාජ පන්සල පැත්තට යන බස් එකේ නැග්ගා. කවුරුත් දකියිද? කමක් නෑ, මං වැරදි වැඩකට යන්නෙ නෑනේ. අක්කලාගෙ ප්‍රශ්නෙ විසඳගත්තට පස්සේ ඕනනං හෙමින්සැරේ අම්මලාට කියන්න බැරියැ.
විනාඩි විස්සක විතර ගමනකින් පස්සේ දසුනි බස් එකෙන් බැස්සා. අක්කලා ඇවිත් ඇත්ද දන්නෙ නෑ. මේ වෙලාවේ අක්කට කෝල් එකක් දුන්නොත් මොකද? එක්කො ඕන නෑ. එයාලා එනකල් මං පන්සල ඇතුළට වෙලා ඉන්නවා. පන්සලට යන්න පාර මාරු වෙන්න ඕනේ. හෝල්ට් එක ලඟින් ආපස්සට ටිකක් දුර ඇවිදගෙන ගිය දසුනි කහ ඉර ලඟට ඇවිත් පාරෙන් අනිත් පැත්ත බැලුවා. ආපහු සැරයක් උදේ වගේ මූණ රතු වෙනවා දසුනිට දැනුණා. මෙච්චර කාලෙකට තිබ්බෙ නැති ලෙඩක්. ඊයෙන් පස්සෙ තමයි මේ ඔක්කොම. ඒ ලෙඩේට හේතු වෙච්ච කෙනා අර ඉන්නේ පාරෙන් අනිත් පැත්තේ විරිත්තගෙන. ඒ මූණ දැකපු දසුනිටත් හිනා නොවී ඉන්න බැරි වුනා. වාහනයක් යනකල් බලා හිටපු දසුනි අනිත් වාහනේ එන්න කළින් අත දික් කරලා කහ ඉර උඩින් දුවගෙන ගියා. පාර දෙකට මැදින් වෙන් වෙච්ච පටු තීරුව උඩට ගොඩ වෙලා ආපහු ඉස්සරහා බලපු දසුනි දැක්කේ හිනාව අතුරුදහන් වෙලා ඔරෝගෙන ඉන්න මූණක්. අත් දෙකත් ඉණේ. ඒ මොකද කියලා දසුනිට තේරුණා. පාරේ ඉතුරු ටික එයා පැන්නේ බොහොම පරිස්සමෙන්, ඔක්කොම වාහන ටික යනකල් විනාඩි දෙකක් විතර බලා ඉඳලා. පොඩි ඉඩක් හම්බ වුණත් පැන්නෙ නෑ. අන්තිමේදී පාරෙන් අනිත් පැත්තට පැනපු වෙලාවෙත් අර මූණේ වෙනසක් නෑ.
"කෝ අක්කලා ආවද?" දසුනි දැක්කේ නෑ වගේ ඇහැව්වා.
"ඔහොමද පාර පනින්නේ?" එයත් ඒක ඇහුන් නෑ වගේ ඇහැව්වා.
"නැත්තං වෙන කොහොමද?"
"ඇති අවුරුදු විසි දෙකක් පණ රැකගෙන හිටියා."
හහ්, වයසත් හොයාගෙන. "ඉතිං මං මේ ඉතුරු ටික පරිස්සමෙන් පැන්නේ?"
"ඒ ටික පනින්න මොකටද එච්චර වෙලාව ගත්තේ?"
ඒ ගමන දසුනිත් අත් දෙක ඉනේ තියාගත්තා. "දැන් මට එන්න කිව්වෙ මෙතන ඉඳං රණ්ඩු වෙන්නද?"
තව තත්පර දෙකක් ඔරෝගෙනම හිටපු අරවින්ද ආපහු හැරිලා පන්සල පැත්තට යන්න පිටත් වුනා.
දසුනිත් අඩි දෙකක් විතර පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. මහා ආඩම්බරකාරයෙක්, හුහ්! පන්සල ඇතුළට යනකල් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ. එක අයිනක සුපුන් අයියගේ වාහනේ නවත්තලා තියෙනවා දසුනි දැක්කා. "අක්කලා ආවද," අන්තිමේදි දසුනි ඇහැව්වා.
"ඔව්. මං ගිහින් එක්කං ආවා. බෝධිය ලඟ ඇති. මං වාහනේ හෙවණෙන් දාලා එන්නං. අතන අව්වයි. බෑග් එක වාහනෙන් දාන්න ඕනෙනං දෙන්න." දසුනි දීපු බෑග් එකත් අරගෙන අරවින්ද වාහනේ දිහාවට ඇවිදගෙන ගියා. දසුනි හෙමින් හෙමින් බෝධිය පැත්තට ගියා. සමහර දවස් වලට සෙනග පිරිලා ඉන්න පන්සලක් වුනත් ඒ වෙලාවේ එච්චර සෙනග හිටියෙ නෑ. අවන්ති අක්කා බෝධිය ලඟ බිම ඉඳගෙන ඇස් පියාගෙන වැඳගෙන ඉන්නවා දසුනි ඈතදිම දැක්කා. ඊට එහා පැත්තෙ සුපුන් අයියා පහන් වැට ගාව හිටියේ පහන් පත්තු කර කර. දසුනිව දැකලා ඔළුව උස්සලා බලපු සුපුන් අයියා ආයෙ බිම බලාගත්තා. එයාගෙ මූණෙ තිබ්බේ ලොකූ වැරැද්දක් කරපු කෙනෙකුගේ පෙනුමක්. දසුනිට එයා එක්ක කේන්ති ගියා. එයාට බැරි වුනාද වෙඩිං එකට කළින් අවන්ති අක්කට මේ දේවල් ගැන කියලා තියන්න. එහෙම වුනානං මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. පව් අවන්ති අක්කා, එයා කොච්චර අහිංසකයිද.
දසුනි හෙමින් හෙමින් අවන්ති ලඟට ගියා. අවන්ති ඇස් ඇරියා. දසුනිව දැක්ක වෙලාවේ එයාගේ ඉදිමිලා තිබ්බ ඇස් දෙකේ ආයෙමත් කඳුළු පිරෙන්න පටන්ගත්තා. ඉක්මණටම අවන්ති අක්කා ලඟින් බිම වාඩි වෙච්ච දසුනි එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා. "අනේ ඔහොම අඬන්න එපා අක්කි."
අවන්ති තොල් දෙක තද කරගෙන ඇස් පියාගෙන ඇඬිල්ල නවත්තගන්න හැදුවත් ඒක කරගන්න බැරි වුනා. දසුනිගේ උගුරෙත් මොනවදෝ හිර වෙලා වගේ එයාට දැනුණා. "සුපුන් මාව රැවැට්ටුවා නංගි... එයා මට බොරු කළා..."
"අක්කි අඬන්නෙ නැතුව ඉන්නකෝ. මම හරියටම ඔක්කොම විස්තර දන්නෙ නෑ. උදේ අරවින්ද අයියා කෝල් කරලා කිව්වා ඔය දෙන්නාට ප්‍රශ්නයක් තියෙනවා කියලා, එයා සුපුන් අයියා එක්ක කතා කරනකල් ඔයත් එක්ක ටිකක් වෙලා ඉන්න මට එන්න කියලා... මොකද්ද අක්කි වුනේ?"
"සුපුන්ගෙ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මට ඊයෙ හම්බ වුනා නංගි. ඒ අෆෙයාර් එක අවුරුදු හතරකට විතර කළින් බ්රේක් වෙච්ච එකක්. සුපුන් මට කළින් ඒ ගැන කියලා තිබ්බෙ. ඒකෙ ප්‍රශ්නයක් නෑ, එයා ඒ ගැන අමතක කරලා හිටියෙ. මට එහෙම කිව්වා. සුපුන්ගේ ගෙදරින් කැමති වෙලා නෑ එයාට. ඒකයි. ඒ ගර්ල් රට ඉඳලා නිවාඩුවකට ඇවිත් ඊයේ අපේ වෙඩිං එක තිබ්බ හොටේල් එකේ නතර වෙලා ඉඳලා තියෙන්නේ. ඒ සුපුන්ගේ වෙඩිං එක කියලා එයා අහම්බෙන් දැකලා මට කතා කළා විශ් කරන්න. මම දවල් හදිසියෙම ගියෙ එයාව හම්බවෙන්න. මට ඕනෙ වුනා හැම දේම දැනගන්න. එයාට පුතෙක් ඉන්නවා නංගි." අන්තිම ටික කියද්දී අවන්තිගේ ඇඬිල්ල ආයෙමත් වැඩි වුනා.
ඊයේ හදිසියේම එහෙම එළියට ගිහින් ආවට පස්සේ අවන්ති අක්කා හිටපු විදිහ දසුනිට මතක් වුනා. ඇත්ත, ඔහොම දෙයක් දැනගත්තට පස්සේ කාටද අඬන්නෙ නැතුව ඉන්න පුළුවන්. එයා පහන් වැට දිහාව හැරිලා බැලුවා. සුපුන් අයියා එතන නෑ. ඉන් ටිකක් එහා ඝණ්ඨාර කුළුණ ලඟ පඩියක් උඩ එයයි අරවින්ද අයියයි ඉඳගෙන හිටියා. දෙන්නගෙම මූණු කළු වෙලා. එකපාරටම අරවින්ද ඔළුව උස්සලා බලපු වෙලාවේ දසුනි ඒ දිහා බලාගෙන ඉන්නවා දැක්කා. දසුනි ඉක්මණටම ආපහු අවන්ති අක්කා දිහාවට හැරුණා.
"සුපුන් අයියා මොකද කියන්නේ ඉතින්?"
"ඒ බබා සුපුන් වාගෙමයි නංගි. එයාගෙ ඇස් දෙකමයි තියෙන්නේ. ඒකයි මට ඉවසගන්න බැරි වුනේ. ඒත් මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබ්බා සුපුන් වැරැද්දක් කරලා නැතුව ඇති කියලා. ඒ වෙන බබෙක් වෙන්න ඇති කියලා. මං ඊයෙ රෑ එයත් එක්ක කතා කළා මේ ගැන. මං සමන්තාව හම්බ වෙච්ච බවයි, අපි කතා කරපු දේවලුයි, පුතා ගැනයි ඒ ඔක්කොම කිව්වා. ඊට පස්සෙ එයාගෙන් මං ඇහැව්වා මොකද්ද ඇත්ත කියලා. එයා වැරැද්ද පිළිගත්තා නංගි. එයා... සමන්තා එක්ක..." ඊලඟට අවන්ති ඔළුව හයියෙන් දෙපැත්තට වැනුවා. "ඔයා තාම පොඩියි නංගි, ඔයාට මේවා තේරෙන්නෙ නෑ."
දසුනි මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව බලාගෙන හිටියා. ඒත් එයාට අවන්ති අක්කා කියපු දේවල් තේරුණේ නැත්තෙ නෑ. "ඒ කියන්නේ ඒ බබා සුපුන් අයියගෙද?"
අවන්ති ආයෙමත් ඔළුව දෙපැත්තට වැනුවා. "දන්නෙ නෑ. සුපුන් දන්නෙත් නෑ. ඒ ගැන සමන්තා මුකුත් කිව්වෙත් නෑ. මම ඇහැව්වෙත් නෑ. සුපුන් දැනගෙන ඉඳලත් නෑ සමන්තාට බබෙක් ඉන්න බව. ඒත් නංගි-" අවන්ති ලොකු හුස්මක් ගත්තා. "ඒ බබා සුපුන් වාගේ. වයස අවුරුදු හතරක් විතර වගේ. ඉතිං එතකොට? ඒක වෙන්න බැරි නෑනේ?"
ලොකු හුස්මක් හෙලපු දසුනි ටිකක් වෙලා කල්පනා කළා. "ඉතින් අක්කි මොකද කරන්න හිතුවේ දැන්?"
"මං දන් නෑ නංගි. මට මුකුත් හිතෙන්නෙ නෑ. මට හැමදේම එපා වුනා. පව් මගෙ අම්මයි තාත්තයි."
දසුනි අවන්ති අක්කාගේ අත මිරිකුවා. එයාගෙ හිත හැදෙන විදිහට කියන්න පුළුවන් මොනවගේ දෙයක්ද කියලා දසුනිට හිතාගන්න බෑ. "අක්කිට මොනවද කරන්න ඕනේ?"
"මං දන් නෑ."
"සුපුන් අයියට සමාව දෙන්න අක්කිට බැරි වෙයිද?"
අවන්ති ඔළුව උස්සලා දසුනි දිහා බැලුවා. ඊලඟට ආයෙත් බිම බලාගත්තා. "පුළුවන්නම් මම එහෙම කරනවා. ඒත් සුපුන් හින්දා ඉපදිච්ච දරුවෙක් මේ ලෝකෙ ඉන්දැද්දි, ඒ දරුවා එක්ක ඒ අම්මා තනියම ඉන්දැද්දි මම කොහොමද නංගි සුපුන් එක්ක සතුටෙන් ඉන්නෙ?"
"ඉතින් අපි හරියටම දන්නෙ නෑනේ ඒ බබා සුපුන් අයියගෙමද කියලා?"
"එහෙම නොවෙන්න හේතුවක් නෑ. සමන්තා තාමත් ආදරේ සුපුන්ට. අනික ඒ අවුරුදු හතරකට කළින් ඉපදිච්ච බබෙක්. ඒ වෙන කාගෙවත් බබෙක් වෙන්න බෑ. අනික ඒ දෙන්නා අතර එහෙම දෙයක් වෙච්ච බව සුපුන්ම පිළිගත්තනේ." අවන්ති අක්කා කතා කළෙත් ඔළුව දෙපැත්තට වන වන.
දසුනි ආයෙමත් කතා කරන්න කට ඇරියත් ඒ වෙලාවේදී එතනට සුපුනුයි අරවින්දයි ආවා. "අවන්ති," අරවින්ද අයියා කතා කළා.
අවන්ති අක්කා ඒ දෙන්නා දිහා බැලුවෙවත් නෑ. "යාළුවාගෙ වැඩ ගැන ඔයාවත් දැනගෙන හිටියෙ නැද්ද අරවින්ද? ඇයි එයාට මේ විදිහට මාව රවට්ටන්න දුන්නෙ?"
අරවින්ද අයියා ඒ ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑනේ, දසුනි හිතුවේ එයා ඒ ගැන කියයි කියලා. ඒත් ඒ වෙනුවට එයා දුන්නේ දසුනිට කේන්ති යන විදිහේ උත්තරයක්: "සුපුන් හිතා මතා ඔයාව රැවැට්ටුවේ නෑනේ අවන්ති. එයා ඒ ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා හිටියේ. ඔයානෙ ඊයෙ ගිහින් සමන්තාව හම්බ වෙලා මේ ඔක්කොම අළුත් කරගත්තේ."
දසුනි අරවින්ද දිහා බැලුවේ ඔරවලා. මෙච්චර දුකෙන් ඉන්න අවන්ති අක්කට එයා කොහොමද එහෙම කතා කරන්නේ? "මචං, අවන්තිට සමන්තානේ මුළින් කතා කළේ," සුපුන් අයියත් කතා කළා. "ඒකනේ එයා හම්බවෙන්න ගියේ. ඔහොම කතා කරන්න එපා."
"එයා මට කතා කළත් නැතත්, මං එයාව හම්බවෙන්න ගියත් නැතත් සුපුන් හින්දා එයාට ඉපදිච්ච ළමයෙක් ඉන්නවා කියන එක වෙනසක් වෙන්නෙ නෑනේ?" අවන්ති අක්කා කතා කළේ බිම බලාගෙනම. ඒත් එයාගේ හිතේ තිබ්බ දුකයි කේන්තියයි ඔක්කොම ඒ වචන වල තිබුණා.
"කොහොමද දන්නේ ඒ සුපුන්ගෙම පුතා කියලා? සමන්තා එහෙම කිව්වද?" අරවින්ද අයියා ආයෙමත් ඇහැව්වා.
"නෑ," අවන්ති අක්කා ඔළුව වැනුවා. "ඒත් මේ ඇස් දෙක එහෙමම එයාට තිබ්බා." අවන්ති අක්කා පළවෙනි වතාවට ඔළුව උස්සලා සුපුන් අයියා දිහා බලලා ඇඟිල්ලත් එයාගෙ පැත්තට දික් කරලා කිව්වා.
"අවන්ති, ඔයාට බැරිද සුපුන්ට සමාව දෙන්න?" දසුනි අහපු එකම අරවින්ද අයියත් ඇහැව්වා.
"අරවින්ද හිතනවද මට සුපුන් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් වෙයි කියලා? මේ ඔක්කොම ඇත්ත හිතේ තියෙද්දි?"
"අවන්ති, ඔයාට කැමති තීරණයක් ගන්න. මං විරුද්ධ වෙන්නෙ නෑ." සුපුන් අයියා කිව්වා. දසුනිට නැගිටලා එයාගෙ හොම්බට දෙකක් අනින්න හිතුණා.
"මේ ඕයි," අරවින්ද අයියා කතා කළා. "මං හදන්නේ උඹලා දෙන්නව සමාදාන කරන්න. සමන්තාට ආයෙ උඹලා මැද්දට එන්න දෙන්න එපා. එයාගෙත් එහෙම බලාපොරොත්තුවක් නෑ මට තේරෙන විදිහට. එහෙම නේද අවන්ති? සමන්තාට එහෙම ඕන කමක් තිබ්බෙ නෑනේ?"
අවන්ති අක්කා ඔළුව දෙපැත්තට වැනුවා. "මං කතා කරන්න එනවටවත් එයා මුලදි කැමති වුනේ නෑ."
අරවින්ද අයියා ආපහු සුපුන් අයියා දිහාවට හැරුණා. "ඒකනෙ බං. ඒ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීලා උඹලා දෙන්නා හොඳින් ඉඳපං."
සුපුන් අයියා ඇස් දෙකත් තද කරලා පියාගෙන එක අතකින් නළල අල්ලගෙන කල්පනා කළා. "මට ආයෙ සමන්තා ගැන හිතන්න ඕන කමක් නෑ. ඒත් මට දැනගන්න ඕනේ ඒ මගේ පුතාද කියලා. මං උඹට ඊයෙ කිව්වේ. එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවානං ඒ බව අවන්තිට වගේම මටත් අමතක කරලා දාලා ඉන්න බෑ."
අවන්ති අක්කා ආයෙමත් අඬන්න ගත්තා. දසුනි හිටගෙන එයාවත් නැගිට්ටවගත්තා. ආදරේ කරන එක මෙච්චර අමාරුද? කසාද බඳිද්දි මේ තරං ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවද? එහෙනං මේ ඉන්න විදිහටම ඉන්න එක හොඳයි.
"ඉතිං උඹ මෙච්චර කල් හිටියේ?" අරවින්ද අයියා ආපහු ඇහැව්වා.
"ඒ එහෙම දෙයක් මම දැනගෙන හිටපු නැති නිසා."
අරවින්ද අයියා ඔළුව දෙපැත්තට වන වන කල්පනා කළා. "ඒත් දැන් කොහොමද ඒක හරියට දැනගන්නේ?" ඊලඟට එයා අවන්තියි දසුනියි දිහාවට හැරුණා. "අපි දෙන්නා කතා කළා හොටේල් එකට. ඒගොල්ලෝ ඊයෙ රෑ එහෙන් පිටත් වෙලා. එයාගෙ කන්ටැක්ට් නම්බර් එකක්වත් හොටේල් එකෙන් දුන්නෙ නෑ."
අවන්ති අක්කා ලොකූ හුස්මක් හෙලුවා. "මං ගාව තියෙනවා," එයා බොහොම උදාසීන කටහඬකින් අහක බලාගෙන කිව්වා.
අරවින්දයි සුපුනුයි මූණට මූණ බලාගත්තා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com10tag:blogger.com,1999:blog-8509600443809072602.post-25578450595545545072015-12-01T15:54:00.000+05:302015-12-04T00:30:34.912+05:30සරණ බන්ධන.......6 - ඇමතුම
නිදාගෙන හිටපු අරවින්දගේ ඇස් පියවිලා තියෙද්දිම එක සැරයක් උඩට ගියා. ඊලඟට ඇකිළුනා. ඊටත් තත්පර දෙකකට විතර පස්සේ යාන්තමට ඇරුණා. කට්ට කළුවරයි. ඇඳ ගාව මේසේ උඩ තිබ්බ ෆෝන් එක ඉවරයක් නැතුව දෙදරනවා. ඒ සද්දෙට තමයි නින්ද කැඩිලා තියෙන්නේ. මොන කෙහෙල්මලක්ද මේ... මහ රෑ තිස්සෙ... නිදාගන්නවත් නෑ... මේසේ උඩට අත දික් කරලා ෆෝන් එක දිහා බලන්නෙවත් නැතුව කට් කරලා දාපු අරවින්ද මුණින් අතට හැරිලා හොඳට හරිබරි ගැහිලා කොට්ටෙන් ඔළුව තියාගත්තා. චිඃ! කොහෙ නිදාගන්නද? ආපහු සැරයක් බර්..ර්..ර්.. බර්..ර්..ර්.. ගගා දෙදරන්න ගත්තා. දන්න කුණුහරප ඔක්කොම මතක් කරගෙන අත දික් කරලා ෆෝන් එක අරගත්ත අරවින්ද ඇස් දෙක පියාගෙනම කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තා. හෙලෝ කියන්නවත් බැරි තරමට එයාට නිදිමතයි. "මචං." එහාපැත්තෙන් කටහඬක් ඇහුණා. ඒත් ඒ කවුද කියලා අඳුනගන්න බාගෙට ඇහැරිලා හිටපු අරවින්දට බෑ. "මොකාද යකෝ?" එයා හීනෙංම ඇහැව්වා. "මචං මම සුපුන්." සුපුන්... ඇයි යකෝ කසාද බැඳලා ගිය එකා නේද මේ අද? මේ රෑ තිස්සෙ වෙන වැඩක් නැතුවද ඌට... තත්පර ගාණක් යනකල් අරවින්ද සුපුන්ට හීනෙන්ම බැන්නා. දසුනි... එයාගෙ ලස්සන අද! ඔසරියට කෙල්ලො හැඩයි කියන්නේ ඇත්ත තමයි... අපේ වෙඩිං එකටත් දසුනිට ඔසරියම අඳින්න කියන්න ඕනේ... සුපුන්ට හීනෙන් බණින අතරේ අරවින්දට දසුනිවත් මතක් වෙනවා. මාල හත දාලා, තැල්ල තියලා... එතකොට මං? හප්පා අර නිළමෙ ඇඳුමනං ආයෙ අඳින්න බෑ... හදිසියකට මොකවත් කරගන්න බෑ...
"අරවින්ද උඹ නිදිද බං? නැගිටපංකෝ..."
අරවින්ද ඇහැරුණා. අතෙන් ලිස්සලා යන්න ඔන්න මෙන්න තිබ්බ ෆෝන් එක හරියට අල්ලගෙන අරවින්ද උඩ අතට හැරුණා. "අඩේ සොරි බං. මොකෝ මේ හදිසියෙ? අවන්ති ආයෙ අන්තරස්දාන වුනාද?"
"එයා ඉන්නවා. කොහෙවත් ගියෙ නෑ."
ඊලඟට දෙපැත්තෙන්ම සද්දයක් නැතුව තත්පර ගාණක් ගෙවිලා ගියා. හීනෙන් හිතට ආපු දසුනි තාමත් අරවින්දගේ හිතේ හොල්මන් කරනවා. අඳුනගත්ත දවසෙ ඉඳලම වෙනසක් හිතට දැනුණත් දසුනි එක්ක කොහොමහරි යාළු වෙන්න ඕනෙමයි කියලා අරවින්ද තීරණය කළේ එදා දවල්. ලිෆ්ට් එකේ මුල්ලක හිර වෙලා බිම බලාගෙන හිටපු දසුනි කට කොණට ඇවිත් තිබුණ හිනාව හංගගන්න හදන හැටි දැකපු වෙලාවේ.
"සොරි බං මේ රෑ කරදර කරනවට."
අරවින්දගේ පියවීගෙන ආපු ඇස් දෙක ආයෙ ඇරුණා. "ඇපොලොජි ඇක්සෙප්ටඩ්. කියපං දැං මොකද වෙලා තියෙන්නේ? අවන්ති උඹට තහනං නියෝග දැම්මද?" කටට ආපු නෝණ්ඩි හිනාව අරවින්දට නවත්තගන්නම බැරි වුනා. "උඹට උපදෙසක් ගන්න ඕනෙනං බැඳපු එකෙක්ගෙන් අහපං, මට කතා කරලා වැඩක් තියේයැ? අනික-"
"විකාර නැතුව මේ අහපං අරවින්ද."
සුපුන්ගේ කටහඬේ වෙනස අරවින්දට දැනුණේ ඒ වෙලාවෙයි. එයා කට පියාගත්තා. නිදි මත එහෙම පිටින්ම එලවලා දැම්මා. "කියපං."
"සමන්තා..." සුපුන්ගේ කටහඬ ඇහෙන නෑහෙන ගාණට ඇහුනේ. "සමන්තාට පුතෙක් ඉන්නවා බං..."
සමන්තා? ඒ කවුද? අරවින්දට මතකයක් නෑ. "කවුද බං සමන්තා කියන්නේ?" එහා පැත්තෙන් ඇහුණේ සුපුන්ගේ බර හුස්මක හඬ විතරයි. ඒ වෙලාවේ අරවින්දට මතක් වුනා. සුපුන්ගේ ප්‍රථම ප්‍රේමය. ඒ සම්බන්ධෙ පටන්ගත්තේ අරවින්ද රට යන්න කිට්ටුව. ඉන් පස්සේ වැඩි ආරංචියක් නැතුව ගෙවිලා ගිය අවුරුදු දෙකහමාරකට පස්සේ අරවින්දට ආරංචි වුනේ ඒ සම්බන්ධය නතර වෙච්ච බව. ඒ මීට අවුරුදු හතරකට කළිං. "එයා මෙහෙන් යන්න ගියා බං. අපේ ගෙදරිනුත් ඒකට කැමති නෑ." සුපුන් ඒ ගැන කිව්වෙ එච්චරයි. ඉන් පස්සේ එහෙම ගෑණු ළමයෙක් ගැන සුපුන් ආයෙ කතා කළෙත් නෑ, අරවින්ද අහන්න ගියෙත් නෑ. මේ වෙනකල්ම. මේ කියන්නේ ඒ සමන්තා ගැනමද? "උඹ ඒ දවස් වල යාළු වෙලා හිටියෙ?"
"ඔව් බං එයා තමයි. එයාට පුතෙක් ඉන්නවලු," සුපුන් ආයෙමත් කිව්වා.
සුපුන් ඉන්නේ ලොකු කම්පනයක බව ඒ කටහඬෙන් අරවින්දට තේරුණා. ඒත් වෙන් වෙලා අවුරුදු හතරකට පස්සේ, මේ කසාද බැඳපු දා රෑ තිස්සේ මේ තරං ලොකු කම්පනයකින් මේකා ඒ ගැන කතා කරන්නේ මොන එහෙකටද? "ඉතිං ඒ ළමයා බඳින්න ඇති. දැං ඔය උඹත් බැන්දේ? අනික මේ හදිසියෙ මොන කෙහෙල්මකටද උඹ ඔය ගැන කතා කරන්නේ? ඊටත් මේ අද? මේ වෙලාවේ?"
"නෑ බං, එයා බැඳලා නෑ..." ආයෙමත් සුපුන් හීල්ලුවා.
"උඹ කොහොමද දන්නේ?"
තත්පරයක්... දෙකක්... තුනක්... සද්දයක් නැතුව ගෙවිලා ගියා. "අවන්තිට එයාව හම්බවෙලා. අද දවල් අවන්ති ගිහින් තියෙන්නේ එයාව හම්බවෙන්න. සමන්තා ඉඳලා තියෙන්නේ අපේ වෙඩිං එක තිබ්බ හොටේල් එකේමයි." සුපුන් කියාගෙන ගියා.
"නෑ? ඒ කියන්නේ එයා ආපහු ලංකාවට ඇවිල්ලද?"
"නිවාඩුවකට ඇවිත්. මගේ වෙඩිං එක කියලා අහම්බෙන් දැනගෙන තියෙන්නේ. දවල් අර උඹ දැක්කයි කිව්වේ අවන්තිට කෝල් එකක් ආවා කියලා මං සින්දු කියන වෙලාවේ. ඒ සමන්තා."
"එයා මොන එහෙකටද අවන්තිට කතා කරලා තියෙන්නේ?" අරවින්දට කේන්ති ගියා. මේ ගෑණි හදන්නේ මේ කසාදේ කඩලා දාන්නද.
"විශ් කරන්න. පස්සෙ අවන්ති එයාව හම්බවෙන්නත් ගිහිල්ලා. එතකොට තමයි බං දැකලා තියෙන්නේ..." සුපුන් කතා කළේ නහයෙන් අඬනවා වාගේ.
"මොකද්ද?"
"පුතාව."
අරවින්දගේ හිතට එච්චර වෙලා හිතුණේම නැති හිතුවිල්ලක් ඇතුළු වුනා. එයා ඇඳ උඩ කෙළින් වෙලා ඉඳගත්තා. "සු-පු-න්..." එයා සුපුන්ගේ නම කිව්වේ බොහොම අවධාරණාත්මක හඬකින්. ඊලඟට එයා පොල්ලෙන් ගහන්නා වාගේ හිතට ආපු ප්‍රශ්නෙ ඇහැව්වා. "සමන්තාගේ පුතා උඹෙද?"
සුපුන් කතා කළේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ. "මං හරියට දන්නෙ නෑ බං. එයාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා එයා මට කිව්වෙ නෑ යන්න කළින්."
"හැබැයි ඒ උඹේ ළමයා වෙන්න ඉඩ තියෙනවා? එහෙමද?"
සුපුන්ගේ කටහඬ ඇහුණේ ඇහෙන නෑහෙන ගාණට. "ඔව්..." ඊලඟට ආයෙමත් ලොකු හුස්මක්.
අරවින්දටත් මොනවා කියන්නද කියලා එකපාරට හිතාගන්න බැරි වුනා. මේක ෆෝන් එකෙන් කතා කරලා හරි යන්නෙ නෑ. මෙච්චර දේවල් වෙලා මූ මට නිකංවත් කිව්වෙ නෑනේ. "අවන්ති මොකද කියන්නේ? එයා දැක්කේ සමන්තාගෙම පුතාව කියලා එයාට ෂුවර්ද?"
"ඔව් බං. අම්මා කියලා සමන්තාට කතා කරලා තියෙන්නේ. අවුරුදු හතරක් විතර පොඩි එකෙක්ලු. ඔක්කොටෝම වඩා අවන්තිට අවුල් ගිහින් තියෙන්නේ-" ආයෙමත් සුපුන් ලොකු හුස්මක් හෙලනවා ඇහුණා, "-ඒ පොඩි එකාගේ ඇස් දෙක දැකලා."
"ඒ මොකද?"
"ඒ ඇස් මගෙ වගේලු බං."
සුපුන්ට තිබුණේ කෙල්ලෝ වහ වැටෙන ජාතියේ ඇස් දෙකක්, ඒ බව අරවින්ද දන්නවා. පොඩි එකාගේ වයසත් එක්ක, සුපුන්ගේ පාපොච්ඡාරණය ගැලපුවාම ඒ සුපුන්ගේ පුතා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. "උඹ අවන්තිට ඇත්ත කිව්වද?"
"එයා ඒ ඔක්කොම කියලා මගෙං ඇත්ත මොකද්ද කියලා ඇහැව්වට පස්සේ මං කොහොමද බං බොරු කියන්නේ?"
"මෝඩයා. දැම්ම නොකියා ඉන්නයි තිබුණේ. පව්නේ බං. ඒ කෙල්ලගේ මගුල් දවස අද."
"එයාට ඇත්තම දැනගන්න ඕනේ කිව්වා අරවින්ද. අද මගුල් දවස හින්දම." අරවින්ද යාළුවාට ඇහුම් කන් දීගෙන හිටියේ ඔළුව දෙපැත්තට වන වන. "ඇත්ත කිව්වට පස්සේ එයා උඹ කිව්වා වගේම මට තහනං නියෝග දැම්මා."
අරවින්ද ලොකු හුස්මක් අරන් පිට කළා. ප්‍රශ්නේ සෑහෙන්න බැරෑරුම්. "දැන් කෝ අවන්ති?"
"කාමරේ නිදි. රෑට කෑවෙත් නෑ."
"උඹ කොහෙද ඉන්නෙ?"
"බැල්කනියෙ."
අරවින්ද ටිකක් වෙලා කල්පනා කළා. "උඹලා කඩුවෙල ගෙස්ට් හවුස් එකේ නේද ඉන්නේ? හෙටනේ කැන්ඩි යනවා කිව්වේ?"
"ඔව්. මං දන් නෑ හෙට මොනවයින් මොනවා වෙයිද කියලා බං. කැන්ඩි යන්න බෑ කියයි අවන්ති ෂුවර් එකටම. කසාදෙ එපා කියලා ගෙදර යයිද මන්දා බං."
"හරි. උඹ ඕවා හිතන්න එපා මේ වෙලාවේ. මං හෙට උදෙන්ම එන්නං. අපි හෙට කතා කරමු. හරිද?"
"මචං..." සුපුන්ගේ කටහඬේ පිරිලා තිබ්බේ කණ්ණලව්වක්. "මට සමන්තාව හම්බවෙන්න ඕනේ..."
අරවින්දට කේන්ති ගියා. "ඒ මොන එහෙකටද? උඹ කසාද බැන්දේ අවන්තිව!"
"ඒ වුනාට බං ඒ මගේ පුතානං?"
"එහෙමයි කියලා උඹ ආයෙ අවන්තිව අත ඇරලා සමන්තාව බැඳගන්නද?"
"මට අඩුගානේ ඒගොල්ලෝ ගැන හොයලා බලන්නවත්-"
"සුපුන් මේ! උඹ හදන්නේ පවුල් දෙකක් නඩත්තු කරන්නද?"
"තේරුම් ගණිං බං මාව පොඩ්ඩක්. මෙච්චර කල් මම දැනගෙන හිටියෙ නෑ සමන්තාට පුතෙක් ඉන්නවා කියලා. එහෙම දෙයක් දැනගෙන හිටියනං මං එයාව එහෙම තනි කරන්නෙ නෑ..."
අරවින්ද ඇස් දෙක පියාගෙන නළලත් රැළි කරගත්තා. "උඹ මට කිව්වේ එයා උඹව දාලා ගියා කියලනේ?"
"ඒ මං එයාව මග අරින්න ගත්ත හින්දා වෙන්න ඇති බං. එයාට මාව එපා වෙන විදිහට මං වැඩ කරපු හින්දා වෙන්න ඇති. අපේ අම්මලා සමන්තාට කැමති වුනේම නෑ අරවින්ද. මට ඒ කාලේ ජීවිතෙත් එක්ක තිත්ත වෙලා තිබ්බේ. මං උඹට ඔය මොකවත් කිව්වෙ නෑ. මට අම්මලත් එපා වෙලා, එයාවත් එපා වෙලා මාවත් එපා වෙලා හිටියෙ. මං ඒ කාලේ බිව්ව තරම උඹ දැකලා නෑ. එහෙම බීලා හිටිය දවසක තමයි බං ඒකත් සිද්ද වුනේ."
අරවින්දට සුපුන් ගැන කේන්තියක් එක්ක දුකකුත් දැනුණා. "උඹට මොනවද දැන් කරන්න ඕනේ?"
"මට - මට - දැනගන්න ඕනේ ඒ මගේ පුතාද කියලා."
"දැනගෙන?"
"ඒ මගේ දරුවනං මට එයා ගැන හොයලා බලන්න, එයා වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ."
"උඹට හිතෙන්නෙ නැද්ද ඊට වඩා ඒගොල්ලන්ට ඒ ගොල්ලන්ගෙ පාඩුවේ ඉන්න දුන්නනං හොඳයි කියලා. දැං අවුරුදු හතරක් විතර සමන්තා තනියම එයාව හදාගෙන තියෙනවනේ. ඊටත් එතකොට අවන්ති?"
"අවන්තිටත් මාව එපානං මං එයාට ගෙදර යන්න දෙනවා. ඒක මොකක් වුනත් මට මේ ගැන දැනගන්නම ඕනෙ බං. මට සමන්තා එක්ක කතා කරන්න ඕනේ."
"සමන්තා තාම හොටේල් එකේ ඇති නේද? මං උඹලව හම්බවෙන්න කළිං උදේට ගිහිං එයාව හම්බවෙලා එන්නං?"
"නෑ බං. අවන්ති කිව්වා ඒගොල්ලෝ ඊයෙ හවස ආපහු යනවා කිව්වා කියලා."
"ඉතිං මොකද කරන්නේ?"
"මං දන්නෙ නෑ බං..."
කොණ්ඩෙත් අවුල් කරගෙන පිස්සෙක් වගේ බැල්කනියේ පුටුවක් උඩට වෙලා ඉන්න සුපුන්ව අරවින්දට හිතේ මැවිලා පෙනුණා. "මං කියන්නද? උඹ දැන් නිදාගනිං. කාමරේ බැරිනං ඔතන පුටුවක් උඩ හරි නිදාගනිං. මං උදේම එන්නං. සමහරවිට උදේ වෙද්දි අවන්තිගේ හිත හැදිලා තියෙන්නත් පුළුවං."
"එතකොට මචං මගෙ කොල්ලා..."
"හරි බං. අපි උදේට කතා කරමු. මෙහෙම කතා කළා කියලා අපිට විසඳුමක් හොයාගන්න බෑනේ."
"උඹ හෙට උදෙන්ම එනවද?"
"ඔව්. නවය වෙද්දි ඔතන."
"ෂුවර්නෙ?"
"ෂුවර්."
"තැන්ක් යූ සෝ මච් මචං."
