Friday 19 October 2012

සෙවණැළි අතරින්... 4



විජිත් ආපහු යන දිහා බලන් හිටිය සහේලි ආපහු ගේ ඇතුලට ගියේ දහසකුත් ප්‍රශ්න ඔලුවේ තියාගෙන.

ඇමතිගේ ජීප් එක - විජිත් ට යි එයාටයි ආපු කෝල් - ෆොටෝ ... මේ දේවල් වලින් ප්‍රහේලිකාවේ කෑලි ටික එකතුකර ගන්ට සහේලිට වගේම විජිත් ටත් අමාරු උනේ නැහැ. විජිතට අන්තිමට ආපු කෝල් එකේ කිව්ව ෆොටෝ මොනාද කියල ආයේ සැකයක් තිබුනේ නැහැ දෙන්නටම. 

ෆොටෝ කීව ගමන් විජිතට එක පාරටම මතක් උනේ එදා ඇමති තුමා ගේ ඔෆිස් එකේදී එයා ගත්තු ෆොටෝ එකයි, ඒ වෙලාවේදී ඇමතිතුමා කලබල වෙලා කෑ ගහපු හැටියි.

ඒත් ඒ ෆොටෝ එකේ තියෙන ඔච්චර ලොකු වැදගත්කම මොකද්ද?


බෙදා ගත්තු බත් එකේ මාළු පිණි අනා ගත්තට සහේලිට කන්ට පිරියක් තිබුනේ නැහැ. එයාගේ ඔලුවේ තිබුනේ ෆොටෝ එකේ තියෙන ලොකු වැදගත්කම මොකද්ද කියන එක. අන්තිමට කටක් දෙකක් කාල සහේලි කාමරේට ගියේ නිදා ගන්න. 


"විජිත් ට දැන් නම් ඔෆිස් එකට යන්න වෙලා..."සහේලි තමන්ටම කියා ගත්තේ ඔරලෝසුවේ වෙලාව දැක්කම.
මැසේජ් එකක් එවනවා කිව්වට තාම නැහැනේ...තාම මගවත්ද? සහේලි ෆෝන් එක චෙක් කරන ගමන් හිතුව.
කෝල් එකක් දෙන්නද...ම්ම්ම් එක්කෝ මම මුණ කට හෝදලා බුදුන් වැඳලා ඇවිත්ම කෝල් කරලා බලනවා. 

සහේලි එහෙම තීරණය කරේ චුට්ටක් පරක්කු උන ගමන් එයා කෝල් කරොත් විජිත් ගැන එයා වද වෙනව කියල විජිත් හිතාවි කියල. 
හැබැයි විජිත් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ කියල සහේලිට තමන්ගේම හිත යටින් යන්තමට මුමුණනවා ඇහුන.

***


'හායි මැඩම්.  රීච්ඩ් ඔෆිස් සේෆ්ලි. සී යු
ටුමෝ. ටෙක් කෙයාර්. බී සේෆ්.'
 
 විජිත් එවල තිබිච්ච මැසේජ් එක දෙතුන් වතාවක් කියවලයි සහේලි නිදන්ට ගියේ. හෙට උදේ එළිවෙනකම් ඉන්න බැරි ගතියක් එයාට දැනුනේ ෆොටෝ එකේ රහස එක්ක හොඳ නිවුස් එකක් ඉව වැටුණු 'රිපෝටර් උණ' හදුනා නිසාද...නැත්නම් විජිත්ට කරදරයක් වේවි කියල බය හිතුන නිසාද...ඒ දෙකම නිසාද කියල එයාට හිතාගන්න බැරි උනා.

***

"විජිත්...ඔයා හිතන්නේ අපි මේ කේස් එක බොස්ට කිව්වොත් හොඳයි ද?"
සහේලි විජිත්ගෙන් ඇහුවේ දෙන්නත් එක්ක ඔෆිස් එකේ උදේ තේ එකක් බොන ගමන්.


