සහේළි ඔෆිස් එකේ නිල වාහනෙන් බැස්සෙ යකඩ සහ වීදුරු වලින් නිර්මිත තට්ටු හත අටකට අඩු නැති මහ මන්දිරයක් ඉස්සරහ...රියදුරා ඇල්බට් අයිය කොළඹම උපන් කෙනෙක්...ඕන ඇඩ්‍රස් එකක් කියන පමාව විතරයි.
'' මිසී මෙන්න තැන '' ඇල්බට් සුදු කෙස් පිරුණු ඔලුව හොල්ලල හිනා උනා.
'' හරි ඇල්බට් අයිය, මම වැඩේ ඉවර වෙල කෝල් එකක් දෙන්නම් ''
විජිත් කැමරා ආම්පන්නත් උස්සගෙන ඉස්සරහ සීට් එකෙන් බහිනකල් සහේළි ඔලුව උස්සල මහා මන්දිරයෙ ඉස්සරහ පැත්තෙ නිල් පාට ප්‍රතිවර්ත්‍ය විදුරු පනේල උදෑසන හිරු එලිය වැටිල දිලිසෙනව බලා හිටිය.
විජිත් ඇත්තටම හොඳ කොල්ලෙක්. දැකපු මුල්ම දවසෙ ඉඳලමයි මිනිහ සහේලි ගැන උනන්දුවක් තියනව කියල ඈට තේරුනෙ...ඒත් මෑත අතීතයෙ හිත කීරි ගැහිල ගිය අත්දැකීම් නිසා සහේළි ඒ ගැන ප්‍රතිචාරයක් දක්වන්න ඒ හැටි හදිස්සි උනේ නෑ.
'' මොකද විජිත් කරන්නෙ?....'' සහේළි අත් ඔරලෝසුව බැලුවෙ ටේප් රෙකෝඩරය තියෙන මල්ල දකුණු උරහිස උඩින් දාගන්න අතරෙ...
'' හරි, හරි, තව වෙලාව තියනව...ම්ම්, විනාඩි දහයක්ම...අනික ළමයා මේ ලංකාව...මෙහෙ කවුරුත් ඔය වෙලාවල් ගැන සළකන්නෙ නෑ...'' විජිත් එසේ පැවසුවද ඒ කඩිනමින් ඈ වෙත පැමිණෙමිනි.
'' මේ..කාරණා දෙකක් කියන්ට තියනව... අංක එක...මට ළමය කියනවට මම කොහෙත්ම කැමති නෑ කියල මම මීට කලිනුත් ඔයාට කියල තියනව..ඊළඟට අංක දෙක...ලංකාවෙ සිරිත මොකක් උනත් මට වැඩක් නෑ...මම ඇවිල්ල වෙලාවට වැඩ කරන කෙනෙක්....''
'' හරි හරි ළම.......අනේ සොරි, සොරි...සහේළි.... තරහ ගන්න දෙයක් මම කිව්වෙ නෑනෙ.......''
සෝපානයෙන් අටවන මහළට පිවිසි ඔවුන් දෙදෙන තේක්ක ලීයෙන් නිම කරපු විශාල කවුන්ටරය පසුපස හිඳගෙන උන් සුරූපී පිළිගැනීමේ නිළධාරිනිය වෙත ලඟා වූවා.විජිත් හිටියෙ සහේළිට මඳක් පසුපසට වෙන්නට උනත් ඇය ඇමතූයේ ඔහුටය.
'' ගුඩ් මෝනිං සර්...වට් කැන් අයි ඩූ ෆො යූ? ''
සහේළිට එක පාරටම තරහ ගියා.ආචාර ශීලී නොවීම ඇය තුල කවදත් ඇතිකලේ දැඩි නොරිස්සුමක්...
'' අපි ආවෙ ඇමතිතුමා එක්ක සම්මුඛ සාකච්ඡාවකට...මේ අද නවයට වෙලාව වෙන්කරපු එතුමාගෙ ලියුම. මේ මගේ රාජකාරි හැඳුනුම් පත...'' සුරතෙහි වූ ලිපි ගොනුවෙන් ගත් ලිපියක් සහ අත් බෑගයෙන් ඉවතට ගත් හැඳුනුම් පත තරුණිය වෙත පාමින් ඇය පැවසූයේ මඳක් වේගවත්ව...