"නෝ ප්‍රොබ්ලම්." අරවින්ද ෆෝන් එක කනෙන් ඈත් කරලා වෙලාව බැලුවා. "යකෝ, පාන්දර හතරත් වෙලා. මේ, ඉතිරි පැය දෙක තුන හරි මට නිදාගන්න දියං." සුපුන්ට තව මොනවත් කියන්න ඉඩක් ලැබෙන්න කළින්ම අරවින්ද ෆෝන් එක කට් කළා. ඊලඟට ලොකු හුස්මක් අරගෙන ඇස් දෙක පියාගෙන කොට්ටෙ උඩට කඩන් වැටුණා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com10tag:blogger.com,1999:blog-8509600443809072602.post-32803181857887228522015-04-28T10:47:00.000+05:302015-04-28T10:55:47.011+05:30සරණ බන්ධන..........5 - අනෝරා වැසිඅවන්ති එක්ක කතා කළාට පස්සේ සමන්තාගේ හිතට බලාපොරොත්තු නොවිච්ච විදිහේ සැනසීමක් ලැබුණා. අවන්ති සමන්තා හිතාගෙන හිටියා වගේ කෙනෙක් නෙවෙයි. සුපුන් කවදාවත් අවන්ති වගේ කෙනෙකුට කැමති වෙයි කියලා සමන්තා හිතුවේ නෑ.
සමන්තා දැනගෙන හිටපු සුපුන් දඟකාර, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති සමන්තාටයි ආදරේ කළේ. ඒත් ඒ මීට අවුරුදු ගාණකට ඉස්සර. සමන්තා ගැන සුපුන්ගේ ගෙදරින් දැනගත්තට පස්සේ, හරියටම කිව්වොත් සමන්තාගේ පවුලේ විස්තර සුපුන්ගේ ගෙදරින් දැනගත්තට පස්සේ ඒ දෙන්නගේ ආදරේට තහංචි වැටුනා. මුලදී සුපුන් ඒ තහංචි ගණන් නොගෙන හිටියත් ටිකෙන් ටික සුපුන්ගේ සැහැල්ලු ගතිපැවතුම් වෙනස් වේගෙන එන හැටි සමන්තාට දැනුණා. සමන්තාත් තමන්ගේ අම්මා තාත්තාත් අතර සුපුන් ලොකු පීඩනයකට මැදි වෙලා ඉන්න බව සමන්තාට ටිකෙන් ටික තේරුණා. කළින් ඉඳ හිටලා විතරක් බීපු සුපුන් හැමදාම මහ රෑ වෙනකල් බාර් එකේ කාලේ ගත කරන්න පටන්ගත්තා. කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමටත් වඩා ඒ පීඩනය හුඟක් දරදඬු වුනා. අන්තිමට සමන්තා තීරණයක් ගත්තා. ඒ සුපුන්ගේම හොඳට. සමන්තා ලංකාවෙන් පිට වෙලා අම්මා ලඟට ගියා, නෙදර්ලන්තෙට. සමන්තා සුපුන්ගෙන් ඈත් වෙච්ච බව අහලා අම්මා ගොඩාක් වෙලා එයා දිහා බලාගෙන හිටියා. ඊලඟට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අම්මා එච්චර කල් සමන්තාගෙන් රහසක් විදිහට හංගගෙන හිටිය කතාව සමන්තාට කිව්වා.
දෛවයේ සරදම් ගැන කතා කොයිතරම් අහලා කියවලා තිබ්බත් තමන්ගේ කතාවත් ඒ වගේ එකක් වෙයි කියලා සමන්තාට කවදාවත් හිතුණේ නෑ. ඒත්, අවුරුදු ගාණකට කළින් සමන්තාගේ අම්මාටත් ඒ වාගේම තීරණයක් ගන්න සිද්ද වුනු බව දැනගත්තට පස්සේ සමන්තාට මුළු ලෝකේ ගැනම මහා කළකිරීමක් දැනුණා. සමන්තා අම්මා ලඟට ඇවිත් බව අම්මා දැනගෙන තියෙන්නෙත් ඒ තීරණය අරගෙන සති කීපයක් ගත වුනාට පස්සේ. ඒත් එතකොට ආපහු හැරෙන්න පරක්කු වැඩියි. එයාගෙ අම්මා එයාට වඩා දස දහස් ගුණයක වේදනාවක් විඳින්න ඇති බව සමන්තා තේරුම් ගත්තා. වෙන කෙනෙක් වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න ඇත්තටම හරිම උදාර හදවතක් තියෙන්න ඕනේ. ඒත් කොයි තරම් උදාර හදවතකට වුනත් දැනෙන වේදනාව දරාගන්න හුඟක් අමාරුයි. සමන්තා ඒ වේදනාවෙන් මාස ගානක් දුක් වින්දා. ආයෙමත් සුපුන්ව හොයාගෙන යන්න එයාට හිතුණ වාර අනන්තයි. ඒත් සමන්තා හිත තද කරගෙන හිටියා.
අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ඇවිත් නතර වුණු හෝටලේ පල්ලෙහා රිසෙප්ෂන් හෝල් එක ලඟින් මොකද්දෝ වැඩකට යන අතරෙදි හෝල් එකෙන් ඇරුන දොරකින් එළියට ගලාගෙන ආපු සුපුන්ගේ කටහඬින් ගැයුන ආදර ගීතය කන නොවැකෙන්න, හෝල් එකේ දොර ලඟ තිබුණ පුවරුවේ 'Supun Wickramanayeka' කියන නම නොදකින්න ඒ තද කරගත්ත හිත තාමත් ඒ විදිහටම තියෙන්න තිබ්බා.
ඒත්, ඒ දොර ලඟට යන්න හිතුණ සිතුවිල්ලට අවනත වෙච්ච සමන්තා, උත්සවයට ආපු අමුත්තන් එහා මෙහා යන වෙලාවක ආයෙමත් ඇරුණු දොර අතරින් ස්ටේජ් එක උඩ ඉඳන් සින්දු කියන සුපුන්ව දැක්කට පස්සේ එච්චර කාලයක් හිතේ පොදි ගැහිච්ච හැඟීම්, සිතුවිලි එකතු කරලා බැඳලා දාලා තිබ්බ බැමි හැම එකක්ම සුණු විසුණු වෙලා ගියා. නිළමේ ඇඳුමක් ඇඳගෙන හිටියත් ඒ ඉන්නේ සුපුන් බව අඳුරගන්න සමන්තාට අමාරු වුනේ නෑ. දොර ඇරිලා වැහුන තත්පර විස්සක තිහක කාලය ඇතුළත සමන්තා දස දහස් වාරයක් එතනම මැරි මැරී ඉපදුනා. ඉස්සර මූදු වෙරළේ ඔරුවක් උඩ ඉඳගෙන සමන්තාගේ කරට අතක් දාගෙන තුරුළු කරගෙන සුපුන් මේ සින්දුව මුමුණනවා සමන්තාට ඇහෙන්න. ඒක තමයි සමන්තාගේ ආසම සින්දුව. ඉස්සර. සුපුන්ගෙන් ඈත් වෙන්න තීරණය කළාට පස්සේ සමන්තා ඒ සින්දුව බැරි වෙලාවත් ඇහෙන්න කන් දෙකට ඉඩක් දුන්නෙ නෑ. සමන්තාගේ ඇස් ආයෙමත් දොර ලඟ තිබ්බ පුවරුව වෙත ගියා. 'Avanthi Deraniyagala'. සුපුන්ගේ නමත් එක්ක තිබ්බ අනිත් නම. සමන්තාට ඒ නමේ අයිතිකාරිවත් දැකගන්න ඕන වුනා. සුපුන්ගේ අම්මලා සුපුන්ව සමන්තාගෙන් හොරකම් කරගෙන බාර දුන්නේ කාටද කියලා දැනගන්න සමන්තාට ඕන වුනා. ඉක්මණින්ම ආයෙමත් දොර ඇරුනත් මනමාලි ඉන්න තැන එතනට පෙනුනේ නෑ. ටිකක් වෙලා කල්පනා කරපු සමන්තා ඒ ලඟම තිබ්බ රිසෙප්ෂන් එකට ගියා. මේ විවාහය තමන්ගේ මිතුරු දෙපලකගේ බවත්, දිගු කාලයක් විදෙස්ගතව සිටි නිසා ඒ මිතුදම දුරස් වුන බවත්, තමා ඔවුනට සුභ පතන්නට කැමති බවත්, හැඳ සිටින ඇඳුමින් ශාලාව තුළට යන්නට බැරි බවත් සමන්තා පිළිගැනීමේ නිලධාරිනියට කිව්වා. විදෙස් සංචාරකයින්ට හැකි උපරිමයෙන් සේවය කිරීමට සැදී පැහැදී සිටින හෝටල් කාර්ය මණ්ඩලයෙන් සමන්තාට ඉක්මණින්ම විසඳුමක් ලැබුණා. රිසෙප්ෂන් එකේ දුරකතනයකට සම්බන්ධ වෙච්ච අභ්‍යන්තර ජංගම දුරකථනයක් අරගෙන කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝල් එක ඇතුලට ගියා. සමන්තා රිසීවර් එක කනේ තියාගෙන හිටියේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙද්දි. ඒත් අවන්ති එක්ක මොනවා කතා කරන්නද කියලා එයා ඒ වෙද්දිත් දැනං හිටියේ නෑ.
"හෙලෝ?"
සමන්තාට එක පාරටම ෆෝන් එක තියන්න හිතුණා. කටහඬ ලස්සනයි. එයත් ලස්සන ඇති.
"හෙලෝ?"
කතා කරන්න ඕනේ කියලා සමන්තා හිතුවා. "හෙලෝ, අවන්ති?"
"යස්, ස්පීකින්ග්?"
"මම සමන්තා..." එයා සමන්තා ගැන දන්නවා ඇතිද? සුපුන් එයාට සමන්තා ගැන කියලා ඇතිද?
"ඔහ්!" ඒ ප්‍රතිචාරය අනුව සමන්තාට කළින් හිතට ආපු ප්‍රශ්න වලට උත්තර ලැබුණා.
"කන්ග්‍රැජුලේෂන්ස්!" හදවත යට කරගෙන කෝච්චියක් ඇදීගෙන යද්දි සමන්තා කිව්වා.
"තැ-තැන්ක් යූ." අවන්තිගේ කටහඬ ඇහුණේ යාන්තමින්. දුරකතනය අතරිනුත් ගලාගෙන ආවේ සුපුන්ගේ ගායන හඬ. තවත් සින්දුවක්.
"මං අහම්බෙන් දැක්කෙ අද ඔයාලගෙ වෙඩිං එක කියලා. මං මෙහෙ නතර වෙලා ඉන්නේ." එච්චර විස්තර මොකටද සමන්තා අවන්තිට කියන්නේ? සමන්තා දන්නෙත් නෑ ඒකට හේතුව.
"මේ හොටේල් එකේ?"
"ඔව්."
ටිකක් වෙලා දෙපැත්තෙන්ම සද්දයක් නැතුව ගත වුනා. සමන්තාට ෆෝන් එක තියන්න කළින් තව එක දෙයක් කියන්න ඉතුරු වෙලා තිබුණා. සුපුන්ව පරිස්සමෙන් බලාගන්න කියලා. ඒත් ඒ වෙනුවට සමන්තාගේ කටින් පිට වුනේ වෙන දෙයක්.
"සුපුන් ලස්සනට සිං කරනවා නේද?"
"ම්හ්?"
සමන්තා මේ කතා කරන දේවල් අවන්තිට දරාගන්න අමාරු ඇති බව - මේ මගුල් දවසේ කිසිම පෙර දැනුම්දීමක් නැතුව මනමාලයාගේ හිටපු ආදරවන්තිය මනමාලිට කතා කරනකොට ඇති වෙන්න පුළුවන් හැඟීම් දරාගන්න අමාරු ඇති බව - සමන්තාට නොතේරුණා නෙවෙයි. ඒත් එයාටත් නොදැනීම එයාගේ යටි හිත අවන්තිව අපහසුවට පත් කරලා සියුම් සතුටක් ලබනවදෝ කියලා සමන්තාට හිතුණා. ඒක නතර කරගන්න පුළුවන් හොඳම විදිහ මේ කතාව ඉක්මණට ඉවර කරලා ෆෝන් එක තියන එක. ඒත් -
"ඔයා ඇයි එයත් එක්ක සිං කරන්නෙ නැත්තේ? එයා මං සිං කරනවා අහන්නනං හරිම ආසයි." කියන්න හිතකවත් තිබ්බේ නැති වචන පේළියක් කටින් පිටවුනාට පස්සේ සමන්තා අතින් කට වහගත්තා.
සුපුන්ව දැක්කාට පස්සේ බැමි කැඩිලා විසිරිලා ගිහින් තිබ්බ යටි හිත එයාව පාලනය කරන්න හදන බව සමන්තාට තේරුණා. ඉක්මණටම ෆෝන් එක තියන්න ඕන බව සමන්තා තීරණය කළා. ඒත් එයා ඒ ගැන කියන්න කළින් අවන්ති කතා කළා.
"ඔයා සුපුන් ගැන ඔහොම කතා කරන්නේ ඇයි? එයා ඔයාව අමතක කරලා ඉන්නේ." අවන්තිගෙ කටහඬ හැඬුම්බරයි. ඒත් ඒ වචන, කොච්චර ඇත්ත බව දැනන් හිටියා වුණත්, ඒ වචන අවන්තිගේ කටින් ඇහෙද්දි, සුපුන්ව සමන්තාගෙන් හොරකම් කරපු අවන්තිගේ කටින් ඇහෙද්දි සමන්තාට කේන්ති ගියා.
"ඒ ඔයා හිතං ඉන්න හැටි!" ඒක කිව්වේ සමන්තාගේ යටි හිතයි උඩු හිතයි දෙකම එකතු වෙලා. ඇත්තටම සුපුන් සමන්තාව අමතක කරලාද? සමන්තා දන්නෙ නෑ ඒකට උත්තරේ. "ඔයාට මං ගැන සුපුන් කියලා ඇත්තේ බාගෙට!"
ආයෙමත් තත්පර කීපයක නිහැඬියාවක්.
"සමන්තා, මට ඔයාව හම්බවෙන්න ඕනෙ."
අවන්ති එකපාරටම කරපු ඒ ඉල්ලීම සමන්තා කොහොමටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. "ඒක කරන්න බෑ."
"ප්ලීස් සමන්තා, මට ඔයා ඉන්න තැන කියන්න, මං එන්නං."
"බෑ." සමන්තා ඇත්තටම කලබල වුනා. අවන්තිව මුණගැහිලා කතා කළොත් තමන්ගේ කටින් තවත් එයාගෙ හිත රිදෙන දේවල් කියවෙන්න පුළුවන් බව සමන්තාට හිතුණා. "මං ෆෝන් එක තියනවා. සුපුන්ව-"
"අනේ සමන්තා, ප්ලීස්. මට ඔයාව හම්බවෙන්න ඉඩ දෙන්න. සුපුන් මට ඔයා ගැන කිව්වේ බාගෙට තමයි. සමන්තා කියලා කෙනෙක් එක්ක එයා යාළු වෙලා හිටියා කියලා විතරයි මම දන්නේ. මට ඉතුරු ටික ඔයාගෙන්වත් දැනගන්න ඕනේ. අනේ සමන්තා, ප්ලීස්!"
මේ කෙල්ලට පිස්සුද මන්දා, සමන්තාට හිතුණා. මේ අද එයාගෙ වෙඩින් එක දවසේ මේ මොනවද කරන්න හදන්නේ.
ඒත්, සුපුන්ගෙ ආදරේ කියන්නේ කෙල්ලෙක්ව පිස්සු වට්ටන්න පුළුවන් දෙයක් කියලා සමන්තා දන්නවා. එයා කතා කරපු දේවල් නිසාත් අවන්ති තව අවුල් වෙන්න ඇති. ඒවා විසඳගන්න සමන්තා උදව් කළේ නැත්තන් අවන්තිගේ හිතට සැනසීමක් ලැබෙන එකක් නැති වෙයි. අවන්ති දැන් සුපුන්ගෙ වයිෆ්. අවන්ති සතුටින් හිටියෙ නැත්තං සුපුන්ටත් සතුටක් නැති වෙයි.
"ඕකේ දෙන්, පස් වෙනි තට්ටුවෙ ලොබී එකට එන්න. ඇවිත් 07xxxxxxxx නම්බර් එකට කෝල් එකක් දෙන්න." සමන්තා තව මුකුත්ම කියන්නෙ නැතුව ෆෝන් එක තිබ්බා. ඊටපස්සේ රිසෙප්ෂන් ටේබල් එකේ ස්ටාෆ් එකට තෑන්ක්ස් කරලා කෙලින්ම ගියේ පස් වෙනි තට්ටුවට.
අවන්ති කිව්වා වගේම සමන්තාව හම්බවෙන්න ආවා. අවන්ති ලස්සනයි. මනමාලියෙක් විදිහට ඇඳලා ඉන්න හින්දා තවත් ලස්සනයි. හීන්දෑරියි. පුදුමයි, සුපුන් කැමති ටිකක් මහත ගෑණු ළමයින්ට. සමන්තා වගේ. ඒත් ඒ මීට අවුරුදු කීපයකට ඉස්සර. අවන්තිට ඉඳගන්න පුටුවක් පෙන්නපු සමන්තාත් තව පුටුවකින් වාඩි වුනා. "ඉතිං ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වෙ?" සමන්තා කෙළින්ම අවන්ති දිහා බලාගෙන ඇහැව්වා.
"මට කියන්න, ඔයයි සුපුනුයි ගැන." අවන්ති හෙමීට වචන ගලපමින් කිව්වා.
"සුපුන් මොනවද අපි දෙන්නා ගැන කියලා තියෙන්නේ ඔයාට?"
"ඔයා එක්ක යාළු වෙලා හිටපු බව විතරයි."
සමන්තාට එක පාරටම හිතුණේ අවන්තිගේ හිත බිඳිලා යන විදිහේ කතාන්දර ගොඩාක් කියන්න. එයාට සුපුන්ව එපා වෙන විදිහේ කතන්දර හදලා හරි කියන්න. ඒත් සමන්තා තමන්ගේ හිතටම තරවටු කරගත්තා. එහෙම කළොත් සුපුන් වෙනුවෙන් තමන් කරපු කැපකිරීමේ තේරුම මොකද්ද.
සමන්තා බොහොම පරිස්සමෙන් කතා කළා. එයයි සුපුනුයි අඳුරගත්ත හැටි ඉඳන්, සුපුන්ගේ ගෙදරින් ආපු බලපෑම් මත දෙන්නා අතර ඇති වෙච්ච දුරස් බව ගැනත්, අන්තිමේදී වෙන් වෙච්ච මොහොත වෙනකල්ම සමන්තා කිව්වා. එයා කිසිම බොරුවක් කිව්වෙ නෑ. ඒත් එක දෙයක් - එකම එක දෙයක් එයා වසන් කළා. ඒ ගැන කියනවාද නැද්ද කියන එක තීරණය කරන්න එයා අන්තිම මොහොත වෙනකල්ම කල් දැම්මා.
ඒ දේ ඇර, අනිත් හැමදේම කියලා ඉවර වුනාට පස්සේ සමන්තා අවන්තිගේ මූණ දිහා ටිකක් වෙලා බලං හිටියා. ඒ මූණේ තිබුණේ සැනසිල්ලක්. ඒ සැනසිල්ල නැති කරන්න ඕන නෑ කියලා අන්තිමේදී සමන්තා තීරණය කළා. "ඔන්න මං ඔයාට ඔක්කොම කිව්වා, දැන් සතුටුද?" සමන්තා ඇහැව්වේ නිවිච්ච හඬින්.
අවන්ති යාන්තමට හිනාවුනා. ඒත් ඒ අවංක හිනාවක් බව සමන්තාට තේරුණා. "ඔයා ආයෙ මැරි කළේ නැද්ද?"
අවන්තිගේ ප්‍රශ්නෙට සමන්තාගේ ඇස් දෙක බිමට බර වුනා. එයා නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.
"තනියම ඉන්න එපා, ඔයත් මැරි කරන්න. හොඳ කෙනෙක් හම්බවෙයි ඉක්මණටම."
සමන්තා හිනා වෙලා පුටුවෙන් නැගිට්ටා. "ඔයාට උත්තර දැනගන්න ඕන ප්‍රශ්න වලට මං උත්තර දුන්නනේ. දැන් ඔයා යන්න. වෙඩින් එකේ මනමාලි නැතුව හරි කලබලයක් වෙයි නැත්තං."
අවන්ති පුටුවෙන් නැගිටලා ඇවිත් සමන්තාගේ අත් දෙක අල්ලගත්තා. "තැන්ක් යූ වෙරි මච් සමන්තා. ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. ඔයාට වරදින්නෙ නෑ."
අවන්ති ඒක කිව්වේ හදවතින්ම බව සමන්තාට තේරුණා. ඒත් ඒක එයාගෙ හිතට ගෙනාවේ උදාසීන හැඟීමක් විතරයි.
"සුපුන්ව පරිස්සමෙන් බලාගන්න." ඒ වචන ටික කටින් පිට කරද්දි තමන්ගේ ඇස් දෙකේ කඳුළු පිරෙන බව සමන්තාට දැනුණා. "මේ දේවල් මං ඔයාට කිව්ව බව එයාට කියන්න එපා."
අවන්ති ඔළුව වැනුවා. "මං එහෙනං යන්නං. තැන්ක් යූ සෝ මච් අගේන් සමන්තා."
"අම්මා!!!"
ආපහු යන්න ලෑස්ති වෙච්ච අවන්ති එහෙමම නතර වුනේ එවේලේ එතනට දුවගෙන ආපු කෙවින් නිසා. කෙවින්ට තාම අවුරුදු හතරයි. උදේ ඉඳං සමන්තාගෙ අම්මත් එක්ක ෂොපින් ගිහිල්ලා දැන් තමයි ආපහු ඇවිත් තියෙන්නේ. කෙවින්ව වඩාගෙන හාදුවක් දීපු සමන්තා ආපහු හැරුණේ අවන්තිට එයාව අඳුන්නලා දෙන්න.
ඒත් අවන්ති ඒ වෙද්දි යන්න ගිහින්.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com2tag:blogger.com,1999:blog-8509600443809072602.post-15357357706823692762015-04-27T09:25:00.000+05:302015-04-27T09:28:03.041+05:30සරණ බන්ධන..........4 - ගිගිරුම්සුපුන්! අවන්ති හිතුවා වගේම සුපුන් කාමරේ හිටියා. දොරේ
හැන්ඩ්ල් එක අල්ලගෙනම අවන්ති සුපුන් දිහා බලාගෙන හිටියේ හරියට කවදාවත්
දැකලා නැති කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ඇත්ත. මේ සුපුන්ව අවන්ති මීට
කළින් කවදාවත් දැකලා නෑ. මේ එයා දැනගෙන හිටිය සුපුන් නෙවෙයි. කවුදෝ අතින්
අල්ලනවා දැනිලා තිගැස්සුන අවන්ති ඔළුව හරවලා බැලුවා. දසුනි කාමරේ ඉන්නවා
අවන්ති දැක්කේ එතකොටයි. සුපුන් එයා ලඟට ඇවිදගෙන එනවා අවන්ති දැක්කා.
සුපුන්ගේ මූණේ තියෙන්නේ තරහක්ද, දුකක්ද, බයක්ද... මොකක් වුනත් අවන්තිට
මොකද. එයාගෙ හිත ඇතුලේ තියෙන දේවල් ඒ හැම දේකටම වඩා වැඩියි. අවන්ති ලඟට ආපු
සුපුන් මුලින්ම කළේ අවන්තිගෙ අත දොරේ හැන්ඩ්ල් එකෙන් අයින් කරලා දොර වහලා
දාපු එක. ඊලඟට අවන්ති ඉස්සරහා හිටගත්තා. සුපුන් අවන්තිට වඩා හරියටම අඟල්
හතරක් උසයි. වෙනදටනම් සුපුන් මෙහෙම ඉන්නකොට ඔළුව උස්සලා සුපුන්ගෙ ඇස් දෙක
දිහා බලාගෙන ඉන්න අවන්ති හරි ආසයි. තද අළු පාට ඒ ලස්සන ඇස්. ඒත් මේ
වෙලාවෙදි අවන්ති හිටියේ බිම බලාගෙන - ඇත්තටම ඔළුව බිමට බර වෙලා තිබ්බත්
අවන්තිගේ ඇස් දෙක තිබුණේ එදා උදේ පෝරුව උඩදි සුපුන් එයාගේ වම් අතේ
වෙදැඟිල්ලේ පලන්දාපු රත්තරන් මුද්දේ.
"කොහෙද ගියේ?" සුපුන් අහනවා
අවන්තිට ඇහුනා. ඒක ආදරෙන් පිරිච්ච හඬක් නෙවෙයි. සාදරණයි. මෙහෙම වෙලාවක මොන
මනමාළයාටද ආදරෙන් කතා කරන්න හිතෙන්නේ.
"යාළුවෙක් හම්බවෙන්න." අවන්ති වචන ගැටගහගත්තෙ බොහොම අමාරුවෙන්. උගුරෙ හිරකරගෙන ඉන්න ඉකිය හින්දා උගුර නොසෑහෙන්න රිදුම් දුන්නා.
"වෙඩින් එකට ආපු නැති කෙනෙක්?"
"ඔව්."
"මං සින්දු කියන වෙලාවෙ කෝල් කළෙත් එයාද?"
අවන්ති යාන්තමට ඔළුව ඉස්සුවත් සුපුන්ගෙ ඇස් දෙක දිහා බැලුවෙ නෑ.
"ඔව්," එයා ආයෙමත් හෙමීට කිව්වා.
"ඉතිං ඇයි තනියම ගියේ?"
"මට
දසුනිව හොයාගන්න බැරි වුනා." අවන්ති ඒ කිව්වෙ ඇත්තම ඇත්ත. එයා හෝල් එකෙන්
යන්න දසුනිව හෙව්වා. මාමාගෙ දුව වුනත් දසුනි තමන්ගෙම නංගියෙක් තරමට අවන්තිට
එකතුයි. ඒ වෙලාවෙදි දසුනිත් ලඟ හිටියනම් ඇත්තටම මේ දේවල් දරාගන්න අවන්තිට
මීට වඩා හිතට හයියක් ලැබෙන්න ඉඩ තිබ්බා.
සුපුන් ටිකක් වෙලා සද්ද නැතුව
බලාගෙන හිටියේ අවන්ති කියන්නේ ඇත්තමද කියලා දැනගන්න වෙන්න ඇති. එයා ඒවා
බොරු කියලා හිතුවත් අවන්තිට මොකද. සුපුන් මොනවා හිතුවත් අවන්තිට වැඩක්
නැහැ. අවන්තිගෙ හිතේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
"ඇයි එයා ඔයාගෙ ෆෝන් එකට කතා නොකර හොටේල් කමියුනිකේෂන් එකට කතා කළේ?"
මේ මොන උසාවියක්ද! හරිනං සුපුන්ගෙන් උසාවියක වගේ ප්‍රශ්න අහන්න ඕන අවන්තියි!
"ඇයි එයා හෝල් එකට ඇවිත් ඔයාට කතා කළේ නැත්තේ?"
අවන්ති
තාමත් බිම බලාගෙන. සුපුන්ගේ කටහඬට නුහුරු කේන්තියක් එකතුවෙලා. එයාද ඇත්තටම
කේන්ති ගන්න ඕන, අවන්තිට තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙලා තියෙන ගොඩක් දේවල්
අවන්තිට තේරෙන්නෙ නෑ. දසුනි ආයෙමත් අවන්තිගෙ අතින් අල්ලගන්නවා දැනුනා.
"මොන එහෙකටද ඔයා අපි කාටවත් නොකියා එහෙම ගියේ? මෙතන අපි කොච්චර බය වුනාද? ඔයාගෙ ෆෝන් එකට මොකද වුනේ? ඇයි ඒක ඕෆ්-"
"මචං නවත්තපං. ඔය ඇති."
ඒ
කවුද? අවන්ති ඔළුව ඉස්සුවා. අරවින්ද. එයත් ඒ ලඟම ඉන්නවා අවන්ති දැක්කෙ
එතකොටයි. සුපුන්ගෙ හොඳම යාළුවා. අම්මා තාත්තවත් දන්නෙ නැති එකේ සුපුන්ගෙ
වැඩ ගැන මෙයාවත් දන්නවද දන්නෙ නෑ. එක්කෝ දැන දැනම හැමෝම අපෙන් ඒ දේවල්
හැංගුවද...
"මොකද ඔය අඬලා?" මෙච්චර වෙලා මූණ බිමට හරවගෙන හිටපු නිසා
අවන්තිගෙ ඇස් වල තිබ්බ කඳුළු සුපුන්ට පේන්න ඇත්තේ දැන් වෙන්න ඇති. අවන්ති
හෙමීට කඳුළු පිහදගත්තා. කඳුළු එක්ක දිය වෙච්ච නෙත් අඳුන් අවන්තිගේ ඇඟිලි වල
කළු පාටට පැල්ලම් ඉතිරි කළා. අවන්ති ඒ දිහා බලාගෙන හිටියා. "පරණ කොල්ලව හම්බවෙන්නද ගියේ???"
ඒ
ගමනනම් අවන්ති කෙළින්ම සුපුන් දිහා බැලුවා. ඒ තද අළු පාට ලස්සන ඇස්.
මෙච්චර වෙලා අවන්තිගේ ඇස් කෙවෙනි වල රැඳිලා තිබ්බ කඳුළු සට සට ගාලා කඩා
වැටෙන්න ගත්තා.
දසුනි අවන්තිව බදාගත්තා. "අවන්ති අක්කට එහෙම කෙනෙක් හිටියෙ නෑ," දසුනි කිව්වේ කේන්තියෙන්.
"සුපුන්,
උඹට පිස්සුද බං?" අරවින්ද සුපුන්ව හයියෙන් අල්ලගන්නවා අවන්ති දැක්කා.
සුපුන් අවන්තිට ගහන්න ලෑස්ති වෙයි කියලා හිතලා වෙන්නැති. ගහන්න ඕනෙනං
ගහපුදෙන්. ඒ මොනවා කළත් සුපුන් නිවැරදිකාරයෙක් වෙන්නෙ නෑ.
"පිස්සුද කියලා අහපං මගෙන් නෙවෙයි මෙන්න මෙයාගෙන්!" සුපුන් කෙළින්ම අවන්ති දිහාට ඇඟිල්ල උරුක් කරලා කිව්වා.
"මේ,
ප්‍රශ්නයක් තියෙනවනං කතා කරලා විසඳගනිං, බොරුවට කෑ නොගහා. අද උදේ උඹලා
දෙන්නා කසාද බැන්දේ. දැං උඹලා දෙන්නා ගෑණියි මිනිහයි. මොළේ කල්පනා කරලා වැඩ
කරපල්ලා රට්ටු හිනස්සන්නෙ නැතුව!" අරවින්ද ලොකු දේශනාවක් කළා.
අද උදේ
උඹලා දෙන්නා කසාද බැන්දේ, අරවින්දගේ වචන අවන්තිගේ හිත ඇතුලේ දෝංකාර දුන්නා.
අපරාදෙ. අවන්තිට ඇත්තටම එක මොහොතකට එහෙම හිතුණා. ඒ එක්කම තව වචන පේළියක්
දෝංකාර දෙන්න ගත්තා - රට්ටු හිනස්සන්නෙ නැතුව! රට්ටු හිනාවෙන්නෙ කාටද?
සුපුන්ටද අවන්තිටද? ඒ දෙන්නටම වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම තවත් කට්ටියකට ඒ
හිනාවට ලක් වෙන්න වෙනවා. අවන්තිගෙ අම්මටයි තාත්තටයි. කිසිම දෙයක් නිසා
අවන්ති සිද්ද වෙන්න ඉඩ තියන්නෙ නෑ ඒ දේනම්. අවන්ති එයාගෙ අම්මටයි තාත්තටයි
හුඟක් ආදරෙයි. ඒ දෙන්නට අවන්ති ඇරුණාම වෙන කවුරුවත් නෑ. එයාලට නෑදෑයෝ
ඉස්සරහා අසරණ වෙන්න ඉඩ දෙන්න බෑ අවන්තිට. ඒ දෙන්නා වෙනුවෙන් අවන්ති හැමදේම
දරාගන්න තීරණය කළා. අමාරුවෙන් වුනත්.
"සොරි සුපුන්," අවන්ති ආයෙත් අමාරුවෙන් වචන ගැලපුවා. "මං හැමදේම කියන්නං. ඒත් දැන් බෑ."
"අක්කි අපි යන්නං?" දසුනි ඉක්මණට ඇහැව්වා.
"නෑ නෑ නංගි, ඔයාලා දෙන්නා ඉන්න හින්දා නෙවෙයි." අවන්ති හෙමීට ඇඳ ලඟට ඇවිදගෙන ගිහිල්ලා ඉඳගත්තා. "මට දැම්මම ඒ ගැන කතා කරන්න බෑ."
සුපුනුත්
අවන්ති ලඟින් ඇවිල්ලා ඉඳගත්තා. "අවන්ති." සුපුන් කතා කළේ බොහොම හෙමීට,
පරිස්සමෙන්. කළින් තිබ්බ කේන්තිය නෑ ඒ කටහඬේ. ඒ සුපුන්ගේ හැටි, අවන්ති ඒක
දන්නවා - සුපුන්ට කේන්ති යන්නේ බොහොම කලාතුරකින්, ඒත් කේන්ති ගියොත් හොඳටම
කේන්ති යනවා, ඒ එක්කම ආයෙ ඉක්මණින්ම නිවිලා යනවා. එකම දේ, සුපුන් මීට කළින්
කවදාවත් අවන්ති එක්ක මේ තරම් කේන්ති අරගෙන නෑ. "ඔයාට මේ කසාදෙ ඕන නැද්ද?"
අවන්තිගෙ
පපුව හෝස් ගාලා ගියා. සුපුන්ගේ මේ කටහඬ එයාගෙ කේන්තියෙන් පිරුණ කටහඬට වඩා
දරාගන්න අමාරුයි. අවන්ති කාමරේට එද්දි හිටියේ සුපුන් එක්ක කේන්තියෙන්,
කළකිරීමෙන් තමයි. මේ කසාදේ සිද්ද වුනේ අපරාදේ කියලා දැන් මොහොතකට කළින්
හිතුණා තමයි. ඒත් සුපුන් ඒ ගැන එහෙම ඇහැව්වාම ඒ හැමදේම අනිත් පැත්තට
පෙරලුනා. හිත ඇතුලේ එකකට එකක් පරස්පරව නැගෙන සිතුවිලි දරාගන්න අවන්තිට
අමාරු වුනා. එයා අත් දෙකේ මූණ ඔබාගෙන මහ හයියෙන් අඬන්න පටන්ගත්තා. ඒ
වෙලාවෙදි අඬන අවන්තිව තුරුළු කරගත්තේ දසුනි නංගි නෙවෙයි සුපුන්මයි. ටික
වෙලාවක් යනකල් කාමරේ ඇහුනේ අවන්ති ඉකිගහන සද්දෙ විතරයි.
"මචං අපි යන්නං එහෙනං?" අරවින්දගේ කටහඬ ඇහුනා.
"හරි මචං. තෑන්ක්ස්." සුපුන් උත්තර දෙනවා ඇහුනා.
"අක්කි, අපි යන්නං?" දසුනි හෙමීට අවන්තිගේ අතින් අල්ලගෙන ඇහැව්වා. අවන්ති ඔළුව උස්සලා යාන්තමට හිනා වෙලා ඔළුව වැනුවා.
"තව ටිකකින් සැලෝන් එකෙන් එයි නේද අක්කි, ගොයින් අවේ ඩ්‍රෙස් කරන්න?"
"ඒක කැන්සල් කරමු." අවන්ති ඒ කියපු දේට සුපුන්, දසුනි විතරක් නෙවෙයි දොර ලඟට ගිහින් හිටිය අරවින්දත් ගැස්සිලා අවන්ති දිහා බැලුවා.
"අවන්ති!" සුපුන් එයාගෙ නම කියාගත්තෙ ගොඩක් අමාරුවෙන් බව අවන්තිට දැනුණා.
"මං කිව්වෙ ගොයින් අවේ චේන්ජ් කරන්න ඕන නෑ, මෙහෙමම යමු." අවන්ති දිගටම කතා කළේ බිම බලාගෙන.
"ආ, එහෙනං එච්චරයි," අරවින්ද කියනවා ඇහුනා.
"ඇයි මේ?" සුපුන් ඇහැව්වා. "ඔයා කොච්චර ආසාවෙන්ද ඇඳුම් ලෑස්ති කරගෙන මේකට ප්ලෑන් කළේ?"
"අක්කි,
දැන් පල්ලෙහා ඔයාලා නැති වෙලාවේ කවුරුහරි ඇහැව්වොත් නිපුනිට කියන්න කියලත්
අපි කිව්වෙ ඔයාලා ගොයින් අවේ එකට චේන්ජ් කරන්න උඩට ආවා කියලයි."
"ඔව්, ඒකනං එහෙම තමයි," අරවින්දත් ආයෙ කල්පනාවකට වැටුනා.
"දැන් ඔය දෙන්නා ආයෙ ඔහොමම පල්ලෙහාට ගියොත් කට්ටිය බලයි මොකද කියලා."
"ඔව් අවන්ති, අනික අපෙ අම්මලත් අහයි ඇයි එහෙම තීරණය කළේ කියලා හිටි ගමන්ම."
අවන්ති
ලොකූ හුස්මක් හෙලුවා. ඒත් එයාගේ හිතේ තිබ්බ බරනං ඒකෙන් හෑල්ලු වුනේ නෑ.