"ම්ම්...මේකයි සහේලි ...මට මෙතන ලොකු නිවුස් එකක් පේනවා. නමුත් බොසා ට උනත් ඔය නොයෙකුත් පොලිටිකල් කනෙක්ෂන්ස් තියෙනවනේ. මිනිහ ව ට්‍රස්ට් කරන්න පුලුවන්ද කියල මට ෂුවර් නැහැ...අවදානමකුත් තියෙනවා තමයි. ඒත් යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැනේ!"
 
"ඔව් ...අපි මේ ගැන තව ටිකක් කරුණු හොයාගන්න කම් මේ කතාව අපි දෙන්නගෙන් එහාට යන්ට ඕනි නැහැ...ඒත් මට හිතාගන්ට බැරි මේ ෆොටෝ එකට ඇමති ඔච්චර බය මොකද කියලයි...ඒ ෆොටෝ එකේ හිටිය අනිත් කෙනා කවුද විජිත්?"

 
විජිත් වාඩි වෙලා හිටිය පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා හිනා උනා.
"හෙහ් හෙහ්...අන්න ඒක තමා සහේලි දවසේ ප්‍රශ්නය! ඔන්න ඔය මිනිහ තමා දැන් අපිට තියෙන ලොකුම හෝඩුවාව"

 
"ම්ම් ..." සහේලි තේ උගුරක් බීල යටි තොලත් හපාගෙන කල්පනා කරනවා. එයාටම නොදැනී වම් සුළඟිල්ලෙන් කන ගාව තිවුණු කොණ්ඩ කැරැල්ලක් කරකවන හැටි විජිත් බලාගෙන හිටියේ ආසාවෙන්.
 

"විජිත්.."
...
"විජිත්!"
.....
"විජිත්!! මේ ... මොකෝ දවල් හීනද?"
සහේලි දිහා බලාගෙන චුටි වෙලාවකට වෙනමම ලෝකෙකට ගිහින් හිටපු විජිත් ගැස්සිලා වගේ සහේලි දිහා බැලුව. සහේලිට තරහත් ගිහින් වාගේ. මුණත් රතු කරන්.
 

"ඕ වෙරි සොරි සහේලි...යේස්? යු වර් සෙයින්?..."
"මම ඇහුවේ විජිත් ඔයා අර ෆොටෝ එක ප්‍රින්ට් කරාද? ඒකෙ කොපීස් ගත්තද?"
"ප්‍රින්ට් කරේ නම් නැහැ සහේලි. ඒත් මේ ඔෆිස් එකේ තියෙන ඩිජිටල් කොපි එකට අමතරව තවත් කොපීස් දෙකක් අරන් තියෙන්නේ. කැමරා එකේ මෙමරි එකෙන් නම් මම අයින් කරා"
"ම්ම් ඔව් ඒක හොඳයි. මටත් කොපි එකක් දෙන්න විජිත්"
"ඔයාට?"
විජිත් ඒකට එක පාරින් හා නොකිව් එක ගැන සහේලිට ඇති උනේ පුදුමයක්. චුටි තරහකුත් ආව.


"ඇයි?.. මේ ස්ටෝරි එක මටත් අයිතියි විජිත්! අපි දෙන්නම මේකේ හවුල් කාරයෝ...ඔයාට මාව විශ්වාස නැත්ද? මෙච්චර අපි එකට වැඩකරනවා..ඔයාට -"

 
"හෝව් හෝව්! මැඩම් අයියෝ ඔයා වරදවා වටහා ගත්තනේ ඔන්න..ළමයෝ...මම කිව්වේ ඔයා ගාව කොපි එකක් තියාගන්න එක ඔයාගේ ආරක්ෂාවට හොඳ නැහැනේ. ඒකයි. දැන දැන ඔයාව කරදරේ දාන්න මම කැමති නැහැ. අනික ඔයා කෙල්ලෙක්-"

 
"විජිත් ...කෙල්ලෙක් කියල මට විශේෂ සැලකිලි ඕනි නැහැ! ඔයා වගේම මාත් කරන්නේ මගේ ජොබ් එක. ප්ලීස් ලෙට් මි ඩූ මයි ජොබ් ඕ කේ ?  ... දැන් ඔයාම කීවනේ යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියල. මටත් ඔයාට කියන්න තීන්නේ ඒක තමයි!"

