Thursday, 7 January 2016

සරණ බන්ධන........ පසු වදන

සිය දියණිය හා කුඩා මුණුපුරා නිදනා දෙස මොහොතක් බලා සිටි හෙලේනා නිහඬ පියවර තබමින් තම කාමරය වෙත ඇවිද ගියාය. ගුවන් තොටුපොළේදී සමන්තාව මුණ ගැසීමට පැමිණි අමුත්තන් පිළිබඳව ඇය ගුවන් ගමන අතරතුරේදී සිය මවට හෙළි කොට තිබුණි. පෙර දිනයේ පටන් සිදු වූ සියල්ලට හෙලේනා කන් දී සිටියේ ඇදහිය නොහැකි දෙසවනින් යුතුවය.

පෙර දින සවස් යාමයේ ඔවුන් නතර වී සිටි හෝටලයේ පහත මාලයේ වූ විවාහ උත්සවය නිමා වන මොහොතේ අහම්බයකින් මෙන් ඒ අසළින් ඇවිද ගිය මොහොතේ සිත සසල කරවන රුවක ඡායාවක් ඇගේ නෙත ගැටුණි. එම රුව බොහෝ සෙයින්... ඔහුට... සමානය. ඇගේ සිත විසි හත් වසරකට එපිට අතීතයකට ගෙන යාමට එම රුව එම මොහොතේදී සමත් විය. මැදි වියද සමග උරුම වූ දුර්වල පෙනුම හේතුවෙන් ඒ ඔහුමදැයි සැක හැර දැනගැනීමට නොහැකි වුවද ඒ ගැන වැඩි වේලාවක් සිත නොයොදවා ගිය කාරියද පසෙක දමා ඇය නැවත උඩු මහළ වෙත ගියාය. ගුවන් තොටුපොළේදී සමන්තාව හමු වීමට පැමිණ තිබුණේ එම විවාහ උත්සවයේ මනාළ යුවලයි. එම මනාළයා සමන්තාගේ පැරණි පෙම්වතායි.

තම දෛවයට තම දියණියටද එලෙසින්ම මුහුණ දෙන්නට සිදු වූයේ මන්දැයි ඇයට සිතාගත නොහැක.

කාමරයට ඇතුළු වූ ඇය අබලන් වූ මේස ලාච්චුවක් විවර කර එහි පතුලේම තැන්පත්ව තිබූ ලියුම් කවරයක් අතට ගත්තාය. එහි සඳහන්ව තිබුණේ ඇය ශ්‍රී ලංකාවේ අවසන් වරට පදිංචිව සිටි නවාතැනේ ලිපිනයයි. ඇය ඒ තුළ වූ ලිපිය දිග හැරියාය. තමා යළි කිසිදා ඔහුව හමු නොවන බව පවසා ඔහුගෙන් සමුගෙන ඇගේ මාතෘ භූමිය වූ නෙදර්ලන්තය බලා පැමිණීමෙන් පසු ඔහු එවා තිබූ ලිපිය එයයි. එය ඈ අතට පත් වූයේ ඔහු එය එවා සත් මසක් පමණ ගත වීමෙන් පසුවය.


 My Dearest Heli,

I don't know why you left me. I looked for you everywhere but you were gone. Please forgive me for my ignorance. But as I told you again and again, my parents were and are bothering me with all those proposals. I only needed time my dear. I only wanted you to give me a little more time to convince them. But you didn't have the patience. I.........
 

හෙලේනා ලිපිය කියවීම නතර කර දැමුවාය. ඇය සිවු වසරකට අධික කාලයක පටන් ඔහු ඉල්ලනා කාලය ලබා දුන්නා නොවේද? එපමණ කල් බලා හිඳීමෙන් අනතුරුවද ඔහු පවසන්නේ ඇයට ඉවසීම නොමැති බවයි. ඇය තනිවම සිනාසුණාය. ඒ සියල්ල ඇයට දරාගත හැකිය. තවත් ඕනෑ තරම් කල් වුවද ඇයට බලා සිටිය හැකිය. නමුත්, නමුත් ඔහු ඔහුගේ ජීවිතය විනාශ කරගන්නා අන්දම ඇයට බලාසිටිය නොහැකිය. ඇය ඔහුගෙන් සමුගන්නට තීරණය කළේ එබැවිනි.

එම ලිපිය ඇගේ අතට පත් වූයේ ඔහුගේ දියණිය ඇගේ කුසින් එළිය දුටු දිනයේය. එම ලිපිය රැගෙන ආ ඇගේ ශ්‍රී ලංකික ඥාතිවරියට සැල වී තිබුණු අන්දමට ඔහුගේ විවාහ දිනයේය.

එනමුදු, ඇය ඔහුට ආදරය කළාය. ඔහු එවා තිබූ එම ලිපියට ආදරය කළාය.

එනමුදු, එය තව දුරටත් තමා සන්තකයේ තබාගත නොයුතු බව ඇය තීරණය කළාය. එය අයිති අතීතයටය. කෙතරම් අමතක කර දැමීමට සිතා සිටියද එම අතීතය ඇගේ දියණිය පසුපසද හඹා විත් ඇති අන්දම සිතාගැනීමටවත් නොහැක. ලිපියද රැගෙන කාමරයේ වූ ගිනි උදුන වෙත ගිය ඇය එය දල්වා ලිපිය දිග හැර රඟ දෙන ගිනි දළු වලට හසු වන සේ එය අල්ලාගෙන සිටියාය. මදින් මද දැවී කළු වී අවසානයේ ඇගේ අතැඟිලි ආසනයේ වූ කොටස පමණක් ඉතිරි වී ඉතිරිය අළු ලෙසින් වා තලයට මුසුව ගියේය. එහි ඉතිරි වී තිබුණේ ඔහුගේ නමයි. 


Saman Deraniyagala

සුසුමක් හෙලූ ඇය එයද ගිනි උඳුන තුළට අත හැර දෑත් පිස දමාගත්තාය. ඇගේ සිත තුළ වෛරයක් නොමැත. කෝපයක්ද නොමැත. තමාද, තම දියණිය ගැනද සිතේ ඉතිරිව තිබූ සන්තාපය ඇය එම ලිපියත් සමගම දවා හළු කොට දැම්මාය. ඇය තම දියණියද සුරතල් මුණුපුරාද සමග ජීවිතයට අලුතෙන් මුහුණ දෙන්නට ඉටා ගත්තාය.


~ සමාප්තයි ~




10 comments:

  1. Shocked.
    ඔයා අන්තිමට අවන්තිවයි සමන්තාවයි අක්කයි නංගියි කලා නේද? නොහිතපු අවසානයක්.

    ReplyDelete
    Replies
    1. Yes, half sisters. අවසානය වෙනකල්ම කතාවත් එක්ක රැඳිලා හිටියාට, කමෙන්ට් කළාට ගොඩාක් ස්තූතියි වරා මලී. :)

      Delete
  2. මොන බම්බුවටද අතීත මතකයන් තුල ජිවත් වෙන්නේ.. අනාගතේ තියෙන්නෙත් පොඩි කාලයයි...
    ලව් ඔහොමමමයි..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අර ලියුම ගිනි තියලා අළු කරලා දැම්මේ. ලව් ඉලව් මළ ඉලව්. :D

      Delete
  3. දැන්නේ දැක්කේ.. මුල ඉදං කියවන් එන්නම්... දැන් ආයෙත් බ්ලොග් කියවන්න වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි, මුළ ඉඳන් කියවලා අදහස් කියන්නකො එහෙනම්. :)

      Delete
  4. Man katha okkoma kiyewwa.godak lassanai.

    ReplyDelete