එයාට වැඩ කරන්න වෙලා තියෙන්නේ අනිත් අයව සතුටු කරන්න, අනිත් අයගෙ ප්‍රශ්න
කිරීම් වලට ලක් නොවෙන්න. මේ තරම් හිතේ පීඩනයක් අවන්තිට මතක ඇති කාලෙකට
දැනිලා නෑ. "එහෙනං ඉතින් එන්න කියන්න," අවන්ති කිව්වේ බිම බලාගෙනම.
දසුනියි අරවින්දයි කාමරෙන් පිට වෙලා යනවා ඇහුණත් අවන්ති ඔළුව ඉස්සුවේ නෑ. සුපුන් ලඟින්ම වාඩි වෙලා එයා දිහාම බලාගෙන ඉන්න බව අවන්තිට දැනුණත් අවන්ති ඔළුව ඉස්සුවේ නෑ.
එයාගෙ
හිත ඇතුළේ සුළි කුණාටුවක් වගේ කරකැවිකැවී තිබ්බ එකකට එකක් ගැලපෙන්නේ නැති
හිතුවිලි ගොන්න අතරින් සැරෙන් සැරේට උඩට මතු වෙන එක කාරණයක් නිසා අවන්තිට
ඔළුව උස්සලා සුපුන් දිහා බලන්න හිත හදාගන්න බෑ. ඒ ගැන දැම්මම සුපුන් එක්ක
කතා කරනවද? ඒත් මොනවා කියලද ඒ ගැන අහන්නේ? ඒ කාරණාව හිත ඇතුළේ තියෙද්දි මේ
තරම් වේදනාවක් ගේනවනම් ඒක වචන වලට පෙරලගන්නවත් අවන්තිට පුළුවන් වෙයිද? මේ
වෙලාවේ මේ කාරණාව ගැන කතා කරලා හිත නිදහස් කරගත්තේ නැත්තම් මේ යන ගමන
සතුටින් යන්න පුළුවන් වෙයිද? සුපුන් එක්ක ඉදිරි ජීවිතේ සතුටින් ගත කරන්න
පුළුවන් වෙයිද? අඩුම තරමේ සතුට කියන දේට ආයෙ කවදාවත් අවන්තිට උරුමකම්
කියන්න පුළුවන් වෙයිද?
"සුපුන්."
ඒ දේ දැම්ම කතා කරනවද නැද්ද, කොතනින් පටන්ගන්නද කියලාවත් නිනව්වක් නැතුව අවන්ති කතා කරන්න පටන්ගත්තා.
"මම
ගියෙ..." අවන්ති වචන අතර අතරමං වුනා. ඇයි එයා ගියෙ, කොහෙද ගියෙ, කාවද හම්බ
වුනේ, මොනවද කතා කළේ, ඒ හැමදේම අවන්තිට මොහොතකට අමතක වුනා. එයා දිහාම
බලාගෙන හිටපු සුපුන්ගේ ඒ තද අළුපාට ලස්සන ඇස් දෙක දිහා අවන්ති මෝහනය වෙලා
වගේ බලාගෙන හිටියා. ඒ මෝහනය ඇතුළෙන් අවන්තිට පෙනුනේ එකම දෙයයි...
හෝටලේ
පස් වෙනි තට්ටුවේ ලොබි එකේ ඉඳන් සමන්තා එක්ක කතා කරලා ඉවර වෙලා ආපහු එන්න
ලෑස්ති වෙද්දිම කොරිඩෝ එකක් දිගේ දුවගෙන ඇවිත් අම්මා කියාගෙන සමන්තාගේ ඇඟේ
එල්ලිච්ච පුංචි පිරිමි ළමයා...
එයාට තිබුණෙත් තද අළු පාට ලස්සන ඇස්...
සුපුන්ගේ වාගෙම තද අළු පාට ලස්සන ඇස්...
එක පාරටම ඇහුනු දොරට තට්ටු කරන හඬින් අවන්ති මෝහනයෙන් මිදුණා. "අක්කි, සැලෝන් එකෙන් ඇවිල්ලා," කියාගෙන දසුනි රූම් එකේ දොරෙන් එබුනා.
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com0tag:blogger.com,1999:blog-8509600443809072602.post-38714382758939112382015-04-25T21:16:00.000+05:302015-04-25T22:11:32.800+05:30සරණ බන්ධන..........3 - අකුණුඅරවින්දව එක්ක එන්න කියලා දසුනියි නිපුනියි රූම් එකෙන් ගියාට
පස්සේ ඇඳ උඩ ඉඳගත්ත සුපුන්ට දන්නෙම නැතුව හීල්ලුනා. මේ මොකද්ද සිද්ද වෙලා
තියෙන්නේ. අවන්තියි සුපුනුයි පෝරුව උඩදි මුදු මාරු කලේ මේ එදා උදේ නේද? ඒ
වෙලාවෙදි අවන්තිගෙ මූණේ තිබ්බ බලාපොරොත්තු වලින් පිරිච්ච අහිංසක හිනාව
සුපුන්ට තාමත් මතකයි. ඒ හිනාවට තමයි සුපුන් වැඩියෙන්ම ආදරේ කළේ. ඒ දෙන්නා
අඳුරගත්තෙ විවාහ යෝජනාවකින් වුනත් එදා ඉඳන් අද දවාලේ රෙජිස්ට්‍රාර් ඉස්සරහා
පොතේ අත්සන් කරලා නීතියෙන් විවාහ වෙනකල් ගෙවිච්ච අවුරුදු එකහමාරක කාලය
පුරාම සිද්ද වුනේ ඒ ඇඳුනුම්කම හිතවත්කමකටත් එතනින් ආදරේකටත් පෙරලෙන්න හේතු
වෙච්ච දේවල් විතරමයි. සුපුන් අවන්තිට ආදරේ කළා. ඇත්තටම ආදරේ කළා. එයාගෙ
අහිංසක කමට, හැදිච්ච කමට ආදරේ කළා. අවන්ති සුපුන්ගේ පළවෙනි ආදරේ නොවුනත්.
සමන්තා.
සුපුන්ගේ හිතේ ඉඳ හිට තාමත් මතු වෙන අකුණු සැරයක් ඇතිවෙලා නැතිවෙලා ගියා.
අවන්තිව
අඳුරගෙන ආදරේ කරන්න පටන්ගත්තට පස්සේ සුපුන් සමන්තාගේ මතකයට උඩට එන්න වැඩිය
ඉඩක් දුන්නෙ නෑ. ඒත් එයාටත් හොරෙන් මේ වගේ අකුණු ඉඳහිට මතුවෙන එකනම් එයාට
නවත්තගන්න බැරි වුනා. ඒත් මේ වෙලාවෙදි කොහොමටවත් සමන්තා ගැන හිතන්න සුපුන්ට
ඕන වුනේ නෑ. සුපුන් දැන් හිතන්න ඕන අවන්ති ගැන.
වොෂ්
රූම් එකට යන්න දසුනි එක්ක රූම් එකට යනවයි කියලා අවන්ති හෝල් එකෙන් යන
වෙලාවේ සුපුන් හිටියේ කාලෙකින් හම්බ වෙච්ච ගජ යාළුවෝ ටිකක් වට කරගෙන. ඒ
නිසා අවන්ති ඇත්තටම දසුනි එක්ක ගියාද කියලා සුපුන් ඒ වෙලාවෙදි දැක්කෙ නෑ.
කොහොමහරි අවන්ති හෝල් එකෙන් එළියට ගිහින් තියෙන්නේ දසුනි එක්ක නෙවෙයි කියලා
සුපුන් දැනගත්තේ විනාඩි දහයකට විතර පස්සේ. දසුනිලාත් සුපුන්ලාගේ
ගොයින්-අවේ කාර් එකේ ඩෙකරේෂන්ස් බලන්න එළියට ගිහින් එවෙලෙ තමයි ආපහු හෝල්
එකට ඇවිත් තියෙන්නේ. තුන්දෙනාත් එක්කම ඉක්මණටම රූම් එකට ගියේ දසුනිව
හොයාගන්න බැරුව අවන්ති තනියම රූම් එකට යන්න ඇති කියලා හිතාගෙනයි.
ඒත් රූම් එකේ කවුරුවත්ම හිටියෙ නෑ.
සුපුන්ට
ආයෙමත් හීල්ලුනා. අවන්තිට මොනවා වෙන්න ඇතිද? තනියම ඇවිත් පාර වැරදුණාද?
නැත්තං කරදරයක් වුනාද? නැත්තං - නැත්තං - වෙන්න පුළුවන් ඊලඟ දේ ගැන හිතාන්න
ඕන කමක් සුපුන්ට තිබ්බෙ නෑ. ඊටත් එහෙම දෙයක් කරනවනං අවන්ති මුදු මාරු කරලා
පොතේ ලියලා කසාද බඳිනකල්ම ඉන්න ඕනෙ නෑනේ. කොහොමත් අවන්ති එහෙම කරන්නෙ නෑ -
සුපුන් තදින්ම ඒ ගැන විශ්වාස කළා. හිත සනසගන්න සුපුන්ට උදව්වට හිටියේ ඒ
විශ්වාසය විතරයි. මේ ගැන වැඩිහිටියෙක් එක්ක කතා කරලා උපදෙසක් ගන්න තරම්
සුපුන්ට හිතට හයියක් තිබ්බෙ නෑ. මේ ගැන කතා කරන්න හොඳම කෙනා විදිහට සුපුන්ට
කල්පනා වුනේ අරවින්දව. පුංචි කාලේ ඉඳං දුකට සැපට එකටම හිටිය යාළුවා. ඒකයි
අරවින්දව එක්ක එන්න කියලා සුපුන් දසුනිලාව යැව්වේ. නිළමේ ඇඳුම ඇඳන් ඉන්න
හින්දා අරවින්ද ගාව ෆෝන් එකක් නැති බව සුපුන් දන්නවා.
ඒත්
අවන්තිගෙ ෆෝන් එක මේ වෙලාවේ අවන්ති ලඟ තියෙන්නෙ කියලා සුපුන් දන්නවා. එයා
හෝල් එකෙන් යන්න කළින් එයාගෙ තාත්තා ලඟට ගිහින් තාත්තගෙ සාක්කුවේ තිබ්බ
එයාගේ ෆෝන් එක ඉල්ලගන්නවා සුපුන් දැක්කා. එයා තවත් වතාවක් - තිස් වෙනි
වතාවද, හතළිස් වෙනි වතාවද? දන්නෙ නෑ, කොහොමටත් තිහට අඩු වෙන්න බෑ -
අවන්තිගෙ නම්බර් එක ඩයල් කළා. 'ඔබ ඇමතූ දුරකතනයෙන්-' සුපුන් කෝල් එක කට්
කරලා ෆෝන් එක ඇඳ උඩට දමලා ගැහැව්වා. සමහරවිට බැට්රි බැහැලා ඇති, සුපුන්
හිතුවා. සුපුන් හොඳම දේ ගැන බලාපොරොත්තු තියාගෙන නරකම දේට සූදානම් වෙන්න
පුරුදු වෙච්ච කෙනෙක්. ඒක එයා ඉගෙනගත්තෙ...
සමන්තා.
ආයෙමත් අකුණක්.
ඒ
ගමනනං අකුණෙන් පස්සේ ගොරවන සද්දෙකුත් ඇහුනා. සුපුන් ගැස්සුනා. කාමරේ ඇතුළට
කඩාගෙන ආවේ අරවින්ද. දසුනිත් ඒ පස්සෙන් ආවා. "මොකද මචං කේස් එක?"
සුපුන්ට එකපාරටම මතක් වුනේ ඉස්කෝලේ එක වසරෙ පන්තිය. 'ඇයි මොකද වෙලා තියෙන්නේ' කියලා අහගෙන එදත් ආවේ මේ අරවින්දමයි. "අවන්ති නෑ බං."
"ඇයි කොහෙ ගිහිල්ලද?"
"දන්නෙ නෑ. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ."
"උඹට මොනා කියලද ආවේ?"
"වොෂ්
රූම් යන්න ඕනෙ කියලා දසුනිත් එක්ක උඩට එනවා කිව්වා. ගොයින් අවේ එකට චේන්ජ්
කරන්නත් වෙලාව ලඟ නිසා එහෙමම මෙතන ඉන්නවා කිව්වා. ඒත් පස්සෙ මං දසුනිව
දැකලා අහද්දි එයා අවන්තිව දැකලත් නෑ. පස්සෙ අපි මෙහෙට ඇවිත් බැලුවා. අවන්ති
මෙහෙත් නෑ." සුපුන් කිව්වේ දසුනි දිහාත් බලලා. දසුනිත් ඔළුව වැනුවා.
"මාර වැඩක්නෙ මේක!" අරවින්ද කණ්ණාඩි මේසේ ලඟ තිබ්බ ස්ටූල් එක ඇදලා අරං වාඩි වුනා. "උඹලා දෙන්නා රණ්ඩු උනාද?"
"පිස්සුද බං! මේ මගුල් දවසෙ?"
"මීට කළිං හරි?"
"නෑ."
සුපුන් කිව්වෙ හෙමීට, කල්පනා කර කර, ඔළුවත් දෙපැත්තට වන වන. ඇත්තටම
සුපුනුයි අවන්තියි අතර කවදාවත් ලොකු රණ්ඩු තිබිලා නෑ, ඉඳහිට ඇතිවෙච්ච නොහොඳ
නෝක්කාඩු මිසක. ඒවත් පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් ඉවරයි. ඉස්සර සමන්තා
එක්කනම් එහෙම නෑ.
ආයෙමත්.
අවුරුදු හතරකට එහා මතකයකින් - අමතක කරලා දාන්න හදන ඒත් තවමත් අමතක කරගන්න බැරි වෙච්ච මතකයකින් - දැනෙන මේ අකුණු පාර බොහොම සැරයි.
අවන්ති
දවස් ගාණක්ම කතා නොකර හිටියේ සුපුන් ඒ අකුණේ අයිතිකාරි ගැන කියන්න
ගිහිල්ලා. ඒ අවන්තිව අඳුරගෙන මාස තුනකින් විතර. ඒ සුපුන් අවන්තිට කළින් වෙන
කෙනෙකුට ආදරේ කළ නිසා නෙවෙයි. සුපුන් සමන්තා ගැන මුළු කතාවම කියනවා කියලා
පටන්ගත්තත් වාක්‍ය හතරකට පහකට වඩා එයාට ඒ ගැන කියාගන්න බැරි වෙච්ච හින්දයි.
සුපුන් එදා ගොළු වුනා. ඒ මතකය ඊට කළින් කවදාවත් වචනෙට පෙරලන්න උත්සාහයක්
දරලා නැති සුපුන්ට ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා එදා තේරුණා. එයා එතනින්
එහාට එක වචනයක්වත් සමන්තා ගැන කතා කරන්න කැමති වුනේ නෑ. අවන්ති කරදර කර කර
ඇහැව්වෙත් නෑ. ඒත් එදයින් පස්සේ දවස් කීපයක් යනකල් ෆෝන් එක ආන්ස කළෙත් නෑ,
මෙසේජ් වලට රිප්ලයි කළෙත් නෑ. දවස් තුන හතරක් බලා ඉඳලා සුපුන් අවන්තිගේ
ගෙදර ගියා. එදා එයා අවන්තිට කිව්වා සමන්තා එයාගේ මුල්ම ආදරේ වුනත් දැන් ඒක
මතකයක් විතරයි, ආයෙ සමන්තා ගැන කතා කරන්නෙවත් නෑ කියලා. එයා දැන් ඇත්තටම
ආදරේ කරන්නේ අවන්තිටයි කියලා. විවාහ යෝජනාවකින් සම්මත වෙච්ච ඇඳුනුම්කම
ඇත්තම ආදරේකට පෙරලුනේ එදායි, එහෙමත් නැත්තම් ඒ ගැන මුළින්ම එළිපිටම කතා කළේ
එදායි.
සුපුන් අවන්තිට ඇත්තටම ආදරෙයි.
"මචං සුපුන්," අරවින්ද එකපාරටම කතා කළා. "මට දැන් මතක් වුනේ. අර උඹ සින්දු කියපු වෙලාවේ අවන්තිට කෝල් එකක් ආවනේ."
ඇත්ත
නේන්නං! සුපුන්ටත් මතක් වුනා. සුපුන් කියන්නේ යාළු මිත්‍රයෝ අතර නම් දරාපු
ගායකයෙක්. වෙන යාළුවන්ගෙ නෑදෑයන්ගෙ මගුල් ගෙවල් වලදි ඕන තරම් සින්දු කියලා
තිබ්බත් තමන්ගෙ මගුල් ගේ දවසේ සින්දු කියන්න නිකම් මහ මොකද්දෝ වගේ දැනුනේ
සුපුන්ට. ඒත් බේරෙන්නම බැරි වුනා යාළුවන්ගෙන්. මේ ඉන්න අරවින්දයා තමයි
සුපුන්ව බලෙන්ම ඇදගෙන යන්න හැදුවේ ස්ටේජ් එක ලඟට. අන්තිමට අවන්තිත්
සුපුන්ගේ සින්දුවක් අහන්න ආසයි කිව්වහම තමයි අන්තිමට සුපුන් නැගිටලා ගියේ.
සින්දු තුන හතරක්ම කියලා ඉවර වෙනකල් සුපුන්ට බහින්න හම්බවුනේ නෑ. ඒ අතරෙදී
අවන්ති කා එක්කදෝ ෆෝන් එකකින් කතා කරනවා සුපුනුත් දැක්කා. එන්න බැරි වෙච්ච
යාළුවෙක් විෂ් කරන්න කතා කරන්න ඇති, සුපුන්ට එවෙලේනම් හිතුණේ එහෙම.
ඒත් දැන්...
කවුද
ඒ කෝල් කරන්න ඇත්තේ? දසුනි එක්ක රූම් එකට යනවා කියලා අවන්ති සුපුන්ට
ඇත්තමද කියන්න ඇත්තේ? අවන්තිගේ මූණ අමුතු වෙලා තිබ්බේ ඒ කෝල් එක නිසාද?
සුපුන් කළින් හිතුවේ මහන්සියට වෙන්න ඇති කියලා.
"අනික
අවන්තිගෙ ෆෝන් එකටත් නෙවෙයි කෝල් එක ඇවිත් තිබුණේ," අරවින්ද ඇවිලෙන ගින්නට
පිදුරු දැම්මා. "මං දැක්කා කෝල් එක ඉවර වෙලා ස්ටුවර්ඩ් කෙනෙක් අතට ෆෝන් එක
දෙනවා. එයාගෙ ෆෝන් එක තිබ්බේ අංකල් ගාවනේ?"
"ඔව්," සුපුන් ඔළුව වැනුවේ බොහොම හෙමීට. "රූම් එකට එනවා කියලා එතනින් එන්න කළින් තමයි තාත්තා ලඟට ගිහින් ෆෝන් එක ඉල්ලගත්තේ."
ඊලඟට ටිකක් වෙලා යනකල් කවුරුවත්ම කතා කළේ නෑ. ටිකකින් හීන් හඬින් කතා කරනවා ඇහුනේ දසුනි, "සුපුන් අයියේ, මම පහළට යන්නද?"
සුපුන්ට කළින් ඒ පැත්ත බැලුවේ අරවින්ද. "ඔයා කොහොමද තනියම පල්ලෙහාට යන්නේ? අතරමං වෙයි."
"නෑ මට පුළුවන්."
දසුනි
ඉන්නේ අඬන්න ඔන්න මෙන්න කියලා සුපුන්ට තේරුණා. සුපුනුයි අරවින්දයි දෙන්නත්
එක්ක අවන්තිව වැරදිකාරි කරන්න ලෑස්ති වෙනවද කියලා දසුනිට හිතෙන්න ඇති,
සුපුන් හිතුවා. අනික මේ පිට කොල්ලෝ දෙන්නෙක් එක්ක තනියම ඉන්න බයත් ඇති පොඩි
කෙල්ලට. සුපුන් අරවින්ද දිහාවට හැරුණේ දසුනිව ආපහු පල්ලෙහාට ඇරලලා එන්න
කියන්න. ඒත්-
රූම් එකේ දොරේ හැන්ඩ්ල් එක කරකැවෙන සද්දෙ ඇහිලා තුන්දෙනාම එකපාරට ඒ පැත්තට හැරුණා. හෙමින්සැරේ දොර ඇරගෙන කාමරේට ඇතුල් වුනේ-
අවන්ති!
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com0tag:blogger.com,1999:blog-8509600443809072602.post-64488779332850900872015-04-22T11:00:00.000+05:302015-04-22T16:59:40.226+05:30සරණ බන්ධන ..... 2 Born and Raised in a Summer Haze
බ්ලොග් කියවන යාලුවන්ටයි - අන්දර මල්දම එක්ක මුල ඉඳලම රැඳිල හිටපු, අපව දිරිගන්වපු ඔයාලා ඔක්කෝටම බොහොම ස්තූතියි.තනි පුද්ගලයෙක් ලියන කතාවක් වගෙ නෙවෙයි කණ්ඩායමක් එකතුවෙලා ලියන සාමූහික කතාවක් උනහම ඔයාල දන්නව අපහසුකම් මතුවෙනව කතාව ඉස්සරහට ගෙනියද්දි.
ඒ කොහොම හරි පළවෙනි කතා 5 අපි සාර්ථකව ලියල ඉවර කලා.ඒ වගේම ඔයාල කියෙව්වා.. ප්‍රතිචාර දැක්වූවා. අපේ හයවෙනි කතාව සරණ බන්ධන පළවෙනි කොටස ඔයාල කියෙව්වෙ මීට අවුරුදු දෙකකට වගෙ ඉස්සර. ඊට පස්සෙ ඉතිං නොයෙක් බාධක දුෂ්කරතා සහ අතපසුවීම් නිසා සරණ බන්ධන ඉස්සරහට ගියේ නෑ. ඔයාලගෙන් අපි සමාව ඉල්ලනව ඒ වෙනුවෙන්.
හරි ඒ නිධාන කථාව සහ පොඩි පැහැදිලිකිරීමක්...ඉතින් කියවන්නකො සරණ බන්ධන ඉස්සරහට...ස්තූතියි!
"සොරි. මගේ ෆ්ලයිට් එකට දැන් වෙලාව ළඟයි...ඉක්මනට පිටත් වෙන්ඩ ඕන..."
"අනේ සමන්තා මාව තේරුම් ගන්න. මට ඔයාව එක විනාඩියකට හම්බෙන්න ඕන...ප්ලීස්....."
අන්තිමට එහා පැත්තේ යුවතිය කරපු ඉල්ලීමට ඉඩ දෙන්න සමන්තා එකඟ උණා. ඒ එතන තමුන් හිටිය නම්, තමුනුත් ඔය ඉල්ලීම කරාවි කියල එයාට හිතුනු නිසා.
ඕනෙවට වඩා අනිත් මිනිස්සු ගැන හිතන්න ගිහින් නැති කරදර පටලගන්නවා කියල ඉස්සර දවසක් සුපුන් දොස් කිව්ව හැටි මතක් උණු සමන්තා ට හීනි හිනාවක් ගියා.
සුපුන්...
ගෙවුණු අවුරුදු තුනේදී සුපුන්ව අමතක කරන්න සමන්තා කවදාවත් උත්සාහ නොගත්තේ ඒක කවදාවත් කරන්න බැරි විත්තිය එයා හොඳින්ම දැනගෙන හිටි නිසා.
ඇත්තටම මම සුපුන්ට ආදරේ කරාද?
සමන්තා දහස් වෙනි වාරෙටත් තමන්ගෙන් ප්‍රශ්න කරේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලෑස්ති කර ගන්න ඕනි නිසා.
අවුරුදු තුනකට කලින් අවසාන වතාවට සුපුන්ව හම්බුණු දවසේ... සමන්තා එයාව හම්බුවෙන්න ආයේ එන්නේ නැති බව එයාට කිව්ව වෙලේ...එයා ගේ මුණේ තිබුණු අසරණ බැල්ම සමන්තාට ආයෙත් මතක් උණා.
සුපුන් මට ඇත්තටම ආදරේ කරා.
ඔව්. සමන්තා ඒක දැනගෙන හිටියා.
ඒ උනත්...ආදරේ විතරක් ජීවිතේට මදි. ඒක සමන්තා ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේදී.
අවුරුදු විසි පහකට එහාට සමන්තා ගේ හිත ඉගිල්ලුනා...
එදා පුංචි ගේ මගුල් දවස... ලස්සන සුදු ගවුමක් ඇඳන් දිග වේල් එකක් දාපු පුංචිව සමන්තා ට පෙනුනේ පල්ලියේ පියතුමා කියා දීපු කතාවල ඉන්න දේව දුතියක් වාගේ. ඒත් පුංචි නම් කීවේ ක්‍රීම් පාට දිග ගවුම් පොඩියක් එක්ක පුංචි රෝස පොහොට්ටු මල් ඉත්තකුත් හිසේ පළන්දන් මල් කුමාරිට හිටි, සමන්තා තමයි දේව දුතිය කියලා.
පුංචි අම්මගේ කපාපු පලුව වාගේ. සමන්තා අම්මගේ කපාපු පළුව වාගේ. තුන් දෙනා එකට ඉන්න කොට සමනලියෝ දෙන්නයි පුංචි සමනලී යි වාගේ. එහෙම කීවේ සීය පප්පා. මම්මා ආච්චි ගේ සුද යි, ඕඩ්රි හෙප්බර්න් ගේ වාගේ වක් වෙච්චි ඇහි බැම යි එක්කල සීය පප්පා ගේ කැරලි කොන්ඩේ ඇවිත් තිබුනා මේ තුන් දෙනාටම. සමන්තා ඉපදෙන කොට මම්මා ආච්චි දෙවියන් වහන්සේ ළඟට ගිහින්. ඒ හන්දා මම්මා ආච්චිගේ ලස්සන බලන්න ඉතුරු වෙලා තිබුනේ ෆොටෝ ටිකක් විතරයි. ඒ උණත් හැමෝම කිව්වේ අම්මයි පුංචියි දෙන්නටම වඩා සමන්තා ට මම්මා ආච්චිගේ හැඩ රුව ඇවිත් කියලා.
එදා මගුල් ගෙදර දී සමන්තා හිතුවේ තමුන් සුරංගනා ලෝකෙකට ගිහින් කියලා. පල්ලියේ හැම තැනම මල් ගහලා සරසලා තිබුනා. හැමෝම හරි ලස්සනට ඇඳන් ඇවිත්. පුංචි සීය පප්පා එක්කල අල්තාරේ ළඟට යනකොට ඊටත් ඉස්සරහින් පොරි ඉහින්නත් තිබුණා සමන්තාට. ඒ රාජකාරිය නිසා ටිකක් ආඩම්බරයකුත් දැනුණා.
සමන්තා ගේ සුරංගනා ලෝකේ ඉරි තලන්න පටන් ගත්තේ හෝටලේ දවල් කෑම ඇරිය වෙලේදී.
මගුල් ගෙදර අනිත් මල් කුමාරි එච්චර වෙලා හිටියේ සමන්තා එක්ක සෙල්ලම් කර කර. ලොකු අය බත් කන්න පටන් ගන්නවා දැක්ක සමන්තා ටත් පුංචි බඩගින්නක් ඇවිත්.
"අපි බයි කමු?" සමන්තා අනිත් මල් කුමාරිගෙන් ඇහුවා.
"හා. මට අද තාත්ති කවනවා කිව්වා...ඔයාට කවන්නේ කවුද?"
සමන්තාට කල්පනා කරන්න කරුණු කාරණා දෙකක් තිබුණා. එක - මතක ඇති කාලෙක සමන්තාට "තාත්ති" කෙනෙක් උන්නෙ නැහැ. දෙක - ගෙදරදී අම්ම බත් කවන්න හැදුවත් සමන්තා කැමති උනේ තනියම කන්න.
අනිත් මල් කුමාරිගේ තාත්ති ඇවිත් එයාව වඩා ගත්තේ බයි කන්න යමු නෝනේ කියාගෙන. එයා ගොඩක් උස සීය පප්පා වගේ රැවුල වවපු එක්කෙනෙක්. ඒත් සීය පප්පගේ පුළුන් කැටි වගේ සුදු රැවුල වගේ නෙවෙයි එයාට තිබුනේ කළුම කළු හීනි රැවුලක්. එහෙම අය හිටියා සමන්තාගේ කතන්දර පොත්වල රූප වල. ගොඩ වෙලාවට අස්සයෙක් පිට නැගල ආඩම්බර තාලෙට. නැත්නම් කඩුවක් අතින් අරං මකරෙක් එක්ක ඔට්ටු වෙවී.
මල් පෙති වරුසා මැද්දේ පුංචි, මාමි කෙනෙක් එක්ක ලස්සන මල් ගැහුව කාර් එහෙක නැගල යන්න ගියා...
මගුල් ගෙදර වැඩ ඉවර වෙලා, ගෙදර ගිහින් අම්ම සමන්තා එක්කල කාමරේ ඇඳෙන් වාඩි උනේ ඇඳුම් මාරු කරන ගමන් මහන්සි අරින්න. උදේ සමන්තා ගේ ඔලුවේ ගහපු මල් පරවීගෙන යන්න අරන්.. සාරි පොටෙන් පවන් ගහන ගමන් අම්මා සමන්තගේ ඔලුවේ කටු ගලවන්න ගත්තා.
"අම්මා...තාත්තිලා ඉන්නේ කොහෙද?" සමන්තා ඇහුවේ නළල රැළි කරන්.
ඒ ප්‍රශ්නෙන් අම්මා මොහොතක් ගල් ගැහුණා.
"ඒ මොකෝ සුදු දූ එහෙම ඇහුවේ?"
"ටානිය ට නම් තාත්ති කෙනෙක් ඉන්නව අම්මා. එයා තමා ටානියට බයි කැව්වෙත්..." සමන්තා කිව්වේ අනික් මල් කුමාරි ගැන කියල අම්මට තේරුණා.
"හ්ම්..." අම්මා ඇහුණා නෑහුනා ගානට කටු ගලවනවා.
"අම්මා..."
"හ්ම්...?"
"අනේ අම්මා...තාත්තියෙක් අරන් දෙන්න කෝ මටත්..." සමන්තා කිව්වා.
හුස්මක් හෙළුව අම්ම කටු ගලවන වැඩේ නැවැත්තුව. එතකොට තමා සමන්තා දැක්කේ අම්මගේ ඇස් වල ලොකු කඳුළු ගුලි දෙකක් දිලිසෙනවා.
"පොඩියක් එන්නකෝ දූ මෙහෙට"
සමන්තාගේ මුණ ඉම්බ අම්ම එයාව උකුළට අරං තුරුළු කර ගත්තා.
"දූ ... හැම බබෙක්ටම ජේසු බබා තාත්ති කෙනෙක් දීල තියෙන්නේ .. හොඳද... ඒ උනාට සමහර බබාලට එයාලගේ තාත්ති ලව හම්බෙන්නේ එයාල ටිකක් ලොකු උනාම...දූගේ තාත්ති ත් ඒවි දූව බලන්න තව ටිකක් කල් ගිහාම...සුදු දූ ටිකක් උස ගිහින්...ලොකු ඉස්කෝලෙට යද්දී...හොඳද දු...."
"ඇයි අම්මා තාත්ති මං ලොකු උනාම එන්නේ?" සමන්තා ඇස් ලොකු කරන් ඇහුවා.
" එයා ඉන්නේ ගොඩක් දුර නේ දූ... ඒකයි... "
"පිට රට ද?" ඒ දවස්වල සමන්තා හිතන් හිටියේ 'පිටරට' කියන්නේ ලෝකේ දුරම තැන කියල.
"ඔව් දුව...පිට රට තමයි...ඉතින් එයා දූ ට තෑගි අරං එන්න තමා එහෙ ගියේ...තෑගි ගොඩාක් අරං, එයා ඒවි දූ ව බලන්න..."
එදා එහෙම කිව්වත්, ටිකෙන් ටික ලොකු වෙනකොට, කරුණු කාරණා තේරුම් යනකොට, තමන්ගේ 'තාත්ති' තෑගි අරං එන දවස ගැන තිබුණ බලාපොරොත්තුව සමන්තා දිය කරලා ඇරියා...
"ට්‍රීං!"
ජංගම දුරකතනය ට කෙටි පණිවිඩයක් ඇවිත්.
"I'm on my way. See you soon. Pls don't tell Supun. Avanthi"
You know how the time flies
Only yesterday was the time of our lives
We were born and raised in a summer haze
Bound by the surprise of our glory days
Never mind, I'll find someone like you
I wish nothing but the best for you, too
Don't forget me, I beg, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead
Sometimes it lasts in love, but sometimes it hurts instead
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com1tag:blogger.com,1999:blog-8509600443809072602.post-66412703374940107222013-07-23T13:08:00.002+05:302015-04-22T11:22:19.251+05:30සරණ බන්ධන ..... 1 අරවින්ද ගේ සුවිසැරිය
"අම්මප මේ වෙලාවට තමා මට පොල් ලෙල්ලක් හපාගෙන හපාගෙන යන්ට හිතෙන්නේ..."
ෆොටෝ කාරයගේ අණසක ට අරහෙට මෙහෙට හැරි හැරි කැමරාවට විරිත්තන ගමන්
අරවින්ද එහෙම හිතුවට කිව්වේ නෑ. දසුනි එහා පැත්තේ හිටපු නිසා.
උදේ අරවින්දලාට නිලමේ
කිට අන්දපු එකා මහ අසමජ්ජාතියෙක්. මිනිහ ට තව වෙඩිමක් තියෙනවා කියල
කස්ටියට ඇන්දුවේ අර මොකද්ද ගිනි අරගෙන වාගේ කලබලේට.
හිටු කියල අන්දලා, බඩවල් ඔතල තදකරල අන්තිමට කියාපි:
"මල්ලිලා ටොයිලට් යන්ට හෙම වෙන එකක් නෑනේ...අද වැඩිය වතුර බොන්ට එපා" කියල
එවෙලේ නම් අරවින්දට කටට ආව අහන්න වතුර නොබිව්වට බියර් බිව්වට කමක් නැද්ද
කියල.
ඒත් ඇහුවේ නෑ.
දසුනි ගේ මලය හිටිය නේ...ඕකා ගිහින් කීවොත් හෙම අර
අරවින්දය මහ බේබද්දෙක් කියල.
හැබැයි කෙල්ලන්ට නම් ඇත්තටම නියමෙට අන්දලා තිබුණා. ෂඃ බලන්ට එපාය අද දසුනි ගේ හැඩ! නිල් පාට ඔසරියට, කහ පාට මල් වලට කෙල්ල වෙනදටත් වඩා ලස්සනයි!
ෆොටෝ ෂූට් එක පටන් ගත්තු වෙලේ ඉඳන් අරවින්ද බැලුවේ කොයි වෙලේ හරි දසුනි එක්ක කතා කරන්ට.
කොහෙද...මේ වදකාර ෆොටෝ කාරයෝ එක්ක බෑනේ....
යන්තම් ෆොටෝ ෂූට්, පෝරුවේ චාරිත්‍ර ඉවර උණා. කට්ටිය කෑවා. දෙවන මනමාලයෝ හැර අනෙක් උන් බිව්වා.
ඒත් තවමත් අරවින්දගේ ආසාවට ඉඩක් ලැබුනේ නැහැ.
දෙවෙනි මනමාලිලාට හරි වැඩනේ...මනමාලිගේ සාරියේ පොට හදන්ට ලු, බොකේ එක අල්ලාගන්ට ලු, වෙඩින් කේක් අල්ලන්ට ලු...
හදිසියේම හෝල්
එකේ කොනක ඉඳන් දසුනි තමන් දිහාට එනවා දැක්ක අරවින්ද ත් ටිකක් හරි බහි
ගැහිලා ටිකක් වැදගත් පාටට මුණ හදාගත්ත. බොරුවට දසුනිගේ පැත්ත නොබලා ළඟ හිටි
අනිත් දෙවන මනමාලය එක්කල කතාවක් පටන් ගත්තා.
"හා නී...මේ අරවින්ද පුතා නේ!"
එක පාරටම වේරම්භ වාතයක් වගේ කඩන් පාත්වෙලා තිබුනේ රත්නා ආන්ටි.
"පුතා දැක්ක කල්.... දැන් ගොඩා...ආආ ක් උසයි නේ!!" යන්තම් අඩි පහයි හයකට කිට්ටු අරවින්ද ගේ කම්මුල් මිරිකන ගමන් රත්නා ආන්ටි කිව්වා.
"කොහොමද
කොහොමද...ආ ...ඊළඟ මගුල් ගෙදර ඔයාගේ තමා නේද? හිකි හිකි....මොකෝ රතු
වෙන්නේ? දැන් එහෙ ඉන්නවද හොඳ කෙලි පොඩ්ඩක්? ඔසී කෙල්ලෙක්? මොකක්? අපෝ තාම
නැද්ද? දැන් ජොබ් එකකුත් කරනවනේ..හිකි හිකි"
තල්මස් දෙනුවක් වාගේ රත්නා ආන්ටි හිනාවෙනකොට සරීරෙම හෙල්ලෙනවා. හරිම භයන්කාරයි.
ඒ
භයන්කාර දර්ශනය බලන් ඉන්න බැරිව අහක බැලුවම තමයි අරවින්ද දැක්කේ දසුනි මග
නැවතිලා අනිත් දෙවෙනි මනමාලි එක්ක මොනාද කලබලෙන් වගේ කියෝනවා.
"පුතා ඔයා ට මම අපේ දුව ඉන්ට්‍රෝඩියුස් කරන්ට හිටියේ...බලන්න අනේ එයාට අද නිවාඩු නැති උනානේ වෙඩින් එකට එන්න...අපරාදේ නේද?"
අපරාදේ?
