Wednesday 16 January 2013

තමරුගෙ කතාව.... පළමුවන කොටස



පොඩ්ඩියේ!! ඇවිල්ල මේ කලමනා ටික ගෙට ගන්ඩ  උදව් වෙන්ඩ..

අම්ම කියන සද්දෙ ඇහුණම නංගි දිව්ව...

අම්මල පොලේ ගිහින් ඇවිත්!!

සඳුද ඉඳලම අම්මගෙ කරදරේ සිකුරාද හවස ගෙදර එන්ඩ කියල...

ඒ ආව පාර සෙනසුරාද දවසෙ කරන්ඩ වැඩක් නැති කමට ඇඳේ වැතිරිලා ගැහැණු ළමයි පොත දහ වෙනි පාරටත් කියවන්ඩ අරන් ඒ ගමන් කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටිය තමරුට අඩු ගාණෙ මෝටර් සයිකලේ එන සද්දෙවත් ඇහුණෙ නෑ...

ඇදෙන් නැගිට්ට තමරු ඉස්තෝප්පුවට යන ටිකටත් නංගි ලොකු බඩු මල්ලක් උස්සගෙන ගෙට එනව...
සීරුවට මෝටර් සයිකලෙන් බැහැල හෙල්මට් එක ගලවන අම්මගෙ මූණෙ තිබුණෙ දැඩි වෙහෙස කර බවක්!!

මං අර සියදෝරිස්ලගෙ ගෙදරට මේ ගමන්ම  පොඩ්ඩක් ගිහිං එන්නං.. උන්දැට කෙසෙල්කනක් බිංකරන්ඩ කිව්ව... මක්කලාද දන්නෙ නෑ නෙ...

අම්ම බැස්ස ගමන්ම තාත්ත ආපහු හැරුණ...

අම්මයි දූල දෙන්නයි වැඩි කතා බහක් නැතුව කුස්සිය පැත්තට ආව

ලොක්කියෙ වතුර එකක් දෙන්ඩකො... පිපාසෙ දිව ගිලෙන්ඩ එනව...

අම්ම කිව්වෙ කුස්සියෙ මිටි පුටුව උඩ ඉඳගන්න ගමන්

මොකටද අම්මෙ ඔය හැටි ලෑස්ති වෙන්නෙ.. ඒ මිනිස්සුන්ට තේ ටිකක් දුන්නම මදිද?? දැන් එන එන හැමෝටම මෙහෙම දවල් කෑම දෙන්ඩ ගියොත් වෙන වැඩක් නැති වෙයි නෙ...

තමරු අම්මට කිව්ව

ඒක නේන්නං හලෝ කියන්නෙ... ඔය එන එක්කෙනෙක්ට කැමති වෙන්ඩ කියල....  දැං කීදෙනෙක්ද.......නැද්ද අම්මෙ???

නැත්තං මේ මෙයාව බලන්ඩ මෙහෙම මනමාලයො එන ගානට බඩු මලු උස්සල අපේ තමයි රිස්ස යන්නෙ..

පොඩ්ඩි කියාගෙන කියාගෙන යන්නෙ විහිලුවට වුණත් තමරුගෙ හිත රිදුණ

පොඩ්ඩී............... බොහොම වැඩියි කට. නොදන්න එව්වට කට නොදා ගිහිං වැඩක් බලා ගන්නව...

අම්ම කිව්වෙ තමරුගෙ හිත රිදුන කියල දැනිල

තමරු මිටි බංකුව ඇදල අරන් ඉඳගෙන මල්ලෙ තිබුණු එළවලු ජාති වට්ටියකට අස් කළා...

සෙදෝනිස් උන්නැහේ නං කිව්වෙ.. පවුලෙ එකම ළමය කියල... වැරැල්ලගමලු.....දැන් පේරාදෙනියෙ විශ්වවිද්‍යාලෙ උගන්නනවලු
නම නං කිව්ව ඒත් මට හරියට මතක නෑ ලොක්කියෙ... කමන්නෑ.. හෙට ආවම දැනගන්ඩ බැරියැ...

හ්ම්!!!

