නිදාගෙන හිටපු අරවින්දගේ ඇස් පියවිලා තියෙද්දිම එක සැරයක් උඩට ගියා. ඊලඟට ඇකිළුනා. ඊටත් තත්පර දෙකකට විතර පස්සේ යාන්තමට ඇරුණා. කට්ට කළුවරයි. ඇඳ ගාව මේසේ උඩ තිබ්බ ෆෝන් එක ඉවරයක් නැතුව දෙදරනවා. ඒ සද්දෙට තමයි නින්ද කැඩිලා තියෙන්නේ. මොන කෙහෙල්මලක්ද මේ... මහ රෑ තිස්සෙ... නිදාගන්නවත් නෑ... මේසේ උඩට අත දික් කරලා ෆෝන් එක දිහා බලන්නෙවත් නැතුව කට් කරලා දාපු අරවින්ද මුණින් අතට හැරිලා හොඳට හරිබරි ගැහිලා කොට්ටෙන් ඔළුව තියාගත්තා. චිඃ! කොහෙ නිදාගන්නද? ආපහු සැරයක් බර්..ර්..ර්.. බර්..ර්..ර්.. ගගා දෙදරන්න ගත්තා. දන්න කුණුහරප ඔක්කොම මතක් කරගෙන අත දික් කරලා ෆෝන් එක අරගත්ත අරවින්ද ඇස් දෙක පියාගෙනම කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තා. හෙලෝ කියන්නවත් බැරි තරමට එයාට නිදිමතයි. "මචං." එහාපැත්තෙන් කටහඬක් ඇහුණා. ඒත් ඒ කවුද කියලා අඳුනගන්න බාගෙට ඇහැරිලා හිටපු අරවින්දට බෑ. "මොකාද යකෝ?" එයා හීනෙංම ඇහැව්වා. "මචං මම සුපුන්." සුපුන්... ඇයි යකෝ කසාද බැඳලා ගිය එකා නේද මේ අද? මේ රෑ තිස්සෙ වෙන වැඩක් නැතුවද ඌට... තත්පර ගාණක් යනකල් අරවින්ද සුපුන්ට හීනෙන්ම බැන්නා. දසුනි... එයාගෙ ලස්සන අද! ඔසරියට කෙල්ලො හැඩයි කියන්නේ ඇත්ත තමයි... අපේ වෙඩිං එකටත් දසුනිට ඔසරියම අඳින්න කියන්න ඕනේ... සුපුන්ට හීනෙන් බණින අතරේ අරවින්දට දසුනිවත් මතක් වෙනවා. මාල හත දාලා, තැල්ල තියලා... එතකොට මං? හප්පා අර නිළමෙ ඇඳුමනං ආයෙ අඳින්න බෑ... හදිසියකට මොකවත් කරගන්න බෑ...
"අරවින්ද උඹ නිදිද බං? නැගිටපංකෝ..."
අරවින්ද ඇහැරුණා. අතෙන් ලිස්සලා යන්න ඔන්න මෙන්න තිබ්බ ෆෝන් එක හරියට අල්ලගෙන අරවින්ද උඩ අතට හැරුණා. "අඩේ සොරි බං. මොකෝ මේ හදිසියෙ? අවන්ති ආයෙ අන්තරස්දාන වුනාද?"
"එයා ඉන්නවා. කොහෙවත් ගියෙ නෑ."
ඊලඟට දෙපැත්තෙන්ම සද්දයක් නැතුව තත්පර ගාණක් ගෙවිලා ගියා. හීනෙන් හිතට ආපු දසුනි තාමත් අරවින්දගේ හිතේ හොල්මන් කරනවා. අඳුනගත්ත දවසෙ ඉඳලම වෙනසක් හිතට දැනුණත් දසුනි එක්ක කොහොමහරි යාළු වෙන්න ඕනෙමයි කියලා අරවින්ද තීරණය කළේ එදා දවල්. ලිෆ්ට් එකේ මුල්ලක හිර වෙලා බිම බලාගෙන හිටපු දසුනි කට කොණට ඇවිත් තිබුණ හිනාව හංගගන්න හදන හැටි දැකපු වෙලාවේ.
"සොරි බං මේ රෑ කරදර කරනවට."