හුහ්...හොඳ වෙලාවට! කියල අරවින්දට හිතුනේ ලංකාවට ගොඩ බැහැපු දවසේ ඉඳන්
මාමල නැන්දලා ආන්ටිලා අංකල්ලා ඔක්කොම එයාලගේ දූ සිඟිත්තන් ව තමුන්ට ජෝඩු
කරන්ට දත කාපු නිසා.
"ඒක නෙවෙයි පුතා..."රත්නා ආන්ටි ආයෙත් පටන් ගත්තා.
"මේක ලවු මැච් එකක්ද?" ආන්ටි ඇහුවේ රහසින් වගේ.
නෑ ආන්ටි ටෙස්ට් මැච් එකක් කියල කියන්ට හිතුනත් අරවින්ද කීවේ "වෙන්නැති ආන්ටි" කියල විතරයි.
"අලවින්ද අයියේ අලවින්ද අයියේ!"
ඔන්න ඔය
වෙලාවේ තමා දෙයියෝ එව්වා වාගේ මල් කුමාරියෙක් දුවන් ඇවිත් අරවින්දගේ නිළමේ
ඇඳුමෙන් අදින්ට ගත්තේ. බහ තෝරන වයසේ හන්දා පොඩි එකීට තවම හරියට
අරවින්දගේ නම කියාගන්ට ත් බෑ.
"ඇයි රනූ බබා? මොකෝ උනේ?"
"එන්න්...නකෝ ඕ..."පොඩි එකී ෆුල් ඩම් දාලා අරවින්දගේ ඇඳුමෙන් අදිනවා.
හපොයි. මේක කඩන් වැටුනොත් හෙම වසල හමාරයි! අනිත් එක දසුනිත් ඉස්සරහ!
අරවින්ද බය උණා.
"හරි හරි අපි යමු...දැන් කොහෙද අපි යන්නේ?"
රනුලි බබා දසුනි දිහාට අත දික් කරා. "අලය ගාවට!"
හම්මේ කළින් කියන්ට එපාය! ඉබ්බා දියේ දැම්මම අර මොකද්ද කිව්වලු.
අරවින්දට එහෙම කියන්ට කටට ආවත් කිව්වේ නෑ. රත්නා ආන්ටි ඒ වෙද්දීත් එතන හිටපු නිසා.
වීරයා වගේ ආවත් දසුනි ළඟට ආ හැටියේ සුපුරුදු පරිදි අරවින්දගේ කටට අගුල් වැටුන.
හෝල් එකේ ඒ සී තිබුනට දසුනිගේ මුණට දාඩියත් දාලා.
"මේ...දසුනි මේ රනූ..." කියද්දීම රනූ අරවින්දගේ අත ගසා දාල මල් කුමාරයෙක් පස්සෙන් හූ තියාගෙන එළවන්ට ගත්තා.
හුහ් මදැයි කොලා!
"අරවින්ද අයියව එක්කන් එන්ට කියල මමයි රනුලිව එව්වේ.."දසුනි බිම බලාගෙන කිව්වා.
දසුනි මාව එක්කන් එන්න කියල රනූ ව එවල!
වෙන වේලාවකදී නම් ඒක අරවින්දට
ඉන්දියාව මැච් එකක් පැරදුනා වාගේ ඉහ වහා ගිය සතුටක් දැනෙන කාරණයක්. ඒත් මේ
වෙලේ එහෙම දැනුනේ නැත්තේ දසුනි ගෙයි අනිත් දෙවෙනි මනමාලිගෙයි මුනවල් වල
තිවුණු බය වෙච්චි පෙනුමට.
" ආහ් ඇයි දසුනි...මොකක් හරි ප්‍රශ්නයක් ද?"
අරවින්ද ඇහුවා.
"අනේ ඔව් අයියේ...අවන්ති අක්ක හොයාගන්න නෑනේ! අපි දෙන්න රූම් එකෙත් බැලුවා...සුපුන් අයියත් කලබල වෙලා ඉන්නේ"
දසුනි කියාගෙන කියාගෙන ගියා.
අවන්ති නෑ?
මගුල් ගෙදර මනමාලි නැති වෙන්ට පුලුවනිද?
අරවින්ද ට මේක මහා අපබ්‍රංශයක්.
"පොඩ්ඩක් ඉන්න...දසුනි...අපි පොඩ්ඩක් හෝල් එකෙන් එළියට යමු..."
ලා
නිල් සහ කහ පාට මල් වලින් සරසලා තිබුණු හෝල් එකෙන්, අරවින්ද දෙන්න එක්කල
හෙමීට එළියට ගියේ නෑදෑයෝ ඔක්කොම ඉස්සරහ කලබල කරන්ට හොඳ නැති හින්දයි.
"හරි ..දැන් හිමීට කියන්ට...මොකද්ද වෙලා තියෙන්නේ කියල"
දසුනි ලොකු හුස්මක් ගත්තා.
"අවන්ති
අක්කා ට ටොයිලට් යන්ට ඕනි කියල දැන් විනාඩි විස්සකට විතර කළින් රූම් එකට
ගිහින් තියෙනවා. ඒ ගියාමයි එයා කොහෙද කියල හොයාගන්ට නැහැ..."
"එයා තනියමද ගිහින් තියෙන්නේ?" අරවින්ද ඇහුවේ සාමාන්යෙන් මනමාලි ඔය වාගේ වැඩවලට දෙවෙනි මනමාලි ව එක්කරන් යන හින්දා.
"ඔවු
අයියේ...එයා සුපුන් අයියට කියල තියෙන්නේ මාත් එක්කළ යනවා කියලා. සුපුන්
අයිය ඒ වෙලේ යාලුවෝ කට්ටියක් එක්කල කතා කර කර හිටපු නිසා ඒ කලබලේ එයා දැකල
නැහැ හරියට අවන්ති අක්කා ගියේ කා එක්කල ද කියල. ගොයින් අවේ ඇඳුම අඳින්ටත්
වෙලාව ළඟ නිසා එයාල කොහොමත් රූම් එකට යන්ට ඉඳල තියෙන්නේ...එයා යාලුවෝ එක්කල
කතා කරලා ඉවර වෙලා මම හෝල් එකේ ඉන්නවා දැක්කම තමා මට කතා කරලා ඇහුවේ
අවන්ති අක්ක රූම් එකේ තනියෙමද කියල...එතකොට තමා මම දන්නෙත් එයා රූම් එකට
ගිහින් විත්තිය...මමයි නිපුනි යි එවෙලේම සුපුන් අයියත් එක්ක රූම් එකට ගිහින් බැලුවා...ඒත් ඒකෙ කවුරුත් නැහැ!"
"හරි...දැන් කෝ සුපුන්?"
"සුපුන්
අයිය රූම් එකේ... හොඳටම කලබල වෙලා...හතර අතට කෝල් දෙනවා...ඔයාට කියන්ට
කීවෙත් එයා...ජෝඩුව කෝ කියල අහපු අයට මම කීවේ ගොයින් අවේ ඇඳුම් අඳින්ට රූම්
එකට ගිහින් කියල. පවුල් වල කාටවත් මම කීවේ නැහැ මේ ප්‍රශ්නේ තවම..."
මේ වාගේ වෙලාවක කරන්ට ඕනි මොනවද කියල අරවින්දට හිතාගන්න ත් අමාරුයි.
හැබැයි හැමෝම කලබල වෙලා දඟලන්ට ගත්තොත් නම් ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා කියන එක නම් එයා තේරුම් ගත්තා.
"බය
වෙන්න එපා දසුනි...අවන්ති එහෙම නැති වෙන්ට පුළුවනි ද?...මොකක් හරි මිස්
අන්ඩස්ටෑන්ඩින් මෙතන වෙලා ඇත්තේ...අවන්ති වැරදි කාමරේකට ගියාද දන්නේ
නැහැනේ...නැත්නම් ෂුවර් එකටම සුපුන්ව බය කරන්ට අවන්ති ප්රෑන්ක් එකක් කරනවා
වෙන්ට ඇති..
ජෝඩුව පිටත් වෙන්න තව පැය දෙකක්ම තියෙනවා නේ... හරි හරි අපි කොයිකටත් දැන් යමු රූම් එකට..."
දසුනිගේ හිත හදන්ට අරවින්ද එහෙම කිව්වත් මෙතන ලොකු අලකලංචියක් සිද්ද වෙලා තියෙන වග අරවින්දට දැනුනේ ඉවෙන් වාගේ.
කොහොම
නමුත් ඔක්කොටම කලින් සුපුන් ගේ තත්වේ බලන්ට ඕනි...තමන්ගේ මගුල් දවසේ
තමන්ගේ මනමාලි එකපාරටම අතුරුදහන් උනාම මනමාලය ට මොනවා හිතේවිද?
අනික සුපුන් කොහොමත් හිත මෙළෙක් එකා.
මීට අවුරුදු ගානකට කලින් සුපුන්ව මුලින්ම මුණ ගැහුණු දවස අරවින්දට මතක් උනා...
ඉස්කෝලේ
පළවෙනි වසරේ ළමයි ඇතුළත් කරගත්තු දවස. එදත් පුංචි සුපුන් කාගෙන්දෝ
වස්වර්තියෙකුගෙන් ගුටි කනකොට අරවින්ද ගිහින් තමා බේර ගත්තේ. එදා ඉඳන්
දෙන්නා හැදුනේ එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක් වාගේ. ඇත්තටම අවුරුදු හතරකට
කලින් අරවින්ද ඔස්ට්‍රේලියාවට යන්න කලින් සුපුන්ගේ ජීවිතේ සිද්ද වෙන හැම
දෙයක්ම අරවින්දත්, අරවින්දගේ ජීවිතේ වෙන හැම දෙයක්ම සුපුනුත් දැනන් හිටියා...
ඒත්... කිලෝ මීටර් දාස් ගාණක් ඈතින් ඉන්නකොට, විශ්ව විද්‍යාලේ වැඩයි, පාට් ටයිම් වැඩත් එක්කල යාලුවාගේ දුක සැප හොයා බලන්ට අරවින්දට වැඩි කාලයක් තිබුණේ නැහැ.
අරවින්ද නැති අතරේ සුපුන් ගැන හොයල බලන්ට කෙනෙක් නැති උනාද? අවන්ති යි සුපුන් අතරේ මොකක් හරි ප්‍රශ්නයක්ද?
දහසකුත් ප්‍රශ්න අරවින්දගේ හිතට ආවේ පොඩි වරදකාරී හැඟීම ක් නැතිවමත් නෙවෙයි...
රූම් එක තිබුණේ හෝටලේ තුන්වෙනි තට්ටුවේ.
අරවින්දලා කට්ටියම උදේ ෆොටෝ ගන්න රූම් එකට ගිය හින්දා ආයේ තියෙන තැන හොය හොය ඉන්න උවමනාවක් තිබුනේ නැහැ.
තුන්දෙනාම ලොබී එක පහුකරන් ගිහින් විදුලි සෝපානය ළඟ නැවතුනේ තට්ටු දහයක උඩ ඉඳන් සෝපානය එයාල හිටපු බිම් මහලට එනතුරු.
ඔන්න ඔය වෙලාවේ තමයි ආදර්ශමත් හෙළ බොදු තරුණයෙක් හැටියට අරවින්දට අපේ පුරාණ කියමනක් මතක් උනේ.
කල දුටු කල වළ ඉහගනු!
"මේ...නංගි..." අරවින්ද මුණ එල්ලගෙන හිටපු අනිත් දෙවෙනි මනමාලිට කතාකලා.
"අපි
ඔක්කොම එක පාරට හෝල් එකේ නැති උනොත් ටිකක් හරි නෑ වගේ නේද? ම්ම්...ඔයා
යන්ට හෝල් එකට...අපිව හෙව්වොත් පොඩ්ඩක් ශේප් කරන්ට...අවුලක් ඇති බවක්
පෙන්නන්ට එපා හොඳද? අපි දෙන්න ගිහින් සුපුන්ව බලන්නම්."
ඒ කියල කට ගන්න හම්බු උණේ නැහැ සෝපානයේ දොර ඇරුනා.
දසුනි එක්කල තත්පර තිහක් තනියම සෝපානයේ යාම නිමිති කරගෙන පහළ උනු අහිංසක සතුටෙන් අරවින්ද දසුනිත් එක්ක සෝපානේ ඇතුළට ගොඩ උනා.
අවාසනාවක මහත!
සෝපානේ දොර වැහීගෙන එනකොටම, කොළඹ අවුවේ ඇවිදලා රතු උනු සුද්දෝ සුද්දියෝ රංචුවක්ම "Wait for us!" කියාගෙන පැනගෙන ගොඩ උනේ නැතැයි!
හැබැයි ඒකෙත් එක හොඳක් තිවුනා.
සුද්දෝ රොත්තට ඉඩ දෙන්න අරවින්දයි දසුනියි සෝපානේ කෙළවරටම ගියා.
දසුනි අරවින්ද ගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වුණා.
දසුනි ගල්වල තිබුණු මහනෙල් මල් මුසු වෙච්චි විලවුන් සුවඳින් පෙනහැලි පුරව ගත්තු අරවින්ද තත්පර තිහක් දෙව්ලොව ගියා!
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com21tag:blogger.com,1999:blog-8509600443809072602.post-13258885074297445442013-06-02T15:53:00.002+05:302013-06-02T16:08:05.497+05:3005. තමරුගේ කතාව (අටවෙනි සහ අවසාන කොටස )
තමරු ගේ ඇස්වලින් කඳුළු කැට කඩා හැලුනේ ඈටත් නොදැනී.
හන්තාන කඳු පාමුල රොබරෝසියා මල් වරුසා මැද්දෙන් යුවතියන් දෙදෙනෙක් ඈගේ මතකයේ කොනක ඉඳන් සිනාසුනා...
යුවතියන් වියපත් වුවත් හන්තාන හැමදාම තරුණයි..ඈ සුසුමක් හෙලුවා.
අකලංක ඔහු අතේ තිබුණු සේයාරුව නැවත වරක් පිරිමැද්දා. ඒ සේයාරුවේ ඉඳන් ඔවුන් දිහා බලන් හිටියේ උපමාලි...
"දුව..."තමරු
කටහඬ අවදි කළා. "දුව දැන් ලොකු ළමයෙක්...අපි මේ සේරම දුවගෙන් අද වෙනකන්
වහන් කරන් හිටියේ දූගේ පුංචි හිතට මේවා බර වැඩි වේවි කියල...ඒත් දැන් දුව
දන්නවා...."
තමන්ගේ උරිස්සට තුරුළු වෙලා ඉකි ගහන යුවතිය ගේ හිස ආදරෙන් පිරිමදින ගමන් තමරු කිව්වා.
දූගේ
විසි එක්වෙනි උපන් දිනේ දා හැම දෙයක්ම කියන්ට ඕනා කියල අකලංකව පොරොන්දු
කරගත්තේ තමරු මයි. නමුත් හැමදේම අහන් ඉඳල අන්තිමට දූ තමන්ව බදාගෙන අඬන්ට
පටන් ගත්තම තමුන් කරේ මෝඩ වැඩක් දෝ කියලත් තමරුට හිතුනා.
නැහැ...එහෙම කලොත් උපා ට මම ජාති ජාතිත් ණයයි. මගේ සතුට කියල මෙතුවක් කලක් මම වින්දේ උපාට අයිති සතුට...මගේ මහත්තයා...මගේ දරුවා...
තමරුගේ පපුව පිච්චිලා ගියා...ඇගේ දරුවා? උපන්දා ඉඳන් හදල වඩල පණටත් වඩා ආදරේ කරත් මේ ඇගේ දරුවාද?
තමරුට මතක් උනා අවුරුදු ගානකට කළින් ගෙවීගිය රාත්‍රියක්...
අසනි වැසි ඇද හැලුණු අඳුරු රාත්‍රියක්....
එකවර
නැගුනු උපමාලිගේ විලාපය ඇහිලා තමරු නිදි ඇඳුමෙන්ම ඒ දිහාට දුවගෙන ගියා.
ඈ අඩවන් කරල තිබුණු උපාගේ කාමරේ දොර ඇරියේ දෙවරක් නොසිතා. ඒ වෙලාවේ තමරුගේ
හිතේ තිබුනේ තමන්ගේ යෙහෙළියට උදව් වෙන්න ඕනේ කියන හැඟීම විතරයි.
තමරු දුටු දෙයින් ඈ හිරි වැටිලා ගියා.
උපා හිටියේ කෙස් වැටිය ලෙහාගෙන ඇඳ මත වාඩිවී ඉකි ගසමින්. අකලංක කිසිත් කර කියා ගත නොහැකිව අසරණ බැල්මකින් සිට ගෙන.
තමරු දුටු සැණින් උපා ඈ වෙත දිව ගෙන ආවේ බියෙන් තැති ගත්තු මුවදෙනක් වගේ.
"අනේ මාව බේරාගන්ට!" උපමාලි පැවසුවේ වෙව්ලමින්.
"අනේ උපා..."අකලංක බැගෑපත් උනා. "ඔයාට මාව ආයෙත් අමතකද වස්තුව? ඔයා මගේ වයිෆ්! මම ඔයාගේ හස්බන්ඩ්!"
උපමාලි අකලංක දිහා බැලුවේ පිළිකුලින්.
"මට ඇති හස්බන්ඩ් කෙනෙක් නැහැ!!" උපා උමතු ලෙසින් කෑගැහුවා.
ඒ එක්කම ඈ සිහි සුන්වී තමරුගේ ඇඟ මතට වැටුනා. තමරු අකලංක ගේත් උදව් ඇතිව ඈව ඇඳට වත්තන් කලේ මේ කිසිම දෙයක් වටහා ගන්ට බැරුව.
උපා ගැන බියවුණු අකලංක එවෙලේම ඈ රෝහල වෙත ගෙන ගියා.
නමුත් එයින් පසු
කවදාවත් උපා ප්‍රකෘති සිහිය ලැබුවේ නැහැ.
දොස්තරලා නම් කීවේ උපමාලි ගේ වෙනස
ඔවුන් බලාපොරොත්තු වුවක් බව.
"මේ වගේ පේෂන්ට්ස්ලා බොහොමයක් මෙහෙම එකපාරටම
හොඳ අතට හැරෙන්ට වගේ පෙනුනට ඒක තාවකාලික දෙයක්...මේක පුදුමයක් නෙවෙයි. මිස්ට අකලංක තමන්ට දොස් කියාගන්න කාරී
නැහැ...එදා ඔයාල අතර එහෙම දෙයක් නොවුනත් මිසිස් උපමාලිගේ ටියුමර් එකේ
කන්ඩිෂන් එකේ හැටියට මේ දේ වෙන්න තිබුණා" අකලංක ගේ උරිස ට තට්ටුකරමින්
උපමාලි ට බෙහෙත් නියම කල වයිද්යවරයා කාරුණිකව පැවසුවා.
ඒ
වුනත්...එදා රැයේ උපා ඔවුන් අමතක කරන්ට කළින් උපාත් අකලංකත්
එක්ව සොඳුරු මතකයක් පින්තාරු කරලා තිබුණා...ඒ බව පැහැදිලි උනේ ඊට මාස
කීපෙකින් උපාගේ වෙනසක් පෙනුණාම...
උපමාලි මවක් වෙන්න යන බව දැනගත් දිනේ අකලංක කොපමණ හැඬුවා ද? දොස්තරලා මොනවා කියුවත් හොඳ
අතට හැරෙමින් තිබුණු උපාගේ සිහිය එක්වරම නැවත අවුල් වුනේ තමන් එදා හදිසි
උන නිසා ඇතිවුණු කම්පනයෙන් කියා සිතුව අකලංක කවදාවත් තමන්ට සමාව දුන්නේ
නැහැ.
තමන්ට ලැබෙන්නට යන උතුම් පදවිය ගැන කිසිත් නිනව්වක් නැතිව ඔහේ
බලාගත් අත බලාගෙන සිටි උපමාලි දකින වාරයක් පාසා තමරු ගේ හිත කීරි ගැහුණා.
තමුන් මිත්තණියක් වන්නට යන බව ආරංචි උණු අකලන්කගේ මව අවසානයේ උපමාලිට සමාව
දී තිබුනා. නමුත් ඒ වෙන විට උපමාලි ඇයව දැන සිටියේ නැහැ...
දිනෙන් දින දුර්වල උණු උපා ගේ ජීවිතය ගැන වත්, ලැබෙන්ට සිටි දරුවා ගැනවත් වයිද්යවරු වැඩි බලාපොරොත්තු තැබුවේ නැහැ.
අන්තිමට....ඈ
පිළිසිඳ ගත් අඳුරු වැහි දිනයට හාත්පසින්ම වෙනස් හිරු එළියෙන් නැහැවුණු
රන්වන් උදයක පුංචි දූ ඉපදුනා...ඒත් ඒ අලුත් දවස බලන්ට උපා හිටියේ
නැහැ...පුංචි දූ ව විතරක් තියල උපා සදහටම යන්න ගියා...........................................................
"අම්මා..." දූ ගේ කටහඬින් තමරු නැවතත් වර්තමානයට ආව.
"අම්මා
මගේ වැදූ අම්ම නොවෙන්ට පුළුවනි...ඒත් මම දන්නේ එක අම්මයි...ඒ තමා මේ
ඉන්නේ" දූ තමරුව ආයෙත් බදා ගත්ත. "මයේ අම්ම...මාව ආදරෙන් හැදුව
අම්ම...අම්මම විතරයි!"
දූගේ කඳුළු වලට තමරුගේ කඳුළු ත් එක්වෙලා ගලාගියා. තමන්ගෙයි උපාගෙයි ආදරයේ
සලකුණ වුනු තමන්ගේ දෝණි වෙනුවෙන් ජීවිතේම කැපකරලා, තමන්ටත් ආයෙත්
ජීවිතේ දුන්නු තමන්ගේ බිරිඳ තමරු දිහා මොහොතක් බලන් හිටිය අකලංකත්, එක්ව
හඬන මව සහ දියණිය වෙත ගොස් ඔවුන් දෙන්නා තුරුල් කර ගත්තා....
හදවත්
බන්ධනයෙන් බැඳී මේ පුංචි පවුල මෙසේ එකිනෙකා ගේ උණුසුමේ වෙලී සිටිද්දී රාමු
කරවූ සේයාරුවක් ඔවුන් දෙස මෑත සිට බලා සිටියා...ඒ සේයාරුවේ සිටි දඟකාර දෑස
හිමිකාරියගේ මුවේ රැඳවී තිබුනේ ආදරණීය මන්දස්මිතයක් ....
Happy 21st Birthday Upamali!
ඒ අසලම වැටුණු උපන්දින සුභ පැතුම් පතේ ලියැවී තිබුණා...
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com9tag:blogger.com,1999:blog-8509600443809072602.post-23693579552590654452013-03-06T07:21:00.000+05:302015-04-27T13:44:21.720+05:3005. තමරුගේ කතාව (හත්වෙනි කොටස )
වෙන්ට ඇති' උපමාලි කීවේ දෑස් පියාගෙනම. <o:p></o:p>
ආවේ අද මම නිදන්නේ, මගේ වයිෆ් ලඟ කියලා කියන්ට'<o:p></o:p>
තමරුගේ හඬ යාන්තමට වෙව්ලලා ගියා.<o:p></o:p>
මේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ?'<o:p></o:p>
අද ඉන්නේ බීලා. ඒ වගේම හෙට උදේට උපාට මේ හැමදේම අමතක වෙලා තියෙන්ට පුලුවන්. ඒ
වෙලාවට ඔයාට මොනවා හිතෙයිද කියලා ඔයා කල්පනා කලාද?'<o:p></o:p>
උනොත්, මගේ ජීවිතේටම, මම
ජීවත්වෙන්නේ අද විතරයි කියලා මම හිතාගන්නම්...'<o:p></o:p>
සිරුර කාමරයේ දොරට වාරු කරගත්තා. නිතර
නිදන්ට' ඔහු ඇයට පැවසුවා.<o:p></o:p>
සෙමෙන්. ඊලඟට උපමාලි දෙස හැරී 'මම යනවා උපා' කියා කීවෙත් ඇසෙන, නෑහෙන හඬකින්. ඇගේ දෑසේ එල්වී
තිබූ, කඳුලු බිඳු අකලංක නොදැක්කාම නොවේ.<o:p></o:p>
එහි දොර තදින් වැහෙන හඬත් ඔහුට ඇසුනා.<o:p></o:p>
හදවත ගැහෙන්ට පටන් ගත්තේ වේගෙන්. තමා පසෙකින් උන් අකලංකගේ සුපුරුදු උණුසුම ඇගේ ගතට
දැනුනා. හරියට කාලෙකට පස්සේ තමන්ගේ නිවසට ආවා වගේ. තමා මේ උණුසුමට පූසියක් මෙන්
ගන්නට ඇත්ද? ඔහුගේ පිජාමා කමිසමේ බොත්තම් ගලවා ඒ තුල
මුහුන ඔබා ගැනීමේ ආසාවක් ඈ තුල හැමදාම තිබුනා. <o:p></o:p>
ඈට එක්වරම මතකයට නැගුනේ සරසවි යුගයේ ඈ හා අකලංක එක්ව
ගතකළ රාත්‍රියයි.<o:p></o:p>
තමා ගැහැණියක වූ රාත්‍රියයි.<o:p></o:p>
දුටුවේ නෑ.<o:p></o:p>
වෙත හැරී ඇයව දෑතින්ම තුරුල් කරගත්තා. ඒත් උපමාලි දෑස් විවර කලේ නෑ. තම දෑතින්
මැරෙන්ට කලින් මගේ මුණුබුරෙක් හරි මුණුබිරියෙක් හරි දැකගන්ට වාසනාවක් නැති උනු
හැටි' ඇය තමා බැලීමට පැමිනි දිනක් හඬමින් අකලංකට කියනු
උපාට මෙනේ වූවා. ඔවුන් සිතුවේ ඇගේ කල්පනාව ඒ මොහොතේ නොවූ බවයි. අකලංක සිය මවගේ හිස, ඔහුගේ උරහිස මත තබා පිරිමදිනු දුටු, ඇගේ හදවත
දහස් වාරයක් ගිණි ගත්තා කීවොත් වැරදි නෑ.<o:p></o:p>
දර්ශන, තමාගේ හිතේ කොනක යටපත්වූ, මතකයන් සියල්ල එලියට දමන බැව් ඈ
නිතරම ඔවුන්ට පැවසුවේ නෑ. ඒ මොහොතේ අකලංකගේ දෑස් වේදනාවෙන් පිරී යනු ඈ හොඳ
හැටි දුටුවා ...<o:p></o:p>
දෑසින් ගැලූ කඳුලු ඔවුන් දුටුවේ නෑ.
ඊලඟට
ඇගේ සිත තුල ඇඳී ගියේ තමරුගේ ආදරණීය මුහුන. තමාගේ සහෝදරියක මෙන්, දිවා, රෑ තමා වෙනුවෙන් වෙහෙසෙන තමරුගේ දයාබර මුහුන. දැන් මොහොතකට කලින් ඒ
දෑසේ දිස් වූයේ මොන තරම් වේදනාවක්ද? ඇය දුක්වූයේ තමන්
වෙනුවෙන්ද? අකලංක වෙනුවෙන්ද? උපාගේ
දෑස් පිරී ඉතිරී ගිය කඳුලු කපොල් ඔස්සේ ගලා යනු අකලංක අදත් දුටුවේ නෑ.
කාමරය වෙත ගිය තමරු එහි ඇලවුනේ විඩාවෙන්. ඈ හිස තැබු කොට්ටයෙන් හමා ආවේ අකලංක
හිස තබා ගත්තා.<o:p></o:p>
බියක්. ඈ කොට්ටයට මූන ඔබා ඇඳේ අනෙක් පසට හැරුනා.<o:p></o:p>
අඳුරේ ගිලුනා.<o:p></o:p>
මොහොතකින්
මුලු නිවසම පිරී ගියේ කන් බිහිරි කරවන කෑගෑසීමකින්. සිත් බියට පත් කරනා එහි වූයේ
කාමරය වෙත දුවන්නට උනා.<o:p></o:p>
"love hurts, love scars, love wounds and marks...."
ප/ලි: විශේෂ ස්තූතිය මා අමාරුවේ දමා ඉන් ගොඩ ගත් ජනුවාට. :D:D:D
Podi Kumarihamihttp://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com13tag:blogger.com,1999:blog-8509600443809072602.post-56684603047925015222013-03-02T22:48:00.000+05:302013-03-02T22:48:38.626+05:3005. තමරුගෙ කතාව - සය වන කොටස
ගෙදර යා යුතු බව පවසමින් උපමාලි දිගින් දිගටම රථය තුළ අරගල කරද්දී අකලංක රෝහල වෙත රථය ධාවනය කළේය. ඇය සන්සුන් වූයේ වෛද්‍යවරයා ලබාදුන් එන්නතෙන් පසුවය. උදෑසන පටන් සිදු වූ සෑම දෙයක්ම තමරුත් අකලංකත් අකුරක් නෑර වෛද්‍යවරයාට හෙළි කළෝය. මෙතරම් ඉක්මණින් තත්පර කිහිපයකට වුවද උපමාලිට යළි මතකය ලැබීම සුභ ලකුණක් බව ඒ සියල්ල පුදුමයෙන් අසා සිටි වෛද්‍යවරයා පැවසුවේය. බෙහෙත් මාත්‍රාව මඳක් වෙනස් කළ ඔහු තවත් උපදෙස් කිහිපයක් ලබා දී ඔවුන්ව පිටත් කර හැරියේය.
නිදා සිටින උපමාලිව දෑතින් ඔසවාගෙන පැමිණ ඇඳෙන් තැබූ අකලංක ඇගේ හිස අතගා මඳ වේලාවක් එලෙසම හිඳ නිහඬවම කාමරයෙන් පිටව ගියේය. ඔහු සිටින්නේ කෙතරම් සිත් වේදනාවකින්ද යන බව තමරුට හොඳින් වැටහුණි. එදින රාත්‍රී ආහාර ගන්නා වෙලාවේදී අවදි වූ පසුවද උපමාලි සිටියේ අකලංකව නුරුස්නා ස්වභාවයෙනි. අවම වශයෙන් සමාව ගැනීමට හෝ ඇය ඔහුට ඉඩක් ලබා දුන්නේ නැත.
නමුත් පසුවදා වන විට සියල්ල යථා තත්ත්වයට පත්ව තිබිණ. උපමාලි වෙනසක් නොමැතිව අකලංක හා තමරු සමග එක්ව හිඳ උදෑසන ආහාරය ගත්තාය. "ඊයෙ වෙච්ච දේට ඔයා මා එක්ක තරහා නෑ නේද උපා?" අකලංක විමසා සිටි මොහොතේදී උපමාලි ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. "ඇයි? ඊයෙ මොකද උනේ?"
අකලංකත් තමරුත් මුහුණින් මුහුණ බලාගත්තා මිස කිසිවක් නොකීවෝය.
මෙලෙසින් සති කිහිපයක් ගෙවී ගියේය. තමරුද රැකියාවට යාමට පටන් ගත් අතර දිවාකාලයේ උපමාලිව බලාගැනීම පිණිස කරුණාවතී එහි පැමිණියාය. ඒ අතර කිහිප වරක් උපමාලිගේ මතකයද යළිත් ලැබී නැවත නැති වී ගියේය. දෙවැනි වරට එය සිදු වූයේ ඔවුන් තිදෙනා දළදා මාළිගාවට ගොස් පැමිණි දිනයේදීය. එදින ඇගේ මතකය පැය භාගයක් පමණ යහපත් මට්ටමේ පැවතුණි. එදින ඇගේ මතකය යළි ගිලිහී ගිය මොහොතේ අකලංක එය දරාගැනීමට සමත් විය. ඔවුන් මේ වන විට තේරුම් ගෙන තිබූ ආකාරයට, එසේම වෛද්‍යවරයාද උපදෙස් දී තිබූ ලෙසට, උපමාලිගේ මතකය යළි ලබාගැනීමට සුදුසුම ක්‍රමය වර්තමානය ඔස්සේ ඇයට ඉබේම අතීතය මතක් වීමට ඉඩ සැලැස්වීම මිස අතීතය බලෙන් ඇයට සිහිපත් කරවීමට උත්සාහ කිරීම නොවීය. කිහිප විටෙක අකලංක උපමාලිගේ දෙමව්පියන්ව එහි කැඳවාගෙන ආ අතර ඇතැම් දිනෙක ඔවුන් තිදෙනාම එක්ව ඇගේ දෙමව්පියන් බැලීමට ගියෝය. එසේ ගිය එක් දිනකදී උපමාලිගේ මතකය පැය දෙකක් පුරා යහපත් මට්ටමේ පැවතුණි. කෙමෙන් කෙමෙන් ඇගේ මතකය රඳා පවතින කාලය වැඩි වීම සැම දෙනාගේම සැනසීමට හේතුවක් විය. වෛද්‍යවරයා වරින් වර ලබාගත් උපමාලිගේ මොළයේ ස්කෑන් වර්තා නැවත නැවතත් එකිනෙක පිරික්සුවේ ඉතාමත් විශ්මයෙනි. ඔහු ඒවා කොළඹ සිටිනා වෛද්‍යවරයෙකුටද පෙන්වා සාකච්ඡා කළ යුතු බව පවසා සිටියේය. ඔහුගේ අදහසට අනුව උපමාලිගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් ඇත.
දිනක් අකලංකත් තමරුත් නිවසේ නොවූ උදෑසනක උපමාලි සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටියාය. කරුණාවතී ඈ දෙස වරින් වර බලමින් මුළුතැන් ගෙයි කටයුතු වල නිරතව සිටියාය. ඇය මෙම තිදෙනාගේ කතාන්දරය අකුරක් නෑර හොඳින් දැන සිටියාය. තමරු ඒ ගැන ඇයට පවසා සිටියේ මුල් දින වලදීමය. එක්වරම උපමාලි මහ හඬින් හඬනු ඇසී කරුණාවතී වහා සාලයට දිව ආවාය. ඇය සිටියේ මැද සාලයේ කැලැන්ඩරය අසළ බිත්තියට හිස තබා හේත්තු කරගෙන හඬමිනි. ඇගේ අතේ කහ අරලිය මල් දෙකක් විය.
"අනේ ඇයි උපමාලි නෝනා, මොකද උනේ?"
"මට අද දවස කවදද කියන්න..." උපමාලි ඉල්ලා සිටියාය. මතක අමතක අතර දෝලනය වෙමින් දින ගෙවන ඇයට දින වකවානු පිළිබඳව නිනව්වක් නොවීම පුදුමයක් නැත.
"අද ඔක්තොම්බර් දොළහ නෝනේ..." උපමාලිගේ හැඬීම වැඩි විය. "අනේ, ඇයි මේ? මොකද උනේ?"
"අද අකලංකගෙ උපන් දිනේ...... කෝ එයා?"
කරුණාවතීගේ මුහුණට සිනහවක් නැගුණි. "අනේ නෝනට ඒක මතක තිබ්බද? අකලංක මහත්තයයි තමරු නෝනයි දෙන්නම වැඩට ගිහින්නේ. මං කතා කරලා කියන්නං."
ඇය දුරකථනය වෙත යාමට පා එසවූවාය. උපමාලි ඇගේ අතින් අල්ලා නවත්වාගත්තාය. "මේවා කොහෙන්ද?" ඇය අරලිය මල් දෙක පෙන්වමින් ඇසුවාය. එම වත්තෙහි අරලිය මල් ගසක් නොවූ බව ඇය දනියි.
"අද උදේ අපේ දිහෑ ගහේ ලොකු පොකුරු දෙකක් පිපිලා තියෙනවා දැකලා මං එකක් මෙහෙ අරං ආවා නෝනේ. ඔය තමරු නෝනා ඒක තමයි අද සාලේ මේසෙ වාස් එකට දාලා තිබ්බේ."
"එයාගෙ එක උපන්දිනේකදි මට මතකයි එයා අපේ ගෙදර ආවා. අපේ ගෙදරත් ඒ කාලේ තිබ්බා කහ අරලිය ගහක්. අපි ඒ මල් කඩාගෙන එදා පන්සල් ගියා. එදා අපි අපි දෙන්නා ගැන ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කළා."
"ඉන්නකො නෝනා, මං අකලංක මහත්තයට පණිවිඩේ දෙන්නං. මහත්තයා ඉක්මණට එයි," කරුණාවතී උපමාලිගේ හිස අතගා දුරකථනය වෙත ගියාය.
අකලංක පණිවිඩය ලැබුණු විගසින් එදිනට ඉතිරිව තිබූ සියලුම දේශන නවත්වා දමා ගෙදර ආවේය. උපමාලි සිනාසෙමින් ඉදිරියට පැමිණ ඔහුව පිළිගෙන සුභ උපන් දිනයක් පැතුවාය.
"මගෙ වස්තුවේ, මේක තමයි ඔයා මට දීපු හොඳම උපන් දින තෑග්ග," අකලංක ඇයව වැළඳගෙන කීවේය.
"අපි තමරුටත් කියමුද?" උපමාලි ඇසුවාය.
"ඔව්, එයාටත් හරිම සතුටු හිතෙයි." අකලංක වහා ඇයට ඇමතුමක් ගත්තේය.
ආරංචියෙන් බෙහෙවින් සතුටට පත් තමරු පෙම්වතුන් යුවළට මොහොතක් තනි වීමට ඉඩ දිය යුතු යැයි කල්පනා කරමින් තමාට එදින වැඩ රාශියක් නිම කිරීමට ඇති බවත් හැකි වුවහොත් කෙටි නිවාඩුවක් දමා සවස හතරට පමණ පැමිණෙන්නට උත්සාහ කරන බවත් පැවසීය. අකලංකගෙන් දුරකථනය අතට ගත් උපමාලිද ඈ හා කථා කළාය. "ඔන්න තමරු, පුළුවන් ඉක්මණට එන්න ඕනේ. අපි අද සෙලිබ්රේට් කරන්න ඕනේ, අකලංකගේ බර්ත්ඩේ එකනේ."