***


එදා සහේලිට හොඳටම වැඩ. ඒ නිසා හවස් උනා තේරුනෙත් නැහැ. ආයේ විජිත් එක්කල කතා කරන්ට වත්, ඒ ප්‍රශ්නේ ගැන හිතන්ට වත් වෙලාවක් තිබුනෙත් නැහැ. දවසේ වැඩ ටික ඉවර වෙලා හුස්මක් ගන්ට උනේ නැහැ විජිත් ආව සහේලිගේ මෙසේ ගාවට කලබලෙන්.
 

"විජිත්...ඇයි කලබලෙන් වගේ...ආයෙත් අර...?"
සහේලි හිතුවේ ආයෙත් විජිත් ට කෝල්ස් එන්න අරන් කියල.


"සහේලි..ඔයා වැඩ ඉවරයි නේද?"
"ඔව්..."
"හරි. එහෙනම් යමු මාත් එක්කල."
"යමු? කොහෙද? ඊටත් දැන් හවස පහ මාරත් වෙලා..."

 
ඒ පාර විජිත් සහේලිගේ මේසෙට අත් දෙක තියල පාත් වුණා.
"මිස් සහේලි. ඔයා කීව නේද ඔයා රිපෝටර් කෙනෙක්. කෙල්ලෙක් කියල විශේෂ සැලකිලි ඕනි නැහැ කියල? රිපෝටර් ලට හවස රෑ කියල වෙනසක් නැහැ කියල ඔයා දන්නවනේ...අපි දෙන්න පාට්නර්සලා කියල ත් කීව නේද?..එහෙනම් දැන් ඇයි ඔයා මේ කියන්නේ අතට ආව හොඳ ටිප් එක බලන්න යන්න හවස් වෙලා වැඩි කියල? ආ? ඇයි ඔයා කලුවරට බයද?"
විජිත් ඒ අන්තිම ටික ඇහුවේ පොඩි නෝන්ඩි හිනාවකුත් දාගෙන. 


විජිත් මේ යන්න කතා කරන්නේ අර බලවර්ධන ඇමතිගේ ප්‍රශ්නේ ගැන මොකක් හරි හෝඩුවාවක් දැනගන්ට කියල තේරුණු නිසා සහේලි දඩ බඩ ගාල නැගිට්ටේ හෑන්ඩ් බෑග් එකට එයාගේ සටහන් පොතයි පෑනයි, ටේප් රෝකොඩර් එකයි දාගන්න ගමන්.

"හරි හරි විජිත්. මම ඇහුවේ කොහෙද යන්නේ කියලනේ...ඔච්චර දිග ලෙක්චර් දෙන්නේ...ඕකේ...මම ලෑස්තියි. අපි යමු"

 
***


"විජිත්...ඔයාට ෂුවර් ද තැන මේක කියල?"
සහේලි එහෙම ඇහුවේ ඒ අතෑරලා දාපු බිල්ඩිමේ කාත් කවුරුත් පෙනෙන්නට හිටියේ නැති නිසා.
 

"ඔව්...මගේ කන්ටැක්ට් එක එවපු ඇඩ්රස් එක නම් මේක තමා..."
විජිත් ෆෝන් එක අරන් එයාට ඇවිත් තිබුණු මැසේජ් එකේ තිබුණු ඇඩ්රස් එක ආයෙත් පාරක් චෙක් කරා.