හැමදේටම දාන බකමූණූ සද්දෙ දාල තමරු උන්න තැනින් නැගිට්ටෙ වැඩේ අහවර කරල...

මං පොඩි නෝනට එන්ඩ කිව්ව මේ අච්චාරුව හදාගන්ඩ පොඩ්ඩක් උදව්වෙන්ඩ කියල.. තාම නෑ නෙව....

අම්ම පාර බැලුව...

ආ ලොක්කියෙ අන්න අර හැට්ටෙ මහල අරන් ආව පොළට ගිය ගමන... ඇඳල බලල වෙනසක් හෙම තියේ නං හවස් කරේ අරං එන්ඩ කිව්ව රණසිංහ නෝන... හදල දෙන්නං කියල...

අනේ අම්මෙ ඔය මහ ලොකුවට මහන්සි වෙන්නෙ නැතුව ඉන්ඩ... ඕක හැමදාම කරන්ඩ පුලුවන් වැඩක් නෙවෙයි නෙ...
එහෙම කියාගෙන තමරු කාමරේ පැත්තට ඇදුණ
අනේ අර කියන්නෙහෙ දැන් කීදෙනෙක් නං කියල බැලුවද........මේක වත් හරි ගියොත්!!!
අම්මට හිතුණ!!
...................................................
විගහිං ලෑස්ති වෙන්ඩ ලොක්කියෙ ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති නෙ...

කුස්සියෙ වැඩපල අස්සෙ අම්ම කී පාරක් කාමරේට එබුණද දන්නෙ නෑ...

අම්ම මස්සවගෙන ආව හැට්ටෙ ඇඳල ඔසරියෙන් සැරසිච්ච තමරුට විල්ලුද පෙට්ටිය ඇතුළෙ දාල තිබුණ මුතු පොටට අත ගියේ ඉබේම

ඒක උපා මගේ උපන්දිනේකට දුන්න එකක්!! තමරුට මතක් වුණා!!

උපමාලි කියන්නෙ තමරුගෙ හොඳම යෙහෙලිය.. ගම පිලිමතලාව.... දෙන්න මුණ ගැහුණෙ විශ්වවිද්‍යාලෙ නේවාසිකාගාර කාමරේදි.... 
තමරු කළේ සිංහල, උපා කළේ ආර්ථික විද්‍යාව.. ඒත් දෙන්න හොඳ යාලුවො වෙලා හිටිය
අවසන් වසරෙ විභාගෙ ඉවර වෙලා තාවකාලික කථිකාචාර්ය පත්වීම් ලබල දෙන්නම එකට විශ්ව විද්‍යාලෙ ඉගැන්නුවත් එක්ක'
පස්සෙ තමරු පරිපාලන සේවා විභාගෙ ලියල පාස් වෙලා  තලාවට පත්වීම ලැබුණයිං දෙන්නගෙ ආස්සරේ අඩු වුණා...
උපා කැමති වුණේ තව ඉගෙන ගන්ඩනෙ...කොහොම හරි රස්සාවෙ කාර්යබහුල කම හන්ද දෙන්නම ඉඳ හිට කතා කරන එකත් නැවතුනා...!! දැන් නං අවුරුදු දෙකකින්වත් අපි කතා කරල නෑ!!

දැන් ඉතිං සෙල්ලං කාලයක්යැ.... අපි කැම්පස් අවුට් වෙලත් අවුරුදු පහක්නෙ...

තමරුට කොල්ලෙක්  හිටියෙ නැති වුණාට ඒ කාලෙ ඉඳල උපාට නං  සම්බන්දෙකුත් තිබුණ නෙ... මොකද්ද මේ අකලංක නේද නම... හොඳට ගැලපෙන ජෝඩුව... දැන් බැඳලද දන්නෙත් නෑ.. අපරාදෙ අපිට ඒ යාලුකම දිගටම පවත්තගන්ඩ බැරි වුණ එක නං.....

 ආං කට්ටිය ආව!!

පොඩ්ඩි කාමරේට එබෙනකල්ම තමරු හිටියෙ මුතු පොට දිගේ උපාගෙ මතක දිග හැරගෙන

ඕක දාගන්ඩ.... ලස්සනයි!! පොඩ්ඩි කිව්ව!!

