Monday 5 November 2012

හාදු කුමාරයා...1


වීණා ට සිද්ද උනා පා ඇඟිලි තුඩු වලින් හිට ගන්න. 

එහෙම කරන්න කියල එයාට කවුරුත් කියල දීල තිබුනේ නැහැ. එයා මහන්සියෙන් ඇස්  රිදෙනකන් විභාග පාස් කරන්න කියෝපු පොත් වල වත් එහෙම වේලාවකදී කරන්ඩ ඕනි දේ තිබුනේ නැහැ.

නුරාධ ගේ තොල් දෙකයි තමන්ගේ තොල් දෙකයි අතර දුර ශුන්‍ය කරන්ඩ නම් එහෙම පා ඇඟිලි වලට බර දීල චුට්ටක් ඉස්සෙන්න ඕනැ කියල වීණා ට ඉබේම තේරුණා.

හැබැයි එහෙම හිටගත්තම ශරීරෙ සම්බරතාවේ නැතිවෙනවා. හොඳ වෙලාවට නුරාධ ගේ බෙල්ල වටේට වීණා එයා ගේ අත් දෙක දාල පටලෝගත්ත  නිසා නොවැටී බේරුනා. 

වීණා ගේ මුණ නුරාධ දිහාට ඉස්සෙනකොට නුරාධ ගේ මුණ වීණා දිහාට පහත් උණා. වීණට තේරුනා තමන්ගේ ඇස් දෙක පියවිච්ච විත්තිය. නුරාධ ගෙත් එහෙමයි.  හරියට දක්ෂ නර්තන රචකයෙක් නිර්මාණය කරා වගේ!


වීණා ට දැනුන තෙත් වෙච්චි තොල් දෙකක් තමන්ගේ දෙතොලේ හැප්පෙනවා. එයා මුකුත් හිතන්න ත් ඉස්සර විදේශී දෙතොල් විසින් ස්වදේශී දෙතොල් ආක්‍රමණය කරනු ලැබුවා.
නුරාධ වීනගේ උඩු තොල එයාගේ තොල් දෙක මැද්දට බොහොම සුන්දර විදිහට හිර කරගෙන. හරියට එයාට අමුර්තේ හම්බුවෙලා වගේ. 


"මගේ පලවෙනි හාදුව!"
වීණා ට එහෙම හිතුන.


ඒත් එක්කම තමා නුරාධගේ දකුණු අත්ලේ උණුහුම වීණගේ වම් කණ ට දැනෙන්නට ගත්තේ. තමන්ගේ ආදරී තවත් ටිකක් ලං කරගන්ඩ වාගේ එයා ගේ වම් අත වීණා ගේ ඉණ වටේ ගිහින් තව ටිකක් තමන් දිහාට ඇද්දේ.
 
නුරාධගේ උණුහුම ට වීණා ට හරි ලෝබ හිතුනා. තමන්ගේ හර්දය වස්තුවේ ඇතුළු ම කොනටත් ඒ උණුහුම කාන්දු වෙන විත්තිය එයාට තේරුනේ ටිකෙන් ටික ඒ උණුහුමෙන් මත් වෙද්දී.

විදේශීය ආක්‍රමණය එක පාරට නැවතුණා.


නුරාධ ට හති!
"මට හුස්ම ගන්ඩ අමතක උනා" නුරාධ කීවේ ලජ්ජාවෙන් වගේ.
ගස් අතරින් පෙරිල ආව හඳ එලිය යි, ගේ පිටිපස්සේ පහන් එළියයි නිසා නුරාධ ගේ මුණ යන්තම් රතු වෙලා කියල වීන ට පෙනුන.

වීණ ලාවට හිනාවෙලා නුරාධ ගේ පපුව උඩින් ඔලුව තියාන එයාට තුරුළු උනා.


"මට ඔයාගේ පපුව ගැහෙන සද්දේ ඇහෙනවා"
විනාඩියකට විතර පස්සේ වීණා කීව.



"මැණිකේ මට තව එකක්..." ඉතින් එහෙම කිව්වම නොතකා හරින්ඩ පුළුවන් මොන කෙල්ලටද?
ආයෙත් වීන පා ඇඟිලි තුඩු වලින් හිටගත්තා.
දෙතොල් යා කරන සරල රේඛාවේ දිග එන්න එන්නම කෙටි උනා....

