Tuesday, 25 December 2012

සිත්තමක ලියැවුණු කවිය..... 06 වන කොටස

"රුවක් ඇඳෙනවා කවුදෝ එනවා..මීවිත ඇඳිරිය දෑස වසනවා,
හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා...

සොඳුරු යොවුන්විය මල් මඟ මුල ඉඳ කිම තොල මී විත පුරවන්නේ,
නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ,

නැඟුනු නුරා ගිනි මී පොද වැටිලා හතර අතින් දළු ලා එනවා,
අවන් හලේ මී විත තනි කරලා වරෙන් මලේ පියවර නඟලා,

රුවක් ඇඳෙනවා කවුදෝ එනවා...මීවිත ඇඳිරිය දෑස වසනවා,
හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා......."

 
රේඩියෝ එකේ යන්නේ මම කැමතිම සින්දුවක්...

රෑ කෑමෙන් පස්සේ කුසුමේ අක්ක හදා දුන්නු කෝපි කෝප්පේ තොල ගගා මායි විජේ අයියයි උන්නේ ඉස්තෝප්පුවේ හාන්සි පුටු දෙකක දිගා වෙලා.
"රුවක් ඇඳෙනවා කවුදෝ එනවා...." විජේ අයියත් හිමිහිට තාලේ අල්ලනවා...
මගේ හිතේ ඇඳිලා තියෙන රූපේ හිමිකාරී දැන් මොනවා කරනවා ඇත්ද... හ්ම්...

තාලේ අල්ලන එක නවත්තපු විජේ අයිය මා දිහා බැලුව. "මල්ලි...දැන් ඉසේ කැක්කුම අඩුද?"
මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙන බව විජේ අයියට තේරුනා වෙන්න ඕනේ.

"අයියේ...අයිය සඳ කිඳුරු දා වත කියවල තියෙනවද?"
"සඳ කිඳුරු..?"
විජේ අයිය අමුතු විදිහට මන් දිහා බැලුවේ කොහෙද යන්නේ මල්ලේ පොල් වාගේ මන් ඒ ඇහුව ප්‍රශ්නේ නිසා වෙන්ටෝනේ. මුට පිස්සු කියල හිතනවා ඇති...
 

"හෙහ් හෙහ්...මලේ...සඳ කිඳුරු නේද? නැතුව නැතුව...හැබැයි මලේ ඔය සඳ කිඳුරු සිද්ධිය ගැන විශේෂඥය ඇවිල්ල නම් මම නෙවෙයි"

"
විශේෂඥය කිව්වේ අයියේ?"


"
මලේ ඔය සඳ කිඳුරු ජාතකේ...සඳ කිඳුරු දා වතේ කවි සේරෝම ...එතකොට සඳ කිඳුරු නාඩගම...ඔව්ව සේරෝම හොඳ හැටි දන්නේ අපේ නෑනන්ඩි. හෙහ් හෙහ් උන්දැට වතාවක් ඔය සඳ කිඳුරු පිස්සුවක් වැහිලා ඔයි කවි ගායනා සේරෝම ටික හොයා ගන්ට ඕනේ කීව නෙව. අනේ ඉතින් මම ඒ දවස්වල අපේ කුසුමෙට ආලවන්ත කම් පාන සන්දියේ වෙච්චි
නෑනන්ඩි අතේ නේ පණිවුඩ සේරෝම යවන්ට තියා ගත්තේ...මට තමා ඉතින් උන්දැ ගේ වන්දිභට්ටකම් කරන්ට  උනේ...විජේ අයියේ අරක හොයා දෙන්ට මේකේ තාලේ කියා දෙන්ට...අනේ අම්මප...හෙහ් හෙහ්"

සඳ කිඳුරු...සඳ කිඳුරි...


"වත සුපිපි පියුමෙ කි
නෙත සුනිල් මිණි යුවලෙ කි
ගත ගනරන් රුවෙ කි
වනත නත මුත් කවුරු වෙති හැකි"


මගේ කිඳුරි...ඔව් මගේ කිඳුරි ත් හරියට උදේ පින්න එක්ක පිපිච්චි සුදු සමන් මලක් වගේ..

ඒ මගේ කිඳුරි ම යි කියල මට හරියටම දැනෙන්ට පටන් ගත්තේ එදා පෝය දවසේ පන්සලේදී...