ලා රෝස පාට සාරියෙ තිබුණ මුතු පාට වියමන හන්ද ඒ මුතු පොට තමරුට හොඳට ගැලපුණා...
හෙමින් හෙමින් ගෙදර කතා බහ පිරෙන හැටි මුතු පොට ගෙලේ බඳින තමරුට ඇහුණ!!

යමු ලොක්කියෙ!!


අම්ම වෙනද වගේ බුලත් හෙප්පුව අතට දීල තමරුගෙ හිස අතගෑව...

අදවත් මේ නාඩගම ඉවරයක් වෙනව නං!!

හෙප්පුව අරන් කාමරෙන් එළියට එන ගමන් තමරුට හිතුණ

ඈ හිටියෙ හෙප්පුව දිහා බලාගෙන.. වෙනද වගේම අම්ම කණ වැල අල්ලාන වගේ සාලෙට එක්කන් ආවම මනමාලය නැගිට්ට හන්ද තමරු හෙමින් සැරේ පාවෙලා ඇවිල්ල පුරුද්දට වගේ මනමාලය ලඟ හිට ගත්ත...

හෙප්පුව අමුතුවෙන් දෙන්ඩ වුණෙත් නෑ...

යාන්ත්‍රිකව සිද්ධ වෙච්ච හෙප්පුව පිලිගැන්වීමෙන් පස්සෙ ආචාර කරන්ඩ අත් දෙක එක්කාසු කරන ගමන්  උඩ බැලුවම තමන් බලන්ඩ ඇවිල්ල හිටිය මනමාලයගෙ මූණ දැක්ක තමරු ගල් වුණා!!!

පුරුදු පරිදි හිනාවෙන් මුව සරසාගෙන හෙප්පුව අතට අරන් මනමාලිගෙ මූණ බැලුව මනමාලයගෙ හිනාව මැකිල ගියෙත් ඒ වේගෙන්මයි

තමරුගෙ හදවත ගැහෙන සද්දෙ එලියට ඇහෙන ගානයි!!දෙමෝලෙන් පිටි කොටනව වගේ!!

අකලංක!!

තමරු කවදාවත්ම හීනෙකින්වත් හිතුවෙ නැති විදියට විශ්වවිද්‍යාලයේදි ඇගේ යෙහෙළියගේ පෙම්වතා තමන් අතින් හෙප්පුව ගන්ඩ ඇවිල්ල හිටිය!!

ඉඳගන්ඩ දුව...

ඈ පියවි සිහියට ආවෙ අකලංකගෙ අම්මගෙ හඬින්...

ඊලඟ විනාඩි දහය පහළොව තමරු ඉඳගෙන හිටියෙ සිහිනයක් දකිනව වගේ හැඟීමකින්...

අකලංකත් බිම බලාගෙන උන්න...
වැඩිහිටියො කතා කළා!!
ඒව දෙන්නගෙම කන්වලට වැටුණෙ නෑ...

මොකද මේ දෙන්න කතා නැත්තෙ..??
කවුරු මොනව කිව්වත් වැඩක් නෑනෙ.. .මේ දෙන්න එපැයි ජීවත් වෙන්ඩ...
ආයෙ පොඩි ළමයි නෙවෙයි නෙ... දෙන්න කතා බහ කරල අඳුන ගන්ඩල...

අකලංක ඉද්ද ගැහුව වගේ නැගිට්ට... එසැනින් තමරුත් නැගිට්ට... යාන්ත්‍රිකව...

ආ... දෙන්න ඉඳල තියෙන්නෙ අපි කොයි වෙලේ කියයිද කියල වගේ අඳුනගන්ඩ නේද??

වැඩිහිටියෙක්ගෙ හිනා හඬ මැද්දෙ අකලංක පස්සෙන් තමරු ගියේ තරහත්, දුකත් වේදනාවත්,පසුතැවිල්ලත් මිශ්‍ර වෙච්ච මොකද්ද කියල හිතාගන්ඩ බැරි හැඟීමක් හිතේ තද කරගෙන..