එදා බලවර්ධන ඇමති එක්ක හිටපු අනිත් කෙනා ගැන විජිත් විපරම් කරද්දී එයාට ලැබුණු ඔත්තුවක් ඔස්සේ තමයි දෙන්න මේ තැනට ආවේ. විජිත් ට ලැබුණු පණිවුඩේ අනුව නම් මේ කෙනා ගොඩක් බලගතු පුද්ගලයෙක්. ඒක නිසාම එයා ගැන එළිපිට කවුරුත් කතා කරන්ට බයයි. පොඩි හෝඩුවාවක් දෙන්න උනත් කැමති වෙන්නේ මේ වගේ පාලු තැනකට ඇවිත් විතරයි.

හැබැයි සහේලිට නම් විජිත්ගේ මේ ඔත්තුකාරය ගැන තිබුනේ සැකයක්.
"ඔයා කොහොමද විජිත් දන්නේ මේ අපිට අටවපු උගුලක් නෙවි කියල?"


"මේකනේ සහේලි...බලවර්ධනට තියෙන බලය අනුව...මිනිහට අපිට අනතුරක් කරන්ට ඕනි නම් දැනටමත් කරලා. අපි දෙන්න තාම යහතින් ඉන්නේ මිනිහට අර ෆොටෝ ඕනි නිසා. මිනිහට අපිව මේ වගේ තැනකට ගෙන්න ගන්න උවමනාවක් නැහැනේ. අනික මට පද්මේ විශ්වාසයි. ඌ මට කාලයක් තිස්සේ අන්ඩර් වර්ල්ඩ් එකේ යන කේස් ගැන හොඳ ටිප්ස් දෙන එකෙක්. පද්මේ තමා මට මේ අද හම්බු වෙන්න ආව මෑන් ගැන කීවේ...මෑන් ව ෂුවර් නැත් නම් පද්මේ මට මිනිහව රෙකමෙන්ඩ් කරන්නේ නැහැ"

 
"විජිත්...දැන් නම් වෙලාව හරියටම හතයි. හත ට බිල්ඩින් එකේ දොර අරන් ඇතුලට එන්න කියල නේද කිව්වේ?"
"ඔව්...හරි..අපි යමු"

 
***



කාලයක් තිස්සේ පාවිච්චි නොකර හිටි නිසාද කොහෙද ඒ ගොඩනැගිල්ල ඇතුලෙන් ආවේ හරිම මුස්පේන්තු පුස් ගඳක්. ඇතුලේ ලයිට් වැඩ කරන්නෙත් නැහැ. කළුවරයි. වෙලාවට විජිත් ළඟ පොඩි ටෝච් එකක් තිබුන.

විජිත් මුලින් ඇතුලට ගිහින් සද්දෙන් උගුර පෑදුවේ කවුරුත් ඉන්නවද බලන්ට. එයාල ඇතුල් වෙලා තිබුනේ ලොකු ශාලාවකට. 


කාලෙකට කලින් ගබඩා කාමරයක් වෙන්ට ඇති. සහේලිට හිතුන. 

ඒ ශාලාවේ එහා මුල්ලේ මුණ හරි හැටි නොපෙනෙන විදිහට ඔලුව පාත් කරගත්ත කවුදෝ ඉන්න විත්තිය මුලින්ම දැක්කේ සහේලි.

***


"ඔහේ ට මොනවාද අපිට අර ෆොටෝ එක ගැන කියන්න පුළුවන්?" අඩි දහයක් විතර දුරින් හිටගෙන උන්නු කෙනාගෙන් එහෙම ඇහුවේ විජිත්.


"මහත්තය....මහත්තයල මේ සෙල්ලන් කරන්ඩ හදන්නේ මහ විසකුරු මිනිහෙක් එක්කල...මම ඔය සර්පයා ව හොඳට අඳුනනවා...මට පුළුවනි ඕකගේ නම කියන්ඩ විතරයි. ඊට එහා දෙයක් මට කරන්න බෑ. ඉතුරු හරිය මහත්තෙලා අතේ"

 
"හරි. ඒ ෆොටෝ එකේ ඇමතිතුමා එක්ක හිටියේ කවුද? අපිට කියන්න." සහේලිට ඒ නම දැන ගන්නකම් ඉවසිල්ලක් තිබුනේ නැහැ.
 