ලොකු හාමුදුරුවට ඕනේ උනා දහම් පාසලේ කාර්යාල කාමරේ ටිකක් අස් කර ගන්ට.
පෝය දවසේ පින්කමට පන්සලේ මිනිස්සු පිරිල. හැමෝන්ටම ඕනි වෙලා තිවුන පන්සලේ බිතු සිතුවම් අඳින්ට ආපු සිත්තරාව බලා කියා ගන්ට.
ඒත් මට මහා තනියක් දැනුන.
මට ඕනේ උනේ පැත්තකට වෙලා තනියෙන් ඉන්න පොඩ්ඩක්.
මම කැමැත්තෙන්ම අස් කරන වැඩේ බාර ගත්තේ ඒ හන්ද.
ශිෂ්‍ය වාර්තා පොත්, පරණ විභාග ප්‍රතිපල, දහම් පාසලේ එක එක උත්සව, තරඟ වලට හදපු පත්‍රිකා, සමරු පොත්....හප්පේ ඒකෙ තිබිච්චි දේවල්...පොඩි හාමුදුරුවෝ එවල තිබිච්චි තේ කහට එක බොන ගමන් මම එතන විසි කරන්ට දාපු පොත් පිංචක් පෙරලා බැලුවේ නිකමට. ඒක ගිය අවුරුද්දේ දහම් පාසලේ තෑගී බෙදා දීමේ උත්සවේට අච්චු ගහපු පොඩි සමරු කලාපයක් වගේ එකක්.  ඕනවට එපාවට ඒකෙ පිටු පෙරලද්දී මගේ ඇහැ නැවතුනා එක තැනක.


"සඳ කිඳුරු ජාතකය"

"මා සඳ කිඳුරු ජාතකය උගත්තේ අම්මාගෙනි. ඒ ඈ මා කුඩා කාලයේ ගායනා කල සඳ කිඳුරු දා වතේ කවි වල අභාශයෙනි. '
නිදුකින් සමඟ පෙම් බැඳැ සැප විඳැ සොඳිනේ - බසෙකින් විතර වෙනසක් නොවැ  ඉඳින දිනේ' වැනි එහි ඇතැම් කොටස් ගායනා කරන විට ඇගේ දෙනුවන් කඳුලින් බර වෙයි. කැන්දන් ආ දා පටන් වචනයකින් වත් ඈ හට අඩුවක් නොකරන අප්පච්චි සිහිකරමින් ඈ ඒ කඳුළු පිසගනී..."

එහෙම පටන් අරන් ඒ ලියල තිබ්බේ සඳ කිඳුරු ජාතකය ගැන පොඩි විග්‍රහයක්...
ඒ ලියල තිබුන විදිහ!...ඒ විදිහට මාව වශී උනා කිව්වොත් බොරුවක් නෙවෙයි. සංසාරගත ප්‍රේමයක් ගැන මේ වගේ හිතන පතන කෙල්ලක් ලැබෙන කොල්ල මොන තරම් වාසනාවන්ත ද කියල මට හිතුන. මම ඒ රචනාව කියෝගෙන
කියෝගෙන ගියේ තිබහේ මැරෙන්ට ගිය මිනිහෙක් වතුර බීගෙන බීගෙන යනව වගේ.

අන්තිම පිටුව පෙරලුවම යටින් දාල තිබුන ඒ ලීව කෙනාගේ පොඩි පින්තුරයක් නමත් එක්ක.






[එක කොටසකින් අවසන් කරන්නට පටන් ගත්තද කතාවේ තවත් කොටසක් ලියන්ට සිදුවෙන බවද, ඒ කොටස මා හැකි ඉක්මනින් ලියා පල කරන බවද, දැනුම් දෙමින් පාඨක ජනතාවගේ සමාව භජනය කරමි]

9 comments:

  1. අද සුට්ටිම සුට්ටනෙ ලියල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හිතල හිතල අමාරුවෙන් ලිව්වමත් මෙයාල ඇවිත් සුට්ටම සුට්ටයි ගානවා. මොනාද අයියො :P :P

      Delete
  2. කොටම කොටයි නේන්නම්. මෙහෙමත් කතා ලියනවද?:-)

    ඉතිරි කොටස් ටික බලලාම කමෙන්ට් දාන්නම්. සංසාරේ පුරා පතාගෙන ආපු, ලස්සන ආදර කතාවක් බව නම් පේනවා.