අකලංක.. ඔයා මොකද මෙහෙ කරන්නෙ...?? කෝ උපා...??

වැඩිහිටියොන්ගෙන් ඈත් වෙලා මිදුලට ගිය ගමන් තමරු ඇහුවෙ සෑහෙන්ඩ තරහ පාලනය කරගත්ත හඬකින්..
තමරු... මට සමා වෙන්ඩ..... මං දන්නෙ නෑ මං බලන්ඩ එන්නෙ ඔයාව කියල... එහෙනං මං කවදාවත් මේ ගමන එන්නෙත් නෑ...
හරි දැන් කොහොම හරි ඔයා ඇවිල්ලනෙ... මට දැනගන්ඩ ඕනෙ උපා කෝ කියල.. ඔයාල දෙන්නට මොකද වුනේ කියල.... ඔයාලගෙ සම්බන්ධෙ ගෙදරින් පවා දැනගෙන හිටියනෙ....දැන් මොකද මේ ඔයා මනමාලියො බලන්නෙ...?? උපා දන්නවද මේ ගැන?? ඔයාලගෙ සම්බන්ධෙට මොකද්ද වුනේ එතකොට??

තමරු ආවේගෙට ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන ගියා

තමරු.. කලබල වෙන්ඩ එපා... මට කතා කරන්ඩ ඕනෙ ටිකක් ඔයා එක්ක

මං ඔයා එක්ක මොනව කතා කරන්ඩද?? හැබැයි ඔයා උපාට වංචාවක්, ද්‍රෝහි කමක් නං මේ කරන්නෙ, මං දැන්මම මේක උපාට කියනව...


අනේ ප්ලීස් තමරු.. ඒක නං කරන්ඩ එපා... පොඩ්ඩක් මං කියන දේ අහන්ඩ... පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව..

ඒ කියන්නෙ ඒ සම්බන්ධෙ දැන් නැද්ද??

තමරු ප්ලීස්!! තේරුම් ගන්ඩ... මට මෙහෙම කතා කරල බෑ... මෙතන ඒ ගැන කතා කරන්ඩ වාතාවරණයක් නෑ කියල ඔයාට තේරෙනව නෙ... මට ඔයාට මේ කතාව කියන්ඩ ඕනෙ... වෙනම මුණ ගැහිල

මට එහෙම අවශ්‍යතාවක් පේන්ඩ නෑ අකලංක.. කරුණාකරල ඔයා දැන් ආව විදියටම අම්මල තාත්තල එක්ක ගෙදර යන්ඩ.. මං කියන්නං මේකට මං කැමති නෑ කියල... එතකොට අපේ ගෙදරින් ඒක ඔයාලගෙ ගෙදරට දන්නයි නෙ...

තමරු... ඔයාට ඕනෙ තීරණයක් ගන්ඩ අයිතිය ඔයාට තියෙනව... ඒත් මං ආයෙමත් ඉල්ලන්නෙ මගේ කතාව කියන්ඩ මට ඉඩක් දෙන්ඩ...ඊට පස්සෙ ඔයා හරියි කියල හිතන, ඔයා කැමති ඕනෙම දෙයක් කරන්ඩ!! ඒත් එක වතාවක් මට ඉඩ දෙන්ඩ!!

දෙන්නත් එක්ක කෑම කන්ඩ ආව නං දැන්.. දැන් ඉතිං බැරියැ කතා බහ කරන්ඩ.. ඉස්සර වගේ ආයෙ ලියුං එනකල් මග බලාන ඉන්ඩ දෙයක් නෑනෙ.. අංකෙ එබුව කතා කළා නෙ...

තමරු කෝපයෙන් දැවුණ.... මේ කට හැකර වැඩිහිටිය කතා කරන්නෙ හරියට සේරම දේවල් අදම තීන්දු වුනා වගේනෙ...

දෙයියනේ....අකලංක..බලන්ඩ ඔයා මාව දාපු අමාරුවක මහත...දැන් මං මොකද්ද කරන්නෙ??
තමරු මේ මං හිතාමතා කරපු දෙයක් නෙවෙයි... ප්ලීස් තේරුම්ගන්ඩ!!

