Thursday 8 November 2012

හාදු කුමාරයා 2




දවස පුරාම උයන ගේ පැත්තෙන් ඇහුනු පිඟන් කෝප්ප ගැටෙන හඬ, ගෑනුන්ගේ සිනා හඬ, පිරිමින්ගේ මිදුල පැත්තෙන් ඇසුනු කතා හඬ, පොඩි එවුන්ගේ කෑගැහිල්ලමේ හැම දෙයක්ම දැන් නතරවෙලා. හරියට ශානිගේ කතාවෙන් තමාගේ වේගයෙන් දිවයමින් තිබූ ජීවිතය, හදිසියේ එක තැනක නතර උනා වගේ. හිත ඇතුලේ තිබුනු වේදනාව ඉවර කරගන්ට තමා හැඬු කඳුලු මදි වීනාට හිතුනා.

හවස ඔහුගේ දෑතට මැදිවී ඈ ගත කල විනාඩි ගනනාව කොපමන නම් සුන්දරද? ඒ පසුපස දිව යන්ට තනන හිත ඈ නතර කරගත්තේ අමාරුවෙන්.

දැන් කල යුත්තේ කුමක්ද? වීනා හිමින් සීරුවේ හිස ඔසවා බැලුවා. ඈ අසලම යහනේ , නිදි ලෝකයේ සැරි සරමින් සිටියේ ශානි. මේ යෝදිව දාන්ට තියෙන්නේ හරක් මඩුවට. පේනවානේද මෙච්චර දෙයක් කරලා, කිසිම වගක් නැතිව,මගේ ඇඳේ  නිදන හැටි. ඊට එහායින් හිටියේ දුරින් නෑවෙන් ගෑනු ලමයි දෙන්නෙක්.

වීනා සීරුවෙන් ඇඳෙන්බැස්සේ කල්පනා කරමින්ම. කලබල වෙලා බෑ. නුරාධගේ පියා, වික්‍රම අංකල් යෑමට පෙර කල කතාබහ සිහිපත් කලත්, ඔහු සිත් කරදරයකින් හිටි වගක් නම් පෙනුනේ නෑ. ගෙදරට ගෑනු ලමයෙක් ඇවිත් කලබල කල බවක් , ඔහුගේ භාර්යාවගෙන් පෙනුනෙත් නෑ. ඕනම අම්මෙක් ඔය වගේ වෙලාවක කොච්චර නම් කලබල වෙයිද?

නුරාධගේ පැරනි පෙම්වතිය මූනු පොතේ හිටියා නේදැයි වීනාට මතක් උනේ මේ වෙලාවෙදියි. ඈ ගැන විස්තර නොසොයන්නට ඈ කලින් තීරණය කරලා තිබුනේ,  නුරාධට ඇති ආදරය නිසයි. දැන් නම් හිමින් බලනවා වීනා හිතුවා. කෙල්ල ලස්සන නම් අනිවාර්යයෙන් නුරාධ ඈ එක්ක ඉන්ට ඇති.

වෙනදා වගේ නෙමෙයි කම්පියුටරය ක්‍රියාත්මක කරගන්ට ඈට එතරම් වෙලා ගියේ නෑ.

ඈ මුලින හෙව්වේ නුරාධගේ නම.

‘what?’  දෑස අදහා ගත නොහැකිවූ ඇය මොහොතක් තිරය දෙස බලා සිටියා.

‘no results found for your query.’

මෙහෙම වෙන්නේ කොහොමද?

හිටපු ගමන් ඔහුගේ තොරතුරු සියල්ල මූනු පොතින් ඉවත් කර තිබීම සැකයට කරුනක් නොවේද? ඇගේ හිතේ සිත සැකයෙන් පිරිලා ඉතිරිලා නෙමේ, මහ වැස්සකට පස්සේ දෙගොඩ තලා යන ගංගාවක් වගේ ඉවුරේ හැපි හැපී ගලා ගියා..