"ඒකනෙ, මේ කියනකල් මං දන්නෙත් නෑ." තමරු පිළිතුරු දුන්නාය. "ඇයි ඒක විතරක්යැ. ඔයා ගැනත් සෙලිබ්රේට් කරන්න එපැයි."
"හරි හරි, ඔන්න ඉක්මණට එන්න හොඳේ."
"හරි උපා. මං එන්නංකෝ."
උපමාලි දුරකථනය යළි අකලංක අතට දෙමින් කතා කළාය. "පව් තමරු. එයා ලොකු කැපවීමක් කරන්නේ මං හින්දා."
"ඔව් උපා. අපි දෙන්නම හින්දා. මටත් දුකයි එයා ගැන. මං තමයි මේකට එයාව පටලවගත්තෙ නිකං අපරාදෙ."
"කොහොමද අකලංක ඇත්තට මෙච්චර කාලෙකට පස්සෙ එයාව හම්බුණේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට තාම හරියට ඒ ගැන කිව්වෙ නෑ."
"දවසක් ටවුමෙදි හම්බුනා උපා. එතකොට එයා ඔයා ගැන ඇහැව්වා. මං ඉතිං ඇත්තම කිව්වා. ඒ ගමන එයාට ඔයාව බලන්න එන්න ඕන උනා. ඉතිං එහෙම තමයි එයා අපිට උදව් කරන්න ආවේ."
"අපි එයාටත් හොඳ කෙනෙක් හොයලා දෙමු අකලංක."
"මටත් ඕක හිතේ තියෙනවා. ඒත් තමරු මොනා කියයිද දන් නෑනේ."
"ඔයා දන්න හොඳ කෙනෙක් ඉන්නවද?"
"ඔව්, මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳං යාළුවෙක්. මිනිහා ඒ ලෙවල් ඉවර කරලා රට ගියා. දැං ඩිග්‍රී මාස්ටර්ස් ඔක්කොම කරලා ඇවිත් ඉන්නවා. කොළඹ ඉන්නෙ. මේ දවස් වල රිසර්ච් එකකට අපේ කැම්පස් එකට ඇවිත් ඉන්නවා මාසෙකට."
"හොඳ කෙනෙක් කියලා විශ්වාසද?"
"ඔව් උපා. මගෙ ඒ කාලෙ ඉඳලම යාළුවා. තාමත් එහෙමමයි. ලොකුකං මුකුත් හිතේ නෑ."
"මං ගැනත් දන්නවද?"
"ඔව්, මං කියලා තියෙන්නේ. තමරු ගැනත් ටිකක් දන්නවා, එයා අපිට කරන උදව් ගැන."
"අපි මුණගස්සලා බලමු."
"කොහොමද?"
"අද අපි රෑට එළියට යනවා නේද?"
"යමු."
"එයාටත් එන්න කියන්න."
"එහෙම කමක් නැද්ද?"
"කමක් නෑ."
ඉන් පසුව එළැඹුණු හෝරා කිහිපය තුළ ඔවුනට කතා බස් කරන්නට බොහෝ දේ තිබිණ. ඔවුන්ගේ අතීතය ගැන, අනාගතය ගැන, බලාපොරොත්තු සහ සිහින ගැන.
"උපා."
"ම්?"
"ඔයාට මෙහෙම වෙලාවට ඔයාට මතකය නැති වෙලාවට වෙච්ච දේවලුත් මතකද?"
"ඔව් අකලංක. මට හැමදේම මතකයි. මං හින්දා ඔයාට දුක හිතුණු වෙලාවල් ගැනත් මට මතකයි. එදා ඔයාව බංකුවෙන් තල්ලු කරලා මං බැණපු හැටි..."
අකලංක මඳ සිනහවක් පා සුරතින් අල්වාගෙන සිටි ඇගේ අත තද කළේය. "ඒකට කමක් නෑ."
"මට ඒකට ඔයාට සොරි කියන්නවත් බැරි උනා අකලංක. සොරි. මට ගොඩක් දුකයි එහෙම දේවල් වෙනවට."
"ඔයා ඒවා හිතලා කරන දේවල් නෙමෙයිනේ බබෝ. ඒකට කමක් නෑ."
"මට ආපහු හැම දේම මතක් වෙන්න ගන්න දවසට මට තියෙන ලොකුම බය ආපහු ඔයාව අමතක වෙන එක. මට ඒක දරාගන්න බෑ අකලංක. ඔයා, මට ආදරේ කරන අනිත් හැමෝම මං හින්දා විඳින දුකත් මට ඒ වෙලාවට මතක් වෙනවා. එතකොට මට හිතෙනවා මට මතකෙ නෑවිදින්ම තියෙනවනං හොඳයි කියලා."
අකලංක වහා ඇගේ මුව අතින් වැසුවේය. "එහෙම කියන්න එපා. ඔයාට දැන් ටික ටික සනීප වෙනවා. දොස්තර ඒ බව කියලා තියෙන්නේ. ඔයා හිත දුර්වල කරගත්තොත් කොහොමද අපි ඔයාව සනීප කරගන්නේ?"
"මට සනීප වෙනකල් තව කොච්චර කාලයක් බලං ඉන්නද අකලංක..." ඇය සිය හිස ඔහුගේ උරහිසට හේත්තු කරගත්තාය. "මාව ආපහු අම්මලාගෙ ගෙදර ඇරලලා ඔයා මාව අමතක කරලා දාලා වෙන කෙනෙක්ව බැඳලා සතුටින් ඉන්න අකලංක."
සුසුමක් හෙලූ ඔහු ඇගේ හිසට සිය හිස හේත්තු කරගත්තේය. "දන්නවද ඔහොම කතා කියන කොට මට ඔයාට බණින්න හිතෙනවා කියලා."
උපමාලි සිනාසුණාය. "ඉතිං බණින්න."
සන්ධ්‍යාවේ තමරු එන විටද උපමාලි යහපත් තත්ත්වයෙන් සිටියාය. අකලංක පසු වූයේ කිව නොහැකි තරම් ප්රීතියකිනි. ඒ වනවිට එදින උපමාලිට මතකය ලැබී පැය හතක් පමණ ඉක්ම ගොස් තිබූ අතර එතෙක් එය රඳා පැවති දිගම කාලය එය විය. එයට අමතරව සුමාන ගණනකින් ඔහු හා කතා නොකළ ඔහුගේ මවද දුරකථන ඇමතුමක් දී ඔහුට උපන් දිනයට සුභ පතා තිබුණි.
රාත්‍රී හතට පමණ අකලංකත්, උපමාලිත්, තමරුත් නුවර නගරයේ වූ අවන්හලක් කරා ගියහ. තිදෙනාම ප්‍රීතියෙන් කතා බස් කරමින් අඩ හෝරාවක් පමණ ගෙවා දැමූහ. ඒ වනතුරුත් අකලංකගේත් උපමාලිගේත් කුමන්ත්‍රණය ගැන තමරු කිසිවක් දැන සිටියේ නැත. එබැවින් එක් වරම ඔවුන් සිටි මේසයට පැමිණ අසුන් ගත් අමුත්තා දුටු ඇය පුදුම වූවාය.
"අකලංක, හැපි බර්ත්ඩේ මචං."
"කැළුම්! කිව්ව හැටියට මං හිතුවේ තව පරක්කු වෙයි කියලා." අකලංක මිතුරාගේ සුභ පැතුම් පිළිගනිමින් කීවේය. "මේ ඉන්නේ උපමාලි, මගෙ වයිෆ්. මේ මිස් තමරු."
"හෙලෝ!" කැළුම් ඔවුන් දෙදෙනාටම සිනාසී ආචර කළේය.
"මං දැනං හිටියෙ නෑනේ තවත් අමුත්තෙක් එනවා කියලා." එක එල්ලේ එසේ පැවසීම ආචාරශීලී නොවූවත් තමරුට එසේ නොපවසා හිඳින්නට බැරි විය.
"තමරු, කළිං කියන්න බැරි උනානේ ඔයාට. මේ මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාළුවෙක්. කැළුම්. මොරටුවෙ ඉංජිනියරිං ෆැකල්ටි එකේ ලොක්කෙක්. ගිය සුමානෙ නුවර ආවා අපේ කැම්පස් එකේ කට්ටියක් එක්ක රිසර්ච් එකකට. මගේ පරණ යාළුවා හින්දා අද ඉන්වයිට් කළා."
තමරු යන්තම් සිනාසී ඉවත බලාගත්තාය.
තවත් පැයක් පමණ ඔවුහු නොයෙක් දෑ කතා බස් කරමින් එහි රැඳී සිටියෝය. කැළුම් කීප විටක්ම තමරුව කතාවට අල්ලාගැනීමට උත්සාහ කළද ඒ සෑම විටකම ඇය කෙටි පිළිතුරු දී මග හැරියාය. අවසානයේදී රාත්‍රී නවය පසු වී වැඩි වේලාවක් යන්නට පෙරම ඇය ආපසු යාමට යෝජනා කළාය.
"උපාටත් දැන් මහන්සි ඇති අකලංක, අපි ගියොත් හොඳයි නේද?"
නමුත් අකලංක ඒ වනවිටද මඳක් බීමත්ව සිටියේය. වෙරි වන තරමටම නොවූවද, නිතර මධුවිත පානය කරන්නෙකු නොවූ ඔහුට එයද මඳක් වැඩි වී ඇති බව පෙනෙන්නට තිබුණි. මත්පැන් ඇණවුම් කරන්නට පෙර එයට කමක් නැත්දැයි උපමාලිගෙන් පමණක් ඇසූ ඔහු තමරුගේ දෙනෙතේ රැඳුණු රැවුම දුටුවේ නැත. නමුත් එය දුටු කැළුම් වීදුරු බාගයකට වඩා පානය කළේ නැත.
අවසානයේ ඔවුන් තිදෙනාව අකලංකගේ රථයෙන් නිවෙසට ගෙනැවිත් ඇරලූ කැළුම් එම රථයෙන්ම යළි අවන් හල අසළ වූ සිය නවාතැන්පළ බලා ගියේය.
තමරු පසු වූයේ කේන්තියෙන් පිපිරෙමිනි. "මොකද්ද අකලංක ඔයා ඒ කරපු වැඩේ?" ඇය නිවෙසට පා තැබූ සැණින් ආපසු හැරී කෝපයෙන් විමසුවාය.
"ඇයි, මොකද්ද මං කළේ?" උපමාලිගේ අතින් අල්ලාගෙන පියගැට පෙළ නගිමින් සිටි ඔහු ඇසුවේය.
"මේ, මට කපුකං කරන්න ලෑස්ති වෙන්න විතරක් එපා, තේරුණාද?"
"ඈ? උපා, මේ බලන්නකො මෙයා කියන කතා."
උපමාලි සිනාසෙමින් කාමරය වෙත ගියාය. "මට මහන්සියි අනේ, මාව ඕවට අල්ලගන්න එපා."
"මේ අකලංක, මට මනමාලයෙක් හොයාගන්න ඕනනං මට පුළුවං ඒක කරගන්න. ඒ නැත්තං මගෙ අම්මා අප්පච්චි ඉන්නවා මට ඒ දේවල් කරලා දෙන්න. ඔයා නිකං මහන්සි වෙන්න ඕනෙ නෑනේ."
"දැං මොකද ඔය හැටි කෑ ගහන්නෙ?"
"මොකටද අර තව මනුස්සයෙක්ට එන්න කිව්වෙ? දන්නවනං මං මේ ගමන කීයටවත් අද යන්නෙ නෑ."
"ඇයි අප්පා මං කිව්වෙ, ඒ මගේ පොඩි කාලෙ ඉඳංම හොඳ යාළුවෙක්. මේ ගොඩ කාලෙකට පස්සෙ අපි දෙන්නා හම්බුණේ ගිය සුමානේ. තව සුමාන තුනයි ඒකා මෙහෙ ඉන්නෙ. ඉතිං අද මේ ස්පෙෂල් දවසේ ඌටත් මං එන්න කිව්වා අපේ සතුට බෙදාගන්න."
"ඉතිං මට ඒ ගැන කළිං කිව්වෙ නැත්තෙ?"
"කිව්වනං ඔයා එන්නෙ නෑනේ."
"ඒක තමයි මං කියන්නෙ මේක කුමන්ත්‍රණයක් කියලා. උපා," තමරුද කාමරය දෙසට ගියාය. "ඔයත් මේ ගැන දැනං හිටියද?"
"අනේ මං කිව්වනේ, මාව ඕවට අල්ලගන්න එපා. මට නිදිමතයි."
තමරු සිය කෝපය වහා අමතක කර දැමුවාය. "හා හා, ඉන්න, දැම්ම නිදාගන්න එපා. බෙහෙත් බොන්න එපැයි." ඇයද කාමරය තුළට ගියාය.
සියලු කටයුතු අවසානයේ නිදන්නට සූදානම්ව තමරු හිස පීරන මොහොතේ උපමාලි කල්පනාකාරී හඬින් කතා කළාය. "තමරු."
තමරු ඈ දෙස හැරී බැලුවාය. "උපා, මං හිතුවෙ ඔයා නිදි ඇති කියලා."
"මට අද දවසෙම මතකෙ හොඳින් තිබුණා." උපමාලි සිවිලිම දෙස බලාගෙන කතා කළාය.
"ඔව් උපා. ඒ ගැන හරිම සතුටුයි. හෙටම ඒ ගැන දොස්තරට කියන්න ඕනෙ. ඔයාට ඉක්මණට සනීප වෙයි උපා," තමරු කාරුණික හඬින් කීවාය.
"මං හෙට නැගිටින කොට මට මේ හැමදේම ආපහු අමතක වෙලා තිබුණොත්?"
එයට පිළිතුරක් ගලපාගැනීමට තමරුට මඳ වේලාවක් ගත විය. "එහෙම වෙන එකක් නෑ උපා. අපි හැම වෙලාවෙම හොඳම දේ බලාපොරොත්තු වෙමුකො හොඳේ. අපි හිතමු හදිසියෙවත් එහෙම උනා කියලා. ඒත් කමක් නෑ, ඔයාට ආයෙත් මතකය එයි. අද දවසම මෙහෙම හිටියා කියන්නේ ඊලඟ වතාවෙදි මීටත් වැඩි වෙලාවක් ඔයාගෙ මතකය තියෙයි. එහෙම ගිහින් අන්තිමේදී ආයෙත් දවසක් එයි ඔයාගෙ මතකය හැමදාටම ඔයා ලඟම තියෙන."
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com6tag:blogger.com,1999:blog-8509600443809072602.post-48422103249164194812013-02-26T14:40:00.000+05:302013-02-26T18:01:17.410+05:3005. තමරුගෙ කතාව - පස් වන කොටස
"උපා, ඔයාට මතකද මෙතන?"
තමරු සිය මිතුරියව අවසානයේදී කැඳවාගෙන ආවේ දම් පැහැ රබරෝසියා මලින් වැසී ගිය පියගැට පෙළක් වෙතටයි. විශ්ව විද්‍යාල භූමියේ සොඳුරුතම ස්ථානයන්ගෙන් එකක් වූ එය එළිමහන් රංග පීඨයක් ලෙසින්ද භාවිතා වූ අතර, සරසවි සිසු සිසුවියන් නිරන්තරයෙන් සිය නිදහස් කාලය ගත කිරීමට එක් රොක් වූ තැනකි. තමරු, උපා ඇතුළු මිතුරියන් පිරිස එකළ පාඩම් කිරීමටද, කඩචෝරු සපමින් ඕපාදූප කියවීමටද පැමිණියේ මෙතැනටය. උදෑසන අකලංක සමගම විශ්ව විද්‍යාලය වෙත පැමිණ ඔහුගේ උදෑසන වරුවට නියමිතව තිබූ දේශනය නිම වන තෙක් උපමාලි සමග ඒ මේ අත ඇවිදිමින් ඇයට සිහිපත් කරගත හැකි කිසිවක් ගැන ඉඟියක් හෝ ලබාගැනීමට උත්සාහ දැරුවද තමරුගේ ඒ සෑම උත්සාහයක්ම ඒ වන විට ව්‍යර්ථව ගොස් තිබුණි.
"නෑ අනේ, කොහෙද මේ?" උපමාලි පඩියක් මතින් හිඳගනිමින් ඇසුවාය.
"මේ තමයි වළ. මෙතන ඉඳන් අපේ කට්ටිය කොච්චර ලස්සන නාට්‍ය කරලා තියෙනවද? මතකද, ඒ දවස් වල අකලංකත් මෙතන කොච්චර නාට්‍ය වලට හිටියද. මතක් කරන්නකො කෙල්ලෙ."
"අකලංක?"
"එයා ඔයාට තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ."
"කවුද ඒ?"
තමරුට මහා දුකක් දැනුණි. ඒ කා ගැනදැයි ඇයම දැන සිටියේ නැත. "අනේ උපා..."
"ඇයි එයා මට ආදරේ කරන්නෙ?"
"එයාට ඕනෙ ඔයා ඉක්මණින් සනීප වෙනවා දකින්න. ඔයාට අද උදේ බෙහෙත් ටිකත් පෙව්වෙ, මතකද?"
"ආ, දොස්තර මහත්තයා!" උපාගේ මුහුණ එක්වරම එළිය වැටුණි.
"දොස්තර?" තමරුට කිසිවක් සිතාගත නොහැකි විය.
"අද උදේ මට බෙහෙත් දුන්නෙ දොස්තර මහත්තයා නේද? එයා ඇත්තටම හරි කරුණාවන්තයි තමයි." උපමාලි මොහොතක් දෑත් දෙකොපුලේ තබාගෙන කල්පනා කළාය. අනතුරුව පුළුල් සිනහවකින් මුව සරසාගෙන කතා කළාය. "හරි හරි, මට දැන් තේරෙනවා. ඒ දොස්තර මහත්තයා. එතකොට ඔයා නර්ස් නේද? ඔය දෙන්නා තමයි මාව බලාගන්නෙ, එහෙම නේද?" අනතුරුව ඇගේ මුහුණ යළිත් කල්පනාවෙන් බර විය. "ඇයි මාව එහෙම බලාගන්නෙ? මට සනීප නැද්ද? මොකද්ද මට තියෙන ලෙඩේ?"
තමරු කුමන පිළිතුරක් දෙන්නදැයි නොදැන බලා සිටියාය.
"මෙතන මොනාද පෙන්නපු නාට්‍ය?" උපමාලි එක්වරම කතාව වෙනස් කළාය. මෙම අසනීප තත්ත්වය හා ගනුදෙනු කරද්දී තමා මෙවැනි දේවල් වලට පුරුදු විය යුතු බව තමරු වටහාගත්තාය.
"එක එක ජාතියේ නාට්‍ය. සමහර දාට අපේ කට්ටියම හදපුවා, රජ කතා, ජාතක කතා, ඔහොම එක එක විදිහේ ඒවා. ඔයාට මතකද එක සැරයක් නාට්‍යයකට ඔයත් ලෑස්ති උනා. අකලංක ඔයාව බලෙන්ම කැමති කරවගත්තෙ. ඔයා කැමති උනේ එහෙම නොකළොත් එයා තරහ වෙයි කියන බයට. ඒ සුමාන දෙකේ ඔක්කොම පාඩම් පැත්තක තියලා ඔයා නාට්‍යය දෙබස් තමයි පාඩම් කළේ. ඔයත් එක්ක ඉඳලා අන්තිමට මටත් දෙබස් පාඩම් හිටියා. මතකද ඊට පස්සෙ මොකද උනේ කියලා?"
"නෑ. මොකද උනේ?"
එම මොහොතේ තමරුගේ ජංගම දුරකථනය නාද විය. "හෙලෝ... ඔව් අකලංක... අපි වළේ ඉන්නෙ... හරි... එහෙනං එන්න මෙතනට..." දුරකථනය ක්‍රියා විරහිත කළ ඇය "අකලංකත් එයි දැන්," යැයි උපමාලිට කීවාය.
"ඉතින් නාට්‍යට මොකද උනේ?"
"ඔයා අන්තිම මොහොතෙදි බෑ කිව්වනෙ නාට්‍යට එන්න."
"හපෝ, මං හරි නරකයිනේ. ඉතිං මොකද උනේ?"
"අකලංකට හොඳටම තරහා ගිහිං හිටියේ. එයාගෙ ස්ක්‍රිප්ට් එක. එයයි මේන් ඇක්ටර්. එයාට ඕන උනේ ප්‍රධාන නිළියට ඔයාව ගන්න. අන්තිම මොහොතෙදි ඔයා බෑ කිව්වම එයාට හොඳටම තරහා ගියා."
"දොස්තර මහත්තයට?"
"එයා දොස්තර කෙනෙක් නෙමෙයි උපා."
"ඉතිං නාට්‍යට මොකද උනේ?"
"අන්තිමට මටයි රඟපාන්න උනේ ඒ චරිතෙ. ඔයාට දෙබස් පාඩං කරන්න උදව් වෙලා මටත් ඒවා පාඩම් හිටලනෙ තිබ්බෙ."
එක්වරම අකලංකගේ කටහඬ පිටුපසින් ඇසුණි. "දෙන්නා බර කතාවක වගේ." ඔහු පැමිණ උපමාලි අසළින් හිඳගත්තේය.
ලැජ්ජාවෙන් රතු වූ මුහුණ බිමට හරවාගත් ඇය තමරුට මඳක් ආසන්න වූවාය. අකලංක ඇයට කැමැත්තෙන් පසු වූ මුල් දිනවල උපමාලිගේ හැසිරීම අකලංකටත් තමරුටත් යළි සිහිපත් විය.
"මොනවා ගැනද දෙන්නා කතා කර කර හිටියේ?"
"අපිට අවුරුදු හයක දේවල් තියෙනවනේ මතක් කර කර කතා කරන්න, නේද උපා?" තමරු ඇසුවාය.
"අවුරුදු හයක්?"
"ඔව්, අපි මේ කැම්පස් එකේ අවුරුදු හයක්ම හිටියනේ. අර පේන්නේ," ඇය ඈතින් දිස් වූ නේවාසිකාගාර ගොඩනැගිල්ල වෙත අත දිගු කළාය, "අපේ හොස්ටල් එක."
"මං හිතුවේ අද තමයි අපි මුළින්ම මෙහෙට ආවේ කියලා."
තමරුත් අකලංකත් මුහුණින් මුහුණ බලාගත්තෝය. අනතුරුව අකලංක කතා කළේය. "එන්නකෝ, අපිට බලන්න තව තැනක් තියෙනවා."
ඔවුන් ඇවිද ගියේ සුන්දර සරසවි භූමිය මැදින් ඇදී ගිය මහවැලි නදිය වෙතටය. ඇහැළ මලින් වැසී ගිය මාවත් දිගේ අතිනත් පටලාගෙන ඇවිදින යොවුන් ආදරවන්තයෝ සිය ආචාර්යවරයා දැක වහා මෑත් වෙමින් ඔවුනට ඉඩ දුන්නෝය. අකලංකගේ කතාව කලා පීඨයේ ආචාර්ය මඬුල්ලේ සියල්ලෝම මෙන්ම ඇතැම් සිසු සිසුවියන්ද දැන සිටියෝය. එය ඔවුන් තුළ ඔහු කෙරෙහි ඇති ගෞරවය තව තවත් වැඩි වීමට හේතුවක් විය.
මහවැලි නදිය පෙනෙන මානයේ වූ බංකුවක් අසළට පැමිණි අකලංක නතර විය. ඒ වන විට මහත් වෙහෙසට පත්ව සිටි උපමාලි වහා ඒ මතින් වාඩි විය.
"අකලංක වාඩිවෙනවද?" තමරු ඇසුවාය.
"නෑ තමරු, ඔයා වාඩි වෙන්න. වාඩි වෙලා මං මේ උපාට කියන දේවල් ඇහෙන් නෑ වගේ ඉන්න."
තමරු සිනාසුණාය. "ඉතිං මං අහකට යන්නංකෝ. වාඩි වෙලා දෙන්නත් එක්ක ඕන දෙයක් කතාකරගන්න." ඇය ඉවතට යාමට සූදානම් වුවද උපමාලි වහා ඇගේ අතේ එල්ලුනාය.
"නෑ තමරු, ඔයත් ඉන්න. නැත්තං මේ පොඩි එකෙක් එහෙම දැක්කොත් හරි නෑ," අකලංක කීවේය.
එවර උපමාලි අසළින් බංකුවේ වාඩි වූ තමරු ගල්කැට අහුරක් අතට ගෙන ගලා යන නදියේ රැළි අතර සැඟවී යන ලෙසින් ඒ එකින් එක විසි කරන්නට වූවාය.
"උපා ඔයාට මතකද මෙතන?"
"නෑ ඩොක්ටර්."
"ඩොක්ටර්?" අකලංක තමරු දෙස බැලුවාය.
"එයා හිතං ඉන්නෙ ඔයා එයාගෙ ඩොක්ටර්, මං නර්ස් කියලා." තමරු පැහැදිලි කළාය.
අකලංක යළි උපා වෙත හැරුණේය. "මං ඩොක්ටර් නෙමෙයි උපා. මං ඔයාගෙ අකලංක."
"මගෙ? අකලංක?" උපා වදන් වෙන වෙනම උච්ඡාරණය කළාය.
"ඔව්. ඔයාට මතකද, ඔයා මුළින්ම අපි දෙන්නා ගැන ඔයාගෙ ගෙදරට කියපු විස්තරේ ඇවිත් මට කිව්වෙ මෙතන ඉඳන්."
"අපි දෙන්නා ගැන ගෙදරට කිව්වා? මං? ඇයි ඒ?"
"ඔයයි මමයි යාළුයි කියලා."
උපා තමරුගේ උරහිසින් ඇද්දාය. "මෙයා ඇත්තද මේ කියන්නේ?" ඇය තමරුගෙන් ඇසුවාය.
"ඔව් උපා."
"දොස්තර මහත්තයා මාව කළිං ඉඳන් දන්නවද?"
අකලංක නැවත කෙළින් වී ඉවතට හැරුණේය. තමරු උපමාලි දෙසට හැරුණාය. "උපා, මම අර ඉස්සල්ලා කිව්වෙ වළේ නාට්‍ය ගැන, ඔයාට කැමැත්තෙන් හිටපු, ඔයාට ආදරේ කරපු අකලංක ගැන. මේ එයාමයි."
"ඉතිං ඒ නාට්යෙ අන්තිමට රඟපෑවෙ ඔයානේ."
"අනේ දෙයියනේ," තමරු හිස දෑතේ හොවාගත්තාය. අකලංකද හිස දෙපසට වැනුවේය.
"මට මේ මුකුත් තේරෙන් නෑ අනේ." උපමාලි රැළි කරගත් නළල අතගෑවාය.
අකලංක යළිත් ඈ වෙත නැඹුරු විය. "උපා, ඔයාට කියන්න පුළුවන්ද මට දැන් හිතෙන දේ?" උපමාලි ඔහු දෙස බලා සිටියාය. "මගෙ ඇස් දෙක දිහා හොඳට බලලා කියන්න."
"දොස්තර මහත්තයා දුකෙන්." උපමාලි මඳ වේලාවක් ඔහුගේ දෑස් දෙස බලා හිඳ කීවාය.
"මම දොස්තර මහත්තයා නෙමෙයි, අකලංක - ඔයාගෙ අකලංක."
"අක-ලංක - දුකෙන්." ඇය වදන් එකින් එක ගැලපුවාය.
"මං දුකෙන් ඉන්නෙ ඇයි කියලා දන්නවද?" ඔහු ඇගේ දෑස් මට්ටම තෙක් පහත් වී අසළ වූ ගසකට පිට දී ඇණ තියාගත්තේය.
උපමාලි නැතැයි කීමට හිස දෙපසට වැනුවාය.
අකලංක ඇගේ දෑතින් අල්ලාගන්නට උත්සාහ කළේය. නමුත් ඇය ප්‍රවේශමෙන් සිය දෑත් යළි මුදාගත්තාය. "ඔයාට කොහොමද උපා මාව අමතක වෙන්නෙ? මගෙ ආදරේ අමතක වෙන්නෙ? මෙතන අමතක වෙන්නෙ?"
"මෙතන?" උපමාලි හිස හරවා වටපිට බැලුවාය.
"ඔව්? මතකද?"
උපමාලි යළි ඔහු වෙත හැරුණාය.
"මතකද?" අකලංක යළි ඇසුවේය.
උපමාලි දිගටම ඔහුගේ දෙනෙත් දෙසම බලා සිටියාය. කෙමෙන් එම දෑසට කඳුළු උනා ආවේය.
අකලංකගේද දෙනෙත් රත් පැහැ ගැන්වෙන්නට පටන්ගත්තේය. "ඔයාට මතකයි නේද උපා? එදා මෙතන - "
"අනේ මට... මුකුත් මතක නෑ....." උපමාලි ඉකිබිඳිමින් හඬන්නට වූවාය.
අකලංක වහා ඇගේ දෑතින් අල්ලාගත්තේය. "කමක් නෑ මගෙ වස්තුවේ, අනේ අඬන්න එපා..." ඔහු කතා කළේද අපහසුවෙනි. තවත් එතැන හිඳිය නොහැකි වූ තමරු නැගිට දෑස් පිසදමමින් ගං ඉවුර වෙත ඇවිද ගියාය.
අකලංක උපමාලිගේ දෑත් අතගාමින් ඇයව සනසන්නට උත්සාහ කළේය. "සොරි උපා. අනේ අඬන්න එපා... මගෙ මැණික... උපමාලි..."
ඇගේ ඉකිබිඳීම එක් වරම නතර විය. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
"මොන දේ උනත් මං ඔයා ලඟම ඉන්නවා... ඉතිං අඬන්න එපා..." ඔහු තමරුගෙන් හිස් වූ බංකුවේ අනෙක් පස හිඳගෙන උපමාලිව තුරුළු කරගත්තේය. ඇය එයට විරෝධයක් නොපා සිටීම ඔහුගේ මහත් සැනසීමට හේතු විය. අවම වශයෙන් ඇයට එම මතකයෙන් හෝ එදින ඉතිරි හෝරා කීපය ඔහුට ආදරය කිරීමට හැකි වනු ඇත. එක් වරක් තමරු සිටින දෙසත් අවටත් වෙත නෙත් යොමු කළ අකලංක එක් වරම පහත් වී උපමාලිගේ දෙතොල් සිය දෙතොලින් ස්පර්ශ කළේය. අනතුරුව සෙමෙන් ඈ වෙතින් මෑත් වූ ඔහු ඈ කිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි ඇගේ මුහුණට එබී බැලුවේය. නැවතත් කඳුළු උනා එන දෑසින් ඔහු දෙස බලා සිටි ඇය ඔහුගේ උරහිසේ මුහුණ හොවාගත්තාය. "අකලංක... මගෙ අකලංක..." ඇය ඉකිබිඳින හඬ ඇසුණි.
"මගෙ වස්තුවේ..... ඔයාට මතක් උනාද?" අකලංක ඇයව තුරුළු කරගෙන ඇසුවේය.
"ඔව්....... ඔයා මට පළවෙනි හාදුව දුන්නෙ මෙතනදි..."
අකලංක ඇගේ හිස අතගෑවේය. ඔහුගේ දෑසින්ද කඳුළු ගලමින් තිබුණි. "ඔයාට සනීපයි....."
"අදත් එදා වගේ ප්ලෑන් කරලද මේක කළේ?" උපමාලි හිස ඔහුගේ උරහිසේ සඟවාගෙනම කතා කළාය.
අකලංක කඳුළු අතරින් සිනාසුනේය. "ඔව්."
"එහෙනං මට එදා කියපු එකම තමයි කියන්න තියෙන්නේ."
එක් වරම තමරුගේ කටහඬ ඇසුණි. "අකලංක, ළමයි කට්ටියක් මේ පැත්තට එනවා." ඇය ඔවුන් දෙදෙනා සිටි දෙසට හැරුණාය. පෙම්වතුන් යුවළ එකිනෙකාට තුරුළු වී සිටිනු දුටු ඇයට දෑස් අදහාගත නොහැකි විය. ඇගේ මුහුණ සිනහවකින් පිරී ගියේය. "උපා?"
නමුත් ඊලඟ නිමේශයේ ඈ ඇසිපිය හෙළා බලනා විට අකලංක සිටියේ බංකුව පාමුලය. ඔහු දුහුවිලි පිසදමමින් නැගී සිටිනා අතරේ උපමාලි වහා තමරු වෙත දිව ආවාය. "නර්ස්, මේ පිස්සු දොස්තරට කියන්න තමුංගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න කියලා!" ඇය තමරුට මුවා වෙමින් අකලංක වෙත දබරැඟිල්ල දිගු කරමින් චෝදනා කළාය.
අකලංක වෙව්ළන යටි තොල විකාගෙන උපමාලි දෙස මොහොතක් බලා හිඳ කලිසම් සාක්කුවේ වූ ලේන්සුව පිටතට ගනිමින් ආපසු හැරුණේය.
"ගෙදර යං." ඔහු බිඳුණු හඬින් පවසනු ඇසුණි.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com10tag:blogger.com,1999:blog-8509600443809072602.post-78440972497269727452013-02-22T10:28:00.000+05:302013-02-22T10:29:13.694+05:3005 තමරුගෙ කතාව - සිව් වන කොටස
තමරු හා අකලංක විහාර මහා දේවී උද්‍යානයේ හමුව කතාබස් කළ දින සිට මේ දක්වා සිදු වූ සිද්ධි දාමය දෙස බලන්නෙකුට එය අනුපමේය මිත්‍රත්වයක් උදෙසා සැපයිය හැකි කදිම පූර්වාදර්ශයකැයි සිතිය හැකිය. අසනීපයෙන් පසු වූ සිය මිතුරියව මුල් වරට දුටු දිනයේ තමරු සිය කඳුළු වළක්වාගෙන සිටියේ ඉමහත් අපහසුවෙනි. ඒ උපමාලිත්, ඇගේ අසරණ මව්පියනුත් වෙනුවෙනි. සිය එකම දියණිය තමාව නොහඳුනන බව දැනගත් මුල්ම දිනයේ හෘදයාබාධයකට ලක් වූ උපමාලිගේ පියාද ඒ වන විට සිටියේ බෙහෙවින් දුර්වලවය. උපමාලිගේ මවගේ සිතේ දිරිය නිසාම නොවන්නට මෙය කිසිසේත් තනිවම කරගෙන යා හැකි අරගලයක් නොවීය. මෙම අසරණ පවුලට ඇති එකම පිහිට අකලංක බව තමරු වටහාගත්තාය. තමා මෙයට මැදිහත් විය යුතුදැයි අමුතුවෙන් සිතන්නට දෙයක් ඇයට තිබුණේ නැත, තමරු ඒ වන විටත් එය තීරණය කොට හමාරය. මේ සිටින්නේ සරසවි දිවියේ සය වසරක් පුරා සිය ප්‍රාණ සම මිතුරිය වී කඳුළත් සිනහවත් එක්ව බෙදාගත් තැනැත්තියයි. එම මිතුදම කෙමෙන් දුරස් වී ගියේ කාගේ අතපසු වීමෙන්දැයි නොදත්තද එය එසේ සිදුවීමට ඉඩ දීම ගැන තමරු සිය දහස් වැනි වතාවටද පසුතැවිලි වූවාය. මේ එළැඹ තිබෙන්නේ එය නිවැරදි කරගැනීමට අවස්ථාවයි.
එම තීරණය සිතෙහි දරාගෙන එදින එම නිවසින් පිටත් වූ තමරු නැවතත් ඉන් දෙමසකට පසු අකලංක සමග එහි පැමිණියේ උපමාලිව කැටුව යාමටය. අකලංක ඒ වන විට කිහිප විටක්ම පැමිණ උපමාලිගේ මව සමග කතාබස් කොට මේ සඳහා ඇගේත්, පියාගේත් අනුමැතිය ලබාගෙන තිබුණි. තමරු සිය රාජකාරි ස්ථානයෙන් නුවරට මාරුවක් ලබාගත්තේද, අකලංක නුවරින් නිවසක් කුලියට ගත්තේද ඉන් පසුවය.
"අම්මා පොඩ්ඩක්වත් බය වෙන්න එපා, අපිට මෙහෙම කරන්න වෙන්නේ උපාගෙම හොඳට, අම්මා දන්නවනේ?" අකලංක කඳුළු සලමින් සිටිනා මව අස්වසන්නට නැවත නැවතත් උත්සාහ කළේය.
"මාත් ඉන්නවනේ නැන්දේ. මාමවයි උපාවයි දෙන්නවම බලාගන්න නැන්දට තනියම බෑනේ. අනික අපි දැන් යන තැන ටවුමෙන් ටිකක් ඇතුළට වෙන්න තියෙන හරි නිස්කලංක තැනක්. උපාට හොඳයි එහෙම තැනක ඉන්න එක. හොස්පිට්ල් එකටත් ලඟයිනේ," තමරුද එකතු කළාය.
"නුවරට මෙහෙ ඉඳන් ඒ හැටි දුරකුත් නෑනේ. ඕන වෙලාවක අම්මට ඇවිල්ලා උපාව බලලා යන්න බැරියැ. එන්න ඕන උනාම කියන්නකො, මං ඇවිත් අම්මවයි අප්පච්චිවයි එක්ක යන්නම්. කොහොමත් අපි උපාව මාසෙකට සැරයක්වත් ගෙදර එක්කං එන්නං."
"අර අත් උදව්වට එනවයි කිව්ව ගෑණු එක්කෙනා විශ්වාසද?" අවසානයේදී මව කඳුළු පිසගෙන ඇසුවාය.
"ඔව් අම්මේ. අපෙ කැම්පස් එකේම ප්‍රොෆෙසර් කෙනෙක් තමයි හොයලා දුන්නේ. එයාගෙ බබා පුංචි කාලෙදි බලාගත්තු ආයම්මා. ඒ පැත්තෙමයි ඉන්නේ. දවල් වරුවට ඇවිත් යන්න එනවා, රෑට අපි දෙන්නම ඉන්නවනේ." අකලංක කීවේය.