තමන් කතාකල ස්වරය සහ හඬ තව පොඩ්ඩක් අඩු උනා නම් හොඳයි කියල ඒ එක්කම හිතුනට සහේළිට ආයෙම හිතුන මෙහෙම " What the hell, who cares?..serves her right for being so rude ''
ඇස් දෙක පුංචි කරල තොලුත් ගුලිකරගෙන අප්‍රසාදය පලකරන ඉරියව්වක් මුහුනින් පලකරමින් පිළිගැනීමේ නිලධාරිනිය සහේළිගෙ අතින් අර ගත්තු ලියවිලි දිහා යන්තමට බලල ඉස්සරහ තිබුනු පරිගණක තිරය දිහාත් බැලුව.
' හරි, ප්‍රශ්නයක් නෑ, ඇමතිතුමා ඉන්නව.......අතන දොර ඇරගෙන යන්න ඇතුලට...කෙලින්ම තියෙන පළුදෙකේ දොර ඇමතිතුමාගෙ කාමරේට...''
ඇය ආයෙමත් කතාකලේ විජිත් දිහා බලාගෙන...
ඇය පෙන්නපු දොර ඇරගෙන ඔවුන් ඇතුලු උනේ මූණ පේන තරමට මැදපු ලී පොලවකින් යුතු ලොබියකට....
විජිත් ගෙ කට කොනකට නැඟුනු සෝපහාස සිනහව ඇය තුල ඇතිකලේ ආයෙම කේන්තියක්..
සහේළි එතනම නැවතුනා...අත් දෙක ඉණට ගියා...
'' දැන් මොකක්ද මෙතන තමුන්ට සවුත්තුවට හිනාවෙන්ට තරම් දෙයක් උනේ...කියමු බලන්ට මටත් දැනගන්ටත් එක්කලා...''
විජිත්ගෙ හිනාව එහෙමම මැකිල ගියා.මිනිහ අඩි දෙකක් පස්සට ගියා නෙවෙයි යැවුණා..
'' හරි, හරි, මැඩම්...කාම් ඩවුන්...කාම් ඩවුන්....හොඳ ඉන්ටවීව් එකක් කරන්නෙ කොහොමද ඔය ඉඟුරු ගහ ගත්තු මූඩ් එකේ ඉඳගෙන...''
විජිත් කිව්වෙ අත්දෙකම උස්සල අල්ල සහේළි දිහාට හරවල සංඥා කරන ගමන් ඔලුවත් බාගෙට නවාගෙන....
සහේළිගෙ තොල් අතරින් පුපුරන්ට තැනුව හිනාව වළක්වගන්ට ඈ කලේ විජිත්ට පිටුපාල ඇමතිගෙ කාමරේ දොර ලඟට ගිහිල්ල දොර උළුවස්සෙ සවිකරල තිබුනු සීනුව තද කරන එක.
සීනු නාදෙ මැකිල යනවත් එක්කම බිත්තියෙ පැත්තක තිබුණු ඉන්ටකොම් ස්පීකර් එකෙන් '' come In '' කියල කිව්වෙ ඇමතිතුමා වෙන්න ඕන.
සහේළි දොර ගාව තත්පරයක් පමාඋනේ හොඳට හුස්මක් එහෙම අරගෙන වෙන අනම් මනම් ඔක්කොම අතඇරල මේ කරන්ට තියෙන රාජකාරියට හිත යොමු කර ගන්ට.
සද්දන්ත ගාම්භීර පෙනුමකින් සමන්විත වුවද මහ දොර කිසිම අමාරුවක් නැතුව විවෘත කරල ඇය ඇතුලට ගියා.
ලමයි තුන් හතරදෙනෙක් ඉන්න පවුලකට කිසිම අපහසුවක් නැතුව ඉන්න පුලුවන් සයිස් එකේ ගෙයක් විතර කාමරයක්. කාමරේ මැද අර කලින් කිව්ව පවුලටම බොහොම සැප පහසුවට නිදාගන්න පුලුවන් සයිස් එකේ මේසයක්. මේසෙ පිටිපස්සෙ අර කලින් කියාපු පවුලෙ ඔක්කොමල තරාදියක එක පැත්තට දැම්මත් අනික් පැත්ත කිසිම අවුලක් නැතුව බැලන්ස් කරගෙන ඉන්න පුලුවන් සයිස් සද්දන්ත මනුස්සයෙක්, ඇමති තුමා....අතිගෞරවාර්හ ධුරන්ධර සත්ගුණවත් පරාර්ථකාමී බලවර්ධන අමාත්‍යතුමා....පපර පපර පෑං.... පෑං! පෑං!! පෑං!!!
සහේළිට ආයෙම හිනාවක් පනින්න ආපු එක බොහොම අමාරුවෙන් වළක්වාගෙන බැරෑරුම් මූණක් හදාගත්ත....
ඇමති තුමා නැඟිට්ට.