ඈට තමාගේ ඥාති සොහොයුරු සචිත් මතකයට ආවේ ඒ වෙලාවේ. තමාට නුරාධ මුන ගැහුනේ ඔහු නිසා නොවේද? නුරාධ වගේම ඔහුගේ පැරනි පෙම්වතියත් ඔහුගේ යහලුවන්. ඇගේ නම කුමක්ද? වීනා කල්පනා කලා. කවුරුන් හෝ නිලියකගේ නමක් නේද ඈට තිබුනේ? 'වින්ද්‍යා, බ්‍රින්ද්‍යා , ' වීනා කල්පනා කලා. 'ඔහ්..දිව්‍යා'

තම ඥති සොහොයුරාගේ තොරතුරු ඔස්සේ ඇයට දිව්‍යා සොයා ගැනීමට වැඩි වෙලාවක් ගියේ නෑ.
ඈ දුටුවේ හද මුලුමනින් ඇන හිටිනා දසුනක්. 

තමා සීතලෙන් ගල්වී, ඊලඟ මොහොතේ උනුසුමින් දැවී යනු ඇයට දැනුනා.

දිව්‍යා ලස්සන පෙනුමැති කෙල්ලක්. දැන් කාලේ කොල්ලන් කැමති , විදියේ ඔවුන්ගේ භාෂාවෙන් කීවොත් අතට අහුවෙන අන්දමේ කෙල්ලෙක්. ඇගේ රන් පැහැ සම, දිගු වරලස, මද සිනාව, නෙතගින් කල බැල්ම කොල්ලන් පිස්සු වට්ටන විදියකටයි වීනාට පෙනුනේ.

ඇගේ දිගු කෙස් කළඹ ඔහුගේ ඇඟිලි තුඩුවලින් පිරි මැදෙන්ට ඇති.

ඒ සිහින් නළල් තලය ඔහු විසින් සිප ගන්ට ඇති. ඇගේ දිගු දෑස දිහා ඔහු කෙතරම් වෙලා බලා ඉන්ට ඇතිද? ඒ පිරුනු තොල් ඔහුගේ දෙතොලට කීවරක් නම් අසුවෙන්නට ඇත්ද? වීනා තම දෑස් තරයේ පියාගත්තේ ඒ ඉදිරියේ මැවෙන දසුන් මකා දමන අටියෙන්. තමාගේ කඳුලු බිඳුවක් දෙතොල මත ලුණු රසයක් ගෙන දෙමින් පහලට ඇදෙනු ඇයට දැනුනා.

ඔහු අද රෑ තම නිවසේ ගත කලා නම් . සාලයේ මැද නිදන මිනිසුන් අතරින් සෙමෙන් , හොරෙන් ඔහු සොයා ඇයට යන්නට තිබුනා නොවේද? ඉදිරි කාමරයේ කවුලු අසල ඇති තනි ඇඳේ ඔහු වැතිර සිටිනු ඇති. අඳුරේ ඔහු වෙත ඇදී, ඒ නිරුවත් පපුව මත දෙතොල් තබා, ක්‍රමයෙන් ඉහලට තමාගේ මුහුන ගෙනියනු ඈ මවාගත්තේ ගැහෙන හදවතින්. ඔහු නිදිමතින්ම තමාගේ මුහුන තුරුලු කරගනිමින් අසිහියෙන් මෙන් තමාව සිපගන්නවා ඇති. 'ඇත්ත කියන්ට මගේ පන' තමා ඔහුගෙන් කොඳුරමින් අසනු ඇති.

ශානි හැරෙන හඬින් සිහි එලවාගත් වීනා ආපහු කල්පනා කලේ දිව්‍යාගේ තොරතුරු හොයාගන්නා අන්දම.
'සචිත්ට කෝල් කරලා බලනවා. දැන් මේ වෙලාවට එයා නැගිටලා ඇති'

කාමරයේ මුල්ලකට ගිය ඈ දන ගසාගත්තා.

ඔහු ෆෝනයට ආන්සර් කලේ විනාඩි කීපයක් ගත උනාට පසුවයි


'සචී'
'ඔහ් ගෝඩ්...වීනා මොකෝ මේ මහ රෑ ඇහැරගෙන'

'මොකද හලෝ නින්ද යන්නේ නැති ලෙඩක් හැදිලද?' ඇගෙන් පිලිතුරක් නැති නිසා ඔහු නැවතත් ඇහුවා.
හඬන්නට අදහසක් නොතිබුනත්, ඈ හැඬුවේ ඉබේටම.

'මට දිව්‍යාගේ ෆෝන් නම්බර් එක කොහොම හරි හෙට උදේ වෙනකොට හොයලා ඕනෑ'

ඈ පැවසුවේ ඔහුට කතාව කියා අවසානයේ.

'මට ඇත්ත දැනගන්ට ඕනි සචී...'