"ඩග්ලස් හේවගේ"
සහෙලිවත් විජිත්වත් ඒ නම දැන ගෙන හිටියේ නැහැ.
 

"ඔහේ මොකද අපිට උදව් කරන්නේ?" දෙන්නටම තිබුණු ප්‍රශ්නේ මුලින් ඇහුවේ සහේලි.
"මම කීවනේ නෝනා...මට කියන්ඩ පුළුවන් නම විතරයි...දැනටමත් මගේ ජීවිතේ අනතුරේ..." 

 
ඒත් එක්කම කවුරු හරි කෙනෙක් එළියේ ඇවිදිනවා වගේ ඇහුන තුන්දෙනාටම. තුන්දෙනාම ගල් ගැහුනා මොහොතකට. අඩි සද්දේ ටික ටික දොර ලඟට ලං වෙනවා. බර අඩි. සද්දේ හැටියට දෙතුන් දෙනෙක්.

ඉස්සෙල්ලම ක්‍රියාත්මක උනේ විජිත්. 

සහේලිගේ අතින් අල්ලගත්ත එයා ශාලාවේ පිටිපස්ස දොර දිහාට දුවන්ට ගත්ත.
පිටිපස්ස දොරින් ඇතුළු වෙන්න තිබුනේ තවත් අඳුරු කාමරේකට. පොඩි ඔෆිස් රූම් එකක් හැටියට පාවිච්චි කරපු එකක්. 
සහේලි ව ඇදන් කාමරේට ඇතුළු වෙන කොටම තමයි වෙඩි සද්ද ඇහෙන්ට ගත්තේ.

කාමරේ දුවිලි පිරුණු පොලවේ මුල්ලකට වෙලා විජිත් හිටියේ සහෙලිව තදින් පපුවට තුරුළු කරන්.


වෙඩි සද්ද එක්කම මිනිහෙක් මර ලතෝනි දෙනවාත් ඇහුන.


කිසි දෙයක් හිතා ගන්ට සහේලිට වෙලාවක් තිබුනේ නැහැ. ජීවිතේ පලවෙනි වතාවට මරණ භය දැනුන. වේගෙන් පපුව ගැහෙනවා. 

සහේලි තව තවත් විජිත්ට තුරුළු උනේ ඇස් දෙක පියාගෙන.

කාමරෙන් පිට මොන මොනවා වෙනවද කියල හිත හිත සහෙලිව තුරුළු කරන් හිටිය විජිත්ගේ මුණේ පුංචි හිනාවක් ඇඳුනේ ඒ අතරේ. 

සහෙලිව මේ වගේ තුරුළු කර ගන්ට එයා කොච්චර කල් පෙරුම් පිරුවද? මුව පැටියෙක් වාගේ තමන්ගේ පපුවේ මුණ ඔබාගෙන වෙඩි සද්දේ නෑහෙන්ට වාගේ සහේලි කන් දෙක ත් අතින් වහගෙන!

සීරුවට සහේලි දිහාට පාත් උණු විජිත් හරිම මෘදු මෙලෙක් රෝස මලක් ඉඹිනවා වගේ සහේලිගේ හිස මුදුන ට පුංචි හාද්දක් දුන්න.
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය!
විජිත්ට හිතුන!

