"මලේ....වික්‍රම මලේ..."
විජේ අයියගේ කටහඬින් මම ගැස්සිලා බැලුවේ මගේ කිඳුරි එක්ක හිටපු හීන ලෝකෙන් මිදිලා.
"ඈ මල්ලියේ...උඹ කොයි ලෝකෙද බං හිටියේ?" විජේ අයිය හිනාවෙනවා.
කට උත්තර නැතිව මම ඔහේ හිටිය කෝපි කෝප්පේ පතුල දිහා බලාන. මොකෝ කිඳුරියක් ගැන හිත හිත හිටි වගක් කියන්නය විජේ අයියට?
"ඒක නෙවෙයි මලේ...පොඩි වැඩක් කර ගන්ට තියෙනවා මට උඹට කියල. මේ..."
"අයියෝ කියන්න අයියේ...මොකද්ද කෙරෙන්න ඕනේ?"
"නෑ බං අපේ මාමණ්ඩි මට දැන් ටික දොහක ඉඳන් කියනවා උන්දලාගේ අර ගේ පිටිපස්සේ ඉස්ටෝරු කාමරේ වයරින් වැඩේ පොඩ්ඩක් එකලාසයක් කොරල දෙන්නය කියල. මට ඔයි වැඩ ඉතින් හොඳට පුරුදු එකා නෙව. ඒ හැටි ලොකු වැඩක් නෑ...මට අර අත් උදව්වට කෙනෙක් නැතුව මම කල් දම දම හිටියේ...ඔය උඩ නැගගෙන ඉන්දැද්දී බුරුව ව අල්ලගන්ට, ආයුධ යක් හොයල අරන් දෙන්ට හෙම කෙනෙක් එපාය...මොකෝ අපේ නෑනන්ඩි ට කියල ඔය වැඩට උදව්වක් ගන්නය...හෙහ් හෙහ්... හෙට දිහාට කරන්ට හිතාන ඉන්නේ...උඹට පුළුවන් වෙයිද මලේ?"
මේ මුතු ලගේ ඉස්ටෝරු කාමරේ වැඩක් නේ...කවදාවත් වයරින් වැඩක් කරලා නැති උනත් මේ වැඩේට නෑ බෑ කියල බැහැනේ. හඃ වැඩේට මුතුව ත් සෙට් කරගන්ට බැරි වෙන එකක් නෑ...හෙට කොහොම හරි යාළු කරගන්ට ඕනේ...කෙල්ල අඩු ගානේ තේ එකක් වත් හදල ගෙනත් දෙයි නේ.
"සුළු දෙයක්නේ අයියේ...මම එන්නම්" මම කීවේ මුතුළහ ගෙවල් දිහා ඇස් කොනෙන් බලන ගමන්.
* * *
ඇඳිරි වැටෙන්ට ලං වෙලත් මුතු පේන්න නැත්තේ ඇයි? වැඩේ හමාර වෙන්ටත් ළඟයි... ඒත් අද දවසට දැක්කෙම නැහැ! එදා තරහ තවම තියෙනවද මේ කෙල්ල? විජේ අයියගෙන් අහන්ටත් හිතේ මේ කෙල්ලට මක් වෙලාද කියල...හ්ම් ඕනෑන්නේ නැහැ...ඊටත් නැන්ද ට ඇහුනොතින්...
"නැන්දම්මේ ... අපේ නෑනන්ඩි කොහේ අන්තර්ධාන වෙලාද අද?" විජේ අයියට මයේ හිතේ කියවන්න පුලුවන්ද මන්ද.
"ඔය උදේම ගියේ යාලුවෝ කට්ටියක් එක්කල ටවුමට යන්ටෝනේ කියල. ඔයි මොකද්ද පොත් ප්‍රදර්ශනයක් තියෙනවා කියන්නේ ටවුමේ..." ළිඳ ගාව රෙදි වැලෙන් රෙදි ගන්න ගමන් නැන්ද කිව්වා.
හ්ම් ඒකයි නැන්ද දැන් ටික වෙලාවක ඉඳන් පාර පැත්ත දිහා බල බල උන්නේ.
"අනේ මන්ද පුතේ මේ ළමයාගේ වැඩ.." නැන්ද ආයේ කියන්ට ගත්ත පාර දිහා බලාගෙන. "බලන්ට තවම ආවේ නැහැ. හය පහුවෙන්ට ඔන්න මෙන්න...ගෑණු ළමයෙක් ගමන් බිමන් යන වේලාවක්ද ඇත්තට... අප්පච්චි ගේ හුරතලේ! ආදෙන්කෝ අද..."
අහන්කාරි ට අද බැනුම් අහන්ට වෙනවා! හඃ හොඳ වැඩේ රෝන්දේ ගියාට ...
හ්ම්...මුතු...එදා අන්තිමට කතා කරපු දවසේ මුතුගේ මුණ රතු වෙලා...ඇස් දෙක දිලිහි දිලිහි...අත් දෙකත් ඉනට තියාන මට බැනගෙන බැනගෙන ගිය හැටි...
හ්ම්...එයාට එච්චර සෝලි ගන්ට මොකද්ද මං අතින් උණු වැරැද්ද? මං අර හිතේ ඇඳිච්ච රූපේ ගැන කිව්ව එකද?
කෝ මේ කෙල්ල ඇහුවේ නැහැනේ කවුද ඒ රූපේ අයිතිකාරි කියල...මා දිහාට කඩන් පැන්න මිසක්...නැත්නම්...
හ්ම්...