අරවින්දගේ පියවීගෙන ආපු ඇස් දෙක ආයෙ ඇරුණා. "ඇපොලොජි ඇක්සෙප්ටඩ්. කියපං දැං මොකද වෙලා තියෙන්නේ? අවන්ති උඹට තහනං නියෝග දැම්මද?" කටට ආපු නෝණ්ඩි හිනාව අරවින්දට නවත්තගන්නම බැරි වුනා. "උඹට උපදෙසක් ගන්න ඕනෙනං බැඳපු එකෙක්ගෙන් අහපං, මට කතා කරලා වැඩක් තියේයැ? අනික-"
"විකාර නැතුව මේ අහපං අරවින්ද."
සුපුන්ගේ කටහඬේ වෙනස අරවින්දට දැනුණේ ඒ වෙලාවෙයි. එයා කට පියාගත්තා. නිදි මත එහෙම පිටින්ම එලවලා දැම්මා. "කියපං."
"සමන්තා..." සුපුන්ගේ කටහඬ ඇහෙන නෑහෙන ගාණට ඇහුනේ. "සමන්තාට පුතෙක් ඉන්නවා බං..."
සමන්තා? ඒ කවුද? අරවින්දට මතකයක් නෑ. "කවුද බං සමන්තා කියන්නේ?" එහා පැත්තෙන් ඇහුණේ සුපුන්ගේ බර හුස්මක හඬ විතරයි. ඒ වෙලාවේ අරවින්දට මතක් වුනා. සුපුන්ගේ ප්‍රථම ප්‍රේමය. ඒ සම්බන්ධෙ පටන්ගත්තේ අරවින්ද රට යන්න කිට්ටුව. ඉන් පස්සේ වැඩි ආරංචියක් නැතුව ගෙවිලා ගිය අවුරුදු දෙකහමාරකට පස්සේ අරවින්දට ආරංචි වුනේ ඒ සම්බන්ධය නතර වෙච්ච බව. ඒ මීට අවුරුදු හතරකට කළිං. "එයා මෙහෙන් යන්න ගියා බං. අපේ ගෙදරිනුත් ඒකට කැමති නෑ." සුපුන් ඒ ගැන කිව්වෙ එච්චරයි. ඉන් පස්සේ එහෙම ගෑණු ළමයෙක් ගැන සුපුන් ආයෙ කතා කළෙත් නෑ, අරවින්ද අහන්න ගියෙත් නෑ. මේ වෙනකල්ම. මේ කියන්නේ ඒ සමන්තා ගැනමද? "උඹ ඒ දවස් වල යාළු වෙලා හිටියෙ?"
"ඔව් බං එයා තමයි. එයාට පුතෙක් ඉන්නවලු," සුපුන් ආයෙමත් කිව්වා.
සුපුන් ඉන්නේ ලොකු කම්පනයක බව ඒ කටහඬෙන් අරවින්දට තේරුණා. ඒත් වෙන් වෙලා අවුරුදු හතරකට පස්සේ, මේ කසාද බැඳපු දා රෑ තිස්සේ මේ තරං ලොකු කම්පනයකින් මේකා ඒ ගැන කතා කරන්නේ මොන එහෙකටද? "ඉතිං ඒ ළමයා බඳින්න ඇති. දැං ඔය උඹත් බැන්දේ? අනික මේ හදිසියෙ මොන කෙහෙල්මකටද උඹ ඔය ගැන කතා කරන්නේ? ඊටත් මේ අද? මේ වෙලාවේ?"
"නෑ බං, එයා බැඳලා නෑ..." ආයෙමත් සුපුන් හීල්ලුවා.
"උඹ කොහොමද දන්නේ?"
තත්පරයක්... දෙකක්... තුනක්... සද්දයක් නැතුව ගෙවිලා ගියා. "අවන්තිට එයාව හම්බවෙලා. අද දවල් අවන්ති ගිහින් තියෙන්නේ එයාව හම්බවෙන්න. සමන්තා ඉඳලා තියෙන්නේ අපේ වෙඩිං එක තිබ්බ හොටේල් එකේමයි." සුපුන් කියාගෙන ගියා.
"නෑ? ඒ කියන්නේ එයා ආපහු ලංකාවට ඇවිල්ලද?"
"නිවාඩුවකට ඇවිත්. මගේ වෙඩිං එක කියලා අහම්බෙන් දැනගෙන තියෙන්නේ. දවල් අර උඹ දැක්කයි කිව්වේ අවන්තිට කෝල් එකක් ආවා කියලා මං සින්දු කියන වෙලාවේ. ඒ සමන්තා."