'හරි. හෙට උදේ එලිවෙනකොට ෆෝන් නම්බර එක ඔයා ලඟ ඇති'

ඔහු ආයෙමත් ඇඳට වැටෙන්නට ඇති. උදේ පාන්දර වෙනතුරු කම්පියුටරයේ ජීවත් වෙන ඔහු නැගිටින්නේ දවල් කෑම වේලත් පහු කරලයි. ඒත් මේ වෙන තෙක් ඔහු ඇගේ විශ්වාසය කඩ කරලා නෑ.

වීනා හිඳ සිටි මුල්ලෙහිම දිග ඇදුනා. පොරෝනයක් හා කොට්ටයක් තිබුනා නම් හොඳ යැයි හිතුනත්, ශානි හෝ අනික් දෙදෙනා ඇහැරේවියැයි යන බියෙන් ඈ සද්ද කලේ නෑ.

ඈට නුරාධ හමුවී තිබුනේ මූනු පොතෙන් පමනයි. ඒත් ඔවුන් එහිදී ආදරය කලා. නියම ආදරවන්තයන් දෙදෙනෙක් මෙන් ආදරෙන් බැඳුනා.

ඈ ඔහු දුටු වෙලාවේ හිතේ ඇති උනු සතුට මේ තාමත් දැනෙනවා වගේ. ඒ ආදරණීය හිනාව, සෙනෙහබර බැල්ම ඈ පතාගෙන ආපු විදියමයි ඈ ඒ වෙලාවේ හිතුවා.

මුලින්ම ඔහු දුටු වෙලාවේම ඈට හිතුනේ ඔහුගේ දෑත් මැද්දට පනින්නට. ඔවුන් කෙතරම් නම් සිහින මැව්වාද? එකිනෙකාගේ දෑත් පටලවාගෙන, මලින් පිරුනු ගස් ගොන්නක් මැදින් ඇවිදගෙන යන්නට., මුහුදු වෙරලේ දිව යන්නට., තටාකයක පිහිනන්නට. ඇයට කස ඇට දැමු සරුවත් වීදුරුවක් අරන් දීමට ඔහු පොරොන්දු උනා. ඈ ඔහුගෙන් ඉල්ලුවේ රටකජු ගොට්ටක්.   ගෙදරට හොරා මුලින්ම ඔහුගේ හඬ ඇසු දවසත් ඇයට අද වගේ මතකයි. නිදිමතේ ඇසූ ඒ හඬ ඉතා ලගන්නා සුලුයි ඈ හිතුවා. ඈ කතා කරන්නේ හුරතල් පොඩි එකෙකු ලෙසයි ඔහු ඇයට හිනා උනා. ඔවුන් ඇත්තෙන්ම එකිනෙකාහට ආදරය කලා නෙවේද?

'මට තවත් ඔයා නැතුව ඉන්ට බෑ. මට ඔයාව බලන්ට ඕනි' ලංකාවට එන්ට කලින් ඔහු පැවසුවේ එහෙමයි. 'මම ඉක්මනින් ඔයා ගැන ගෙදරට කියනවා. අපි තවත් මෙහෙම ඈත් වෙලා ඉන්ට ඕනි නෑ. මට දැන් ඔයා නැතුව ඉන්ටත් බෑ' ඔහු ඈට පැවසුවා.

ඔහු එසේ වෙනත් ගැහැනියක අමාරුවේ දැමුවෙකු යැයි ඇයට නම් පිලිගන්නට බැහැ.

සචිත්ගේ පනිවිඩය ලැබෙන විට ඈ සිටියේ අඩ නින්දේ. හැඬීමෙන් හා නිදි මැරීමෙන් වෙහෙසව. ෆෝනය වදින හඬින් ඈ තිගැස්සුනා.

'සචී'

ඔහු දිව්‍යාගේ නම්වරය එව්වේ වීරයෙක් වගේ.

හිරි වැටුනු අත් පා දිග හැර ගත නොහී වීනා හිටි තැනම උන්නේ තාමත් අඩ සිහියෙන්.

+94711397***

වීනා එයට ඇමතුමක් ගත්තේ එය කට පාඩම් වූවාටත් පසුව.

දුර කතනය නාද වූවා....තාමත් උදේ පාන්දර.

ඈ ඉඳීද? නැද්ද? වීනාගේ හිතේ වූයේ දෙගිඩියාවක්

තත්පර ගානක් ගෙවී ගියේ කල්පයක් ලෙසට.