"මං උපා ලෑස්තිද බලලා එන්නං," තමරු නැගිට උපමාලිගේ කාමරය වෙත ගියාය.
"පුතේ," උපමාලිගේ මව අකලංකව ඇමතුවාය. "මං දන්නවා පුතා මගෙ දරුවට හුඟක් ආදරේ බව. තමරු දූත් එහෙමයි. පුතාල මේ හැමදේම කරන්නේ මගෙ දූට තියෙන ආදරේට බවත් මං දන්නවා. ඒත් පුතේ..." ඇය නැවතත් කඳුළු සලන්නට වූවාය, "මගෙ කෙල්ල මට බරක් නෙමෙයි..." අකලංක මෙම සැලැස්ම පිළිබඳව මුල් වරට හෙළි කළ දිනයේද ඈ පැවසූවේ මෙම වදන් ය.
"අපි දන්නවා අම්මේ. අපි උපාව එක්ක යන්න හදන්නේ එහෙම දෙයක් නිසා නෙවෙයිනේ ඉතිං. දොස්තරලා කිව්වා මතකද එයාට පහුගිය සිද්ධි ගැන ආයෙ ආයෙත් මතක් කරලා දෙන කොට මේක සමහරවිට හොඳ අතට හැරෙන්නත් පුළුවන් කියලා? මායි තමරුයි කරන්න හදන්නෙ ඒක. තමරු උදව්වට ආවෙ නැත්තං මට මේක කරගන්න වෙන්නෙ නෑ අම්මෙ."
උපමාලිගේ අතින් අල්ලාගෙන ඇගේ ගමන් මල්ලද අනෙක් අතින් ඔසවාගෙන තමරු කාමරයෙන් එළියට ආවාය.
"අපි කොහෙද යන්නෙ?" කිසිවෙකු දෙස හෝ නොබලා එසේ විමසූ උපමාලි අනතුරුව ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස හොඳින් බැලුවාය.
"අපි යන්නෙ ඔයාගෙ අළුත් ගෙදරට." අකලංක තමරු අතින් බරැති ගමන් මල්ල අරගන්නා අතර පැවසුවේය.
"කවුද අපි?"
"ඔයයි, මමයි, තමරුයි..."
"කවුද තමරු?" උපමාලි හිස පසෙකට ඇල කරමින් ඇසුවාය.
"මමනෙ," තමරු පිළිතුරු දුන්නාය.
"එතකොට ඔයා කවුද?" උපමාලි එක එල්ලේ අකලංකගෙන් ඇසුවාය. ඔහුට පිළිතුරු දීගත නොහැකිව හදවත සිර වන පැනය එයයි. එම වදන් සැබැවින්ම ඔහුට දරාගත නොහැක.
"මේ දෙන්නම මගෙ පුතාගෙ හොඳම යාළුවො. ගිහිං ටික දවසක් ඒගොල්ලොත් එක්ක ඉඳලා එන්නකෝ..." ඇගේ මව ඇගේ හිස අතගාමින් පවසා යළිත් වරක් කඳුළු පිසදාගත්තාය.
"මං - මං අප්පච්චිට කියලා එන්නං," බෑගය අසළ පුටුව මතින් තැබූ අකලංක වහා ඇතුළු කාමරය වෙත ඇවිද ගියේය.
"අප්පච්චියි අම්මයි එන්නෙ නෑ?" උපමාලි ඇසුවාය. ඈ ඒ විමසා සිටියේ ඈ එදින උදයේ හඳුනාගත් මවත් පියාත් පිළිබඳවය. සෑම උදෑසනකම තමාට බෙහෙත් දෙන්නට පැමිණෙන්නේ තමාගේ මව බව ඇය ඉගෙනගන්නීය. ඒ සෑම විටෙකම ඇගේ පියා ගැනද ඇයට සිහිපත් කරන්නට මව අමතක කරන්නේ නැත. අකලංකගේ වදනින් ඇයට නැවතත් ඔවුන් දෙදෙනාව සිහිපත් විය.
"අපි එන්නංකෝ දෝණිව බලලා යන්න."
සිය මිතුරියගේ මව පසුවන්නේ කෙතරම් වේදනාවකින්දැයි වටහාගැනීමට තමරුට අපහසු වූයේ නැත. ඇය සෙමින් කතා කළාය. "නැන්දේ, මට එක පුංචි උදව්වක් ඕනේ."
"කියන්න පුතේ. ඔය දරුවො මේ කරන උදව් වලට..." ඇයට ඉන් එහා කතා කරගත නොහැකි විය.
තමරු එක් අතකින් උපමාලිගේ අතින් අල්ලාගෙන සිටින අතරේ අනෙක් අතින් ඇගේ මවගේ අත අල්ලාගත්තාය. "නැන්දේ, මං අපේ අම්මලාට කියලා තියෙන්නේ මං නුවරට මාරුව හදාගෙන ඇවිත් උපාලගෙ දිහා නවතිනවා කියලා, ඒ කියන්නේ මෙහෙ. අම්මලා මෙහෙට කතා කළොත් එහෙම ඔන්න මාව බේරගන්න පුළුවන් නේද?"
"අනේ ඇයි දරුවෝ ඉතිං එහෙම බොරු කරන්නේ? හැබෑවටම මෙහෙ නතර වෙලා මේ වැඩේ කරන්න බැරිද?"
"ඒක අමාරුයි නැන්දේ. අනික නැන්දට තවත් වැඩ වැඩි වෙනවා එතකොට. ඉස්පිරිතාලෙට එක්ක යන්න එන්න උනත් ලේසියිනෙ අපි දැං යන තැනට ගියාම."
අකලංක ඒ මොහොතේ ආපසු ආවේය. "අපි යමුද එහෙනං? බෙහෙත් ටිකත් ඔක්කොම ගත්තා නේද තමරු?"
"ඔව්. නැන්දේ අපි ගිහිං එන්නං එහෙනං." තමරු දණ නමා ඇයට වැන්දාය.
"තුණුරුවන්ගෙ පිහිටයි පුතේ. අනේ මේ දරුවගෙ අප්පච්චි අසනීප ගානෙ නැත්තං අපි දෙන්නත් අද එනවා එහෙ ඇවිත් යන්න."
"ඒකට කමක් නෑ අම්මේ. අප්පච්චිට ඔය මේ අවුරුද්දට දෙවෙනි වතාව සෙම ඇවිස්සුනු. පරිස්සං වෙන එක හොඳයි. අප්පච්චි සනීප උනාම මං ඇවිත් අම්මවයි අප්පච්චිවයි එක්ක යන්නංකෝ එහෙ," අකලංකද ඇයට වැන්දේය. ඒ දෙස බලා සිටි උපමාලිද ඈ පාමුල දනින් වැටුණු මොහොතේ ඇගේ මව හඬ නගා ඉකිබිඳින්නට පටන්ගත්තාය. "තුණුරුවන්ගේ පිහිටයි මගෙ දරුවන්ට. මේ වගේ යාළුවො ලබන්න පිං කරලා තියෙන මගෙ දෝණිට ඇයි මෙහෙම උනේ?" උපමාලිගේ හිස සිපගනිමින් ඇය කඳුළු සැලුවාය.
පෙර පටන්ම අනෙකෙකුගේ කඳුළු දෙස බලා සිටිය නොහැකි වූ උපමාලිද කඳුළු සලන්නට පටන්ගත්තාය. "අම්මා අඬන්න එපා. මං ට්‍රිප් එක ගිහිං ඉක්මණට එන්නං."
කාමර දෙකකින් යුත් කුඩා නිවසේ එක් කාමරයක් උපමාලිට හා තමරුටත්, අනෙක් කාමරය අකලංකටත් වෙන් විය. ඔවුන් එන තෙක් එහි බලා සිටි කරුණාවතී අම්මා නිවසේ මුළුතැන්ගෙයි කළමනා ඇති තැන් තමරුට පෙන්වා නැවත පසුවදා උදෑසනින්ම පැමිණෙන බව පවසා නික්ම ගියාය. ඇය සැබැවින්ම කරුණාවන්ත තැනැත්තියක වීම තමරුගේ සැනසීමට හේතු විය. අකලංක සොයාගත් තැනැත්තිය සැබැවින්ම තමා හා ඔහු රැකියාව සඳහා පිටත්ව ගොස් නැවත එන තෙක් උපමාලිගේ සම්පූර්ණ වගකීම බාර කළ හැකි තැනැත්තියකදැයි ඇගේ සිතේ එතෙක් තිබූ සැකය පහව ගියේය.
රාත්‍රී ආහාරයෙන් පසුව උපමාලිගේ බෙහෙත් සියල්ල පරීක්ෂා කර බලා නියමිත බෙහෙත් ලබා දුන් තමරු කාමරයේ වූ ඇඳන් දෙකම සකසා මදුරු දැල් දැමුවාය. උපමාලිගේ දෑස් ඒ වනවිටත් නිදි බරව තිබුණි. බෙහෙත් සැර හේතුවෙන් ඇයට බොහෝ සෙයින් නිදි මත දැනෙන බව තමරු දැන සිටියාය.
"උපා, ඔයාට මහන්සිත් ඇතිනේ. නිදාගන්න. අපිට හෙට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා." මාරුව ලබා ආ නව ශාඛාවේ වැඩ බාර ගැනීමට නියමිතව ඇත්තේ එලැඹෙන සඳුදාය. එබැවින් තවත් තෙදිනක්ම ඇයට නිදහසේ කල් ගෙවිය හැකිය.
එහෙත් උපමාලිගේ නිදිබර දෑස් තුල කල්පනාකාරී බවක් ගැබ්ව තිබුණි. "කෝ, ට්‍රිප් එකක් කියලා අපි ආවේ නිකම්ම ගේකටනේ? මං හිතුවේ කඳු නගින්න, ගඟේ පීනන්න එහෙම ඇති කියලා."
තමරු සිනාසුණාය. "අපි හෙට යංකෝ හොඳ ට්‍රිප් එකක්."
"කොහෙද?"
"ලස්සන තැනකට. ඔයා ගොඩාක් ආදරේ කරපු තැනකට," තමරු සිනහවෙන්ම කීවාය.
"කොහෙද කියන්නකො."
"ගියාම බලමුකො."
උපමාලි අලි ඈනුමක් ඇරියාය.
"දැන් නිදාගන්න උපා. මං ලයිට් ඕෆ් කරන්නං. ගුඩ් නයිට්."
කාමරයේ විදුලි පහන් නිවා දැමූ තමරු සාලයේ විදුලි පහන්ද නිවා දැමීමට සිතා පිටතට පැමිණියද ඒ වන විටත් ආලින්දයට යොමු වූ ඉදිරිපස දොරටුව විවර වී ඇති අන්දම ඇය දුටුවාය. ආලින්දයේ ඇඳි පුටුවට බර දී අකලංක ගැඹුරු කල්පනාවක නිරතව සිටියි.
"අකලංකට තේකක් හදලා ගේන්නද? දුර ඩ්‍රයිව් කරලා මහන්සිත් ඇති නේද?" ඇය එදෙසට යමින් ඇසුවාය.
"ඕන නෑ තමරු. ඔයා නිදාගන්න." ඔහු නොසෙල්වීම පිළිතුරු දුන්නේය.
"ඇයි මේ හැටි කල්පනාව? අපි මේ කරන දේ ගැන සැකයක් දැනෙනවද?" ඇය උළුවස්සට හේත්තු වූවාය.
"එහෙම දෙයක් නෑ තමරු. මේක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒකෙ සැකයක් නෑ."
තමරු කිසිවක් පැවසුවේ හෝ ඇසුවේ හෝ නැත. අකලංකගේ සිතට වද දෙන කුමන හෝ කරුණක් ඇති බව පමණක් ඇයට වැටහුණි.
අවසානයේදී සුසුමක් හෙලූ අකලංක කතා කළේය. "මං උපා ගැන ඇත්තම කිව්වා අපෙ අම්මලට."
"අම්මලා දැනගෙනනේ හිටියේ උපාට අසනීපයි කියලා."
"මං එයාව දැනටම බැඳලා බවත් කිව්වා."
එය මුළින්ම ඇසූ මොහොතේදී තමා තුළද ඇති වූ විශ්මය මුසු කම්පනය ඇයට සිහිපත් විය. "ඉතිං?"
"නැත්තං ඔය කොච්චර කිව්වත් අම්මලා මට මනමාලියො හොයන එක නතර කරන්නෙ නෑ."
"ඉතිං මොකද අම්මලා කිව්වෙ?"
"බැන්නා."
"ඒවා හරි යයි අකලංක. අම්මලාට ඔය තරහා අමතක වෙනවා."
"දැං සුමාන දෙකක ඉඳං මා එක්ක කතා කරන්නෙ නෑ අම්මයි, අප්පච්චියි, අක්කයි ඔක්කොම. අක්කගෙ මහත්තයා - සමන්ත අයියා විතරයි මාව තේරුං ගත්තේ. ඕන උදව්වක් තිබුණොත් කියන්න මල්ලි, පුළුවං දෙයක් කරන්නං කියලා කිව්වෙ එයා විතරයි."
තමරුට මේ ආදරණීය ආදරවන්තයා ගැන සැබැවින්ම පුදුම සිතුණි. "ඒ ගැන වැඩිය හිතන්න එපා අකලංක, ඒ හැම දේම හරි යයි. ඔයා දන්නවනේ ඔයා කරන්නෙ හරි දෙයක් කියලා."
"ඔයගොල්ලන්ගෙ ගෙදරින් මොකද කියන්නෙ ඔයාගෙ කසාදෙ ගැන?"
"ආයෙනං මට මනමාලයො හොයන්න එපා කියලා තමයි මං නුවරට මාරුව හදාගෙන ආවෙ," තමරු සිනාසුණාය.
අකලංක ඈ දෙස බැලුවේය. "ඔයා ලොකු කැපකිරීමක් මේ කරන්නේ තමරු. මං එදත් කිව්වා වගේ ඔයාට පින් දෙන්න වචන මගෙ ලඟ නෑ."
"ඒක මගේ සතුට අකලංක. උපා ඔයා එක්ක යාළුවෙන්න කළින් මගේ යාළුවා උනේ."
"අම්මලාට මාව තේරුං ගන්න බැරි උන එක ගැන මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මේ වෙලාවෙදි මාව වැඩියෙන්ම ඕන කරන්නේ උපාට. එයාටයි, එයාගෙ අම්මලටයි මේ වෙලාවෙදි උදව් කරන්න වෙන කවුරුත් නෑ. ඒ නැතත් එයා මගෙ බිරිඳ. එයාට මාව මතක නැති උනත් මට එයාව හොඳට මතකයි."
සිය මිතුරිය සැබැවින්ම පින්වන්තියක බව තමරු වටහාගත්තාය. ඇය උළුවස්ස වෙතින් මෑත් වී නැවතත් ගෙතුළට හැරුණාය. "නිදාගන්න අකලංක. හෙට උදේ ලේක්චර්ස් නේද?"
"ඔව්, හෙට උදේ වරුව විතරයි. හෙට කැම්පස් එකට යනවා කියලා උපාට කිව්වද?"
"තැන කිව්වෙ නෑ. එයා ගොඩක් ආදරේ කරපු තැනකට යනවා කියලා විතරයි කිව්වේ."
"ඒක හොඳයි."
"ගුඩ් නයිට් අකලංක."
"ගුඩ් නයිට්."
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttp://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.com0tag:blogger.com,1999:blog-8509600443809072602.post-64649247057317386782013-01-31T04:25:00.000+05:302013-01-31T04:28:48.899+05:3005. තමරුගේ කතාව - තුන්වන කොටස
විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපස කොළඹ නගර ශාලාවට මුහුණ ලා වැඩ හිඳිනා යෝධ බුදු රුවෙහි පසුපස විටින් විටින් විට හමා එන සුළඟින් ඒ මේ අත සෙලවෙන නුග ගසේ අතුඅතරින් දර්ශනය වුවද තණ බිස්සේ අතු පතර විහිද ගිය අඹ ගසක සෙවණේ වූ දැව පටි වලින් තැනුනු අසුනේ හිඳ සිටි යුවතියට ඒ දෙසම ඇසි පිය නොහෙලා බලා සිටිය ද ඒ කිසිවක් පෙණුනේ නැත.
ඇය සිත් තුල රිදුම් දුන්නේ එපමණ සුවිසල් ගැටළුවකි. අකලංක සහ උපමාලි අතර ඇති ගැටළුව කුමක්ද?.ඔහු විවාහාපේක්ෂිත මනාලයෙක් ලෙස ඇගේ නිවසට පැමිණ ආපසු යද්දී ඔහුගේ දුරකථන අංකය කඩදාසි කැබැල්ලක ලියා ඈ අත තබා බැගෑපත්ව ඉල්ලා සිටියේ එක් වරක් ඔහුට ඈ හමුවී කරුනු පැහැදිලි කිරීමට ඉඩ ලබා දෙන ලෙසය. පසුදින මුළුල්ලේ බොහෝ සේ කල්පනා කිරීමෙන් අනතුරුව ඇය තීරණයකට එළඹියාය.අකලංකගේ එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේප කිර්‍රිමෙන් වන සුගතියක් නැත.
අවම වශයෙන් උපමාලීට සිදුවූයේ කුමක්ද යන්න සැක හැර දැනගත හැක්කේ අකලංකගෙන්ම පමණි.ඊයේ ඇය බොහෝ වරක් උපමාලිගේ ජංගම දුරකථනයට ඇමතූ නමුදු පටිගත කල පණිවිඩයකින් ඒ හැම විටම කියවුනේ ඒ අංකය තව දුරටත් සේවයේ නොපවතින බවකි.උපමාලිගේ නිවෙසට ඇය කිහිපවරක් විශ්ව විද්‍යාලයෙහි නිවාඩු සමයෙහි ගොස් තිබූ නමුදු ඇගේ නිවසේ දුරකථන අංකය ජංගමයේ මතක ගබඩාවෙහි තිබුණේ ද නැත. පසුගිය වසර ගණනකින් ඔවුන් හමුවී නොමැත. උපමාලී සමඟ වූ සමීප සබඳතාවය ඉබේම වාගේ දුරස්ව ගිය අතර තමරු දහස්වන වාරයටත් ඒ එසේ වීමට ඉඩදීම ගැන තමාටම දොස් පවරා ගත්තීය.
ෂෙහ්...උපා ගැන අහන්ට වත් කෙනෙක් නැහැනෙ......අකලංක දුන් දුරකථන අංකය දෙස දහස් වන වරටත් හොරැහින් බලමින් ඇය තමන්ටම කියා ගත්තාය.
මොන කෙහෙල්මලක්ද?....ඇයි මම බය වෙන්නෙ?...මම කාටවත් වරදක් කරල නෑනෙ..හිටපංකො..මේකෙ දෙකින් එකක් බේරගන්ට...
ඇය අංක හත එකින් එක එබුවාය.
" හෙලෝ?...."
" ඔව්..කවුද මේ?......"
ඒ අකලංකද?
" මේ..ඔය අකලංකද?....."
" ඔව්......."
" අකලංක මම තමරු……"
" ආ……''
ඉනික්බිති දුරකථනය දිගේ ගලා ආවේ නිහැඬියාවකි.ඉන්පසු අකලංක කතාකලේ කතා නොකර බැරිකමට වගේ කියල තමරුට හිතුනෙ ඇයි?
" තමරු...එදා මම ඔයාට කිව්වට මට කතා කරන්න ඉඩදෙන්න...කරුණාකරල මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න කියල පස්සෙ ඒ හැඟීම් බර තත්වයෙන් මිදිල යථාර්තවාදීව මේ ප්‍රශ්නෙ දිහා බැළුවම මට තේරුන ඔයාට මේ වෙච්ච දේවල් ඔක්කොම කියන එක මම ඔයාට කරන ලොකු අසාධාරණයක් කියල.ඔයා මේකට ගාව ගන්න එක කොහොමවත් සදාචාරාත්මක නෑ. ඒ නිසා මම තීරණය කලා ඔයාව හම්බ නොවෙන්න. කරුණාකරල මාව වරදවා තේරුම් ගන්න එපා...ප්ලීස් "
තමරු ටික වෙලාවක් කතා නොකර හිටියෙ කතා කලොත් මොනව කියවෙයිද කියල තමරුටම හිතාගන්න බැරි නිසා...තරහ ගියාම තමරුගෙ කන් දෙක රතු වෙනව. මේ වෙලාවෙ නම් කන්දෙක විතරක් නෙවෙයි මුලු මූණම ජම්බෙ වගෙ රතු වෙල ඇති කියලයි එයාට හිතුනෙ...දැඩි නිහැඬියාව මැද ගෙවිල ගියා. තත්පර දහයක් ..විස්සක්...තිහක්...හතලිහක්...පණ.....
" තමරු ඔයා ඉන්නවද? … "
" අකලංක කරුණාකරල මට තව පොඩි වෙලාවක් දෙන්න. නැත්නම් මේ මට ඇවිත් තියෙන කේන්තියෙ හැටියට මම මොනව කතාකරයිද කියල කියන්න බෑ….."
තවත් විනාඩියක් විතරම තමරු එහෙම්මම හිටිය . දුරකථනය උකුලෙ තියාගෙන...ඊට පස් සෙ කතාකලා අකලංකට...
" අකලංක.... '
" තමරු මේ......"
" වචනයක්වත් කියන්න එපා අකලංක...කරුණාකරල මම මේ කියන ටික හොඳට අහගන්න. උපා කියන්නෙ මගෙ හොඳම යාළුව....එතකොට ඔයා ඇවිල්ල උපාගෙ ප්‍රේමවන්තය.ඔය දෙන්න මම දන්න කාලෙ බොහොම ආදරෙන් හිටිය. උපා ඔයාට පණවගේ ආදරේ කලා. එතකොට හිටි හැටියෙ ගහෙං ගෙඩි එන්න වගෙ ඔයා මෙන්න එනව අපෙ ගෙදර මගෙං බුලත් හෙප්පුව ගන්ට.ඒ කරල මම උපාට මොකද උනේ කියල ඇහුවම මම ඒ විස්තර ඔක්කොම කියන්නං කියල ඔයාගෙ නොම්මරේ මට දෙනව.මම දැන් ඔයාට කතා කලාම ඔයා වෙනම කතාවක් කියනව. මේ විස්තර මට කියන එක මට කරන අසාධාරනයක්ලු. මට මේකට සම්බන්ධ වෙන්න එපාලු...අරකද මේකද?...."
" තමරු ප්ලීස්...."
" මේ අකලංක මම කතා කරල ඉවර නෑ..පොඩ්ඩක් අහගෙන ඉන්න මම කියන දේ…."'
තමරු කිව්වෙ දත්මිටි කාගෙන...
" හරි හරි කියන්න..කියන්න.... "'
අකලංකගෙ හඬේ තිබ්බෙ පරාජිත බවක්ද?
" හරි මට වැඩි දෙයක් කියන්න නෑ...මට ඔයාව හම්බවෙන්න ඕන...හම්බවෙලා මට ඔයාගෙ කටින්ම දැන ගන්න ඕන උපාට මොකද උනේ?...ඔයා මේ රට හැමතැනම මනමාලියො බල බල යන එකේ තේරුම මොකක්ද කියල...ඔයා ඒ සම්පූර්ණ විස්තරේ අකුරක් නෑර කිව්වට පස්සෙ...මම තීරණය කරන්නම්...ඔව් අකලංක ඒක තීරණය කරන්නෙ... මම තමරු...ඔයා නෙවෙයි...මම තීරණය කරන්නම් මේ ප්‍රශ්නෙට මම මැදිහත් වෙනවද? එහෙනම් ඒ කොයි විදිහෙන්ද කියල..ඒ නිසා කරුණාකරල මට ඔයාව හම්බ වෙන්න වෙලාවක් සහ තැනක් විතරක් කියන්න...එච්චරයි..."
තැනින් තැන දුඹුරු පැහැවී හේබාගිය තණ පිටිය හරහා වැටුණු හතරැස් සුමට ගල් ඇල්ලූ පෙත්මඟ දිගේ පැමිණෙන කිසිවකුගේ පියවර හඬ කෙමෙන් උස්ව නැඟෙන්නට විය.ඒ කවරෙකුදැයි විපරම් කරන්නට හෝ ආපසු නොහැරුණු තමරු දිග සුසුමක් හෙලා දෑස් වසා ගත්තාය. කිසිවකු ඉතා සෙමින් පියවර තබමින් පැමිණෙනු මෙන්ම ඒ පැමිණි තැනැත්තා තමා හිඳ සිටි අසුනේම අසුන් ගනුද දැනුනු මුත් තමරු දෑස් පියාගත්වනම පසුවූවාය.
අඹ ගසේ අතුපතර විහිද හමා ආ සුළං රැල්ලක් ඇගේ කෙහෙරල අවුල් කරලීය. එහෙත් ඇය දෑස් වසාගත්වනම පසුවූවාය. ඒ සුළංරැල්ලෙන්ම ගිලිහුනු අඹ මල් රේණුවක් පලමුබ ඇගේ නළල් තලය මත පතිතව අනතුරුව ඇකය මත රැඳුනේය. එහෙත් ඇය දෑස් වසාගෙනම පසුවූවාය. අවසන ඇය හඬ අවදි කලේද දෑස් වසාගෙනමය.
" අකලංක හරි කියන්න..ඔයාට කියන්න තියෙන ඔක්කොම කියන්න..අපේ ගෙදර ආපු දවසෙ ඔයා මගෙන් ඉල්ලුවෙ එහෙමනෙ.මට ඔයා එක්ක කියන්ඩ කතාවක් තියෙනව... ඒක අද කියන්ඩ බැරි, මුණ ගැහිල දීර්ඝව කතා කළ යුතු දෙයක්... මේ ඔයාගෙම වචන.....හරි දැන් කියන්න "
ඇය දෑස් පියාගත්වනම ළයමත දෑත බැඳගත්තාය.නොදැනුවත්ම සිදුවුවද ඒ ඉරියව්ව ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් බව අචේතනිකව හැඟවීමක් බව කෙදිනකහෝ කියැවූ මිනිස් චර්යාවක් පිළිබඳ ලියැවුණු පොතක සඳහන්වූ බව ඇයට හදිසියේම සිහිවූයේ මඳ සිනහවක් දෙතොලඟට එක් කරවමිනි.
" මම උපාව බැන්ද...... "
අකලංකගේ ආරම්භක වචන තුන මෙතෙක් පියාගෙන සිටි ඇගේ දෑස් විවර කරවීය.ළයමත බැඳගෙන හුන් දෑත ඇකය මත වැටිණි. වහා ඔහු දෙස හැරුණු ඇය විසල් කොටගත් දෑසින් යුතුව ඔහු දෙස බලා සිටියාය.
" මොකක් කිව්ව?....ඔය දෙන්න බැන්ද?...උපා මට නිකමටවත් ....ඉතිං එහෙමත් තියෙද්දිද ඔයා මේ මනමාලියො බලන්ට යන්නෙ?..කෝ දැන් උපා? …"
එකපිට එක නිකුත් වූ ඇගේ ප්‍රශ්න වැලට පිළිතුරු වශයෙන් ඔහු කලේ ඈ දෙස හෝ නොබලා දෑත මතට බරකරගත් හිසින් යුතුව දිගු සුසුම්ක් හෙලීමයි
" අපිට බඳින්ට සිද්ද උනා.කිසි කෙනෙක් දන්නෙ නෑ ඒක. නිසංසලා මතකද?...නිසංසලා විතරයි දන්නෙ...ඒකත් එයා සාක්කියට අත්සන් කරපු නිසා...උපා ඔයාට කිව්වෙ නැත්තෙ ඔයා දොස් කියන බව දන්න නිසා…"
" දැන් ඔයාලගෙ ගෙදර අය එතකොට උපාලගෙ අම්ම එහෙම මේ ගැන දන්නවද?....."
හැඟීම් වැර වෑයමින් පාලනය කොටගත් තමරු විමසූයේ සුරති නලල පිරිමදිමිනි. උපාට නිකමටවත් මට කියන්න තිබුණා. සිතෙහි උපමාලි පිළිබඳ හටගත් නොපහන් හැඟීම යටපත් කිරීමට ඈ උත්සාහ ගනිමින් සිටියාය..මොනව උනත් මට කියන්න තිබ්බ....අපි දෙන්න හොඳම යාළුවො…..
" අපි බැන්දයි කියල දන්නෙ නෑ. ඒත් අපෙ අම්ම ඒ වගේම උපාලගෙ අම්ම දෙන්නම මේ ගැන දන්නව…"
" එයාල විරුද්ධ උනාද?...."
" නෑ එහෙම විරුද්ධ වෙන්න හේතුවක් තිබුනෙ නෑ...අපි ලබන අවුරුද්දෙ උත්සවේ ගන්නයි හිටියෙ…"
" ඉතිං? "
ඇය ඇසූයේ නොඉවසිල්ලෙනි.
" උපාට දැන් මාස දෙකකට විතර ඉස්සරවෙලා උණක් හැදුන...උන බහින්නෙම නැතිනිසා හොස්පිටල් ඇඩ්මිට් කලා…"
අකලංක පලමු වරට එක එල්ලේ ඇය දෙස බැලූයේ ඔහු ඊලඟට පවසන්නට යන කරුණෙහි ඇති වැදගත්කම ඇයට අවධාරණය කරවන්නට මෙනි.
" මොලේ ස්කෑන් එකක් කලා අන්තිමට ..උපාගෙ මොලේ ඇබ්නෝමල්ටි එකක් තියනව කියල ඩොක්ටර්ල ඩයග්නෝස් කලා. "
" ඉතිං මොකද දැං වෙලා තියෙන්නෙ?...අකලංක කියන්න ප්ලීස් "
තවත් ඉවසා සිටිය නොහැකි වූ ඇය කෑගැසුවාය.
අකලංක ඇය දෙස වරක් බලා නැවත නලලට අත තබා හිස බිමට නැඹුරු කොට ගත්තේය. ඔහු කතා කලේ කොඳුරන්නාක් මෙනි.
" උපාට කිසිදෙයක් මතක නෑ තමරු...ඇම්නීසියා කියන්නෙ අන්න ඒ අසනීපෙ...එයාට මතක තියෙන්නෙ එක දවසක් විතරයි.අද මතක තියෙන්නෙ ඊයෙ සිද්ද වෙච්ච එව්ව විතරයි. හෙට මතක තියෙන්නෙ අද වෙච්ච එව්ව විතරයි.."
" මගෙ දෙයියනේ......."
දෑස් තරව පියාගත් තමරු හිසෙහි අත් ගසාගත් වනම හිඳ සිටි බංකුවෙහි ඇන්දට හේත්තු වූවාය.
දෙනෙත් පුරා පිරීගිය උණු කඳුලු බොහෝ වේලාවක් ඇසි පිය යටම රැඳී තිබිණි, අනතුරුව නෙතඟින් ඉවත ගලා ගිය කඳුළු බිඳු එකිනෙක පසුපස කොපුල් තල ඔස්සේ ගලා ගොස් ඇගේ ඇකයට පතිතව සැඟව ගියේය.
" දොස්තරල කියන්නෙ මතකය ආයෙම සම්පූර්ණයෙන් එන්නත් පුළුවන්, කොටසක් එන්නත් පුළුවන් ඔය විදිහට හැමදාමත් තියෙන්නත් පුළුවන් කියල.මෙහෙම වෙන්නෙ ඇයි කියලත් හරියටම තාම හේතුවක් හොයාගෙනත් නැතිලු. කරන්න පුලුවන් එකම දේ උපාව සන්තෝසෙන් තියන එකයි එයාගෙ ජීවිතේ පහුගිය සිද්ධීන් ගැන නිතරම එයාත් එක්ක කතා කරන එකයි විතරයි ...සමහරවිට එහෙම එයාට ගොඩක් කිට්ටුවෙන්ම හිටපු අය නිතරම එයා එක්කම ඉඳල පහුගිය සිද්ධීන් ගැන කතාකරනකොට මතකය ආපහු එන්නත් ඉඩ තියනවලු..ඒත් ඒ ඔක්කොම අනුමාන විතරයි..එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..."
" තමරු ඔහොම ඉන්න...මම ගිහිල්ල අපිට බොන්න මොකවත් ගේන්නම්..."
අකලංක නැඟී සිටියේය. තවමත් කඳුලින් බොඳව ගිය දෑසින් යුතුව ඈ හිස වනා එකඟත්වය පල කලාය.ඇත්තටම ඔහු එසේ ඉවත්ව නොගියේනම් තව මොහොතකින් ඇය ඔහුගෙන් මෙසේ ඉල්ලීමක් කරන්නට බොහෝ සේ ඉඩ තිබිණි. අකලංක ප්ලීස් චුට්ටක් මට තනියම ඉන්ට ඉඩ දෙනවද? මට විනාඩි දහයක් තනියම ඉඳල මේ දුක විඳගන්න ඕන....
දෙපස රත් පැහැ බෝගන්විලා මල් වැවුණු පෙත් මඟ දිගේ පා තබමින් ඔහු නොපෙනී ගිය වහාම හිස පහත් කරගත් ඇය හඬ නඟා හැඬුවාය.ඉකි බිඳිමින් හැඬුවාය. සිතෙහි තෙරපී බුබුළු ලමින් ඉහළට නැඟ එන අනේක දුක් දොම්නස් සංතාපයන් දෙනෙතින් පිටකර හරිමින් ළය විරේක කරගැන්ම ඉටා ගත් සේ හඬ නඟා ඉකිබිඳ හැඬුවාය. අවසන තවත් හැඬීමට කඳුලු ඉතිරි නොවූ කල දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තීය.
අකලංක සිසිල් බීම බෝතල දෙකක්ද රැගෙන පැමිණියේ ඇය එසේ හඬා අවසාන වූ පසුවය. ඔහු බොහෝ විට ඇය හඬා අවසාන වනතෙක් බලා සිටියා විය හැක. ඒ එසේ වුවද ඇය ඒ පිළිබඳව තැකීමක් නොකලාය. එසේ ඇය හඬා අවසන් වනතෙක් ඔහු බලා සිටියේ නම් ඇත්ත වශයෙන්ම ඔහුට ස්තූතිකලයුතු බව ඇය සිතා ගත්තාය.
" දැන් මොකද අපි කරන්නෙ අකලංක?..... "
සිසිල් බීම උගුරු කිහිපයක් පානය කල පසු ඇය ඇසුවාය. මොකද ඔයා කරන්නෙ යනුවෙන් නොව ඇය ඇසූයේ මොකද අපි කරන්නෙ යනුවෙන් බව ඔහුට වැටහුනද ඔහු ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකලේය.
" අපෙ අම්මල මට බඳින්නෙයි කියල බල කරනව. එයාල දන්නෙ නෑ අපි බැඳල කියල.අනික අපේ පවුලෙ අක්කයි මායි විතරයි. ඉතින් අම්මට වැරැද්දක් කියන්නත් බෑ. "
" එතකොට ඔහොම මනමාලියො බලන්න ගිහිල්ල මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නෙ? "
" මම හිතාගෙන ඉන්නෙ අම්මගෙ හිත සනසන්න මෙහෙම යනව. ඒ එක්කම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොත් හොඳයි. එහෙම නොවුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. "
" එතකොට උපාට මොකද වෙන්නෙ? "'
" උපා මගෙ බිරිඳ..මම එයාව කවදාවත් තනි කරන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි එයාට මාව ඕනම කරන වෙලාව…මම කොහොම හරි එයාව සනීප කර ගන්නව"
අකලංකගේ හඬෙහි වූයේ දැඩි අධිෂ්ඨානයකි.
The Notebook
තමරුට එකවරම මතකයට ආවේ එනමින් යුත් නවකථාවයි. උපාගේ ප්‍රියතම නවකථාව වූ එය පිළිබඳව සරසවි නේවාසිකාගාරයේ නිදන කාමරයේ සිට ඔවුන් දෙදෙන සහස් වරක් කථා කරන්නට ඇත.
" නෝවා තමයි මම හිතන විදිහට මේ ලෝකෙ හොඳම ආදරවන්තයා.එහෙම ආදරයක් ලබන්න ...විඳින්න නම් හුඟාක් පින් කරල තියෙන්න ඕන. ඇලී ගැන මට ඊරිසියයි "
එහා ඇඳේ විට්ටමට හේත්තුකරගත් කොට්ටයට හිස තබාගෙන The Notebook පොත කියවමින් සිට එක්වරම දිදුලන දෑසින් යුතුව උපමාලී පැවසූ අයුරු සිහිකල තමරුගේ දෑස නැවතත් කඳුලින් වැසිණි.
" අනේ මෙහ්..බුදියගනිං...උඹේ නෝව එයි රෑට හීනෙං උඹ හොයාගෙන...නෝවෙක් ගැන ඔයාකාර හිතන්නෙ...ඇයි අර අකලංකයද මොකාද ඌ හොඳ නැද්ද?...."
තමරු පැවසුවේ උපාට පිටුපා හිසේ සිට දෙපතුල දක්වා පොරෝනයෙන් වසා ගනිමිනි.
ඒ අකලංක උපමාලි ගැන උනන්දුවක් දක්වන බව ඔවුන් දෙදෙනාටම වැටහෙමින් තිබුණු මුල්දින කිහිපය විය.
" නෑ එහෙම නෙවෙයි අකලංක හොඳයි ඒත් මම වඩාත්ම කැමති අකලංක නෝවා වගේ වෙනව නම්…"
එම නවකථාවෙහි වූයේද වයස්ගතව මතකය අහිමි වන තම බිරිඳ වෙනුවෙන් ඔවුන්ගේ ආදර කථාව ඇයට ඇසෙන සේ කියවන සදාදරණීය සැමියකුගේ කතාවකි.
" තමරු දන්නවද උපාගෙ ෆේවරිට් නවල් එක මොකක්ද කියල......"