"එයා මොන එහෙකටද අවන්තිට කතා කරලා තියෙන්නේ?" අරවින්දට කේන්ති ගියා. මේ ගෑණි හදන්නේ මේ කසාදේ කඩලා දාන්නද.
"විශ් කරන්න. පස්සෙ අවන්ති එයාව හම්බවෙන්නත් ගිහිල්ලා. එතකොට තමයි බං දැකලා තියෙන්නේ..." සුපුන් කතා කළේ නහයෙන් අඬනවා වාගේ.
"මොකද්ද?"
"පුතාව."
අරවින්දගේ හිතට එච්චර වෙලා හිතුණේම නැති හිතුවිල්ලක් ඇතුළු වුනා. එයා ඇඳ උඩ කෙළින් වෙලා ඉඳගත්තා. "සු-පු-න්..." එයා සුපුන්ගේ නම කිව්වේ බොහොම අවධාරණාත්මක හඬකින්. ඊලඟට එයා පොල්ලෙන් ගහන්නා වාගේ හිතට ආපු ප්‍රශ්නෙ ඇහැව්වා. "සමන්තාගේ පුතා උඹෙද?"
සුපුන් කතා කළේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ. "මං හරියට දන්නෙ නෑ බං. එයාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා එයා මට කිව්වෙ නෑ යන්න කළින්."
"හැබැයි ඒ උඹේ ළමයා වෙන්න ඉඩ තියෙනවා? එහෙමද?"
සුපුන්ගේ කටහඬ ඇහුණේ ඇහෙන නෑහෙන ගාණට. "ඔව්..." ඊලඟට ආයෙමත් ලොකු හුස්මක්.
අරවින්දටත් මොනවා කියන්නද කියලා එකපාරට හිතාගන්න බැරි වුනා. මේක ෆෝන් එකෙන් කතා කරලා හරි යන්නෙ නෑ. මෙච්චර දේවල් වෙලා මූ මට නිකංවත් කිව්වෙ නෑනේ. "අවන්ති මොකද කියන්නේ? එයා දැක්කේ සමන්තාගෙම පුතාව කියලා එයාට ෂුවර්ද?"
"ඔව් බං. අම්මා කියලා සමන්තාට කතා කරලා තියෙන්නේ. අවුරුදු හතරක් විතර පොඩි එකෙක්ලු. ඔක්කොටෝම වඩා අවන්තිට අවුල් ගිහින් තියෙන්නේ-" ආයෙමත් සුපුන් ලොකු හුස්මක් හෙලනවා ඇහුණා, "-ඒ පොඩි එකාගේ ඇස් දෙක දැකලා."
"ඒ මොකද?"
"ඒ ඇස් මගෙ වගේලු බං."
සුපුන්ට තිබුණේ කෙල්ලෝ වහ වැටෙන ජාතියේ ඇස් දෙකක්, ඒ බව අරවින්ද දන්නවා. පොඩි එකාගේ වයසත් එක්ක, සුපුන්ගේ පාපොච්ඡාරණය ගැලපුවාම ඒ සුපුන්ගේ පුතා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. "උඹ අවන්තිට ඇත්ත කිව්වද?"
"එයා ඒ ඔක්කොම කියලා මගෙං ඇත්ත මොකද්ද කියලා ඇහැව්වට පස්සේ මං කොහොමද බං බොරු කියන්නේ?"
"මෝඩයා. දැම්ම නොකියා ඉන්නයි තිබුණේ. පව්නේ බං. ඒ කෙල්ලගේ මගුල් දවස අද."
"එයාට ඇත්තම දැනගන්න ඕනේ කිව්වා අරවින්ද. අද මගුල් දවස හින්දම." අරවින්ද යාළුවාට ඇහුම් කන් දීගෙන හිටියේ ඔළුව දෙපැත්තට වන වන. "ඇත්ත කිව්වට පස්සේ එයා උඹ කිව්වා වගේම මට තහනං නියෝග දැම්මා."
අරවින්ද ලොකු හුස්මක් අරන් පිට කළා. ප්‍රශ්නේ සෑහෙන්න බැරෑරුම්. "දැන් කෝ අවන්ති?"
"කාමරේ නිදි. රෑට කෑවෙත් නෑ."
"උඹ කොහෙද ඉන්නෙ?"
"බැල්කනියෙ."
අරවින්ද ටිකක් වෙලා කල්පනා කළා. "උඹලා කඩුවෙල ගෙස්ට් හවුස් එකේ නේද ඉන්නේ? හෙටනේ කැන්ඩි යනවා කිව්වේ?"