13 comments:

  1. //සීරුවට සහේලි දිහාට පාත් උණු විජිත් හරිම මෘදු මෙලෙක් රෝස මලක් ඉඹිනවා වගේ සහේලිගේ හිස මුදුන ට පුංචි හාද්දක් දුන්න.
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය!
    විජිත්ට හිතුන!//

    වෙන වචන ඕනි නෑ අමා...Superb...:D

    ReplyDelete
    Replies
    1. Thank you පොඩ්ඩි හි හි

      Delete
  2. අමා!!!! පොඩ්ඩි කියන්න වගේ ඔයා මේක ඉවර කරල තියෙව විදියට මං ආස කරන තරම් කියන්ඩ මට වචන නෑ...!!
    ඔයා මේක ලියන්ඩ කල් ගත්ත එක ගැන මට කිසිම දුකක් නෑ!!!
    ඒක තමා වෙන්ඩ ඕනෙත්!!!

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ යටි හිතේ ප්‍රොසෙස් වෙන්ට ඇති හි හි මොකෝ මෙහෙම ම ලියනවය කියල ලොකු අදහසක් තිවුනේ නෑ ලියන්න වාඩි වෙද්දී.
      හැබැයි පොඩ්ඩි, රවී අයිය, සිත්තමි තුන් දෙනා කතාව ගොඩ නගාපු හැටියට මට නිකම් හිතේ ඇඳිලා තිබ්බ සහේලි යි විජිත් අතරයි තියෙන සම්බන්ධෙ මෙහෙම එකක් වේවි කියල.

      ඉස්තුතියි ගොඩක්!

      Delete
  3. දැං ඊළඟට ඒ මිනිස්සු ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන එනවා විජිත්වයි, සහේලිවයි මරන්ට.. එතකොට විජිත් අට ඉස්බක් උඩපැනලා, කරණම් ගහලා අරුන්ට දෙනවා දොඹෙන් යන්ට උඩ වීසිවෙලා වැටෙන්ට.. ඊට පස්සෙ සහේලිවත් අරගෙන මෝටර් බයික් එකට නැගලා එතනින් පැනලා යනවා.. එතකොට ඩග්ලස්ගෙ මැරයො එයාලා පස්සෙන් පන්නනවා.. විජිත් එහෙන්-මෙහෙන් වෙට්ටු දාලා ඒ වාහන අස්සෙන් පනිනවා.. ඒ වාහන ගිහිල්ලා කඩ-බක්කි, සරුවත් කරත්ත එහෙම පෙරලගෙන හැප්පෙනවා..

    ඔන්න ඔහොම සීන්ස් මොකුත් නැද්ද..?? අමාරිස් මේ කතාව ලිවුවානං ඔහොම සීන්ස් ටිකකුත් තියෙන්ට ඕන අනිවාර්යයෙන්ම.. :)

    ReplyDelete
    Replies
    1. මොකද්ද අනේ ඔයා මේ කරේ?
      අපි සෙට් වෙලා ලියන්ට හිටිය එක එහෙම්මම මෙහෙම එලි කරාම අපි දැන් අනාත නාත වෙනවනේ. දැන් ඉතින් ජනු, රන්දිකා අක්කේ ඔන්න වෙන විදිහක් ලියන්ට. මෙයා වැඩේ කෑවනේ
      සික්!

      Delete
  4. පොඩි පුරෝකතනයක් කරන්නෙයි?...ජනූ මේ බොට ඊළඟ කොටස ලියන්ට ඕන විදිහ ගැන බලපෑමක් කරනව කියල හිතන්ට එහෙම එපා...ආම්ස් ලියපු කතාංගය කියවද්දි මයෙ හිතට පැන නැඟිච්ච බෝහෝම සාදාරන කම්පනාවල්...

    / වෙඩි සද්ද එක්කම මිනිහෙක් මර ලතෝනි දෙනවාත් ඇහුන. /

    එතකොට මේ වගෙ වෙලාවක සිහි මොලේ ඇති මිනිහෙක් කරන්නෙ මොකක්ද?...මේ මර උගුලෙං ගැලවිල ජීවිතේ බේරගන්ට ක්‍රමයක් කම්පනා කොරනව වගෙ දෙයක් නේද?