"වීණක්කේ!....ඔයා ...කොහෙදෝ...."
දෙන්න දෙපැත්තට උනේ විදුලි වේගෙන්. 


ඒ කතාකරේ වීණගේ නැන්දගේ දුව ශානි. යන්තම් අවුරුදු විසි එකක් පිරුණු වීණා ට වඩා අවුරුද්දයි බාල. 

දැන් ශානි වීණාව හොයාගෙන ආවොත් මේ දර මඩුවේ නුරාධ එක්ක මක්ක කරාද කියල අහවි. ඊට පස්සේ මේ අද හොඳ දවසේ ගෙදර මිනිස්සු පිරිලා ඉන්න වෙලේ මොන ජංජාලයක් නටයිද දන්නේ නැහැ. නුරාධ ගේ දෙමව්පියනුත් ඇවිත්නේ ඉන්නේ.
ශානි කියන්නේ කුණාටුවක් වගේ කෙල්ලක්. අක්කේ බක්කේ කියාගෙන වීණා ගාව දැවටුනාට, ඔක්කොම කේළම් ටික ගිහින් නැන්දගේ කනේ තියන්ඩ හරි හපනි. නැන්ද ත් ඉතින් පටස් ගාල ඒක අම්මගේ කනේ තියනවා! ඕක ඉතින් පොඩි කාලේ ඉඳන් වෙච්චි දෙයක්.

ඒ හන්ද තමා එයා එතෙන්ට එන්න කලින් වීණා ක්‍රියාත්මක උනේ.


"නුරාධ ඔය ශානි නංගි කතා කරන්නේ. තේ අල්ලන්ඩ වෙන්න ඇති...එයා එන්න කලින් මම යන්නම්"
"තේ අල්ලන්න? කාටද හාමුදුරුවන්ටද?"
"හි හි පිස්සා...කෝ ඉතින් අතාරින්න...ශානි දැක්කොත් මෙතන මහා විනාසයක් වෙන්නේ...මම එහෙනම් ඉස්සරහට යනවා...ම්ම් ඔයා...ඔයා පොඩ්ඩක් මෙතන ඉඳල අනිත් පැත්තෙන් රවුමෙන් එන්ඩ..."
"දැන් ශානි අහයි ඔයා කොහෙද හිටියේ කියල"
"මම කියනවා ටොමී ට වැලිතලප කෑල්ලක් දෙන්ඩ ආව කියල"
"ටොමී ට ? හෙහ් හේ ...වැලිතලප!? හෙහ්! මහා කට්ට කෙල්ලක්"

හිතකින් නෙවෙයි උනත් වීණා ලහි ලහියේ කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ උනා. එයා හිතුව හරි. කට්ටියට තේ අල්ලන්ඩ තමා ශානි එයාට කතා කරලා තිවුනේ. එතන තිවුණු වැඩ නිසා ටොමීට වැලිතලප කවපු හැටි වැඩි විස්තර අහන්ඩ ශානිට සිහියක් තිබුනේ නෑ! 

හැබැයි එයාට වීනට කියන්න ලොකු ඕපාදුපයක් තියෙන වග නම් කීප වරක්ම ඇගෙව්වා.

පිරිතට ඇවිත් හිටපු නෑදා යාලු මිත්‍රයෝ සීයකට වැඩිය තේ අල්ලන්ඩ සැහෙන වෙලාවක් ගියා. ගානින් ගානින් නුරාධටත් ඒ අතරේ තේ කෝප්ප දෙක තුනක්ම ඇල්ලුවා! ශානි කීප වරක්ම නුරාධ ට තේ දික් කරන්ඩ ගියත් නුරාධ අමාරුවෙන් ඒ තේ බන්දේසිය මග ඇරලා මේ තේ බන්දේසිය ට ආපු හැටි දැක්ක වීණා ට හිනාත් ගියා.


"දැන් ඉතින් අක්කත් හරි. ඊළඟට වීණ දුගේ ෆයිල් එක තමා උඩට එන්නේ"
තාත්ත එක්කල කතා කර කර හිටපු නුරාධ ගේ තාත්ත වික්‍රම අංකල් එහෙම කීවේ වීනගේ බන්දෙසියෙන් තේ කෝප්පයක් ගන්න අතරේ. වීණා රතු උනේ ජම්බු ගෙඩිය වාගේ.