තමරු නැගිටල ගෙට ගියා!!

අකලංකත් හෙමින් සැරේ නෑදැයොන්ට එක්කාසු වුනා....

කට්ටිය කෑම කාල තවත් ටිකක් වෙලා පුටු රත් කරල අන්තිමට යන්නං කියල ආචාර කරන්ඩ යද්දි අකලංක හිතාමතාම අත දික්කළා...

ආයුබෝවන් කියන්ඩ ආව තමරුට කරගන්ඩ දෙයක් නැතිවුණා...

රොබෝ අතක් වගේ දිගුවුණු තමරුගෙ අත ගත්තු අකලංක තම අත්ලේ තිබුණු යමක් ඈ අතේ මිටමෙලෙව්ව!!
හැමෝම විසිරිලා ගියාට පස්සෙ හෙමින් සැරේ කාමරේට ගිහින් මිට මොලවපු කඩදාසිය අරන් කියවපු තමරුගෙ ඇස්වලින් නොදැනුවත්වම කඳුලු කඩා වැටුණ...

ඒ තරහටද දුකටද, පසුතැවිල්ලටද කියල හිතාගන්ඩවත් ඈට බැරි වුණා

තමරු,
මාව වරදවා තේරුම් ගන්ඩ එපා. මේක හිතා මතා ආව ගමනක් නෙවෙයි..මට ඔයා එක්ක කියන්ඩ කතාවක් තියෙනව... ඒක අද කියන්ඩ බැරි, මුණ ගැහිල දීර්ඝව කතා කළ යුතු දෙයක්...
ප්ලීස් මට කතා කරන්ඩ...
ඔයා මගේ කතාව ඇහුවට පස්සෙ ඔයාගෙ තීරණය උපාට මේ ගැන කියනව කියන එක නං.. මං ඔයාව නවත්තන්නෙ නෑ... අපි දෙන්න ගැන වගේම ඒ සම්බන්ධවත් කැමති තීරණයක් ගන්න එක ඔයාට බාරයි!!
මේ
අකලංක
071XXXXXXX


මතු සම්බන්ධයි

22 comments:

  1. Replies
    1. හි හි... ඇයි බං අයියෙ හුටා??

      Delete
  2. Replies
    1. ලියනව ලියනව... මං නෙවෙයි අපේ අනිත් අය ලියන්නෙ...

      Delete
  3. මටත් හුටා කියලම තමයි කියන්න තියෙන්නේ!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ හුටා කියන්නෙ හැමෝම??

      Delete
  4. මට කියන්ට තියෙන්නේ ඩබල් හුටා කියලා හී හී...
    දැන් ඉතින් ලියපල්ලකෝ මේවායේ ඉතුරුවා...

    මාර ලස්සනයි ජනූ කතාව....ඒ මදිවට මේ පොඩ්ඩි , ලොක්කි දෙන්නව දාලා මට මැවිලා පේන්නේ අපේ ලොක්කිවයි, මාවයි. ඔන්න බලන්ටලා මම ඔය පොඩ්ඩිට කරන දේ.:D

    ReplyDelete
    Replies
    1. හික් හික්!!

      බලමුකෝ කට්ටිය දැන් මේ කතාව කොහෙ කොහෙ ගෙනියයිද කියලා!!
      ස්තූතියි පොඩ්ඩි....( දැන් කට්ටිය රැවටෙයිද මන්ද පොඩ්ඩි කිව්වම මේ කතාවෙ ඉන්න පොඩ්ඩිද කියල??)

      Delete
  5. සා සා බියුටිපුල් හෙප්ස් එක............ (එච්චරයි තාම දැක්කේ, කථාව අදම කියවන්න ඕනෑ) :D

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්ව?? දැං කියවල නං ඉවර ඇති නෙ... බැටන් එක ගන්නෙ ඔයා නේද ඊ ලඟට??