    කෝ අමා අර පැණි??? :-D

    ReplyDelete
    Replies
    1. ආයිබෝවන්ඩ පොඩ්ඩි යේ !! පිලිපීනෙ පැණි රහයිදෝ? හි හි

      හරි හරි ඊළඟ කොටස දිගට ලීව ඕං :D

      Delete
  3. අමා අක්කේ... අනේ අර වික්‍රම පෝය දවසෙදි දැක්ක ගෑණු ළමයා ගැන කිව්ව කතාව ඔයා කොච්චර ලස්සනට ගලපලා තියෙනවද... මට කඳුළුත් ආවා මේ ටික කියවද්දි:
    /*සංසාරගත ප්‍රේමයක් ගැන මේ වගේ හිතන පතන කෙල්ලක් ලැබෙන කොල්ල මොන තරම් වාසනාවන්ත ද කියල මට හිතුන. මම ඒ රචනාව කියෝගෙන කියෝගෙන ගියේ තිබහේ මැරෙන්ට ගිය මිනිහෙක් වතුර බීගෙන බීගෙන යනව වගේ.*/

    අනේ තව දිගට ලියන්න. හුස්ම අල්ලගෙන කියවගෙන යද්දි එක පාරටම හුස්ම ටික යනවා හිටි ගමං මෙහෙම නතර කළාම. තව එක කොටසක් දෙකක් නෙවෙයි, ඔයාට ඕන තරම් තව කොටස් ලියන්න. ඒත් දිග ඒවා හොඳේ. :) :) :)

    ReplyDelete
    Replies
    1. සිත්තමී නංගෝ බෝම ඉස්තුතියි :)
      සැහෙන්න හිතල හිතල ඔය සඳ කිඳුරු කෑල්ල ලියා ගත්තේ...ඒකයි ඕක ලියන්ට මේ හැටි පමා උනේ...දැන් නම් කතාවේ අවසානෙත් හිතාගෙන ඉන්නේ...

      ඕන් ඊළඟ කොටස දිගට ලියල ඇති :)

      Delete
  4. හෙහ්, හෙහ්, මොකක්ද බොල අමා උඹ කරන්නෙ?.....සික්...මදෑ...කතාවට සමවැදිල හේම හරි බරි ගැහෙනකොට, වෝම් අප් වීගෙන එක විදිහක් වෙලා එනකොට, මෙන්න ඩොග් ගාල ඉවර කරල....උඹ තියන්ට වටිනවද අම්මප?....අර ලෙඩක් තියෙන්නෙ..ආන්න හරි ඒක තමා...හරියටම ආන්න ඒ ලෙඩේ වගේම තමා ......හරි ඒක ගැන දැං ඇති....

    හරිම අපූරුයි බොල කතාව....සිත්තමී කිව්වැහෙ අර පෝය දවසෙ පංසලේ දැක්කයි කිව්ව ගෑණු ළමය කතාවට අරගෙන තියන හැටි නම් කියල වැඩක් නෑ....එළ ද බ්‍රා...

    හරි..එහෙනං ඔහොම සුට්ට සුට්ට හරි කමක් නෑ..ලියාපංකො කොටස් දහ පාලොහක්..හොඳේ?

    ReplyDelete
    Replies
    1. අර ලෙඩේ? එන්ට එපා හොඳද. මට ඇති ලෙඩක් නෑ ! හඃ !
      [රහසින්: ඕ රවී අයියේ ඔයා කෝමද දැන ගත්තේ ඒක මට තීනවා කියල? මටත් ඕක ටික කාලෙක ඉඳන් තේරිලා තිබ්බේ. අම්ම නම් නිතරම කියන්නේ උපන් ගෙයි පිස්සුව කියල ත් ලෙඩක් මට තීනවා කියල.

      මෙව්වා ඉතින් ඔයි වෙන කාටවත් කියන්ට කාරී නෑ...මොකෝ මයේ පොරතිරුපේ තියාගන්ට ඕනැනේ මේ බ්ලොග් 'අවකාසේ' ද මොකද්ද එකේ]

      Delete
  5. ලස්සන කතාව හොඳට ලියලා තියෙනවා. මමත් විවේක වෙලාවට ගොඩවැදිලා කියවලා රස විඳලා යන්න ආවේ. දැක්කම කියවන්න හිතුනා. දිගටම ලියන්න. හොඳයි. ලස්සනයි. ස්තූතියි..

    ReplyDelete