අකලංකගේ හඬින් ඇය නැවත වර්තමානයට පිවිසියාය.
ඔහු කතා කලේ මෙතෙක් කතාකල පරාජිත ස්වරයෙන් නොවේ.ඒ හඬෙහි වූයේ දැඩි අධිෂ්ඨානශීලී බවකි.
" The Notebook...උපා දවසක් මා එක්ක කිව්ව මම කැමතියි අකලංක ඔයා නෝව වගේ වෙනවනම් කියල..ඔව් උපා මම ඔයා වෙනුවෙන් නෝවා කෙනෙක් වෙනව……"
Ravihttp://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com2tag:blogger.com,1999:blog-8509600443809072602.post-71836412569461564372013-01-23T15:57:00.001+05:302013-01-23T16:00:31.078+05:305. තමරුගේ කථාව (දෙවන කොටස) - ආදරයක අරුම
සමහර කෙනෙකුට ජීවිතයේ ගලා යෑම සිතට දනවන්නේ සැනසිලිදායක පහසුවකි. කුඩා වයසේදී දෙමව්පියන් සෙවනේ ඒ ඒ කාලයට ලැබිය යුතු භෞතික මෙන් ම මානසික සැපයුම් ද නොඅඩුව ලැබ, පාසල් අධ්‍යාපනයත් විධිමත් ව ලබා, උසස් අධ්‍යාපනය අවසානයේ වැදගත් මෙන් ම සිත් ඇද බැඳ ගන්නා රැකියාවක් ලැබීම එවන් සැනසිලිදායක ගලායාමක් ඇති ජීවිතයක ස්වභාවය යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. නුමුදු එයින් මත්තට ගෙවිය යුතු වැඩිහිටි ජීවන සමය ගෙවා ගන්නට සුදුසු අත්වැලක්, සුදුසු කාලයේදී ම හිමිවීම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? එය ජීවිතයේ පැවැත්මට ඉතාමත් ම තීරණාත්මක සාධකයක් නොවන්නේද? එතෙක් කල් සැහැල්ලුවෙන් ගලා ගිය ජීවන නදිය, අලංකාර මිටියාවතක් මැදින්, තවදුරටත් සන්සුන් ව ගලා යන්නේද, නැතහොත් විසල් ගල් පර්වත කැබලි මැදින්, හෝ හෝ නදින් හඬා වැටෙමින්, රිදවා ගනිමින්, ගලා බසින්නේ ද යන්න තීරණය කරන්නා වූ තීරණාත්මක සාධකය අනාගත සහකරු හෝ සහකාරිය ම විය හැකිය.
උපමාලි හා අකලංක................. තමන් ඉදිරි ජීවිත කාලයත් අලංකාර මිටියාවතක් මැදින් ගලා යන සන්සුන් ජීවන නදියක පාව යන්නට අවැසි සාධක සපුරා ගත් බව හිත පිරී ගිය සතුටින් සිතන්නට වූවෝය.
විශ්ව විද්‍යාල සමයේ මුල් වරට හඳුනාගත්තද, දුටු මුල් ම නිමේෂයේදීම තමන් දෙදෙන එයට පෙර සිට දැන හඳුනා සිටි බවක් දෙදෙනාට ම දැනුනු බව ඔවුන් එකිනෙකා හා පවසා ගත්තේ මිතුරුදම තවත් දැඩි කරමින් පෙම්වතුන් ලෙසින් එක් වී ද මසක් දෙකක් පමණ ගතවූ පසුවය. එවකට දෙවන වසරේ ශිෂ්‍යයන් වූ ඔවුන් සිය අධ්‍යාපන කාර්යය නොපිරිහෙලා ඉටු කරගනිමින්, එකිනෙකා වෙනුවෙන් උපන් අසීමිත ස්නේහයේ රසය විඳිමින් කාලය ගත කලේ ජීවිතය මෙතරම් මිහිරි විය හැක්කේ කෙසේ දැයි විස්මිත ව සිතමිනි.
“අම්මේ..........................“
නිවාඩුවට ගම පැමිණි වරෙක උපමාලි කල් යල් බලා, සිය මව් ඇමතුවාය. ඇගේ ස්වරයෙන් ම ඇය පවසන්නට යන දෑ කුඩා කල සිට ම වටහා ගැනීමේ හැකියාවෙන් යුතු වූ මව්, දියණිය පවසන්නට යන දෑ දැන දැන ම ඇය වෙත පිළිවදන් දුන්නාය.
“මොකෝ චූටි දුව............. මං අහගෙන ඉන්නේ කියන්න“ පලා මිටියේ පලා කොල සීරුවට සකසමින් ම ලාලනී ඉස්කෝලේ හාමිනේ පවසා සිටියාය.
“අම්මේ............. අපේ කැම්පස් එකේ කෙනෙක්............. මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං.... මේ අම්මාට ඒ ගැන කියන්නත් එක්කමයි............... මෙච්චර ඉක්මනට මේ පාර ආවේ................“ පොල් ගෙඩියේ ඇස්ස රහිමින් සිටියා වුවද, දූ කරන්නේ හොර ගල් ඇහිලීමක් බව ඉස්කෝලේ හාමිනේට රහසක් නොවුනි.
“හ්ම්............... ඒකත් එහෙමද? ඔය කිව්වට ඒ ළමයා බලාපොරොත්තුවෙන් ඉන්නවා පමණක් නෙවී............. ඔයාත් කැමතියි නේද? දැන් සම්බන්ධෙට කොච්චර කලක් වෙනවද?“ ඉස්කෝලේ හාමීනේ දුව දෙස එක එල්ලේ බලමින්, ඈ ඇහිලු හොර ගල් සියල්ල අල්ලා විසිකොට දැමුවාය.
උපමාලිගේ සවන්පත් රත් ව දුම් විසිවන සෙයක් ඇයට දැනින. පොල් ගෙඩිය අත හැරි ඇගේ ම කකුල මතට වැටින. එය ඉතාමත් වේදනාකාරී සිදුවීමක් වුවද ඇයට එය නොදැනුනු තරම් විය.
“අනේ... අනේ... ගෑණු ළමයා........... මොකද ඔච්චර බය වෙන්නේ? මං කිව්වානේ කැම්පස් යද්දීම... ඔය කාලෙට ඔය වගේ දේවල් ඇති වනවා තමයි. දැන් පුංචි ළමයි නෙවීනේ............... ඒ ළමයාට කියන්න වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්ට එන්ට කියලා... කෑම ටිකක් එහෙම කාලා තාත්තා එක්කත් කථා බහ කරලා එහෙම යන්න බැරියැ“යි සිනා සලමින් පැවසුවා මිසක සිය මෑණියන්, අකලංකගේ වතගොත තබා නමවත් නොඇසීම ගැන උපමාලි පුදුමයට පත් වූවාය. ‘සමහරවිට අම්ම සේරම ඕන කරන දේවල් හොයාගෙන ද දන්නෙත් නැහැ‘
“ඔයාට නං විහිළු. මට නං බයේ බැහැ අනේ. අපේ තාත්තා වෙලාවකට හිතන දේවල් මොනවද කියලා හිතා ගන්න බැහැ“ සිදුවීම අසා සිටි අකලංක පෑ විසුළුවකින් අමනාපයට පත් වූ උපමාලි කියවන්නට වූවාය.
“ඉතිං?............ ඉතිං මොකද? ඔයාගේ තාත්තා විතරක් නෙමෙයි ළමයෝ........ හා හොදයි ඔයාට පුළුවන් ද දැන්, මේ දැන් මං හිතන්නේ මොනවද කියලා කියන්න“යි කියූ අකලංක උපමාලි දෙස නෙත් නොසලා බලා සිටියේය.
ඔහු දෙස බැලූ ඈ එමොහොතේ ඔහු සිතන්නේ කුමක්දැයි දස අතේ කල්පනා කරන්නට වූවාය. නුමුදු එක පිළිතුරක් ගැන සිතා ගන්නට ඇයට නුපුළුවන් විය. ගත වූ තත්පර කිහිපය තුල ම එකිනෙකා දෙස නෙත් නොසලා බලා සිටිනා අතරේ එක් වනම ඉදිරියට නැමුනු අකලංක උපමාලිගේ තඹරුවන් වර්ණයෙන් යුතු වූ තොල් පෙති සිප ගත්තේ ඇයට සිතන්නටවත් ඉඩක් නොතබමිනි.
සැනෙන් ඔහු ව ඉවතට තල්ලු කර දැමු උපමාලි තිගැස්සි වෙව්ලමින් මෙන් නැගී සිටියාය.
“මොනවද අනේ මේ කරන විකාර වැඩ? කවුරු හරි දැක්කා නං එහෙම.........“
“හෙහ්... හෙහ්... කොහේ දකින්නද ළමයෝ............ එහෙනං මං ඔයාව මෙතැනට එක්කං එනවද?“යි වටපිට බලමින් සිනාසෙමින් පවසන අකලංකගේ සිත තමන් ඇත්තට ම නොදන්නේ නොවේදැයි උපමාලිට සිතිණ.
“ආ........... ආහ්........... එහෙනං මෙයා මේක ප්ලෑන් කරලා කරපු වැඩක්............. හරි ම නරකයි අකලංක..... හරි ම නරකයි... ඔයා මාව රවට්ටන්න හිතුවා......“ උපමාලිගේ සිත සැබවින් ම රිදී ඇති වග වටහා ගත් අකලංක කණගාටුවට පත්විය.
“ඔය ඉතිං........... දැන් ඇත්ත ම කියන්න......... ඔයා මං කරපු වැඩේට ඇත්තට ම අකමැත්තෙන් ද ඔය කෑ ගහන්නේ.........“උපමාලිගේ අතින් අල්වා තමන් ලඟින් වාඩි කරවා ගත් ඔහු ඈ දෙසට නැඹුරු වෙමින් අසා සිටියේය. එවර උපමාලි විගස ඉවත බලා ගත්තාය.
“ජයසේන ජයකොඩිගේ ගෝතම ගීතය පොතේ තියෙනවා ඔයාලාගේ ඔය වැඩේ ගැන කියැවෙන ඡේදයක්... දෙයියනේ කියලා ඒ පොත කියැව්වට පස්සේ තමයි මේ කෙල්ලන්ගේ අරුම පුදුම හැසිරීම ගැන සහසුද්දෙන් වටහා ගන්න මට හැකි වුනේ. අඩේ අප්පා ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ කොච්චර නං හිත් අමාරුවෙන් හිටියද ට්‍රයි කරපු කෙල්ලක් දමලා ගැහැව්වා වගේ උත්තරයක් දුන්නම හරි බැලුවහම හරි“
“මොකද්ද ඔයා කිව්වේ? ඇයි එයා මොකද්ද ඒ පොතේ කියලා තියෙන්නේ.........“ උපමාලි ඉවත බලාගෙන ම ඇසුවාය.
“මට ඒකේ තිබ්බ වචන එහෙමම මතක නැහැ දැන් නං. මෙන්න මේ වගේ අදහසක් තිබුනේ. හැබැයි ඔන්න මාත් එක්ක තරහා වෙන්න බැහැ මං මෙහෙම කිව්වා කියලා හරිද?“
“හා හා හරිද වැරදිද බලන්න කියන්න බලන්න“
“ස්ත්‍රීන් හැටි එසේමය. ඔවුහු අප ඔවුන් පසු පස එන්නේ නම් රවා බලති, සිප ගත්තේ නං හූරති, පහරදෙති, අප පෙරලා යන්නේ නම්, හූල්ලති, වැළපෙති.... ස්ත්රීන්ගේ හැටි එසේමය.... ඔන්න ඔහොම තමයි ඒකේ ලියලා තිබුනේ“
“හ්ම්.............. ඒකත් එහෙමද? මං ඉතිං ඔයා තරම් පොත් කියවලා නැහැ. ඒත් ඔයා දැන් ටිකකට කලින් කරපු වැඩේ කලේ ප්ලෑන් කරලා නම්, මට කියන්න තියෙන්නේ, මටත් කියලාම කරා නම් වැඩේ මීට වඩා අපට ලස්සනට කරන්න තිබුනා“ යි පැවසූ උපමාලි සිය සුරතින් අකලංකගේ හිස ගෙන නලල් තලයට උණුසුම් හාදුවකින් සෙනෙහස පෑවාය. අනතුරුව කිකිණි හඬින් සිනා සලමින්, අසුනින් නැගිට ඉවත දිව ගියාය. සිද්ධ වූ දේ පිළිබඳ ව සිතන්නට මොහොතක් පමා වූ අකලංක ද අනතුරුව සිහි එළවාගෙන, ඇගේ පසු පසින් විගස ඇදී ගියේය.
අනතුරු ව ගත වූ කාලයේ සුන්දර වූ ආදර අන්දරය සුන්දර ලෙසින් ම ලියැවෙන්නට විය. පැවැත්වුනු සෑම පරීක්ෂණයකින් ම ඉහළම සාමාර්ථ ගැනීමට අකලංක හා උපමාලි යුවළට හැකි වූයේ එකිනෙකා එක් ව අධ්‍යාපන කටයුතු මනා අයුරින් සිදුකල නිසා බව විශ්ව විද්‍යාල ආචාර්යය මණ්ඩලයට පවා රහසක් නොවිණ. සිව්වන අධ්‍යයනය වර්ෂය වන විට, නොයෙකුත් හේතු නිසා විශ්ව විද්‍යාලය වසා දැමූ කාල සීමාවන්ගේ එකතුවත් සමගින් ඔවුන්ගේ ප්‍රේම කථාවට වර්ෂ 6ක් පමණ සම්පූර්ණ වී තිබිණ.
ආත්මීය පෙම්වතුන් ලෙසින් එක්ව ගෙන සිටි ඔවුන්ගේ ජීවිත තුල ජීවිත දෙකක් නොවිණ. සිරුර දෙකක් තුල ගැහෙන එක ම හදවතින් ඔවුන්ගේ පණ නල රැකි ඇතැයි යන්න දෙදෙනාගේ ම විශ්වාසය විය.
සම්බන්ධයේ පරතෙරට ම පැමිණි දින................
“ඇයි උපා ඔයා අඬන්නේ නැත්තේ..............?“ තමන් අතින් සිදු වූයේ බලවත් වැරැද්දක් යැයි මනස්තාපවෙමින් සිටි ඔහු අසා සිටියේය.
“ඇයි අකලංක මං අඬන්න ඕනේ...............?“ සිය සුරතින් ඔහුගේ අක්බමරු වන් කෙස් කළඹ පිරිමදිමින් සිටි ඇය සෙමින් නමුදු ස්ථිරසාරව අසා සිටියාය.
“උඹ හරි ම වාසනාවන්තයි කෙල්ලේ............ අකලංක මොන තරම් හොඳ මනුස්සයෙක්ද.........“ නිසංසලා කාමරයට පැමිණි පසු උපමාලිගේ දෙඅත් ගෙන තදින් අල්වා ගනිමින් පැවසුවාය.
“හ්ම්.................... එයා හොඳ කෙනා. එතකොට මංද නරක කෙනා............“ උපමාලි බොරු තරහක් පෙන්වමින් අසා සිටියාය.
“හ්ම්........... නැතුව නැතුව........... අහිංසකයාව රවට්ටලා අල්ලා ගත්ත මදිවට නාස් ලණුවත් ඔය දාගත්තේ අගේට...........“යි පැවසූ නිසංසලා, උපමාලිගේ නහයෙන් අල්ලා සෙලෙව්වාය.
“විහිළු නෙමෙයි නිසංසලා... අකලංක නොවේ නම් මම කවදාවත් මේ තරම් වෙන කිසිම පිරිමියෙකුට ලං වෙන්නේ නැහැ. ඒක විශ්වාසයි. අකලංක කියන්නේ, ගැහැණියකට හරි ම කලාතුරකින් හමුවෙන ජාතියේ පිරිමියෙක්.......... ඒ වගේ උත්තම පුරුෂයෙකු වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තියෙන්න බැහැ නිසංසලා................“
“හා හා........ ඇති ඇති උත්තම, පුරුස ප්‍රථම පුරුසයාගේ වරුණාව............ යමන් දැන් කන්න“
එයින් අනතුරුව එළඹුණු මාසයේ දිනෙක් අකලංක විසින් සිය අනාගත සහකාරිය වශයෙන් උපමාලි ව සිය දෙමව්පියන්ට හා වැඩිමහල් සොයුරියට හඳුන්වා දුන්නේය. විය යුතුසේම එම පාර්ශ්වයෙන් ද ආශිර්වාදය ඔවුන් දෙදෙනා හට කිසිඳු පැකිලීමකින් තොරව ම ලැබිණ. කුලගොත් සේම අධ්‍යාපන තත්ත්වයද ගැලපීම එයට හේතුවිය.
අවාසනාව ඔවුන් සොයා පැමිණෙන විට ඇය මෙන් ම අකලංක ද රජයේ දෙපාර්තමේන්තු දෙකක උසස් නිල දරමින් සිටි අතර එළඹෙන වර්ෂයේදී ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා කටයුතු සැකසීම ද දෙදෙනාගේ බලාපොරොත්තුව වී තිබිණ. සියල්ල නොපිට හැරීමට ගතවන්නේ කෙතරම් සුළු කාලයක්ද? උපමාලිවත් අකලංකවත් කෙදිනකවත් නොසිතූ, සිහිනෙන්වත් කිසිලෙසකින්වත් නොපැතූ එම අවාසනාවන්ත තොරතුර රැගත් වෛද්‍ය වාර්තාව ඇගේ දෑතට ලැබුනේ සුව නොවන උණ රෝගී තත්ත්වයකින් පෙලීම හේතුවෙන්, තෙසතියක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතරේ කරන්නට යෙදුනු අනේක විධ පරීක්ෂණ බොහොමයක් අවසානයේ දීය.
RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com8tag:blogger.com,1999:blog-8509600443809072602.post-15064249737593348472013-01-16T17:42:00.001+05:302013-01-17T15:54:22.572+05:30තමරුගෙ කතාව.... පළමුවන කොටස
කලමනා ටික ගෙට ගන්ඩ උදව් වෙන්ඩ..<o:p></o:p>
දිව්ව... <o:p></o:p>
ඇවිත්!! <o:p></o:p>
සිකුරාද හවස ගෙදර එන්ඩ කියල...<o:p></o:p>
වැඩක් නැති කමට ඇඳේ වැතිරිලා ගැහැණු ළමයි පොත දහ වෙනි පාරටත් කියවන්ඩ අරන් ඒ ගමන්
කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටිය තමරුට අඩු ගාණෙ මෝටර් සයිකලේ එන සද්දෙවත් ඇහුණෙ
නෑ...<o:p></o:p>
යන ටිකටත් නංගි ලොකු බඩු මල්ලක් උස්සගෙන ගෙට එනව...<o:p></o:p>
බැහැල හෙල්මට් එක ගලවන අම්මගෙ මූණෙ තිබුණෙ දැඩි වෙහෙස කර බවක්!!<o:p></o:p>
ගෙදරට මේ ගමන්ම පොඩ්ඩක් ගිහිං එන්නං.. උන්දැට
කෙසෙල්කනක් බිංකරන්ඩ කිව්ව... මක්කලාද දන්නෙ නෑ නෙ...<o:p></o:p>
ආපහු හැරුණ...<o:p></o:p>
කතා බහක් නැතුව කුස්සිය පැත්තට ආව<o:p></o:p>
දෙන්ඩකො... පිපාසෙ දිව ගිලෙන්ඩ එනව...<o:p></o:p>
මිටි පුටුව උඩ ඉඳගන්න ගමන්<o:p></o:p>
ලෑස්ති වෙන්නෙ.. ඒ මිනිස්සුන්ට තේ ටිකක් දුන්නම මදිද?? දැන් එන එන හැමෝටම මෙහෙම
දවල් කෑම දෙන්ඩ ගියොත් වෙන වැඩක් නැති වෙයි නෙ...<o:p></o:p>
කියන්නෙ... ඔය එන එක්කෙනෙක්ට කැමති වෙන්ඩ කියල.... දැං කීදෙනෙක්ද.......නැද්ද අම්මෙ???<o:p></o:p>
මනමාලයො එන ගානට බඩු මලු උස්සල අපේ තමයි රිස්ස යන්නෙ..<o:p></o:p>
යන්නෙ විහිලුවට වුණත් තමරුගෙ හිත රිදුණ<o:p></o:p>
බොහොම වැඩියි කට. නොදන්න එව්වට කට නොදා ගිහිං වැඩක් බලා ගන්නව...<o:p></o:p>
රිදුන කියල දැනිල<o:p></o:p>
අරන් ඉඳගෙන මල්ලෙ තිබුණු එළවලු ජාති වට්ටියකට අස් කළා...<o:p></o:p>
පවුලෙ එකම ළමය කියල... වැරැල්ලගමලු.....දැන් පේරාදෙනියෙ විශ්වවිද්‍යාලෙ උගන්නනවලු<o:p></o:p>
හරියට මතක නෑ ලොක්කියෙ... කමන්නෑ.. හෙට ආවම දැනගන්ඩ බැරියැ...<o:p></o:p>
සද්දෙ දාල තමරු උන්න තැනින් නැගිට්ටෙ වැඩේ අහවර කරල...<o:p></o:p>
මේ අච්චාරුව හදාගන්ඩ පොඩ්ඩක් උදව්වෙන්ඩ කියල.. තාම නෑ නෙව....<o:p></o:p>
හැට්ටෙ මහල අරන් ආව පොළට ගිය ගමන... ඇඳල බලල වෙනසක් හෙම තියේ නං හවස් කරේ අරං එන්ඩ
කිව්ව රණසිංහ නෝන... හදල දෙන්නං කියල...<o:p></o:p>
මහන්සි වෙන්නෙ නැතුව ඉන්ඩ... ඕක හැමදාම කරන්ඩ පුලුවන් වැඩක් නෙවෙයි නෙ...<o:p></o:p>
පැත්තට ඇදුණ<o:p></o:p>
කීදෙනෙක් නං කියල බැලුවද........මේක වත් හරි ගියොත්!!! <o:p></o:p>
ලොක්කියෙ ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති නෙ...<o:p></o:p>
අම්ම කී පාරක් කාමරේට එබුණද දන්නෙ නෑ...<o:p></o:p>
ඇඳල ඔසරියෙන් සැරසිච්ච තමරුට විල්ලුද පෙට්ටිය ඇතුළෙ දාල තිබුණ මුතු පොටට අත ගියේ
ඉබේම<o:p></o:p>
යෙහෙලිය.. ගම පිලිමතලාව.... දෙන්න මුණ ගැහුණෙ විශ්වවිද්‍යාලෙ නේවාසිකාගාර කාමරේදි....
වෙලා තාවකාලික කථිකාචාර්ය පත්වීම් ලබල දෙන්නම එකට විශ්ව විද්‍යාලෙ ඉගැන්නුවත් එක්ක'
වුණා... <o:p></o:p>
ගන්ඩනෙ...කොහොම හරි රස්සාවෙ කාර්යබහුල කම හන්ද දෙන්නම ඉඳ හිට කතා කරන එකත් නැවතුනා...!!
දැන් නං අවුරුදු දෙකකින්වත් අපි කතා කරල නෑ!!<o:p></o:p>
කාලයක්යැ.... අපි කැම්පස් අවුට් වෙලත් අවුරුදු පහක්නෙ...<o:p></o:p>
වුණාට ඒ කාලෙ ඉඳල උපාට නං සම්බන්දෙකුත්
තිබුණ නෙ... මොකද්ද මේ අකලංක නේද නම... හොඳට ගැලපෙන ජෝඩුව... දැන් බැඳලද දන්නෙත්
නෑ.. අපරාදෙ අපිට ඒ යාලුකම දිගටම පවත්තගන්ඩ බැරි වුණ එක නං.....<o:p></o:p>
තමරු හිටියෙ මුතු පොට දිගේ උපාගෙ මතක දිග හැරගෙන<o:p></o:p>
මුතු පාට වියමන හන්ද ඒ මුතු පොට තමරුට හොඳට ගැලපුණා...<o:p></o:p>
බහ පිරෙන හැටි මුතු පොට ගෙලේ බඳින තමරුට ඇහුණ!!<o:p></o:p>
<o:p></o:p>
හෙප්පුව අතට දීල තමරුගෙ හිස අතගෑව...<o:p></o:p>
වෙනව නං!! <o:p></o:p>
එළියට එන ගමන් තමරුට හිතුණ<o:p></o:p>
බලාගෙන.. වෙනද වගේම අම්ම කණ වැල අල්ලාන වගේ සාලෙට එක්කන් ආවම මනමාලය නැගිට්ට හන්ද
තමරු හෙමින් සැරේ පාවෙලා ඇවිල්ල පුරුද්දට වගේ මනමාලය ලඟ හිට ගත්ත...<o:p></o:p>
වුණෙත් නෑ...<o:p></o:p>
හෙප්පුව පිලිගැන්වීමෙන් පස්සෙ ආචාර කරන්ඩ අත් දෙක එක්කාසු කරන ගමන් උඩ බැලුවම තමන් බලන්ඩ ඇවිල්ල හිටිය මනමාලයගෙ මූණ
දැක්ක තමරු ගල් වුණා!!!<o:p></o:p>
මුව සරසාගෙන හෙප්පුව අතට අරන් මනමාලිගෙ මූණ බැලුව මනමාලයගෙ හිනාව මැකිල ගියෙත් ඒ
වේගෙන්මයි<o:p></o:p>
එලියට ඇහෙන ගානයි!!දෙමෝලෙන් පිටි කොටනව වගේ!!<o:p></o:p>
හිතුවෙ නැති විදියට විශ්වවිද්‍යාලයේදි ඇගේ යෙහෙළියගේ පෙම්වතා තමන් අතින් හෙප්පුව
ගන්ඩ ඇවිල්ල හිටිය!!<o:p></o:p>
අකලංකගෙ අම්මගෙ හඬින්...<o:p></o:p>
ඉඳගෙන හිටියෙ සිහිනයක් දකිනව වගේ හැඟීමකින්...<o:p></o:p>
උන්න...<o:p></o:p>
වැටුණෙ නෑ...<o:p></o:p>
නැත්තෙ..??
<o:p></o:p>
වැඩක් නෑනෙ.. .මේ දෙන්න එපැයි ජීවත් වෙන්ඩ...<o:p></o:p>
නෙ... දෙන්න කතා බහ කරල අඳුන ගන්ඩල...<o:p></o:p>
නැගිට්ට... එසැනින් තමරුත් නැගිට්ට... යාන්ත්‍රිකව...<o:p></o:p>
අපි කොයි වෙලේ කියයිද කියල වගේ අඳුනගන්ඩ නේද??
මැද්දෙ අකලංක පස්සෙන් තමරු ගියේ තරහත්, දුකත් වේදනාවත්,පසුතැවිල්ලත් මිශ්‍ර වෙච්ච
මොකද්ද කියල හිතාගන්ඩ බැරි හැඟීමක් හිතේ තද කරගෙන..<o:p></o:p>
කරන්නෙ...?? කෝ උපා...??
<o:p></o:p>
වෙලා මිදුලට ගිය ගමන් තමරු ඇහුවෙ සෑහෙන්ඩ තරහ පාලනය කරගත්ත හඬකින්..<o:p></o:p>
මං දන්නෙ නෑ මං බලන්ඩ එන්නෙ ඔයාව කියල... එහෙනං මං කවදාවත් මේ ගමන එන්නෙත් නෑ...<o:p></o:p>
ඇවිල්ලනෙ... මට දැනගන්ඩ ඕනෙ උපා කෝ කියල.. ඔයාල දෙන්නට මොකද වුනේ කියල.... ඔයාලගෙ
සම්බන්ධෙ ගෙදරින් පවා දැනගෙන හිටියනෙ....දැන් මොකද මේ ඔයා මනමාලියො බලන්නෙ...?? උපා
දන්නවද මේ ගැන?? ඔයාලගෙ සම්බන්ධෙට මොකද්ද වුනේ එතකොට??<o:p></o:p>
වැලක් අහගෙන අහගෙන ගියා<o:p></o:p>
එපා... මට කතා කරන්ඩ ඕනෙ ටිකක් ඔයා එක්ක
කරන්ඩද?? හැබැයි ඔයා උපාට වංචාවක්, ද්‍රෝහි කමක් නං මේ කරන්නෙ, මං දැන්මම මේක උපාට
කියනව...
<o:p></o:p>
කරන්ඩ එපා... පොඩ්ඩක් මං කියන දේ අහන්ඩ... පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව..<o:p></o:p>
දැන් නැද්ද?? <o:p></o:p>
ගන්ඩ... මට මෙහෙම කතා කරල බෑ... මෙතන ඒ ගැන කතා කරන්ඩ වාතාවරණයක් නෑ කියල ඔයාට
තේරෙනව නෙ... මට ඔයාට මේ කතාව කියන්ඩ ඕනෙ... වෙනම මුණ ගැහිල<o:p></o:p>
පේන්ඩ නෑ අකලංක.. කරුණාකරල ඔයා දැන් ආව විදියටම අම්මල තාත්තල එක්ක ගෙදර යන්ඩ.. මං
කියන්නං මේකට මං කැමති නෑ කියල... එතකොට අපේ ගෙදරින් ඒක ඔයාලගෙ ගෙදරට දන්නයි නෙ...<o:p></o:p>
තීරණයක් ගන්ඩ අයිතිය ඔයාට තියෙනව... ඒත් මං ආයෙමත් ඉල්ලන්නෙ මගේ කතාව කියන්ඩ මට
දෙන්ඩ!!
ආව නං දැන්.. දැන් ඉතිං බැරියැ කතා බහ කරන්ඩ.. ඉස්සර වගේ ආයෙ ලියුං එනකල් මග බලාන
ඉන්ඩ දෙයක් නෑනෙ.. අංකෙ එබුව කතා කළා නෙ...<o:p></o:p>
කට හැකර වැඩිහිටිය කතා කරන්නෙ හරියට සේරම දේවල් අදම තීන්දු වුනා වගේනෙ...<o:p></o:p>
ඔයා මාව දාපු අමාරුවක මහත...දැන් මං මොකද්ද කරන්නෙ?? <o:p></o:p>
දෙයක් නෙවෙයි... ප්ලීස් තේරුම්ගන්ඩ!!<o:p></o:p>
නෑදැයොන්ට එක්කාසු වුනා....<o:p></o:p>
වෙලා පුටු රත් කරල අන්තිමට යන්නං කියල ආචාර කරන්ඩ යද්දි අකලංක හිතාමතාම අත
දික්කළා...<o:p></o:p>
තමරුට කරගන්ඩ දෙයක් නැතිවුණා... <o:p></o:p>
තමරුගෙ අත ගත්තු අකලංක තම අත්ලේ තිබුණු යමක් ඈ අතේ මිටමෙලෙව්ව!!<o:p></o:p>
පස්සෙ හෙමින් සැරේ කාමරේට ගිහින් මිට මොලවපු කඩදාසිය අරන් කියවපු තමරුගෙ ඇස්වලින්
නොදැනුවත්වම කඳුලු කඩා වැටුණ...<o:p></o:p>
පසුතැවිල්ලටද කියල හිතාගන්ඩවත් ඈට බැරි වුණා<o:p></o:p>
එපා. මේක හිතා මතා ආව ගමනක් නෙවෙයි..මට ඔයා එක්ක කියන්ඩ කතාවක් තියෙනව... ඒක අද
කියන්ඩ බැරි, මුණ ගැහිල දීර්ඝව කතා කළ යුතු දෙයක්... <o:p></o:p>
පස්සෙ ඔයාගෙ තීරණය උපාට මේ ගැන කියනව කියන එක නං.. මං ඔයාව නවත්තන්නෙ නෑ... අපි
දෙන්න ගැන වගේම ඒ සම්බන්ධවත් කැමති තීරණයක් ගන්න එක ඔයාට බාරයි!!<o:p></o:p>
ජනූhttp://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.com22tag:blogger.com,1999:blog-8509600443809072602.post-38621307047567472672013-01-04T19:26:00.002+05:302013-01-04T19:26:54.927+05:30සිත්තමක ලියැවුණු කවිය..... 08 වන කොටස
"මල්ලි අනේ බොහොම ඉස්තුතියි ඔයා කරපු උදව්වට...ඉන්ට මම මෙව්වා ටික ගෙයින් තියල එන්නම්. දැන් අම්ම තේ හදාගෙන ඒවී"
බරට
බරේ පොත් මිටියත් තුරුළු කරන් මුතූ එහෙම කිව්වේ සුජිත් මල්ලිට. සුජිත්
කියන්නේ මුතුගේ හොඳම යාලුවා සඳා ගේ මල්ලි. ටවුමේ ඉඳන් එද්දී රෑ බෝ උණු
හන්දා සඳා මල්ලිව එව්ව මුතුව ගෙදෙට්ට බස්සන්ට කියල.
මුතු සාලේ පහුකරන් කාමරේට හැරෙද්දීම තමා ඒ දිහාට එන විජේ අයියව දැක්කේ.
"ආ විජේ අයියේ..."
විජේ අයිය මොකද මේ වෙලාවේ අපේ ගෙදර? මුතු හිතුව.
"නගේ ... මේං මේක අර ගොබිලය දෙන්නය කිව්වා උඹට"
"ගොබිලය? මොකක්? කවුද?"
"කවුද?
හෙහ් අනේ නෑනේ උඹ මේ ගහ දන්නා මිනිහට කොළ කඩා පාන්ට තනන්ට එපා බං! වෙන
කවුද ඉතින්! අපේ සිත්තර මලය මිසක්...හ්ම් හ්ම් ගනින් බන් මේ ඉලව්ව විජහට.
නැන්දම්මා දැක්කොතින් මාත් ගස්"
විජේ අයිය මොකද්දෝ පොතක් දික් කරා.
සිත්තරා දුන්න?
වික්‍රම?!
වික්‍රම තමන්ට විජේ අයිය අතේ එවුවේ මොකද්ද කියල බලනකම් මුතු ට ඉවසුම් නැහැ. දඩි බිඩි ගාල ඒක විජේ අයියගෙන් උදුරගත්තු මුතූ කාමරේට දිව්වා.
හනික කාමරේ දොර අඩවල් කරපු මුතු බැලුවේ මොකද්ද මේ වික්‍රම දුන්නු පොත කියල.
ඈ
මේ අපේ දහම් පාසලේ ගිය අවුරුද්දේ සමරු කලාපේ නේ. මේක මොකටෙයි මට දෙන්නේ?
ඇරත් මා ගාවත් මෙයින් එකක් තීනවනේ...අර මම සඳ කිඳුරු ජාතකේ ගැන ලියපු
රචනාවත් පල උනේ...
වික්‍රම ට පිස්සුද කොහෙද..විකාර!
එහෙම හිත හිත මුතු පොත පෙරලුවේ ඕනවට එපාවට...
පොත දිගෑරිය ගමන් පෙරලුනේ මුතු අර ලියපු රචනාව තිබුණු පිටුවටමයි.
ඒ පිටුව අස්සේ තිබුණේ චිත්‍රයක්... චුට්ටන් වටකුරු මුණක හීනි දිගටි නහයක් තියෙන ගෑනු
ළමෙක් ඒ චිත්‍රෙ ඉඳන් හිනාවෙනවා. තනි කරලට ගොතාපු කොන්ඩේ එක උරිසකින්
ඉස්සරහට දමල. දාංගලේ හැදිච්චි එක කෙස් රොදක් විතරක් චුට්ටක් නළල ගාවින්
මුණට වැටිලා. හැබැයි ඒ ගෑනු ළමයගේ ඇස් දෙක තිබුනේ ඈත කොහේ හරි දිහාකට එල්ල
වෙලා... කාටවත් නොපෙනෙන එයාට විතරක් පේන දිහාක් බලන් හිනා වෙන බවක් තමා
මුතුට පෙනුනේ...හරියට මුතුත් අර හිටි ගමන් තනියම හිනා වෙන්නේ...
ම්ම්ම්
මේ ඉන්නේ...මේ ඉන්නේ මම නේද අයියො! හඃ මං නේන්නම්! මේ ඇඳන් ඉන්නෙත් අර මයේ
ලා කහ පාට අත් නැති ගවුම නේ... මං අර මොකක් හරි පිස්සුවක් හිත හිතා
හිනාවෙන විදිහ ෆොටෝ එකක් ගත්ත වාගේ නේ!
එතකොට තමා මුතුට මතක් උනේ එදා වික්‍රම ගල් තලාව ගාව චිත්‍ර ඇඳ ඇඳ ඉන්දැද්දී මුණ ගැහෙද්දි තමුන් ඇඳන් හිටියෙත් මේ ගවුමම නේද කියල.
මුතුටත් නොදැනී මුතුගේ මුණේ හීන් හිනාවක් ඇඳුනා.
මුතු චිත්‍රෙ අනික් පැත්ත පෙරලුවේ නිකමට වාගේ.
එතකොට තමා එයා ඒ පැත්තේ ලියල තිවුණු කවිය දැක්කේ...
හිත බැඳුණේ නුඹේ ලස්සන හිත දැකලා
නෙතු රිදුනේ නුඹේ රන්වන් රුව දැකලා
මුතු මැණිකේ මගේ කිඳුරී ලෙස පතලා
ඉන්නේ මම නුඹ ගැන නිතරම සිතලා
මුතූට දැනුන පපුවේ මොකක් හරි හිර වෙලා වාගේ ගතියක්. අඬන්ට එනවද හිනාවෙන්ට එනවද කියල එයාටම හිතාගන්ට බැරි උණා.
මුතූ
ගෙදරින් එලියට පැනල කුසුමේ අක්කල ගේ ගෙදෙට්ට දුවපු හැටිවත්, ඒ පස්සෙන්
අම්ම කෑගහගෙන එන්ට තනද්දී විජේ අයිය අම්මව නවත්ත ගත්තු හැටිවත්, කුසුමේ
අක්කට කෑගහල ගෙයි දොර අරගත්තු හැටිවත්, මුතුට මතක තිවුනේ නැහැ.