* * *
වැඩේ පටන් ගත්ත වෙලේ හිටන් වික්‍රම වට පිට විපරම් කර කර බලන විලාසේ දැක්ක විජේ අයිය හිටියේ හිනාව තද කරන්. ඔය හොයන්නේ කාවද කියල අහන්ට හිතුනත් ආයෙත් නිකා හිටියේ වික්‍රම ට ලැජ්ජා හිතිලා ඒ අල්ලපනල්ලේ ඕක වයරින් මාරු කරලා අල්ලයි කියල.
අඩේ අද නෑනන්ඩි ගෙදර නැති උණ එක මහා අපරාදයක් නෙව...මගේ පැලෑන වතුරේ ගියා නේ මේකි රෝන්දේ ගිය එකෙන්...ශිහ්...
විජේ අයිය හිතුවේ ඔරලෝසුව දිහා බල බල.
නැන්දම්මා මුතුට ආඩපාලි කිය කියා ගෙයි ඇතුළට ගියා.
ඒ අව් අස්සේ වික්‍රම මුණ දෙක කරන් හුල්ල හුල්ල...
අනේ අම්මප මේකි කරන විජ්ජුම්බර...හෙහ් හෙහ්
ඕන් ඔයි වෙලාවේ තමයි විජේ අයිය දැක්කේ වික්‍රමගේ කලිසන් සාක්කුවේ තිබිල මොකද්දෝ රෝල් කරපු පොත් පිංචක් වැටෙනවා. වික්‍රම උඩ නැගගෙන වැඩ. මාමණ්ඩි ත් ඒ දිහාට එනවා පෙනුන ඒ වෙලේ.
මලේ මොකද්ද වැටුන කියන්ට කට ඇරියත් මේකේ මොකක් හරි මගඩියක් තියෙනවා කියල විජේ අයියට හිතුන නිකමට. ඒ පාර මාමණ්ඩි ටත් ඔව්ව එලි වෙලා මයේ බෙල්ලත් යයි කියල හිතුන නිසා විජේ අයිය කරේ එවෙලේ කරන්ට තිවුන එකම දේ.
එයා සුටුස් ගාල ඒක අරන් එයාගේ සාක්කුවේ දාගත්ත මාමණ්ඩි දකින්ට කලින්.
***
හැන්දෑවේ හත හමාර වෙන්න ඔන්න මෙන්න වෙද්දී තමා මුතු එදා ගෙදර ආවේ. එතකොට වික්‍රම යි විජේ අයියයි වැඩේ අහවර කරලා ළිඳ ගාව මුණ කට හෝදන්ට ගෙහුං. කළුවර වැටිලා තිවුණත් පාර දිගේ එන මුතුව සුටුස් ගාල අඳුන ගන්ට වික්‍රමට බැරි උනේ නැහැ.
නිවිලා තිබිච්චි පහන් වැටක් ආයේ පත්තු කරා වාගේ වික්රමට දැනුන හිමීට පාර දිගේ ඇවිදන් එන මුතුව දැකල.
ඒත් ... ඒත් එක්කම දැක්ක දෙයින් සැඩ සුළඟක් ඇවිත් පහන් වැටම නිවුවා වාගේ වික්‍රම ට දැනුනේ...
මුතු ආවේ තනියම නෙවෙයි. කවුදෝ උස මහත ඉලන්දරියෙකුත් එයා පස්සෙන්.
මේ කවුද? ගෙදෙට්ටම ගෙනත් ඇරලවන්ට තරම් ඇයි හොඳයියක්...
නැන්දා ගේට්ටුව ලඟට යනවා වික්‍රම බලාගෙන. මුතු බිම බලාගෙන.
නැන්දා අර ඉලන්දාරියා එක්ක යසට භජනේ...තේ කක් බීල යන්ට ත් ඉන්ටලු...හ්ම්ම්...එහෙනම් නැන්දලගේත් අනුමැතිය ඇතිව මෙව්වා සිද්ද වෙලා තියෙන්නේ.
ඒ ඉලන්දාරියා එක්ක ලොකු කේන්තියක් එක්කම තමන්ගේ පපුව පැලෙන්ට යනවා වගේ වික්‍රම ට දැනුන. තව එක මොහොතක් වත් එතන ඉන්ට එයාට හිත දුන්නේ නෑ.
"මලේ ඕන් අපේ නෑනන්ඩි සැපත් උණා. අර සුජිත් මලය ඇරලවන්ට ආපු එකින් උන්දැ බේරුණා ... හෙහ් හෙහ් ...නැත්නම් නැන්දම්මා ගෙන් අද අහගන්ට හිටියේ උන්දැ" විජේ අයිය මුණ පිහින ගමන් කිව්වා.
සුජිත්? සුජිත්! සුජිත් ඉන්න තැන වික්‍රම මොකටද?
"අයියේ හෙනම් අපි යමු නේද.."
"ඇයි මලේ එක පාරටම? නෑනන්ඩි ගත්තු පොත් හෙම බලන්නේ නැද්ද? මං බලාන පොත් මිටියක්ම උස්සන් එනවා"
"නෑ අයියේ මයේ හිස ආයේ ඇදුම් කනවා...පොඩ්ඩක් ඇල උනොත් හොඳයි වගේ...මම මේ පැත්තෙන්ම යන්නම්...අයිය හෙනම් නැන්දලාට කියන්ට මම ගියාය කියල" වික්‍රම එහෙම කිව්වේ වැට මායිමේ කඩුල්ල දිහාට ඇවිදගෙන යන ගමන්.
[කතාව දික් වීම ගැන පාඨක පිරිසගෙන් සමාව අයදිමි...තව එකම එක කොටසකින් හමාර කරන වග පවසමි.]