    ඒත් මේ මඤ්ඤමා කොරන්නෙ මොකක්ද?...

    / සීරුවට සහේලි දිහාට පාත් උණු විජිත් හරිම මෘදු මෙලෙක් රෝස මලක් ඉඹිනවා වගේ සහේලිගේ හිස මුදුන ට පුංචි හාද්දක් දුන්න. /

    ඉතිං ඔය වගෙ බාරදූර මාරාන්තික වෙලාවක කෙල්ලෙක්ගෙ ඉස් මුදුන ඉඹින මනුස්සයෙක් ගැන මට නම් නිගමන දෙකයි කොරන්ට තියෙන්නෙ.

    1. ඌ ඇවිල්ල Certifiably Insane පොරක්

    2. මේ වෙඩි තියන සීන් එක ඔක්කොම ඌම සැට් කරපු එකක්. වෙන මොකටවත් නෙවෙයි අර අහිංසක දැරිවිගෙ ඉස් මුදුන ඉඹල ඒකිව බේරගත්තෙ මංය කියල ඒ කෙලීව දැපනෙ දාගන්ට.

    ඉතිං ජාන්ස්....උඹ ඊළඟ කොටහ ලියද්දි මේ අයිඩියානන්ද එකත් හිතේ කොනක තියාගනිං...හරිය?...මම මේ උඹට බලපෑමක් කොරනව කියල හිතන්ට නම් එපා ගොයියෝ ඕකේ?

    ආහ්හ්...ආම්ස්....කතාව නම් නියමයි බං...දාපං බලන්ට පහක් කාරිය...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. /2. මේ වෙඩි තියන සීන් එක ඔක්කොම ඌම සැට් කරපු එකක්. වෙන මොකටවත් නෙවෙයි අර අහිංසක දැරිවිගෙ ඉස් මුදුන ඉඹල ඒකිව බේරගත්තෙ මංය කියල ඒ කෙලීව දැපනෙ දාගන්ට./

      මේ හැබෑට රවී අයියේ මෙහෙමත් එව්වා කරනවද මේ පිරිමි? අනේ අනේ අපි අහිංසක ගෑනු ඉතින් රැවටෙනවා.
      ඔන්න දැන් මේ පාර නම් පිරිමියෙක් මයි ඕන් කීවේ එයාලගේ කට්ටකම් හොඳේ. ඔන්න අපි නෙවි.
      ඔන්න පොඩ්ඩි ඔයාට ඊළඟ පෝස්ට් එකට හොඳ මාතෘකාවක් : "පිරිමි හෙළි කරන පිරිමින්ගේ මායම්"

      Delete
  5. එහා කාමරේ මිනී මරද්දි මෙහා කාමරේ ලව් කරන්නෙ මොන රටේද බොලව්???

    මේක හින්දි ෆිල්ම් එකක් උනා නං දැන් ඔන්න විජිත් සහෙලිවත් තුරුල් කරන් ඈත බලන් ඉන්නව. ඒ දර්ශනය බොඳ වෙලා ගිහින් රාත්‍රී කාලෙ මහ පාරක දර්ශනයක් මැවෙනව. හොඳටෝම අකුණු ගගහ වහිනව. දැන් ඔන්න මියුසික් පටන් ගන්නව....විජිත් දුවගෙන එනව එක කෙළවරක ඉඳන්, චුටි කාලේ ඇඳපු ටී ෂර්ට් එකක් හිරට හිරේ ඇඳගෙන, ඩෙනිමකුත් ගහගෙන. අනික් කෙළවරෙන් මතු වෙනව සහේලි. සාරිය අඳින්න පටන් ගත්තත් හදිසියෙ මියුසික් පටන් ගත්ත නිසා වෙලාව මදි වෙලා ඒක බාගෙට පටලගෙන තමා එයා ඇවිත් ඉන්නෙ. දැන් ඔන්න එයා දුවන් එනව...ස්ලෝ මෝෂන් එකේ....එයාව තෙමෙනව...හොඳටම තෙමෙනව....විජිත් ගේ පැත්තට එච්චර වහින්නෙ නෑ, සහේලිගේ පැත්තට නං හෝ ගාල වහිනව.....