"ඔව්. මං දන් නෑ හෙට මොනවයින් මොනවා වෙයිද කියලා බං. කැන්ඩි යන්න බෑ කියයි අවන්ති ෂුවර් එකටම. කසාදෙ එපා කියලා ගෙදර යයිද මන්දා බං."
"හරි. උඹ ඕවා හිතන්න එපා මේ වෙලාවේ. මං හෙට උදෙන්ම එන්නං. අපි හෙට කතා කරමු. හරිද?"
"මචං..." සුපුන්ගේ කටහඬේ පිරිලා තිබ්බේ කණ්ණලව්වක්. "මට සමන්තාව හම්බවෙන්න ඕනේ..."
අරවින්දට කේන්ති ගියා. "ඒ මොන එහෙකටද? උඹ කසාද බැන්දේ අවන්තිව!"
"ඒ වුනාට බං ඒ මගේ පුතානං?"
"එහෙමයි කියලා උඹ ආයෙ අවන්තිව අත ඇරලා සමන්තාව බැඳගන්නද?"
"මට අඩුගානේ ඒගොල්ලෝ ගැන හොයලා බලන්නවත්-"
"සුපුන් මේ! උඹ හදන්නේ පවුල් දෙකක් නඩත්තු කරන්නද?"
"තේරුම් ගණිං බං මාව පොඩ්ඩක්. මෙච්චර කල් මම දැනගෙන හිටියෙ නෑ සමන්තාට පුතෙක් ඉන්නවා කියලා. එහෙම දෙයක් දැනගෙන හිටියනං මං එයාව එහෙම තනි කරන්නෙ නෑ..."
අරවින්ද ඇස් දෙක පියාගෙන නළලත් රැළි කරගත්තා. "උඹ මට කිව්වේ එයා උඹව දාලා ගියා කියලනේ?"
"ඒ මං එයාව මග අරින්න ගත්ත හින්දා වෙන්න ඇති බං. එයාට මාව එපා වෙන විදිහට මං වැඩ කරපු හින්දා වෙන්න ඇති. අපේ අම්මලා සමන්තාට කැමති වුනේම නෑ අරවින්ද. මට ඒ කාලේ ජීවිතෙත් එක්ක තිත්ත වෙලා තිබ්බේ. මං උඹට ඔය මොකවත් කිව්වෙ නෑ. මට අම්මලත් එපා වෙලා, එයාවත් එපා වෙලා මාවත් එපා වෙලා හිටියෙ. මං ඒ කාලේ බිව්ව තරම උඹ දැකලා නෑ. එහෙම බීලා හිටිය දවසක තමයි බං ඒකත් සිද්ද වුනේ."
අරවින්දට සුපුන් ගැන කේන්තියක් එක්ක දුකකුත් දැනුණා. "උඹට මොනවද දැන් කරන්න ඕනේ?"
"මට - මට - දැනගන්න ඕනේ ඒ මගේ පුතාද කියලා."
"දැනගෙන?"
"ඒ මගේ දරුවනං මට එයා ගැන හොයලා බලන්න, එයා වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ."
"උඹට හිතෙන්නෙ නැද්ද ඊට වඩා ඒගොල්ලන්ට ඒ ගොල්ලන්ගෙ පාඩුවේ ඉන්න දුන්නනං හොඳයි කියලා. දැං අවුරුදු හතරක් විතර සමන්තා තනියම එයාව හදාගෙන තියෙනවනේ. ඊටත් එතකොට අවන්ති?"
"අවන්තිටත් මාව එපානං මං එයාට ගෙදර යන්න දෙනවා. ඒක මොකක් වුනත් මට මේ ගැන දැනගන්නම ඕනෙ බං. මට සමන්තා එක්ක කතා කරන්න ඕනේ."
"සමන්තා තාම හොටේල් එකේ ඇති නේද? මං උඹලව හම්බවෙන්න කළිං උදේට ගිහිං එයාව හම්බවෙලා එන්නං?"
"නෑ බං. අවන්ති කිව්වා ඒගොල්ලෝ ඊයෙ හවස ආපහු යනවා කිව්වා කියලා."
"ඉතිං මොකද කරන්නේ?"
"මං දන්නෙ නෑ බං..."