'හෙලෝ...' නිදිබර, එහෙත් ගීතමය හඬක් එහා පසින් ඇසුනා.


ප/ලි: ඉක්මනට මාව ලංකාවට ගෙනල්ලා, ෆිල්ම් එකක් බලන්ට එක්ක ගිහින් රටකජු ගොට්ටක් අරං නොදුන්නොත් මේ පැණි හලන සෙල්ලම මට නම් කරන්ට බැරි වෙයි. මම මේ ඔය කාට කාටත් හොඳින් කියන්නේ හී හී....




30 comments:

  1. හුටා! ඔය දීල ඇදලා තියෙන්නෙ ආයෙත් පිරිමි සතාට. දැං ඉතිං උන්දැට අබ සරණයි :)

    ReplyDelete
    Replies
    1. කෝ කොහෙද? මොන පිරිමි සතාටද ඇදලා තියෙන්නේ? :)

      Delete
  2. පේනව නේද තියන ඊරිසියාවක මහත? දැං ඉතිං අල ගිය තැන්, මුල් ගිය තැන් හොයල අල හිටෝපු ඉඩමෙ මායිම් ඔප්පුත් හොයාහෙනයි පස්ස බලන්නෙ :)

    ReplyDelete
    Replies
    1. අල ගිය තැන්, මුල ගිය තැන් හොයනවා නම් ඉතින් ඉඩමේ මායිම් , ඔප්පු හොයන එක මහ වැඩක්යැ.:)

      හැබෑට ඔය පිරිමි කියන ජාතිය ඊරිසියා කරන්නෙම නැද්ද?:D

      Delete
  3. බලාගෙනයි ඔය නම්බර් එක ඇත්තටම තියෙන් එකක් වෙන්න පුළුවන්. ඔන්න අයිතිකාරයා නඩු දැම්මොත් අපි නෑ...:D
    ෆේස්බුක් එකේ එකවුන්ට් එක වැඩියෙන්ම ඩිඇක්ටිවේට් කරන්නේ නම් කෙල්ලෝ මගේ හිතේ. කොල්ලෝ ඒක තිබුනේ නෑ වගේ පැත්ත පලාතේ යන්නේ නැතිව ඉන්නවා එපා උනොත්.
    //‘no results found for your query.’// මෙහෙම මැසේජ් එකක් මූණුපොතේ එනවාද. ඩේටාබේස් වල නම් ඔහොම මැසේජ් එනවා.....:D

    ReplyDelete
    Replies
    1. හපොයි අර නොම්මරේ කාටදෝ තියන එකක්නේ. ඉක්මනට අයින් කලා අන්තිම නොම්මර තුන. දන්න කෙනෙක්ගේ නොම්මරේ මෙතන දැම්මනා නම් හොඳයි කියලා හිතුනා.:)

      ඔහොම මෙසේජ් එකක් මූනු පොතේ එනවා ප්‍රියන්ත.

      Delete
    2. No results found for your query.
      Check your spelling or try another term.

      Delete
    3. //Check your spelling//

      Checked ‘the Oxford dictionary’ (the most accessible paperback dictionary. Over 130,000 definitions and entries)

      Query: spelling is correct…
      Meaning: a question….. :)

      //try another term//

      Do I have to…? : D

      Delete
    4. I don't know.. but that's what FB says.. :-)

      Delete
  4. //ඉදිරි කාමරයේ කවුලු අසල ඇති තනි ඇඳේ ඔහු වැතිර සිටිනු ඇති. අඳුරේ ඔහු වෙත ඇදී, ඒ නිරුවත් පපුව මත දෙතොල් තබා, ක්‍රමයෙන් ඉහලට තමාගේ මුහුනු ගෙනියනු ඈ මවාගත්තේ ගැහෙන හදවතින්. ඔහු නිදිමතින්ම තමාගේ මුහුන තුරුලු කරගනිමින් අසිහියෙන් මෙන් තමාව සිපගන්නවා ඇති//

    අනේ ඇත්තට මේ අපි වගේ හැදිච්ච කොල්ලෙකුට කියවන්ට බ්ලොග් එකක් නැතුව ගියානෙ මේ බ්ලොග් අවකාශෙ !!! අපේ අම්ම දන්නවනං මම මේ වගේ බ්ලොග් බලනව කියල!! :D :D