එයා දුවල දුවල වික්‍රමගේ කාමරේ දොර ගාවට ඇවිත් නැවතුණා හති දම දම.
"වික්‍රම!"
"අක්කේ මට අද කන්ඩ බැහැ වගේ..අක්කල කාල -" වික්‍රම කාමරෙන් එලියට ආවේ කතා කරේ කුසුමේ අක්ක කියල හිතාන...
අක්ක වෙනුවට නංගි ඉන්නවා දැක්ක වික්‍රම ගල් පිළිමයක් වගේ නැවතුණා. මුතුගේ අතේ තිවුන චිත්‍රෙ දැක්ක වික්‍රමගේ දිවට අගුළු වැටුණ.
දෙන්නට දෙන්න කතා නැතිව එහෙම්ම හිටන් හිටිය විනාඩියක්...දෙකක්...විනාඩි පහක්? එවෙලෙ ඔරලෝසුවේ කටු නැවතුණා කියල තමා දෙන්නටම හිතුනේ.
ඉස්සෙල්ලම කතා කරේ මුතූ.
"මෝඩය!"වික්‍රම බිම බලා ගත්ත.
"මැට්ටා!"වික්‍රම නෙවෙයි කට හෙල්ලුවේ.
ඕන් ඒ පාර මුතු ගේ ඇස් දෙකින් කඳුළු කැට වැටෙන්ට ගත්ත සට සට ගාල.
"ඕන්
ඉතින්...මුතු...අඬන්ට දෙයක් උනේ නෑනේ...ඔයා අකමැති නම්...මම...මම ඔයාට සුභ
පතනවා මුතු...සුජිත් එක්ක...මම ඒක දැනන් හිටියේ නෑ...එහෙව් සම්බන්ධයක්
ගැන...අනේ අඬන්න එපා ඉතින්...කෝ...නවත්තන්ඩ ඕක...දෙන්ඩ ඔය චිත්රේ මුතු..ඔය
මෝඩ චිත්රේ ඉරල විසික් කරන්ඩ...අනේ ඉතින් කිව්වම අඬන එක නවත්තන්ඩ කෝ..."වික්‍රම එහෙම මුතුට කියද්දී මුතූට වාවන්නේ නැති උනා. එයාට තව හයියෙන් ඇඬුනා.
අනේ මම මේ හිතට කොච්චර දුක් දීලද...එයාට හිතුන.
"මේ චිත්‍රෙ ..මේ චිත්‍රෙ තමයි මගේ ලොකුම වස්තුව...ඒක මං ගාව හැමදාම තියාගන්නව" මුතු කිව්වේ ඉකි ගගහ.
වික්‍රම පුදුම වෙලා මුතු දිහා බැලුව.
"මොනවා නගා! එතකොට සුජිත්...?"අඬන ගමන් උණත් මුතූට ඒකට නම් ඕන් හිනාවක් ගියා.
"අනේ මැට්ට...සුජිත් මල්ලි...සඳා ගේ මල්ලි නේ...ඒ ළමය ආවේ මාව ඇරලවල යන්ට.."
වික්‍රමට දැනුන හරියට ඉරවල් දාහක් පෑව්වා වගේ එතෙක් වෙලා හිතේ රජ කරන් උන්නු අන්දකාරේ නැති වෙලා යනව...
"හෙනම්...මුතු...මුතු මැණිකේ...මගේ මැණිකේ ..."
මුතූ මුකුත් නොකියම හීන් සැරේ වික්‍රමට තුරුළු උනා.
~ සමාප්තයි ~
ප ලි:
විශේෂ ස්තුතිය - කතාවේ සිරවූ වෙලා වලදී අදහස්
වලින් උදව් දුන් සහ කතාව පමාවූ වෙලාවලදී විගසින් ලියන්නට මා යොමු කෙරෙවූ
සිත්තමී නංගා ට... :)
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com26tag:blogger.com,1999:blog-8509600443809072602.post-63557226521777821772012-12-26T15:31:00.002+05:302012-12-26T15:31:10.119+05:30සිත්තමක ලියැවුණු කවිය..... 07 වන කොටස
"මලේ....වික්‍රම මලේ..."
විජේ අයියගේ කටහඬින් මම ගැස්සිලා බැලුවේ මගේ කිඳුරි එක්ක හිටපු හීන ලෝකෙන් මිදිලා.
"ඈ මල්ලියේ...උඹ කොයි ලෝකෙද බං හිටියේ?" විජේ අයිය හිනාවෙනවා.
කට උත්තර නැතිව මම ඔහේ හිටිය කෝපි කෝප්පේ පතුල දිහා බලාන. මොකෝ කිඳුරියක් ගැන හිත හිත හිටි වගක් කියන්නය විජේ අයියට?
"ඒක නෙවෙයි මලේ...පොඩි වැඩක් කර ගන්ට තියෙනවා මට උඹට කියල. මේ..."
"අයියෝ කියන්න අයියේ...මොකද්ද කෙරෙන්න ඕනේ?"
"නෑ
බං අපේ මාමණ්ඩි මට දැන් ටික දොහක ඉඳන් කියනවා උන්දලාගේ අර ගේ පිටිපස්සේ
ඉස්ටෝරු කාමරේ වයරින් වැඩේ පොඩ්ඩක් එකලාසයක් කොරල දෙන්නය කියල. මට ඔයි වැඩ
ඉතින් හොඳට පුරුදු එකා නෙව. ඒ හැටි ලොකු වැඩක් නෑ...මට අර අත් උදව්වට
කෙනෙක් නැතුව මම කල් දම දම හිටියේ...ඔය උඩ නැගගෙන ඉන්දැද්දී බුරුව ව
අල්ලගන්ට, ආයුධ යක් හොයල අරන් දෙන්ට හෙම කෙනෙක් එපාය...මොකෝ අපේ නෑනන්ඩි ට
කියල ඔය වැඩට උදව්වක් ගන්නය...හෙහ් හෙහ්... හෙට දිහාට කරන්ට හිතාන
ඉන්නේ...උඹට පුළුවන් වෙයිද මලේ?"
මේ මුතු ලගේ ඉස්ටෝරු කාමරේ වැඩක්
නේ...කවදාවත් වයරින් වැඩක් කරලා නැති උනත් මේ වැඩේට නෑ බෑ කියල බැහැනේ. හඃ
වැඩේට මුතුව ත් සෙට් කරගන්ට බැරි වෙන එකක් නෑ...හෙට කොහොම හරි යාළු කරගන්ට ඕනේ...කෙල්ල අඩු ගානේ තේ එකක් වත්
හදල ගෙනත් දෙයි නේ.
"සුළු දෙයක්නේ අයියේ...මම එන්නම්" මම කීවේ මුතුළහ ගෙවල් දිහා ඇස් කොනෙන් බලන ගමන්.
ඇඳිරි වැටෙන්ට ලං වෙලත් මුතු පේන්න නැත්තේ ඇයි? වැඩේ හමාර වෙන්ටත් ළඟයි...
ඒත් අද දවසට දැක්කෙම නැහැ! එදා තරහ තවම තියෙනවද මේ කෙල්ල? විජේ අයියගෙන්
අහන්ටත් හිතේ මේ කෙල්ලට මක් වෙලාද කියල...හ්ම් ඕනෑන්නේ නැහැ...ඊටත් නැන්ද ට
ඇහුනොතින්...
"නැන්දම්මේ ... අපේ නෑනන්ඩි කොහේ අන්තර්ධාන වෙලාද අද?" විජේ අයියට මයේ හිතේ කියවන්න පුලුවන්ද මන්ද.
"ඔය
උදේම ගියේ යාලුවෝ කට්ටියක් එක්කල ටවුමට යන්ටෝනේ කියල. ඔයි මොකද්ද පොත්
ප්‍රදර්ශනයක් තියෙනවා කියන්නේ ටවුමේ..." ළිඳ ගාව රෙදි වැලෙන් රෙදි ගන්න
ගමන් නැන්ද කිව්වා.
හ්ම් ඒකයි නැන්ද දැන් ටික වෙලාවක ඉඳන් පාර පැත්ත දිහා බල බල උන්නේ.
"අනේ
මන්ද පුතේ මේ ළමයාගේ වැඩ.." නැන්ද ආයේ කියන්ට ගත්ත පාර දිහා බලාගෙන.
"බලන්ට තවම ආවේ නැහැ. හය පහුවෙන්ට ඔන්න මෙන්න...ගෑණු ළමයෙක් ගමන් බිමන් යන
වේලාවක්ද ඇත්තට... අප්පච්චි ගේ හුරතලේ! ආදෙන්කෝ අද..."
අහන්කාරි ට අද බැනුම් අහන්ට වෙනවා! හඃ හොඳ වැඩේ රෝන්දේ ගියාට ...
හ්ම්...මුතු...එදා අන්තිමට කතා කරපු දවසේ මුතුගේ මුණ රතු වෙලා...ඇස් දෙක
දිලිහි දිලිහි...අත් දෙකත් ඉනට තියාන මට බැනගෙන බැනගෙන ගිය
හැටි...
හ්ම්...එයාට එච්චර සෝලි ගන්ට මොකද්ද මං අතින් උණු වැරැද්ද? මං අර
හිතේ ඇඳිච්ච රූපේ ගැන කිව්ව එකද?
කෝ මේ කෙල්ල ඇහුවේ නැහැනේ කවුද ඒ රූපේ
අයිතිකාරි කියල...මා දිහාට කඩන් පැන්න මිසක්...නැත්නම්...
හ්ම්...
වැඩේ පටන් ගත්ත වෙලේ හිටන් වික්‍රම වට පිට විපරම් කර කර බලන විලාසේ
දැක්ක විජේ අයිය හිටියේ හිනාව තද කරන්. ඔය හොයන්නේ කාවද කියල අහන්ට හිතුනත්
ආයෙත් නිකා හිටියේ වික්‍රම ට ලැජ්ජා හිතිලා ඒ අල්ලපනල්ලේ ඕක වයරින් මාරු
කරලා අල්ලයි කියල.
අඩේ අද නෑනන්ඩි ගෙදර නැති උණ එක
මහා අපරාදයක් නෙව...මගේ පැලෑන වතුරේ ගියා නේ මේකි රෝන්දේ ගිය
එකෙන්...ශිහ්...
විජේ අයිය හිතුවේ ඔරලෝසුව දිහා බල බල.
නැන්දම්මා මුතුට
ආඩපාලි කිය කියා ගෙයි ඇතුළට ගියා.
ඒ අව් අස්සේ වික්‍රම මුණ දෙක කරන් හුල්ල හුල්ල...
අනේ අම්මප මේකි කරන විජ්ජුම්බර...හෙහ් හෙහ්
ඕන්
ඔයි වෙලාවේ තමයි විජේ අයිය දැක්කේ වික්‍රමගේ කලිසන් සාක්කුවේ තිබිල
මොකද්දෝ රෝල් කරපු පොත් පිංචක් වැටෙනවා. වික්‍රම උඩ නැගගෙන වැඩ. මාමණ්ඩි ත්
ඒ දිහාට එනවා පෙනුන ඒ වෙලේ.
මලේ මොකද්ද වැටුන කියන්ට කට ඇරියත් මේකේ මොකක්
හරි මගඩියක් තියෙනවා කියල විජේ අයියට හිතුන නිකමට. ඒ පාර මාමණ්ඩි ටත් ඔව්ව
එලි වෙලා මයේ බෙල්ලත් යයි කියල හිතුන නිසා විජේ අයිය කරේ එවෙලේ කරන්ට
තිවුන එකම දේ.
එයා සුටුස් ගාල ඒක අරන් එයාගේ සාක්කුවේ දාගත්ත මාමණ්ඩි දකින්ට කලින්.
හැන්දෑවේ හත හමාර වෙන්න ඔන්න මෙන්න වෙද්දී තමා මුතු එදා ගෙදර ආවේ. එතකොට
වික්‍රම යි විජේ අයියයි වැඩේ අහවර කරලා ළිඳ ගාව මුණ කට හෝදන්ට ගෙහුං. කළුවර
වැටිලා තිවුණත් පාර දිගේ එන මුතුව සුටුස් ගාල අඳුන ගන්ට වික්‍රමට බැරි උනේ
නැහැ.
නිවිලා තිබිච්චි පහන් වැටක් ආයේ පත්තු කරා වාගේ වික්‍රමට දැනුන හිමීට පාර දිගේ ඇවිදන් එන මුතුව දැකල.
ඒත් ... ඒත් එක්කම දැක්ක දෙයින් සැඩ සුළඟක් ඇවිත් පහන් වැටම නිවුවා වාගේ වික්‍රම ට දැනුනේ...
මුතු ආවේ තනියම නෙවෙයි. කවුදෝ උස මහත ඉලන්දරියෙකුත් එයා පස්සෙන්.
මේ කවුද? ගෙදෙට්ටම ගෙනත් ඇරලවන්ට තරම් ඇයි හොඳයියක්...
නැන්දා
ගේට්ටුව ලඟට යනවා වික්‍රම බලාගෙන. මුතු බිම බලාගෙන.
නැන්දා අර ඉලන්දාරියා
එක්ක යසට භජනේ...තේ කක් බීල යන්ට ත් ඉන්ටලු...හ්ම්ම්...එහෙනම් නැන්දලගේත්
අනුමැතිය ඇතිව මෙව්වා සිද්ද වෙලා තියෙන්නේ.
ඒ ඉලන්දාරියා එක්ක ලොකු
කේන්තියක් එක්කම තමන්ගේ පපුව පැලෙන්ට යනවා වගේ වික්‍රම ට දැනුන. තව එක
මොහොතක් වත් එතන ඉන්ට එයාට හිත දුන්නේ නෑ.
"මලේ ඕන් අපේ නෑනන්ඩි
සැපත් උණා. අර සුජිත් මලය ඇරලවන්ට ආපු එකින් උන්දැ බේරුණා ... හෙහ් හෙහ්
...නැත්නම් නැන්දම්මා ගෙන් අද අහගන්ට හිටියේ උන්දැ" විජේ අයිය මුණ පිහින
ගමන් කිව්වා.
සුජිත්? සුජිත්! සුජිත් ඉන්න තැන වික්‍රම මොකටද?
"අයියේ හෙනම් අපි යමු නේද.."
"ඇයි මලේ එක පාරටම? නෑනන්ඩි ගත්තු පොත් හෙම බලන්නේ නැද්ද? මං බලාන පොත් මිටියක්ම උස්සන් එනවා"
"නෑ
අයියේ මයේ හිස ආයේ ඇදුම් කනවා...පොඩ්ඩක් ඇල උනොත් හොඳයි වගේ...මම මේ
පැත්තෙන්ම යන්නම්...අයිය හෙනම් නැන්දලාට කියන්ට මම ගියාය කියල"
වික්‍රම එහෙම කිව්වේ වැට මායිමේ කඩුල්ල දිහාට ඇවිදගෙන යන ගමන්.
[කතාව දික් වීම ගැන පාඨක පිරිසගෙන් සමාව අයදිමි...තව එකම එක කොටසකින් හමාර කරන වග පවසමි.]
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com13tag:blogger.com,1999:blog-8509600443809072602.post-77555187948783114202012-12-25T15:33:00.001+05:302012-12-25T15:38:04.213+05:30සිත්තමක ලියැවුණු කවිය..... 06 වන කොටස
"රුවක් ඇඳෙනවා කවුදෝ එනවා..මීවිත ඇඳිරිය දෑස වසනවා,
හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා...
සොඳුරු යොවුන්විය මල් මඟ මුල ඉඳ කිම තොල මී විත පුරවන්නේ,
නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ,
නැඟුනු නුරා ගිනි මී පොද වැටිලා හතර අතින් දළු ලා එනවා,
අවන් හලේ මී විත තනි කරලා වරෙන් මලේ පියවර නඟලා,
රුවක් ඇඳෙනවා කවුදෝ එනවා...මීවිත ඇඳිරිය දෑස වසනවා,
හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා......."
රේඩියෝ
එකේ යන්නේ මම කැමතිම සින්දුවක්...
රෑ කෑමෙන් පස්සේ කුසුමේ අක්ක හදා දුන්නු
කෝපි කෝප්පේ තොල ගගා මායි විජේ අයියයි උන්නේ ඉස්තෝප්පුවේ හාන්සි පුටු දෙකක
දිගා වෙලා.
"රුවක් ඇඳෙනවා කවුදෝ එනවා...." විජේ අයියත් හිමිහිට තාලේ අල්ලනවා...
මගේ හිතේ ඇඳිලා තියෙන රූපේ හිමිකාරී දැන් මොනවා කරනවා ඇත්ද... හ්ම්...
තාලේ අල්ලන එක නවත්තපු විජේ අයිය මා දිහා බැලුව. "මල්ලි...දැන් ඉසේ කැක්කුම අඩුද?"මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙන බව විජේ අයියට තේරුනා වෙන්න ඕනේ.
"අයියේ...අයිය සඳ කිඳුරු දා වත කියවල තියෙනවද?"
"සඳ
කිඳුරු..?" විජේ අයිය අමුතු විදිහට මන් දිහා බැලුවේ කොහෙද යන්නේ මල්ලේ
පොල් වාගේ මන් ඒ ඇහුව ප්‍රශ්නේ නිසා වෙන්ටෝනේ. මුට පිස්සු කියල හිතනවා
ඇති...
"හෙහ් හෙහ්...මලේ...සඳ කිඳුරු නේද? නැතුව නැතුව...හැබැයි මලේ ඔය සඳ කිඳුරු සිද්ධිය ගැන විශේෂඥය ඇවිල්ල නම් මම නෙවෙයි"
"විශේෂඥය කිව්වේ අයියේ?"
"මලේ ඔය සඳ කිඳුරු ජාතකේ...සඳ කිඳුරු දා වතේ කවි සේරෝම ...එතකොට
සඳ කිඳුරු නාඩගම...ඔව්ව සේරෝම හොඳ හැටි දන්නේ අපේ නෑනන්ඩි. හෙහ් හෙහ්
උන්දැට වතාවක් ඔය සඳ කිඳුරු පිස්සුවක් වැහිලා ඔයි කවි ගායනා සේරෝම ටික හොයා
ගන්ට ඕනේ කීව නෙව. අනේ ඉතින් මම ඒ දවස්වල අපේ කුසුමෙට ආලවන්ත කම් පාන
සන්දියේ වෙච්චි නෑනන්ඩි අතේ නේ පණිවුඩ සේරෝම යවන්ට තියා ගත්තේ...මට තමා ඉතින් උන්දැ ගේ වන්දිභට්ටකම් කරන්ට උනේ...විජේ අයියේ අරක හොයා දෙන්ට මේකේ තාලේ කියා දෙන්ට...අනේ අම්මප...හෙහ් හෙහ්"
සඳ කිඳුරු...සඳ කිඳුරි...
"වත සුපිපි පියුමෙ කි
නෙත සුනිල් මිණි යුවලෙ කි
ගත ගනරන් රුවෙ කි
වනත නත මුත් කවුරු වෙති හැකි"
මගේ කිඳුරි...ඔව් මගේ කිඳුරි ත් හරියට උදේ පින්න එක්ක පිපිච්චි සුදු සමන් මලක් වගේ..
ඒ මගේ කිඳුරි ම යි කියල මට හරියටම දැනෙන්ට පටන් ගත්තේ එදා පෝය දවසේ පන්සලේදී...
ලොකු හාමුදුරුවට ඕනේ උනා දහම් පාසලේ කාර්යාල කාමරේ ටිකක් අස් කර ගන්ට. පෝය දවසේ පින්කමට පන්සලේ මිනිස්සු පිරිල. හැමෝන්ටම ඕනි වෙලා තිවුන පන්සලේ බිතු සිතුවම් අඳින්ට ආපු සිත්තරාව බලා කියා ගන්ට.
ඒත් මට මහා තනියක් දැනුන. මට ඕනේ උනේ පැත්තකට වෙලා තනියෙන් ඉන්න පොඩ්ඩක්.
මම කැමැත්තෙන්ම අස් කරන වැඩේ බාර ගත්තේ ඒ හන්ද.
ශිෂ්‍ය
වාර්තා පොත්, පරණ විභාග ප්‍රතිපල, දහම් පාසලේ එක එක උත්සව, තරඟ වලට හදපු
පත්‍රිකා, සමරු පොත්....හප්පේ ඒකෙ තිබිච්චි දේවල්...පොඩි හාමුදුරුවෝ එවල
තිබිච්චි තේ කහට එක බොන ගමන් මම එතන විසි කරන්ට දාපු පොත් පිංචක් පෙරලා
බැලුවේ නිකමට. ඒක ගිය අවුරුද්දේ දහම් පාසලේ තෑගී බෙදා දීමේ උත්සවේට අච්චු
ගහපු පොඩි සමරු කලාපයක් වගේ එකක්. ඕනවට එපාවට ඒකෙ පිටු පෙරලද්දී මගේ ඇහැ
නැවතුනා එක තැනක.
"සඳ කිඳුරු ජාතකය"
"මා සඳ කිඳුරු ජාතකය උගත්තේ අම්මාගෙනි. ඒ ඈ මා කුඩා කාලයේ ගායනා කල සඳ කිඳුරු දා වතේ කවි වල අභාශයෙනි. 'නිදුකින්
සමඟ පෙම් බැඳැ සැප විඳැ සොඳිනේ - බසෙකින් විතර වෙනසක් නොවැ ඉඳින දිනේ'
වැනි එහි ඇතැම් කොටස් ගායනා කරන විට ඇගේ දෙනුවන් කඳුලින් බර වෙයි. කැන්දන් ආ දා පටන් වචනයකින් වත් ඈ හට අඩුවක් නොකරන අප්පච්චි සිහිකරමින් ඈ ඒ කඳුළු පිසගනී..."
එහෙම පටන් අරන් ඒ ලියල තිබ්බේ සඳ කිඳුරු ජාතකය ගැන පොඩි විග්‍රහයක්...
ඒ
ලියල තිබුන විදිහ!...ඒ විදිහට මාව වශී උනා කිව්වොත් බොරුවක් නෙවෙයි.
සංසාරගත ප්‍රේමයක් ගැන මේ වගේ හිතන පතන කෙල්ලක් ලැබෙන කොල්ල මොන තරම්
වාසනාවන්ත ද කියල මට හිතුන. මම ඒ රචනාව කියෝගෙන කියෝගෙන ගියේ තිබහේ මැරෙන්ට ගිය
මිනිහෙක් වතුර බීගෙන බීගෙන යනව වගේ.
අන්තිම පිටුව පෙරලුවම යටින් දාල තිබුන ඒ ලීව කෙනාගේ පොඩි පින්තුරයක් නමත් එක්ක.
[එක
කොටසකින් අවසන් කරන්නට පටන් ගත්තද කතාවේ තවත් කොටසක් ලියන්ට සිදුවෙන බවද, ඒ
කොටස මා හැකි ඉක්මනින් ලියා පල කරන බවද, දැනුම් දෙමින් පාඨක ජනතාවගේ සමාව
භජනය කරමි]
අමා http://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.com10tag:blogger.com,1999:blog-8509600443809072602.post-81231745971172986812012-12-10T14:25:00.000+05:302012-12-11T08:04:11.491+05:30සිත්තමක ලියැවුණු කවිය..... 05 වන කොටස
නැවතුණා!!<o:p></o:p>
ගැහෙන්ඩ ගත්ත...<o:p></o:p>
වැටේ කණුවකට අත තියන් තමා දිහා බලන් ඉන්න වික්‍රමගෙ ඇස් ඉර එළියට දිලිසුනා....<o:p></o:p>
මුතූ බලන් හිටියෙ හරියට වශී ගුරුකමක් කරල වගේ...!! <o:p></o:p>
කලබල වෙලා මේ ලෝකෙට ආව මුතූ වටපිට බලල උගුර පෑදුව...<o:p></o:p>
අමුතු හීන ඇස් ඉදිරියෙ පෙනෙද්දිත් මුතූ හිතට බොරු කළා...<o:p></o:p>
මිනිස්සුන්ට ඇඟට කඩා පයින්ඩ එපා නගා... හැන්දෑවක එහෙම වුණා නං මං බය වෙලා මට නූල්
හිට බඳින්ඩ වෙයි!!<o:p></o:p>
මෙයත් පටං ගත්තද?? අනේ හැබෑට මං මොකට බාල්දු වෙනවද මේ පිටගංකාරයොන්ට....?? <o:p></o:p>
රතු කරගෙන එළියට පයින්ඩයි ලෑස්ති වුණේ....<o:p></o:p>
නගා මුණ ගැහෙන්ඩ බොහොම උවමනාවෙන් හිටියෙ.....ඔච්චර කියලත් ඇයි පන්සල පැත්තෙ
නිකමටවත් නාවෙ??<o:p></o:p>
කියනවට පන්සල් එන්නෙ??<o:p></o:p>
තරහෙන් හිටපු හිත පැන පැන කතා කරන්ඩ ගත්ත....<o:p></o:p>
උස්සපු මුතූ අතුගාගෙන අතුගාගෙන ගියා!! හරියට වික්රමත් එක්ක තරහ මිදුලෙන්
පිරිමහන්ඩ වගේ...<o:p></o:p>
මට පොරොන්දු වුණා... අර ගෑණු ළමයට හොයා ගන්ඩ මට උදව් කරනවයි කියල??<o:p></o:p>
එහෙම පොරොන්දුවක් දුන්නෙ කවද්දද??<o:p></o:p>
අමනාපෙන් වගේ කතා කරන්නෙ.... මං හිතුවෙ අපි දැන් යාලුවො කියල... යාලුවෙක් විදියට
මට ඒ වැඩේට උදව් කරන්ඩ නංගි කැමති වුණා කියලයි මං හිතුවෙ... මං ඊයෙ පෙරේද දෙකේම
බලන් හිටිය නගා නිකමටවත් පන්සල පැත්තෙ ආවෙත් නෑ... හවස් අතේ මං ඇහැළ ගහ හරියෙත්
බැලුව නගා ඉන්නවද කියල....<o:p></o:p>
ගියේ හිතේ දුකට... <o:p></o:p>
කතා කරපු මේ කෙල්ලට මක් වෙලාද මේ උදේ පාන්දර??<o:p></o:p>
වෙලාවක් නෑ....ඇයි දැන් පන්සලේදි පෝය දවසෙ දැක්ක කිව්වනෙ... ඉතිං පන්සලේම රාජකාරි
කරන එකේ ආවාම තමන්ටම කතා කරගන්ඩ බැරියැ?? ආයෙ මොකටෙයි තෝල්කයො??<o:p></o:p>
බලන්නෙවත් නැතුව කියාගෙන කියාගෙන ගියා... ඒ වචන වික්‍රමට දැණුනෙ හරියට පිහි තුඩු
වගේ.. තමන්ගෙ හිත පසාරු කරගෙන කිඳා බහින...<o:p></o:p>
දිහා හිස් හැඟීමෙන් බලන් හිටිය වික්‍රම පරාජිත හඬකින් කිව්ව...<o:p></o:p>
බැලුවෙ...<o:p></o:p>
විසි කළා...<o:p></o:p>
නෑ වැට ලඟ....<o:p></o:p>
විජේ අයියලෑ එලිපත්තට ගොඩ වෙච්ච වික්‍රම අයුරුවක් නැතුව ඔහේ බලන් හිටිය හැටි වතුර
සද්දෙටට කළබල වෙච්ච මුතූ දැක්ක!!<o:p></o:p>
බොහොම වැරදියි මුතූ.... මුතූගෙම හිත හැම
තිස්සෙම මුතූට කිව්ව...<o:p></o:p>
ඉල්ලන්නෙ උදව්වක් වෙන්ඩ ඇතිනෙ... හිතේ ඇඳිල තිබුණ රූපෙ කිව්වට ඒ රූපෙ හිමි කෙනාට
තමාගෙ ආදරෙත් හිමියි කිව්වෙ නෑනෙ... අනික මේ අඳුනගෙන දවස් ගාණට උඹ දන්නෙ කොහොමද මේ
මනුස්සය කවුද කින්ද මන්ද කියල... දන්නෙ ගමට ආවෙ පන්සලේ චිත්‍ර අඳින්ඩ කියල විතරයි
නෙ....<o:p></o:p>
ඇඳිච්ච රූපෙ කියල අහල එයාව හොයාගන්ඩ උදව් කළානං උඹේ පැත්තක් යනවද??<o:p></o:p>
සුද්දකරල ගන්නෙ නැතුව මක්කරනවද මේ කෙල්ල?? මොනවද ඔය හැටි කල්පනා කොරන්නෙ....?<o:p></o:p>
ආයෙමත් මඩක්කුවෙ තිබුණු ලූනු ගෙඩියක් අතට
අරන් සුද්ද කරන්ඩ ගත්ත...<o:p></o:p>
ගෙදර අත්තමට ගෙහුං.......දවල්ට උයන්ඩ එන්ඩ වෙන්නෙ නෑයි කිව්ව... අර එහෙ නතර වෙලා ඉන්න මනුස්සයට කෑම ටිකක් දෙන්ඩ
කිව්ව නෙව... ඩිංගක් අත ඉක්මං කරල ඔය වැඩේ අහවරයක් කරල මට මේ පොල් අඩලෙ ගාල දෙන්ඩ
ළමයො...<o:p></o:p>
උන්දැට කන්ඩ දෙන්ඩ අපි නැහෙන්ඩ....<o:p></o:p>
බද්දයක් නැතුව ලූණු සුද්ද කරන මුතූ දිහා
බලන් හිටිය අම්ම ඇහුව.. වෙනදට මෙහෙම උදව් කරන්ඩ කියල ආවාම කට කමසිරියාවක් නැතුව
කතා කරන එකයි හිනාවෙන එකයිනෙ මුතූගෙ වැඩේ....<o:p></o:p>
අම්මෙ....<o:p></o:p>
නළලට පිටි අල්ල තියල බැලුව...<o:p></o:p>
නෑ.....ඕක නෙව කියන්නෙ... කවදාවත් නැතුව ඉර අව්ව වැටිච්ච වෙලාවෙ ගියානෙ මිදුල
අතුගාන්ඩ.... පැය දෙහෙකටත් වැඩිය අව්වෙ
හිටිය... හිසේ ඇම්ම නැහැදුනොත් නෙ පුදුමෙ.... ආං අර කෑම කාමරේ රාක්කෙ ඇති තැඹිලි
තෙල් බෝතලේ... ඔය තෙල් ඩිංගිත්තක් දාගෙන
පොඩ්ඩක් ඇලවෙලා ඉන්ඩ...මං මේ ටික ඉක්මණිං අහවරයක් කරල අර මනුස්සයට කන්ඩ
ටිකක් දීල එන්නං.....<o:p></o:p>
කීකිරිඳිය, අරූද කොළ දාල කකාරවපු තැඹිලි තෙල් බෝතලේට නාහෙ ලං කරල සුවද බලපු මුතූ
ඉන් අල්ලක් අරන් හිස් මුදුනට දාගත්ත...<o:p></o:p>
හිස්මුදුනෙන් පටන් අරගත්ත සනීපෙ ටිකෙන් ටික තමන්ගෙ හිතත් සිසිල් කරන බව මුතූට
දැණුන...<o:p></o:p>
මතක් වෙච්ච මුතූ තව තෙල් අල්ලක් හිසේ දාගත්ත...වෙනද නං මේ වගෙ වෙලාවට තෙල් ටික
හිසට වදින්ඩ මුතූ අම්මට කියල හොඳට අතගාවගන්නව... අද උයමන හදිස්සි වෙලා නෙ උන්දැටත්!!<o:p></o:p>
ගිහින් ඇඳේ වැතිරුණා...<o:p></o:p>
පැති මිදුලෙ දෙලුම් ගහේ උන්න පැණි
කුරුල්ලෙක් දෙලුම් මල් කිනිත්තක එල්ලිලා!! වෙනදා වගේ ඒ දිහාව බලන් ඉන්ඩ හිතක් මුතූට තිබුණෙ
නෑ... අනික් පැත්තට හිස හරවන්ඩ යද්දි මුතූ දැක්කෙ
අර චිත්‍රෙ....
වික්‍රම දීපු!!<o:p></o:p>
එපිටින් පේන වේරගල කඳු වලල්ල බොඳ වෙලා යනකල් ඒ දිහා බලන් හිටිය මුතූ දිග හුස්මක්
හෙලල බිත්තිය පැත්තට හැරිල ඇස්පියාගනිද්දි
ඇස් බොඳවෙන්ඩ හේතු වෙච්ච කඳු බින්දු දෙක තරගෙට කොට්ටෙ උඩට වැටුණ......<o:p></o:p>
<o:p>
</o:p>
<o:p>
</o:p>
අඩි සද්දෙට සම්බෝලෙ අඹරන එක නවත්තල කන්දීපු කුසුම්ලතා මල්ලකුත් අතින් අරන් උලුවස්ස
ලඟ හිටගෙන උන්න විජේගෙන් ඇහුව<o:p></o:p>
කහට එකක් ඕනෙ<o:p></o:p>
එන ගමං මං අපේ ගෙදරටත් ගොඩවුණා... නංගි හිස කැක්කුමක් අල්ලල දවසම ඇඳේ වැටිල හිටිය
යි කිව්ව හන්ද එයාගෙ ඔලුව ටිකක් අතගගා හිටිය නින්ද යනකල්!! රෑ වෙනව දැනුණෙ නෑ....ඔයා
පන්සල පැත්තට ගියේ නෑ...??<o:p></o:p>
ගමන පන්සල පැත්තටත් ගොඩ වැදුණ .. ලොකු හාමුදුරුවොත් නුවර වැඩල... පොඩි
හිමුදුරුවොත් පහුගිය දොහේ පාඩං වැඩ එහෙම අතපසු වුණාය කියල ඒ පොත්පත් ඉල්ලාන එන්ඩ පිරිවෙන්
වැඩල... ඇබිත්ත මලය විතරයි හිටියෙ... <o:p></o:p>
ගිහින් ආවට පස්සෙ ආයෙ පන්සලට ගියේ නෑ කියල ඌ කිව්වෙ... කෝ වික්‍රම??<o:p></o:p>
වැඩියි විජේ.... තේ එකක්වත් ඕනැද අහන්ඩ බලද්දි කාමරේ දොරත් වහලයි තිබුණෙ.....මං
හිතුවෙ තාම ඇවිල්ල නැතුව ඇති කියල...<o:p></o:p>
බලල එන්නං කාමරේ!!<o:p></o:p>
නැතුව වැට ලඟ අතු ගෑවෙ නිකම්ම වෙන්ඩ බෑ... ලිඳ ලඟ ඉඳල එනකොට වික්‍රම වැට ගාව හොරගල්
අහුලනව දැකල හිනා කටක් ආවත් තමනුත් ඔහොම වැඩ කළා නේද කියල මතක් වෙලා විජේ ගෙට
ගියා.... දෙන්නගෙ කතා බහ ඉවර වෙලා බිම බලාන වික්‍රම ගෙදර දිහාවට ඇදෙනවත් විජේ
බලාගෙන...<o:p></o:p>
වුණාවත්ද??<o:p></o:p>
ලඟින් මැස්ස යන්ඩ බෑනෙ...<o:p></o:p>
පැත්තට ඇදුනෙ හිතිවිල්ලෙන්<o:p></o:p>
සීයට අරන් වගේ.....??<o:p></o:p>
කරන් පරාල ගණං කරන්නා වාගේ උන්න වික්‍රම විජේගෙ සද්දෙට ගැස්සිලා කෙලින් වුණා...<o:p></o:p>
වෙලේද?? මං දන්නෙත් නෑ...<o:p></o:p>
පැත්තෙත් ගියා....මලය අද වැඩට ගියෙ නැතෙයි??<o:p></o:p>
අයියෙ.... ගිහිල්ලත් මං ආපහු ආව.....උදේ පාන්දර පන්සල් යද්දි පිණි බෑවනෙ....ඒ හන්ද
වෙන්ඩ ඕනෙ...<o:p></o:p>
කැක්කුං!! මේකෙ මොකක් හරි තියෙනව කොස්සක්!!! <o:p></o:p>
ඇවිල්ල ඈඳිගනිං මලයො හුලං ටිකක්වත් වදින්ඩ... මං අක්කට කියන්නං ඉඟුරු එහෙම යහමිං
දාල කහට කෝප්ප දෙකක් අරන් එන්ඩ කියල... කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක ඒක ගහල දැම්මම
ඔය ලෙඩ ටික සේරෝම අකා මකා යයි...<o:p></o:p>
ඉන්නෝ!! හොඳ ඉඟුරු කහට කෝප්ප දෙකක්ම ඕනේ!!! කිතුල් හකුරුත් එක්ක..<o:p></o:p>
ගැහුව...<o:p></o:p>
හිටිය වගේ කුසුම්ලතා තේ කෝප්ප දෙක අරන් එද්දි වික්රමත් ඇවිත් ඉස්තෝප්පුවෙ ඇඳි
පුටුවන වාඩිවුණා!!<o:p></o:p>
කැරකෙන ඇඳි දෙකත් දිගෑරගෙන කකුල් ඇඳි උඩ තියාන හිටිය විජේ කකුල් බිම තියල කහට
කෝප්පෙ අතට අරන් හකුරු කෑල්ලකුත් අරගත්ත...<o:p></o:p>
ආවෙ?? මං හැන්දෑවෙත් බැලුව ඉන්නවද කියල... අර අම්ම අරන් ආපු දවල් කෑම පිඟානත්
එහෙමම වහල සාලෙ...මල්ලි කන්ඩ ඇවිදිනුත් නෑ වගේ....<o:p></o:p>
දවසම.. හිසේ කැක්කුමක් අල්ලල....<o:p></o:p>
බැලුණ...<o:p></o:p>
ජනූhttp://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.com14