කොණ්ඩෙත් අවුල් කරගෙන පිස්සෙක් වගේ බැල්කනියේ පුටුවක් උඩට වෙලා ඉන්න සුපුන්ව අරවින්දට හිතේ මැවිලා පෙනුණා. "මං කියන්නද? උඹ දැන් නිදාගනිං. කාමරේ බැරිනං ඔතන පුටුවක් උඩ හරි නිදාගනිං. මං උදේම එන්නං. සමහරවිට උදේ වෙද්දි අවන්තිගේ හිත හැදිලා තියෙන්නත් පුළුවං."
"එතකොට මචං මගෙ කොල්ලා..."
"හරි බං. අපි උදේට කතා කරමු. මෙහෙම කතා කළා කියලා අපිට විසඳුමක් හොයාගන්න බෑනේ."
"උඹ හෙට උදෙන්ම එනවද?"
"ඔව්. නවය වෙද්දි ඔතන."
"ෂුවර්නෙ?"
"ෂුවර්."
"තැන්ක් යූ සෝ මච් මචං."
"නෝ ප්‍රොබ්ලම්." අරවින්ද ෆෝන් එක කනෙන් ඈත් කරලා වෙලාව බැලුවා. "යකෝ, පාන්දර හතරත් වෙලා. මේ, ඉතිරි පැය දෙක තුන හරි මට නිදාගන්න දියං." සුපුන්ට තව මොනවත් කියන්න ඉඩක් ලැබෙන්න කළින්ම අරවින්ද ෆෝන් එක කට් කළා. ඊලඟට ලොකු හුස්මක් අරගෙන ඇස් දෙක පියාගෙන කොට්ටෙ උඩට කඩන් වැටුණා.

බොහොමත්ම ස්තූතියි සිත්තමී. අර අමාරිස් අම්මණ්ඩි උපං හැටියෙ දරුවෙක් ගහක් යට දාල යනව වගෙ මුල් කොටස ලියල අන්තස්දාන වෙච්චි කතාව දිගට ලියනවට. මට මේකට සම්මාදං වෙන්ට බොහොම ඕනකොම තිබ්බත් අයිඩියා එකක් ඔලුවට ආවෙම නෑ. සින්ටො දීල කතා බිහිකරන්ට බෑනෙ බොල...හෙහ්,හෙහ්,
ReplyDeleteඅනේ බං උඹ ඔහොම්මම මේක ඉවර කරල දාපං හොඳද? ඊට පස්සෙ අපි කට්ටියම ලියමු බොහොම අනුවේදනීය කතාවක්..හොඳේ? අර මතකනෙ අපි ලිව්වෙ " කවියක ඇඳුනු සිත්තම" අන්න ඒ වගෙ ටොප් ක්ලාස් එකක් ලියමු හොඳද? කැමතියි නේද? හා..හරි..කැමතියි ...කැමතියි..හෙහ්,හෙහ්,
මේ, ඔය බටර් කුට්ටිය තාම ඉවර නැද්ද? :P
Delete//මට මේකට සම්මාදං වෙන්ට බොහොම ඕනකොම තිබ්බත් අයිඩියා එකක් ඔලුවට ආවෙම නෑ. සින්ටො දීල කතා බිහිකරන්ට බෑනෙ බොල//
Deleteඔයා මේ බටර් වලට අහුවෙනවද සිත්තමී. මේ අයිඩියා එන්නැති කෙනෙක්ද?
ඕකට ආසන්නම හේතු දෙකක් තියෙනවා. එකක් මේ ගෑණු දැරිවිගෙ නම "අ" යන්නෙන් පටන් ගැනීම. මොකද මෙතුමට මේ දවස්වල "අ" යන්නෙන් එන ලලනාවියන්ගෙන් බොහොම කරදරයි. අසෝකා, අනන්‍යා, අනුෂ්කා අස්සට මේ අවන්තියෙකුත් රිංගවා ගන්නෙ කොහොමද කියලා හිතෙනවා ඇති.
අනෙක අර බාප්පා කේස් එක. ඒකට නොසෑහෙන්න හිතේ අමාරුවක් ඇති වෙච්ච බව පෙනුනනෙ.ඔන්න ඔය අක්කලා නංගිලා ටික ඒ සිද්ධියට ප්‍රසිද්ධ නිවේදනයක් දාලා සමාව භාජනේකට දාල වෙච්ච අපහාසෙන් මුදවා ගන්නවනම් ඉස්සරහට ඒවි මල්දම ගොතන්න
අන්න, ඔය තියෙන්නෙ කේස් එක. 'අ' යන්න. මම කොහෙද කියෙව්වා 'අ' යන්න කියන්නේ අපාය අක්ෂරයක්ය, බබාලට අකුරු කියවද්දිත් 'අ' යන්න කියවන්න කළින් දේව අක්ෂර කියවලා ඉන්ඩ ඕනෙය කියලා. මේ, රවි අයියේ, අපි අවන්තිගේ නම මාරු කරලා දෙන්නද? අර පරණ කොටස් ඔක්කොගේම නම මාරු කරන්නං. එහෙම කළොත් අයියා ලියනවා නේද? ඔන්න හා නේද?