ඇමතිතුමා එක්ක මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා කතාකර කර හිටපු උස මහත මනුස්සයත් ඒ එක්කම නැඟිට්ට.
'' මේ නෝනා?....'' ඇමතිතුමාගෙ මූණෙ තිබුනෙ තැතිගැන්මක් කියල අඳුන ගන්න සහේළිට අමාරු උනේ නෑ කොහෙත්ම.
'' මම සහේළි, ලක්සරණ පත්තරෙන්...අද නවයට මට ඔබතුමා එක්ක සම්මුඛ සාකච්ඡාවක්......''
'' හරි, දැන් මට මතකයි... මට මිනිත්තුවක් දෙන්න....'' ඇමතිතුමා ඒ මනුස්සය එක්ක කාමරේ වම් පැත්තෙ තිබුනු දොරටුවක් දිහාට යන ගමන් කිව්ව.. පෞද්ගලික සෝපානයක්...
කවුරුහරි ළඟම හිතවතෙක් වෙන්න ඕන සහේළිට හිතුනා.
විජිත් පුලුවන් තරම් උත්සාහ කරන්නෙ ඡායාරූප ගන්නකොට අදාල පුද්ගලයට නොදැනි ඡායාරූපය ගන්නයි. ෆොටෝ එකක් ගන්න බව දන්නකොට මිනිස්සු මූණෙ ඉරියව් එහෙම හදාගන්න නිසා එහෙම එව්ව කෘත්‍රිම ඡායාරූප කියලයි මිනිහ කියන්නෙ. ඒන් කතාවෙ ඇත්තකුත් ඇති කියල හිතෙන්නෙ විජිත් පහුගිය අවුරුදු දෙකේම හොඳම පුවත් පත් ඡායාරූප ශිල්පියා විදිහට සම්මාන දිනා ගත්තු නිසා.
එකපාරටම සහේළිගෙ පිටිපස්සෙ ඉඳගෙනම විජිත්ගෙ කැමරාවෙ විදුලි ආලෝකය දෙතුන් පාරක් දැල්වුනා.
ඒ සැනෙකින් ඇමතිතුමයි අර අනික් මිස්ට උස මහතයි දෙන්නම ඒ පැත්තට හැරුනෙ එකටම.
'' Hey, No Fotos '' ඇමතිතුමාගෙ වචන පිට උනේ ගල් ගහනව වගෙ,
ඒ සද්දෙට සහේළි ඇත්තටම ගැස්සිල ගියා. විජිත් කැමරාව පාතට දැම්ම ඒ එක්කම.
'' සොරි, සොරි..'' ආයෙම විජිත්ගෙ අර අත් උස්සල සමාව ඉල්ලන සංඥාව,
සහේළි විජිත් දිහාවට හැරිල බලාහිටියෙ ගිණි පිටවෙන දෑසින්. මේ මනුස්සය පාන්දරම වැඩේ කන්ඩද කොහෙද හදන්නෙ...
විජිත් ඒ සැර උහුලන්න බරුවද කොහෙද බිම බලාගත්ත.
අර දෙන්න ආයෙම සෝපානය පැත්තට හැරුන. මිස්ට උස මහත ඇමතිතුමාගෙ කණට කරල මොනවද කිව්ව. ඇමති තුමත් හෙමීට මොනවද කියල මිනිහගෙ පිටට තට්ටුවක් දැම්ම..හරි හරි බයවෙන්න එපා කියල කියන්න වගේ.
උස මහත ගියාට පස්සෙ ඇමතිතුමා ආව ඉස්සරහට.. '' එන්න එන්න මේ නෝන මහත්මය අර ලක්සරණෙන් කිව්ව නේද? නම ආයෙම කිව්වනම්....''
'' සහේළි....'' ඇය ඔහු දිගු කල අතට අත දෙන අතරෙ කිව්ව.
'' හරි සහේළි...එතකොට මේ.....? ''
'' මම විජිත්... ''
අමතිතුමා ආපහු මේසෙ පිටිපස්සට ගිහිල්ල වාඩිඋනා..ඊට පස්සෙ වැළමිටි මේසෙ උඩ තියල දෑතේ ඇඟිලි එකට බැඳගෙන ඒ උඩ නිකට රඳවාගෙන කතාකලේ කෙලින්ම සහේළිගෙ ඇස් දෙකට.
'' මම ඒ වෙලාවෙ ෆොටෝ ගන්න එපාය කියල කිව්වට අමනාප වෙන්න එපා. එහෙම කිව්වෙ මම සාමාන්‍යයෙන් පොඩි මේකප් එකක් නොදා ෆොටෝස් වලට ඉන්නෙ නැති නිසයි..දන්නෙ නැද්ද අපේ මිනිස්සු මොකහරි ඇද කුදක් හොයාගන්ට තියනම් ඊට එහා දෙයක් නෑනෙ..."