      Delete
  6. හුටා!
    අකලන්කය එන පොට හොඳ නැහැ ...
    අනික මොකද්ද ඔය xxxxx නොම්මරේ ඈ? මම මේ ඊයේ ඉඳන් ට්‍රයි කරනවා ඔයි නොම්මරේට ගන්ට ඔයි අකලන්කය ට හොඳවයින් දෙකක් කතා කරන්ට. කොහෙද කවුද කෙල්ලෙක් ඉඳන් මොනවදෝ කියල බයින්ට ගන්නවනේ. හුහ්. මේකා දීල තියෙන්නේ අනියම් භාර්යාවගේ අංකේද කොහෙද!!

    හි හි ජනු හැබැයි ඔයා ලස්සනට ලියල. කුතුහලය ඇවිස්සෙන විදිහට අවසන් කරලා. ඊළඟට බැට් කරන කෙනා කතාව කොයි වාගේ දිහාවකට අරං යාවිද කියාල ආසාවෙන් බලන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඔයා ඒ අංකෙට කතා කලාද??
      ස්තූතියි අමා... මේක ඇත්ත කතාවක් හන්ද මං මේකෙ සැබෑ අවසානය දන්නවනෙ... ඉතිං චණ්ඩිය වගෙ බලං ඉන්නෙ.. අනිත් අයට මොනව හිතෙයිද?? මොන වගෙ දේවල් ලියයිද කියල... ඒකත් මාර අත්දැකීමක්!!
      දැම්මම ඔය එක්කෙනෙක් කියල තියෙන්නෙ එයා පොඩ්ඩිට කරන දේ බලන්ඩ කියල

      Delete
  7. හුටා කියල විතරක් හරියන්නෙ නැහැනෙ, මට නම් අකලංකගෙ කතාව දැනගන්නතුරු ඉවසිල්ලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඔයා ඔහොම කිව්වට ඔය අකලංක කියන එක්කෙනා කොයි වගේද කියල කව්ද දන්නෙ:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඉවසල ඉන්ඩ ළමයි.. දෙවෙනි කොටස ලඟ එනව

      Delete
  8. අකලංකයගෙ කතාවක් කියල හෙන සීරියස් එකක් නෑ බොලව්..ඒකා විභේදිත පෞරුෂත්ව සංලක්ෂ්‍යයෙන් පෙලෙනව ( Multiple Personality Disorder) එච්චරයි.

    දැං ඔතන ඇත්තටම අකලංකල දෙන්නෙක් ඉන්නව. Original අකලංක සහ Alter Ego අකලංක...Original අකලංක ඇවිල්ල උපාට තාම ආදරෙයි. Alter Ego අකලංක තමයි ඔය තමරුව බලන්න ආවෙ....ඕක බොහොම ලේසියෙං හොඳ කලෑකි.පස්චාත් බාගයට ඉන්ජෑසං හතක් ගහන්නයි තියෙන්නෙ කෙම්මුර දවස් වල තත් කාලය බලල. නිට්ටාවට හොඳ වෙනව. ඔන්න මම ඊළඟ කොටස ලියන්නෙ අන්න එහෙම හරිය?

    ReplyDelete
    Replies
    1. හි හි... ඔය තේරුණේ අර මොකාටද වගේ.. අකලංකයගෙ ගැන...

      Delete
  9. දැන් ඉතින් මුන්දලා ටික එකතු වෙලා අර අහිංසක අකලංකව වැරදි කාරය කරල, උපා බබා කරල ලියයි. අනේ අප්පොච්චියේ! රවීවත් ගොඩ දැම්මොත් හොඳා!

    ReplyDelete
    Replies
    1. මේකනෙ මුහුදු.. දැන් ඊලඟ කෑල්ල ලියන්නෙ රවී අයියම නං ඔන්න උන්දැ අකලංකව ගොඩදායි.. ඒත් වැඩේ තියෙන්නෙ ලියන්නෙ උන්දැ නෙවෙයි නං තමා ඔන්න...

      Delete
  10. මෙච්චර කල් කියෙව්වට අදමයි මල්දමේ කමෙන්ට් කරන්නේ.දිගටම කියවනවා ඉතින්.ආසයි ඊළග කොටස ඉක්මණින් බලන්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා!!

      Delete