    පොඩ්ඩි , මේ දවස් වල හොඳ ෆිල්ම් එකක් තියෙනව. හොඳ රටකජු ගන්න තැනකුත් මම දන්නව. මොකෝ කියන්නෙ ? ;)

    ReplyDelete
    Replies
    1. හපොයි ඇයි ඉතින් දුවගෙන ඇවිත් මේ වගේ බ්ලොග් කියවන්නේ? අම්මට අහු උනොත් ගුටි කන්ටත් වෙයි.:)

      හොඳයි ඉතින් කියන්ටකෝ බලන්ට තැනක් හා දිනයක් එහෙම. අනෙක තමා ෆිල්ම් එකේ නමකුත් ඕනි. ලොකූඌඌඌඌ රට කජු ගොට්ටක් දෙන පොරොන්දුවකුත් ඕනි. කෙල්ලොත් එක්ක ෆිල්ම් බලන්ට ගියොත් අම්මාගෙන් මොනවා හම්බ වෙයිද දන්නේ නෑ...:D:D:D

      Delete
    2. උඹට කියන්ට මුහුදු, ඔය 'වීනා' ලා ඉන්නව නේද..........................

      ............. එක්කොත් ඕන නෑ, මං මක්කටැයි ආයුෂ ‍කෙටි කොරගන්නෙ.!? ;)

      Delete
    3. ඇයි වීනලාට මොනාද වෙලා තියෙන්නේ බූරෝ?

      හපොයි, ජීවිතේටම පිරිමි ලමයෙක් රටකජු ගොට්ටක් අරං දෙන්ට ඇහුවා විතරයි...:D

      Delete
    4. //පොඩ්ඩි , මේ දවස් වල හොඳ ෆිල්ම් එකක් තියෙනව. හොඳ රටකජු ගන්න තැනකුත් මම දන්නව. මොකෝ කියන්නෙ ? ;)//

      ආ ... මෙන්න මෙයා ...!!!
      මේ ගෙඹි කුමාරයාගෙන් ඔයාට කන්න වෙයි හොඳේ හිහි

      //අනේ ඇත්තට මේ අපි වගේ හැදිච්ච කොල්ලෙකුට කියවන්ට බ්ලොග් එකක් නැතුව ගියානෙ මේ බ්ලොග් අවකාශෙ !!! අපේ අම්ම දන්නවනං මම මේ වගේ බ්ලොග් බලනව කියල!! :D :D//

      අනේ යන්න අනේ.. ඔහොම කතාවක් කිව්වත් කමක් නෑ මේකේ 'ඉහලට' නැතුව 'පහලට' කියල තිබ්බනම් :P

      Delete
    5. @ පොකු,

      වීනලාට මොකුත් වෙලාද කියන්ට නම් දන්නෙ නෑ.. මං මේ කියන්ට හැදුවෙ "ඔය වීනලා ඉන්නවා නේද, එයාලා හරිම දක්ෂයි පාන්දර ජාමෙ කෝල් කරලා අනිත් අයගේ නින්ද කඩන්ට" කියලා.. :P

      Delete
    6. @අමා,

      //මේ ගෙඹි කුමාරයාගෙන් ඔයාට කන්න වෙයි හොඳේ හිහි//

      මොනාද? රටකජුද?:D

      //අනේ යන්න අනේ.. ඔහොම කතාවක් කිව්වත් කමක් නෑ මේකේ 'ඉහලට' නැතුව 'පහලට' කියල තිබ්බනම් :P //

      මට මේ කියාගන්ට විදියක් නැතුව හිටියේ. හී හී...

      Delete
    7. @බූරා,

      හැබෑ නේන්නම්. බලාගෙන යනකොට ඔක්කොම වීනලා එකයි. :D

      Delete
    8. @බුරා

      උඹ ලඟදි උපන්දිනේ සමරපු එකා වෙච්චි, වැඩිය ඔව්ව කියන්න ගිහින් ආයු කොට කරගන්නව නෙවේ.

      @පොඩ්ඩි

      හරි ඔන්න එහෙනං මම හොඳ වෙලාවක් බලල කියන්නං. ඔයා මොන වගේ ෆිල්ම් බලන්ට ද ආසා ? :D :D :D

      @ අමා

      හැබෑට ඔය ගෙම්බ කොයි ලෝකෙද මන්ද ඉන්නෙ. රට කජු ගොට්ටක් වත් අරන් දීල නෑ නෙව මෙච්චරකල්!