Deleteරවි බාප්පා? කවුද ඒ? අනේ අපි අඳුරන්නෙ නෑනේ එහෙම කෙනෙක්. :D
තැන්ක් යූ සඳු. :)
/'අ' යන්න කියන්නේ අපාය අක්ෂරයක්ය/
Deleteඈ ... හලේ ඇයි මයේ තුදු නංගෝ එහෙම කියන්නේ....ඉහි ඉහි ඉහි
චවි බාප්පොච්චි වෙත -
බොලු කියන්ට එපා හලිද...මං උපං හැටියෙ දරුවෙක් ගහක් යට දාල යනව වගෙ මුල් කොටස ලියල අන්තස්දාන උනේ නැතුවා. කොටස් 2 ක් ලියල තමා අන්තස්දාන උනේ...
මම නෙවෙයි අනේ එහෙම කියන්නේ, මම කියවපු මොකද්ද ලිපියක තිබ්බේ. නාඬා ඉන්න මගෙ තුදු අක්කෝ. :)
Delete/අපේ වෙඩිං එකටත් දසුනිට ඔසරියම අඳින්න කියන්න ඕනේ... /
ReplyDeleteඅනේ අම්මේ අරවින්ද ගිහිං තියෙන දුර ...කොල්ලෝ ඔහොම්මමයි ... හිනා උනොත් හිතන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්ට කැමතිය කියල!!! :D :D :D :D
සිසි... ලස්සනයි...ආයේ කියන්ට දෙයක් නැහැනේ...
අසරණ අරවින්ද හොඳටම දසුනි ට පිස්සු වැටිලා නේද...අතරින් පතර එයා ගැනම හිතෙන විදිය ඔයා ලියපු විදිය ට ආස හිතුනා...
යස් යස්, එයාට හීනෙනුත් දසුනිව තමයි පෙනුනේ. තැන්ක් යූ අක්කේ.
Deleteතුදු සිසී....මාර ලස්සණයි. මැවිලා පේන විදියටම ලියලා. කවුරුත් ඕනි නෑ. ඔයාම මේ කතාව ඉවර කරන්ට. මල්දම් ගොතන්නියන්ට මේ විදියට ගොතාගන්ට බැරිවෙයි. අර ගොතන්නා ඉන්නවා නේද? එයාට දුන්නු හැටියේ සුපුන්ගෙයි, අරවින්දගෙයි පරන බොන පාටි, ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ පස්සේ ගිය හැටියි ලිය, ලියා පඳුරු වටේ තලයි. හී හී...ඒ හන්දා ඔයාම මේක ඉවරයක් කරලාම දාමු...
ReplyDeleteඔව් ඔව්, ඔය ගොතන්නාට අර මං නවත්තලා තිබ්බ තැන ඉඳං ලියන්ඩය කියලා මං කොච්චර කිව්වද? හා මේ ලියනවා, තාම ලියනවා කිය කිය මාස ගාණක් කිය කිය හිටියා. මේ ඊයෙ පෙරේදා මං ෆුල් සීරියස් පිට ඇහැව්වාම තමයි කිව්වේ අකුරක්වත් ලිව්වෙ නෑ කියලා. ඕක තමයි හේතුව. කොහොමද මෙතනට කොත්තමල්ලි සාදයක් ගෙනත් දාන්නේ කියලා හිත හිත ඒ මාස ගාණම ඉඳලා තියෙන්නේ. තැන්ක් යූ පොඩ්ඩි අක්කේ. :)
Deleteහැබැයි අපරාදෙ කියන්න බෑ, මං මේ ආස්සරේ කරන මල්දං ගොතන අයියලා අක්කලා ටිකට සෑහෙන හොඳට බටර්නං ගාන්න පුළුවන්. මං මේ බටර් වලින් වැහිලා ගිහිං ඉන්නේ. මටම මාව හොයාගන්න බෑ, ඔව්. :P