"අනේ මේ තාම පොඩි කෙල්ලනේ වික්‍රම...තව ටික කලක් ඔහේ අපි එක්ක උන්නාවේ" කියල තාත්ත කීව.


"ඒ උනත් සිරි ... ඔව්ව වැඩිය කල් දාන්න එපා..වයස හොඳ නැහැ නෙව. දැන් අපි උනත් අපේ පුතා ට-" 

ඉතුරු ටිකත් අහගන්න වීණට තදින්ම ඕනි කම තිබුනත්, එවෙලේ ම කෙනෙක් තේ ඕනි කියල කතා කරපු නිසා වීනට එතනින් යන්ඩ  උනා.

ඔයින් මෙයින් යන්තම් පොඩ්ඩක් ඉඳගන්න වෙලාවක් ලැබුනේ කුස්සියේදී. කහට එකක් එක්ක වැලිතලප කෑල්ලක් කන්ඩ හැදුව විතරයි උල්කාපාතයක් පාත් වෙනවා වාගේ ශානි එතෙන්ට පාත් උනා.
"මේ...වීනක්කේ"
"හ්ම්"
"මේ..දන්නවද..."
"නෑ"
"හරි නරකයි...අහන්ඩකෝ අනේ...බඩ්ඩක් කියන්න තීනවා"
"හා හා කියන්ඩ හෙනම්...දැන් කවුරු ගැනද ඔය ඕපේ?"
"ආ යන්ඩ අනේ...ඕපයක් නෙවෙයි අනේ...අර
වික්‍රම අංකල්ලගේ රට ඉඳන් ආපු පුතා ගැන.."

ඔන්න ඒ වෙලාවේ තමයි වීන ගේ ඇන්ටෙනා එක වැඩ කරන්ඩ ගත්තේ. මොකද කියනවා නම් ශානි මේ කියන්නේ නුරාධ ගැන කියල තේරුණු නිසා. හැබැයි ඒක ශානි ට අඟවන්නේ නැතුව ඉස්සෙල්ල වගේම වැඩි ගානකට නැතුව වාගේ එයා "ඉතින්?" කියලා ඇහුව.


"ඉතින් කියන්නේ අක්කේ...එයා ඔය රටදී තව ලංකාවේ ගෑනු ළමෙක් එක්කල යාලු වෙලා හිටියලු..."
"ඉතින්?"
ඒ කතාව නුරාධ කලින් වීන එක්කල කියල තිවුන නිසා වීන කලබල උනේ නැහැ.
"ඉතින් අක්කේ පස්සේ ඒක බ්රේක් වෙලා තමා
වික්‍රම අන්කල්ගේ පුතා ලංකාවට ඇවිත් තීන්නේ ...ඒ උනාට මේ දැන් දවස් තුනකට කලින් ඒ ගෑනු ළමයාගේ ගෙදරින් වික්‍රම අන්කල්ගේ ගෙදරට ඇවිත් ලොකු කලබලයක් උනාලු..."
"ඒ ඇයි ?"


"ඒ ගෑනු ළමයට බබෙක් හම්බුවෙන්ඩ ඇවිත් ලු!"

26 comments:

  1. සික් විතරක්! අපි වගේ වැදගත් ළමයෙකුට ඇවිත් බලන්ට පුළුවන් ජාති‍යෙ එවුවද මුං බ්ලොග් වල ලියන්නෙ.? දරමඩු‍වෙ කිස් කොරන එවුවයි, අරවයි මෙවුවයි.. දැන් කාලෙ හැදෙන එවුවන්ට නෑ නෙවැ කිසිම සභ්‍යත්වයක්, හැදියාවක්, සදාචාරයක්.. ඇයි යකඩෝ ලියන්ට දෙයක් ඇත්තේම නැත්තං අර කුස්සිය පැත්තට ගොහිල්ලා පලා මිටියක් ලියාපංකො.. :P

    ReplyDelete
    Replies
    1. ඈ බොල, සික් විතරක් කිව්වට ඔය කෙලගෙන ඇවිත් තියෙන්නෙ ඉස්සෙල්ලාම කමෙන්ට් කරන්න :)