      Delete
  5. අන්තිමට මොනවා වේවිද ඈ......

    ReplyDelete
    Replies
    1. ඒක දන්නේ ඉතින් අන්තිමට ලියන එක්කෙනා තමයි සෝන්යා. :)

      Delete
  6. පොඩ්ඩි අක්කේ අවසානෙදි පැණි බාල්දිය , ලෝදිය බාල්දියක්වේද .

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් උණු වෙලා වැඩිවෙලා මොකක් හරි වෙයිද දන්නේ නෑ අංශුවෝ...:D

      Delete
  7. ෆේස් බුක් ස්පයි කරන එක - විශේෂෙන් පෙම්වතාගේ පරණ ගෑනු ලමයගේ පේජ් එක - ගෑනු ළමයි ගොඩ දෙනෙක් කරන දෙයක් ද මන්ද :D :D

    ReplyDelete
    Replies
    1. ඔයත් එහෙමෙයි..!!?? :P

      Delete
    2. @අමා,

      මම අහන්ට හදපු ප්‍රශ්නේ බූරා වෙන විදියකට අහලා.:D

      Delete
    3. @බුරා,

      එයා කරන්නෙ ඒ ගැන පෝස්ට් එකක් ලියන එකලු!

      Delete
    4. @මුහුදු
      What can I say..you know me so well haha
      :)

      Delete
  8. / ඊට එහායින් හිටියේ දුරින් නෑවෙන් ගෑනු ලමයි දෙන්නෙක් /

    අපොයි කොහොමද ගෑනු මේ ගෑණු ලමයි දෙන්න නෑවෙන්නෙ? ඊටත් මේ දෙගොඩ හරි යාමෙ....

    / ඈ දුටුවේ හද මුලුමනින් ඇන හිටිනා දසුනක් /

    හප්පා, ලේසි නෑ වීණට තියෙන ලෙඩේ...හදවතේ ඇණ....කොහොමෙයි ඒ?...හරි මෙහෙමයි වෙන්න ඇත්තෙ එකත් එකටම.....හදවතේ දකුණු කර්ණිකාවෙ ඇතුල් බිත්තියෙ ඇණයක් ගහල කාගෙ හරි පෝටෝස් එකක් එල්ලං ඉන්ට ඇති...පස්සෙ මළ පැනපු වෙලාවක පොටෝස් එක ගලෝල වීසි කරල දැම්ම..ඒත් ඇණේ ගලවන්ට අමතක උනා...හප්පච්චියේ ...වස වැරැද්ද නෙව වෙලා ඇත්තෙ...දැං ඕක ගලවල දානට එකෝම එක කෙරේමයයි තියෙන්නෙ...හදවතේ යතුර දීල කාවහරි පිටත් කරන්ට වෙනව අනේ මේ තරහ නැතුව ගිහිල්ල අර හදවතේ තියෙන ඇණේ ගලවං එන්ටකො කියල...

    / නිරුවත් පපුව මත දෙතොල් තබා, ක්‍රමයෙන් ඉහලට තමාගේ මුහුනු ගෙනියනු ඈ මවාගත්තේ ගැහෙන හදවතින්. /

    මේ වීණයි කියන්නෙ කතරගම දෙයියො වගෙ මූණ සයකි අත් දොලසකි තියෙන ලලනාවක්ද?

    ෂෙහ්...එහෙම නම් මාරයි ඈ....මම ලියන්නම් ඊලඟ කොටස මෙහෙම...

    වීණා තම දකුණු පසම පිහිටි මුහුණ ඔහුගේ නිරුවත් පපුව දිගේ ඉහලටද, වම් පසින්ම පිහිටි මුහුණ දකුණු කලවය දිගේ පහළටද, මැදින් පිහිටි මුහුණ නාභිය වටා ද ගෙනයනු ඈ මවාගත්තේ ගැහෙන ඇණ සහිත හදවතිනි.

    අත් දොලහෙං කොරන එව්ව ඕන නෑනෙ නේද?

    ReplyDelete
    Replies
    1. හපොයි ඒක මුහුන ලෙස වහාම හදලා දාන්නම්. ඔය බය හිතෙන කතා නම් ලියන්ට එපා...:D:D:D

      Delete
    2. ඔන්න හැදුවෝ.....:D
      Thanks Ravi.

      Delete