    ඊළඟ කොටසෙ මේ වගේ කෑල්ලක් ඇති නේ??

    ReplyDelete
    Replies
    1. තේරි මේරි මේරි තේරි ප්‍රේම් කහානි හේ මුෂ්කිල්
      දෝ ලෆසෝන් මේ යේහ් බයා නා හෝ පායේ

      අවාසනාවට (වාසනාවට?) වගේ ඊළඟ කොටස ලියන්නෙ අමාරිස් නෙවෙයිනෙ බං.. :D

      පලි: ප්‍රශ්නයක් මතුවුනා බං.. දැන් ඔය සීන්ස් එක වෙන්නෙ රාත්‍රී කාලෙ මහපාරක නම්, සහේලිට බෝඩිමේ ඇන්ටි එන්ට දෙයිද දන්නෙ නෑ නේද රෑ ජාමෙ..?? ඊටත් මේ වහින වෙලාවෙ.!!

      Delete
    2. Teri meri, meri teri prem kahani hai mushkil
      Do lafzon mein yeh bayaan na ho paaye
      Ik ladka ik ladki ki yeh kahani hai nayi
      Do lafzon mein yeh bayan na ho paaye

      Yours and mine, mine and yours, love story is difficult,
      can't tell it in two words,
      This story of a girl and a boy is new,
      can't express it in two words..:D:D:D

      Delete
    3. ඒ මට මුහුදු ගේ කමෙන්ට් එක කියවද්දිම හිතේ ඇඳුනෙත් ඔය තේරී මේරි සින්දුවනේ! බලන්ටකෝ ඒකෙත් හැටි!
      හැබැයි එහෙමනම් විජිත්ට මහා කලුවරෙත් සනීස් දෙකක් දාගෙන ස්ලෝ මෝෂන් දුවන් එන්ට වෙනවා.
      මුහුදු ඉතින් ගෑනු ළමයාගේ බාගෙට ඇන්ද සාරිය ගැන හොඳට නෝටිස් කරලා නේද? හි හි

      /ප්‍රශ්නයක් මතුවුනා බං.. දැන් ඔය සීන්ස් එක වෙන්නෙ රාත්‍රී කාලෙ මහපාරක නම්, සහේලිට බෝඩිමේ ඇන්ටි එන්ට දෙයිද දන්නෙ නෑ නේද රෑ ජාමෙ..?? ඊටත් මේ වහින වෙලාවෙ.!!/

      අයියෝ ඕවත් ප්‍රශ්නද අනේ? ඒකට බෝඩිමේ ආන්ටිට රෑ 8 ට දෙනවා ඔය පබා, මලී, සඳා, ලතා වගේ මොකක් හරි මෙගා නාට්‍ය සී ඩී දෙක තුනක්. ආන්ටි කටත් අරන් එව්වා බලන්ට පටන් ගත්තම සහේලි විතරක් නෙවි අනිත් කෙල්ලෝ රොත්තම බෝඩිමෙන් පැනල ඕනේ තැනක ගියාට ආන්ටිට ගානක් නෑ. ආන්ටි දන්නෙත් නෑ. කෙල්ලෝ විතරක් නෙවි අර මේරිටත් ඕනි නම් යතාකි. ආන්ටි නො හෙල්ලුම් පොල් මැල්ලුම්.

      @Poddi
      ඔව් අනේ ඒ කේ තේරුම හරිම ලස්සනයි නේද පොඩ්ඩි?

      Delete
  6. හීක් හික් හික්....
    මිනී මරගන්න කතාත් හිනා යන විධියට ලියලා තියෙන්නේ.....:D

    ReplyDelete