'' හරි ඇමති තුමා ප්‍රශ්නයක් නෑ..අපිට තේරෙනව.එහෙනම් අපි ඉන්ට්වීව් එක පටන් ගමුද? ''
'' හරි මම ලෑස්තියි. ''
'' මුලින්ම කියන්න බලන්න ඔබ තුමා අද මේ රටේ පවතින තත්වය විග්‍රහ කරන්නෙ කොහොමද?...''
'' සහේළි මුලින්ම ඇහුවෙ වැදගත් ප්‍රශ්නයක්....'' ඇමති තුමා පුටුවෙ පස්සට වෙලා හරි බරි ගැහිල වාඩි වෙලා සහේළි දිහාට සුරත දිගුකලා...'' මම මෙහෙම කියන්නම්.....''
ඉන්ටවීව් එකේ විස්තර ඔක්කොම මෙතෙන්ට අවශ්‍ය නැහැනෙ...එහෙම ඕන අය ඉන්නවනම් ඕනම ඉරිදා පත්තරේක ඔය දේශපාලන සාකච්ඡා කියල බොහෝ විට පිටු දෙකක් පුරා පලවෙන පල් හෑලි කියවන්ට.මෙතන හැබැයි පොඩි වෙනසක් තියනව. ඒ කිව්වෙ සහේළි බහුතරයක් ඇහුවෙ දේශපාලකයින්ගෙන් විශේෂයෙන්ම පාලක පක්ෂයේ දේශපාලකයින්ගෙන් අහන්නෙ නැති ප්‍රශ්න.
ඒත් බලවර්ධන ඇමතිතුමා මේ අද ඉන්න තත්වෙට ආවෙ නිකම්ම නෙවෙයිනෙ. එතුමා අපූරුවට ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඒ කිව්වෙ අන්තිමට කියපු දෙයකුත් නෑ නොකියපු දේකුත් නෑ...අන්න ඒ ජාතියෙ ඉන්ට්වීව් එකක් ඒක සුපුරුදු පරිදි....
සම්මුඛ සාකච්ඡාව පැය බාගෙකට ආසන්න කාලයක් පැවතුනා..අවසානෙදි ඇමතිතුමාගෙ තව ඡායාරූප කීපෙකුත් අරගෙන තරුණ පුවත්පත් කලාවේදිනිය සහ ඡායාරූප ශිල්පියා ඇමතිවරයට ස්තූති කරල එතනින් පිට උනා..
ඔවුන් පිට වෙලා ගියාට පස්සෙ කාමරේ වැසුණු දොර දිහා බොහෝ වේලාවක් බලා හිටිය ඇමති තුමා එකවරම ගැස්සිලා වගෙ අවදිඋනේ කාමරේ දකුණු පස බිත්තියෙ එල්ලල තිබ්බ ඔරලෝසුවෙ දහය වදින හඬින්...
මොබයිල් එක අතට අරන් ඔහු අංක හත එබුවෙ මතකයෙන්...
දෙවෙනි වර රිං වෙනකොටම '' ඔව් ඇමති තුමා කියන්න, ''
'' සිකුරාජපති....මේ දැන්ම ඔෆිස් එකට එන්න..''
එච්චරයි..ඇයි මොකද ඒ මොකවත් සිකුරාජපති ඇහුවෙ නෑ...එහෙම අහන එක එයාගෙ සිරිත නෙවෙයි...බලවර්ධන කිව්වෙ මොකක්ද ප්‍රශ්න නාසා ඒ වැඩේ කරන එකතමයි සිකුරාජපතිගෙ කාර්ය භාරය.
බලවර්ධන සහ සිකුරාජපති...සිකුරාජපතිගෙ නමටම ගැලපෙනව බලවර්ධන වෙනුවෙන් එයා කරපු රාජකාරිය..ඇත්තටම සිකුරාජපති කියන්නෙ බලවර්ධනගෙ Man Friday...දන්නවනෙ නේද රොබින්සන් කෲසෝ කතාවෙ එන මෑන් ෆ්‍රයිඩේ....කෲසෝගෙ හැම වැඩක්ම නෑ බෑ නොකිය කියපු විදිහටම කරල දුන්නෙ මෑන් ෆ්‍රයිඩේ තමයි.
මේ සම්බන්ධය අවුරුදු පනස් පහක්...බලවර්ධන කුඩා දරුවා පළමුවන ශ්‍රේණියට ