Friday 4 January 2013

සිත්තමක ලියැවුණු කවිය..... 08 වන කොටස

"මල්ලි අනේ බොහොම ඉස්තුතියි ඔයා කරපු උදව්වට...ඉන්ට මම මෙව්වා ටික ගෙයින් තියල එන්නම්. දැන් අම්ම තේ හදාගෙන ඒවී"

බරට බරේ පොත් මිටියත් තුරුළු කරන් මුතූ එහෙම කිව්වේ සුජිත් මල්ලිට. සුජිත් කියන්නේ මුතුගේ හොඳම යාලුවා සඳා ගේ මල්ලි. ටවුමේ ඉඳන් එද්දී රෑ බෝ උණු හන්දා සඳා මල්ලිව එව්ව මුතුව ගෙදෙට්ට බස්සන්ට කියල.

මුතු සාලේ පහුකරන් කාමරේට හැරෙද්දීම තමා ඒ දිහාට එන විජේ අයියව දැක්කේ.

"ආ විජේ අයියේ..."

විජේ අයිය මොකද මේ වෙලාවේ අපේ ගෙදර? මුතු හිතුව.  


"නගේ ... මේං මේක අර ගොබිලය දෙන්නය කිව්වා උඹට"

"ගොබිලය? මොකක්? කවුද?"

"කවුද? හෙහ් අනේ නෑනේ උඹ මේ ගහ දන්නා මිනිහට කොළ කඩා පාන්ට තනන්ට එපා බං! වෙන කවුද ඉතින්! අපේ සිත්තර මලය මිසක්...හ්ම් හ්ම් ගනින් බන් මේ ඉලව්ව විජහට. නැන්දම්මා දැක්කොතින් මාත් ගස්" 

විජේ අයිය මොකද්දෝ පොතක් දික් කරා.

සිත්තරා දුන්න?
වික්‍රම?!
වික්‍රම තමන්ට විජේ අයිය අතේ එවුවේ මොකද්ද කියල බලනකම් මුතු ට ඉවසුම් නැහැ. දඩි බිඩි ගාල ඒක විජේ අයියගෙන් උදුරගත්තු මුතූ කාමරේට දිව්වා.

හනික කාමරේ දොර අඩවල් කරපු මුතු බැලුවේ මොකද්ද මේ වික්‍රම දුන්නු පොත කියල.

ඈ මේ අපේ දහම් පාසලේ ගිය අවුරුද්දේ සමරු කලාපේ නේ. මේක මොකටෙයි මට දෙන්නේ? ඇරත් මා ගාවත් මෙයින් එකක් තීනවනේ...අර මම සඳ කිඳුරු ජාතකේ ගැන ලියපු රචනාවත් පල උනේ...
වික්‍රම ට පිස්සුද කොහෙද..විකාර!

එහෙම හිත හිත මුතු පොත පෙරලුවේ ඕනවට එපාවට...

පොත දිගෑරිය ගමන් පෙරලුනේ මුතු අර ලියපු රචනාව තිබුණු පිටුවටමයි.
ඒ පිටුව අස්සේ තිබුණේ චිත්‍රයක්... චුට්ටන් වටකුරු මුණක හීනි දිගටි නහයක් තියෙන ගෑනු ළමෙක් ඒ චිත්‍රෙ ඉඳන් හිනාවෙනවා. තනි කරලට ගොතාපු කොන්ඩේ එක උරිසකින් ඉස්සරහට දමල. දාංගලේ හැදිච්චි එක කෙස් රොදක් විතරක් චුට්ටක් නළල ගාවින් මුණට වැටිලා. හැබැයි ඒ ගෑනු ළමයගේ ඇස් දෙක තිබුනේ ඈත කොහේ හරි දිහාකට එල්ල වෙලා... කාටවත් නොපෙනෙන එයාට විතරක් පේන දිහාක් බලන් හිනා වෙන බවක් තමා මුතුට පෙනුනේ...හරියට මුතුත් අර හිටි ගමන් තනියම හිනා වෙන්නේ...

ම්ම්ම් මේ ඉන්නේ...මේ ඉන්නේ මම නේද අයියො! හඃ මං නේන්නම්! මේ ඇඳන් ඉන්නෙත් අර මයේ ලා කහ පාට අත් නැති ගවුම නේ... මං අර මොකක් හරි පිස්සුවක් හිත හිතා හිනාවෙන විදිහ ෆොටෝ එකක් ගත්ත වාගේ නේ!


එතකොට තමා මුතුට මතක් උනේ එදා වික්‍රම ගල් තලාව ගාව චිත්‍ර ඇඳ ඇඳ ඉන්දැද්දී මුණ ගැහෙද්දි තමුන් ඇඳන් හිටියෙත් මේ ගවුමම නේද කියල.

මුතුටත් නොදැනී මුතුගේ මුණේ හීන් හිනාවක් ඇඳුනා.

මුතු චිත්‍රෙ අනික් පැත්ත පෙරලුවේ නිකමට වාගේ.
එතකොට තමා එයා ඒ පැත්තේ ලියල තිවුණු කවිය දැක්කේ...


හිත බැඳුණේ නුඹේ ලස්සන හිත දැකලා
නෙතු රිදුනේ නුඹේ රන්වන් රුව දැකලා
මුතු මැණිකේ මගේ කිඳුරී ලෙස පතලා
ඉන්නේ මම නුඹ ගැන නිතරම සිතලා


මුතූට දැනුන පපුවේ මොකක් හරි හිර වෙලා වාගේ ගතියක්. අඬන්ට එනවද හිනාවෙන්ට එනවද කියල එයාටම හිතාගන්ට බැරි උණා.
මුතූ ගෙදරින් එලියට පැනල කුසුමේ අක්කල ගේ ගෙදෙට්ට දුවපු හැටිවත්, ඒ පස්සෙන් අම්ම කෑගහගෙන එන්ට තනද්දී විජේ අයිය අම්මව නවත්ත ගත්තු හැටිවත්, කුසුමේ අක්කට කෑගහල ගෙයි දොර අරගත්තු හැටිවත්, මුතුට මතක තිවුනේ නැහැ.
එයා දුවල දුවල වික්‍රමගේ කාමරේ දොර ගාවට ඇවිත් නැවතුණා හති දම දම.


"වික්‍රම!"

"අක්කේ මට අද කන්ඩ බැහැ වගේ..අක්කල කාල -"
වික්‍රම කාමරෙන් එලියට ආවේ කතා කරේ කුසුමේ අක්ක කියල හිතාන...
අක්ක වෙනුවට නංගි ඉන්නවා දැක්ක වික්‍රම ගල් පිළිමයක් වගේ නැවතුණා. මුතුගේ අතේ තිවුන චිත්‍රෙ දැක්ක වික්‍රමගේ දිවට අගුළු වැටුණ.

දෙන්නට දෙන්න කතා නැතිව එහෙම්ම හිටන් හිටිය විනාඩියක්...දෙකක්...විනාඩි පහක්? එවෙලෙ ඔරලෝසුවේ කටු නැවතුණා කියල තමා දෙන්නටම හිතුනේ.

ඉස්සෙල්ලම කතා කරේ මුතූ.

"මෝඩය!"
වික්‍රම බිම බලා ගත්ත.
"මැට්ටා!"
වික්‍රම නෙවෙයි කට හෙල්ලුවේ.
ඕන් ඒ පාර මුතු ගේ ඇස් දෙකින් කඳුළු කැට වැටෙන්ට ගත්ත සට සට ගාල.

 
"ඕන් ඉතින්...මුතු...අඬන්ට දෙයක් උනේ නෑනේ...ඔයා අකමැති නම්...මම...මම ඔයාට සුභ පතනවා මුතු...සුජිත් එක්ක...මම ඒක දැනන් හිටියේ නෑ...එහෙව් සම්බන්ධයක් ගැන...අනේ අඬන්න එපා ඉතින්...කෝ...නවත්තන්ඩ ඕක...දෙන්ඩ ඔය චිත්‍රේ මුතු..ඔය මෝඩ චිත්රේ ඉරල විසික් කරන්ඩ...අනේ ඉතින් කිව්වම අඬන එක නවත්තන්ඩ කෝ..."
වික්‍රම එහෙම මුතුට කියද්දී මුතූට වාවන්නේ නැති උනා. එයාට තව හයියෙන් ඇඬුනා.


අනේ මම මේ හිතට කොච්චර දුක් දීලද...එයාට හිතුන.

 
"මේ චිත්‍රෙ ..මේ චිත්‍රෙ තමයි මගේ ලොකුම වස්තුව...ඒක මං ගාව හැමදාම තියාගන්නව"
මුතු කිව්වේ ඉකි ගගහ.


වික්‍රම පුදුම වෙලා මුතු දිහා බැලුව.

 
"මොනවා නගා! එතකොට සුජිත්...?"
අඬන ගමන් උණත් මුතූට ඒකට නම් ඕන් හිනාවක් ගියා.

 
"අනේ මැට්ට...සුජිත් මල්ලි...සඳා ගේ මල්ලි නේ...ඒ ළමය ආවේ මාව ඇරලවල යන්ට.."


වික්‍රමට දැනුන හරියට ඉරවල් දාහක් පෑව්වා වගේ එතෙක් වෙලා හිතේ රජ කරන් උන්නු අන්දකාරේ නැති වෙලා යනව...
 
"හෙනම්...මුතු...මුතු මැණිකේ...මගේ මැණිකේ ..."


මුතූ මුකුත් නොකියම හීන් සැරේ වික්‍රමට තුරුළු උනා. 




~   සමාප්තයි ~

ප ලි:
විශේෂ ස්තුතිය - කතාවේ සිරවූ වෙලා වලදී අදහස් වලින් උදව් දුන් සහ කතාව පමාවූ වෙලාවලදී විගසින් ලියන්නට මා යොමු කෙරෙවූ සිත්තමී නංගා ට... :)

26 comments:

  1. යන්තං වැඩේ ගොඩ ගියා එහෙනං...
    තවත් කතාවක අවසානය.. තවත් එකක් ආරම්බයක් වේවි නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මල්දමේ තව කවුරු හරි තවත් කතාවක් ගොතන්ට පටන් ගනීවි ඉක්මනින්ම :)

      Delete
  2. කොටස් අටක් ගිහින්නේ... මුල ඉඳන් කියෝලම එන්නම්..:)

    ReplyDelete
    Replies
    1. ඔයා මේ වෙද්දී කොටස් 8 ම කියවන්ට ඇති කියල හිතනවා. කතාව හොඳයිද?

      Delete
  3. පුදුම ලස්සන විදිහට කතාව ඉවර උනේ අක්කේ. අනේ ඒත් තවත් දිගට කියවන්න තිබ්බනං කියලා ලෝබත් හිතුණා. මට ස්තූති කරන්නෙ මොකටද, කතාව පටංගත්ත කෙනා මං වෙච්චි, ඔයාලට ඒක ඉස්සරහට අරං යන්න කොහොමත් උදව් කරන්න එපැයි මං. :)

    ඔන්න මේ හූව රවි අයියට. ගිය සැරේ කොටසට දාපු කමෙන්ට් එකට.
    හූඌඌඌඌඌඌඌඌඌඌඌඌ..................... :P

    ReplyDelete
    Replies
    1. අඩෝව්ව්ව්..කවුද ඩෝ හු කියන්නෙ???????

      ඉඳපං....උඹේ හූව දෙපිටිං යන්ට කොරඤ්ඤං වැඩේ....දෙයියම්ප, ලියන එක ලියනව විකල්ප අවසානයක්...මුතූ අර සුජිත් මලය නෙවෙයි නං වෙන කාට හරි සැට් කොරනව කොරනවමයි..ඒ කරල අර සිත්තර ගොබිල ඔන්න බොන්ට පටන් ගන්නවලු නැති වෙන්ට.....ඔන්න ඔහොම කතාව ලිවෙ නැත්තං මට කතා කොරහං ඉජුඃ ඉජුඃ කියල කොහොමද?...ඉජුඃ ඉජුඃ කියල :) :)

      Delete
    2. හා ලියන්ඩකො බලන්න. මං ඒක ඩිවෝස් කරලා ආපහු සෙට් කරනවා මුතූවයි වික්‍රමවයි! :D

      Delete
    3. අඩේ මට රවී අයියට ඉස්තුති කොරන්ට අමතක උනානේ... ඒ මොකටද කියනවනම් මේකේ විජේ අයියගේ පාට් එක ලීවේ එහෙම පිටින්ම රවී අයියව මවාගෙන.

      ඔන්න ඉතින් මුන්දෑ ඒ පාර කොපි රයිට් නඩු දායිද දන්නේ නෑ උන්දැව කොපි කොලා කියල!! හි හී

      Delete
  4. හප්පා..යාන්තං ඇති ....උඹටත් මරණීය තර්ජන කොලේ නැත්තං බෑ නෙව අම්මප මේ කතාවක් ලියව ගන්නව වගෙ සුට්ටං දෙයක් වත් කොරව ගන්ට...කොහොමද මිසයිල් ගහන්ට ලෑස්ති වෙනව කිව්ව විතරයි බඩ පපුව දාල ගියා නේද?....හෙහ්,හෙහ්...

    මේ කෝකටත් සින්ටො පෙති හත අටක් ලෑස්ති කරගත්තට අපරාදයක් වෙන එකක් නෑ...හෙහ්, හෙහ්...

    ReplyDelete
    Replies
    1. සින්ටෝ??
      ඈ ??
      ඈ රවී අයියේ සින්ටෝ දෙන්නේ බබාලා හම්බුවෙන අයට නේද??
      අපේ අම්ම කියනවා මම හම්බුවෙන්ට එද්දී උන්දැට සින්ටෝ දුන්නලු. මොකෝ මම එන්නෙත් නෑලු නැත්තෙත් නෑලු. ඔහේ ඉන්නවලු. ඒ පාර දොස්තර කීවලු මේක හරියන්නේ නෑ සින්ටෝ දෙන්ටෝනේ කියල.

      Delete
    2. / අපේ අම්ම කියනවා මම හම්බුවෙන්ට එද්දී උන්දැට සින්ටෝ දුන්නලු. මොකෝ මම එන්නෙත් නෑලු නැත්තෙත් නෑලු. ඔහේ ඉන්නවලු. ඒ පාර දොස්තර කීවලු මේක හරියන්නේ නෑ සින්ටෝ දෙන්ටෝනේ කියල. /

      අඩේ..ඔන්න බලාපංකො අමෝ...මම ඉස්සෙල්ල අහන්ට හිටියෙ ඔය විදිහට නෙව...

      " මේ අමෝ..නෑ කියන්ට එපා උඹ හම්බවෙන්ට ඉන්නකොට බොලායෙ අම්මට සින්ටො දුන්න නේද? "

      ඒ කරල ආයෙම හිතුන එහෙම අහන එක හරි නැතිවෙයිය කියල...ඊට පස්සෙ තමයි ඔය සින්ටො ලෑස්ති කරගන්ටය කියල කිව්වෙ.. :) :)

      පුදුමයක් නෙවෙයි උඹ එළියට එන්ට පරක්කු වෙච්ච එක..උඹ මහ කම්මැලි අරටුව නෙව..මොකටද ආය එළියට යන්නෙ?...එලියෙ වහිනවද දන්නෙත් නෑ...මේක අස්සෙම උණුහුමට තව ඩිංගක් ඔන්න ඔහෙ ඉන්නව ගුලි වෙලා. ඔහොම හිතල ආයෙම ඇස් දෙක පියාගන්ට ඇති...

      Delete
  5. ලස්සනම ලස්සන ප්‍රේම කතාවක... ලස්සනම ලස්සන අවසානයක්!!!

    මේ පාර ඉතින් අමා තුරුල් වෙලා තියෙන්නේ හීන් සැරේ. හීන් සැරේ ලොකුයිලුනේ ඔය ඔක්කොම සැරවලට වඩා.:D

    නියමයි අමා....

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යු පොඩ්ඩි!!
      ඔව් ඔව් ..අර හීන් සැරය පොතේ තියෙනවා නේද ඒක? මොකද්ද මන්දා අලියන්ගේ මහා සැරේට වඩා කටුස්සන්ගේ හීන් සැරේ ලොකුයිද ඔන්න ඒ වාගේ එකක්... :D

      Delete
  6. කතාව බො‍හොම ලොකු හදිස්සියකින් ඉවර කරලා දාලා වගේ කියලා මට හිතෙන්නේ ඇයි.??

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම දැනෙනවද අප්පා?... එහෙව් කියල හදිසියක් තිවුනෙත් නැහැ...
      තව ටිකක් ගෙනිච්චනම් ද හොඳ?

      Delete
    2. තව එක කොටසක් විතර ඇද්දනං හරි.. අවසානය ටිකක් විතර අභව්‍යයි වගේ නැද්ද? විශේෂයෙන්ම මුතූ වගේ ග‍මේ කෙල්ලක් අරහෙම ගාල කඩාගෙන දුවලා වික්‍රමට තුරුළුවෙන සීන්ස් එක.. ආන්න එතන තව චුට්ටිත්තක් අදින්ට තිබුනා.. :)

      Delete
    3. බූරෝ අයියා කිව්ව කතාව ටිකාක් විතර ඇත්ත අක්කේ. ඒත් අපි දන්නවා, ඔයාට කොටස් තුනක්ම එක දිගට ඇදං යන්න උනානේ. ඒ නිසා ඔයාට කිසිම වරදක් කියන්නෙ නෑ. මම කතන්දරේ ලියන්න පටන්ගනිද්දි මගේ හිතේ මැවිලා හිටිය මුතූ බූරෝ අයියා කිව්වා වගේ ගමේ විදිහටම හිතන පතන හැසිරෙන කෙල්ලෙක්. ඒ නිසා මටත් එහෙම වෙනසක් දැනුණා මේ අන්තිම කොටසෙදි. ඒකට කමක් නෑ හොඳද. :)

      Delete
    4. / මම කතන්දරේ ලියන්න පටන්ගනිද්දි මගේ හිතේ මැවිලා හිටිය මුතූ බූරෝ අයියා කිව්වා වගේ ගමේ විදිහටම හිතන පතන හැසිරෙන කෙල්ලෙක්..ඒ නිසා මටත් එහෙම වෙනසක් දැනුණා මේ අන්තිම කොටසෙදි…../

      කිව්වම මොකද මටනම් අමාස් ලියපු අවසානෙ ඒ හැටි වැරැද්දක් පේන්නෙ නෑ. මුතුවා ගමේ හැදුන කෙල්ලක් බව ඇත්ත. ඒත් උන්දැ ඉන්නෙ අර ගොබිල ( ඒයි ආම්ස්...ගොබිලය නෙබෙයි බොල ගොබිල...ගොබිල...) ගැන බලවත් පේමෙං කියල අමතක කරන්ට නරකයි. ඒත් වික්කරමගෙ හිත වෙන කෙල්ලෙක්ට ගොහිං දෝ කියන සැකෙන් කෙල්ල ෆුල් අප්සට් එකේ ඉන්නෙ. ඒ අස්සෙ වික්කරම ඇඳපු තමංගෙ චිත්තරෙයි කවියයි දැක්කම කෙල්ලට උන්න මලා පේන්නෙ නැතුව ගියා.උතුර දකුණ මාරු උනා...ඉංගිරිස් වලින් තියනව ඔහොම වෙනවට මරු ඉඩියම්ස් ටිඅකක්...මෙන්න බලාපංකො...හෙහ්, හෙහ්,

      blow a gasket, blow one's mind, blow one'sstack, blow one's top, crack up, flip one's lid, flipout, fly off the handle, freak out, go ballistic, gobananas, go batty, go berserk, go bonkers, gobuggy, go cuckoo, go daffy, go haywire, gokooky, go loco, go loony, go mental, go nuts, gonutty, go off, go off one's rocker, go off thedeep end, go off the wall, go psycho, go wacko,go wacky, lose control of oneself, lose it, loseone's cool, lose one's mind, wig out

      මට හිතෙන්නෙ ඔන්න ඔව්වයිං එකක් තමයි මුතු ලමිස්සිට ඒ වෙලාවෙ උනේ...ඔහොම උනාම ආය ගමේ නගරෙ කියල වෙනසක් නෑ..කෙල්ලො කොල්ලො කියල වෙනසක් නෑ...ෆුල් ඔල්මොරොන්දං...ඊටිං අන්දකයිප්පු විත් ගෝඩ්ස් රයිස් තමා...බොලා ගැන නං මන්ද ...මට නම් අනන්ත ඔය වගෙ වෙලා තියනව..තාමත් වෙනව...ආය කිව්වම මොකද?...හෙහ්, හෙහ්,

      Delete
    5. යාලුවනේ ඔයාල ට ගොඩාක් ඉස්තුතියි මේ අදහස් වලට. Constructive critizism වලින් නේ කෙනෙක් හැදෙන්නේ...

      මුතු ව මගේ හිතේ ඇඳුනේ ගැමි, ඒත් ටිකක් impulsive සහ dreamy චරිතයක් හැටියට... විශේෂයෙන් වික්‍රම සම්බන්ධ යෙන්...අර වික්‍රමට සද්දේ දාන්නෙත් වික්‍රම ගැන එයාගේ හිතේ strong feelings තියෙන නිසානේ. ඒ වගේම එයා එක පාරටම එයාගෙම ලෝකෙකටත් යනවා. අර තනියම කතාකරන හිනාවෙන එව්ව. ඉතින් ඒ චරිත ලක්ෂණ දෙකම එකතු කරලා තමා අර අන්තිමට දුවන් යන සීන් එක දැම්මේ... :)

      Delete
  7. දැන් කවුද මේවට උත්තර බඳින්නෙ.!? කෝ මේ අමාරිස්.??

    ReplyDelete
    Replies
    1. අමාරිසා මේ දවස්වල ඇපල් කඩන්ට ගිහිල්ල කෑලි ගානට.

      මට කිව්ව ඒ එනකල් මලයගෙ පුරස්නෙට මෙහෙම උත්තරයක් දෙන්ටෙයි කියල

      / කතාව බො‍හොම ලොකු හදිස්සියකින් ඉවර කරලා දාලා වගේ කියලා මට හිතෙන්නේ ඇයි.?? /

      " මේ බූරො, උඹට ඔය නා නා ප්‍රකාර දේවල් හිතෙන්නෙ ඇයි කියල කියන්ට මොකෝ මට පරචිත්ත විජානන ද මොකක්ද එක තියනවයි කියල හිතුවද? "

      අඩේ මා එක්ක අමනාප වෙන්ට ඔට්ටු නෑ හොඳද?....මම මේ අමාස් කියාපු පණිවිඩේ කිව්ව විතරයි.

      Now, please don’t shoot the messenger..okay? ..:) :)

      Delete
    2. //අමාරිසා මේ දවස්වල ඇපල් කඩන්ට ගිහිල්ල කෑලි ගානට.//
      යා යා ඇපල් පැපොල් කොරල තමා නැවතුනේ!!

      //" මේ බූරො, උඹට ඔය නා නා ප්‍රකාර දේවල් හිතෙන්නෙ ඇයි කියල කියන්ට මොකෝ මට පරචිත්ත විජානන ද මොකක්ද එක තියනවයි කියල හිතුවද? "//
      [රහසින් : අඩේ විජේ අයියේ...අහ් නෑ රවී අයියේ...ඔව්ව ඔහොම මුනටම කියන්ට එපා අනේ..]

      අනේ සුදු බුරෝ ... සුකිරි බට්ටෝ... මම ඔහොම දෙයක් කියයිද ඔයා ගැන? ඔව්ව මේ අමුලික බොරු අනේ... මී ඇස් දෙක පල්ල...
      අනික ඔය රවී අයියද නැත්නම් මේ අවිහිංසක සුකුමාල ළඳ බොළඳ අමාවද ඔයාට විශ්වාස? හා කියන්ට බලන්න...

      Delete
    3. අනිවා ‍ඩෙෆා, ඔයාව තමා විශ්වාස.. ඔය රවියා ෂුවර් එකටම පණිවිඩේ අරන් එන අතරමගදි කසියා වඩි දෙකක් නවාගන්ට බැද්දකට රිංගලා තියෙනවා.. එහෙවු කොරලා පණිවිඩේ මාරු කොරලා තමා කියලා තියෙන්නෙ.. ඔය වගේ එවුං පණිවිඩ අරන් ගොහින් තමා අර "මරන්ට එපා - නිදහස් කරන්ට" කියලා කියපු හිරකාරයව මරලා දැම්මෙත්..

      මීට පස්සෙ පණිවිඩ එවනකොට ඔය වගේ දෙකයි පනහේ එවුං නැතුව හරිහමං පණිවිඩකාරයෙක් හොයාගන්ට.. :D

      Delete
    4. මෙන්න මේ මං වගේ...:D:D:D

      Delete
  8. මේ තියෙන්නෙ සැට්වෙලා!! ආයෙ කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ. හැබැයි අමා බූරයිය කිව්ව දේ මටත් හිතුණ... අවසානෙ තව ටිකක් හෙමින් ගියා නං හොඳ කියල... ඒත් ඉතිං මං දන්නවනෙ මේ ක හරි අමාරු කෙරුවාවක් කියල.. අපි එක කොටසක් ලියාගන්ඩ කොච්චර නං හටනක් කරන්ඩ ඕනෙද වෙලාවත් එක්ක කියල.. ඒ හන්ද ඒකට වැරැද්දක් කියන්ඩ බෑ මට...
    ලස්සන අවසානයක්!!!

    ReplyDelete
  9. මේකත් කියෙව්වා....

    නියමයි....

    අර කෑකෝ පප්පාව මුලින්ම ගැටගහලා ඉන්නවා වගේ, කොටහක් ලියල ඉවර වෙච්ච ගමන්ම කට බැඳලා, රවියාව ගස් බැඳලා ඉඳපල්ලා කෙල්ලනේ... නැත්තම් කතාව ඔක්කොම කොත්තමල්ලි පානයෙන් වැහිලා යනවා

    ReplyDelete