      Delete
    2. @Bura
      ඇයි වදේ මේ ලියල තීන පලා මදිද? හිකිස්
      ආ අනික මෙව්වා කොච්චර වැදගත් වැඩද...දැන් බලන්ට ඔය හැදෙන ළමයින්ට අද්යාපනික වැදගත් කමක් නැද්ද මේකේ? ඕනිනම් මේකේ මාතෘකාව වෙනස් කරන්ට උනත් පුළුවන් කතාවේ පලවෙනි කෑල්ල විතරක් තිබ්බ නම් ; "පලවෙනි හාදුව දෙන්නේ කෙසේද"
      ඕන් බලන්ට. කොච්චර පින් ඇති වැඩක්ද

      Delete
    3. @Tomiya
      අන්න එකනේ ටොමී...ටොමී ට තේරුණා...අනී මගෙ ස්වීට් පපී :P

      Delete
    4. ඕකේ මාතෘකාව ටිකක් ‍වෙනස් වෙන්ට ඕන නැද්ද.?? මං හිතන්නෙ හරිම මාතෘකාව "කොට මොඩ්ල් එකක් පළමු හාදුව ගන්නේ කෙසේද?" ව‍ගේ එකක් නෙවෙයිද.?? :P

      බොලාට ඕනම නං තව ටිකක් විස්තර කොරන්ට තිබුනා "පා ඇඟිලි තුඩින් සිටගැනීම ශරීර සමබරතාව නැතිවීයාමට හේතු වේ නම් වටපිටාවේ ඇති ලෑලි පෙට්ටියක් වැනි යමක් මත සිටගැනීම සුදුසුය" කියලා, අමතර උපදෙස් ටිකකුත්.. ;)

      Delete
    5. පකිස් පෙට්ටි නෙමෙයි බොල, බාල්දිය, බාල්දිය :)

      Delete
    6. @Buratheno
      //මං හිතන්නෙ හරිම මාතෘකාව "කොට මොඩ්ල් එකක් පළමු හාදුව ගන්නේ කෙසේද?"//

      යන්න අනේ... එහෙම නෙවෙයි.
      ආරෝහ පරිනාහ දේහ දාරී උස පොරකගෙන් පළමු හාදුව ලබා ගන්නේ කෙසේද.
      [කොහෙද ඉතින් කොට කොල්ලොන්ට ඔව්ව තේරෙන එකක්ය] :P :P

      Delete
    7. අර 'ආරෝහ පරිනාහ දේහ දාරී උස පොරක්' කිවුවෙ නිකං 'He was six foot four and full of muscles' වගේ එකෙක්ද..?? :)

      යන්ට මෙයා යන්ට, අඩි 6ක් විතර උස කොල්ලෙක්ව කිස් කරන්ට වුනත් සාමාන්‍ය උස ‍කෙල්ලෙකුට ඔහොම බාල්දි උඩ නගින්ට ඕනැන්නෙ නෑ.. අනිවාර්යයෙන්ම කොට මොඩ්ල් එකක් වෙන්ටැති.. :P

      Delete
  2. හුහ්, ටොමීට වැලිතලප. මට හම්බවෙච්චි කෙං ගෙඩියක් නෑ.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා වැලිතලප කනවද :( මම හිතුවේ කන්නේ මස් කටු විතරය කියලනේ.

      Delete
    2. ආන්න බලහං ටොමී, 'ස්වීට් පපී ස්වීට් පපී' කිය කියා හිටියට මෙවුන්ලා හොරෙන් හොරෙන් කිස් කොරන්ටත් උඹේ නම තමා විකුණන්නෙ..

      බලං හිටහං කට ඇරගෙන බොට මස්කටු, වැලිතලප හම්බවෙනකං.. :P

      Delete
  3. හපොයි අසභ්‍ය කීවාට කට්ටිය ඇවිත් තියෙන්නේ දුවගෙන, පෝලිම් කඩාගෙන.:D

    ලස්සනයි අමා. දැන් ඉතින් ලියපල්ලකෝ පැනි හැලෙන විදියට ඊලඟ කොටස...:)

    ReplyDelete
    Replies
    1. පැණි? ඇයි අනේ මේ ඔයාට golden opportunity එකක් හම්බ වෙලා තියෙන්නෙ පිරිමින්ට තලන්ට! :D :D

      Delete
    2. @Poddi
      හි හි පැණි බේරෙන වයසට පැණි නැතුව කොහොමද නේද?

      Delete
  4. මදැයි... මන් හෙන රොමෑන්ටික් මයින්ඩ් එකකින් බලාගෙන ගියා.. අන්තිමට කෑවනෙ ගම... ෂික්..



    ජය...

    ReplyDelete
    Replies
    1. අයියෝ ගම ඊටින් ද? ඕනිවට වඩා සීනි කන්නත් හොඳ නෑනේ !

      ගණන් ගන්න එපා ඊළඟට ලියන කෙනා මීටත් වඩා රොමැන්ටික් විදිහට ලියාවි. ඒකත් ඇවිත් කියවන්ට කෝ.

      Delete
  5. The first para reminded me of a finishing line I read somewhere " I go tip toe and pull your face to mine.." - rings a bell? :)

    ReplyDelete
    Replies
    1. Uh...nope no bells whatsoever.
      Muhudu I guess that 'finishing line' was in a private letter addressed to you by a special girl!!
      Heeehee!!

      Delete
    2. Nope. I was correct :)

      Found the source - Sicko. I am the wings.

      Delete
  6. / නුරාධ වීනගේ උඩු තොල එයාගේ තොල් දෙක මැද්දට බොහොම සුන්දර විදිහට හිර කරගෙන. /

    ඒයි බං ආම්ස්...මෙතන තියනව පොඩි Technical incompatibility එකක්...මොකද මට මතක විදිහට ඔය වගෙ අවස්තාවක නැචුරලි අහු වෙන්නෙ යටි තොල...ලොකුවට තියෙන්නෙත් ඒකනෙ....අනික ඔටෝ වැඩේ වෙන්නෙ එහෙමයි....අනික Logical next step එකට පහසු වෙන්නෙත් ඒ විදිහට කලොත් තමයි..

    මට ඊයෙම ඔය විචිකිච්ඡාව ආවට ඒ ගැන මොකවත් කියන්ට කලින් ප්‍රැක්ටිකලි වැඩේ කරලම බලන්ට ඕනය කියල මට හිතුන. ඔන්න මේ දැන් ටිකකට ඉස්සෙල්ල තමයි ඒකට චාන්ස් එක ආවෙ...හරි බං උඹ ඔය කියන විදිහත් පුලුවං..හැබැයි ඒක ටිකක් හිතල කරන්ට ඕන...නිරායාසයෙන් වෙන දෙයක් නම් නෙවෙයි...

    '' අනේ නිකං යන්ට රවි අයියෙ යන්ට...ඒ වැඩේ බොහොම පහසුවෙං ඒ විදිහට කරන්ට පුළුවං...ඔයා මේ ගහ දන්න අපට එනව කොල කඩා පාන්ට"

    අන්න එහෙම ඔයා ප්‍රායෝගික පලපුරුද්දෙං කියනව නං නෝ ප්‍රොබ්ලම් මම පිළිගන්නම්... Objection withdrawn....:) :)

    ReplyDelete
    Replies
    1. ගනං ගන්ට එපා රවි අයියා, ඔය තාම first kiss එක නෙවැ, අත්දැකීම් එනකොට තේරුං ගනී.. හැබැයි යටි තොලට වඩා උඩු තොල ටිකක් රොමැන්ටික් ලු.. :D

      Delete
    2. ඔය දන්නෙ අපූරුවට... :)

      Delete
    3. @Ravi ayya
      //ප්‍රැක්ටිකලි වැඩේ කරලම බලන්ට ඕනය කියල මට හිතුන. ඔන්න මේ දැන් ටිකකට ඉස්සෙල්ල තමයි ඒකට චාන්ස් එක ආවෙ.//
      පැහැදිලි මදි නේ ... ප්‍රැක්ටිකල් එක්ස්පෙරිමෙන්ට් එක තව විස්තර කරන්ට කෝ :P

      @Buratheno
      //හැබැයි යටි තොලට වඩා උඩු තොල ටිකක් රොමැන්ටික් ලු.. :D//
      එහෙමද ... හ්ම්ම් එහෙනම් එහෙම වෙන්ට ඇති :D

      Delete
  7. අම්මේ කොයි තරම් බරපතල කතාවක්ද මේ. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් බැලුවා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. අනේ එච්චර දේවල් මේකේ නෑනේ අංශු...ඕනිම නම් PG13 වගේ තමයි :P

      Delete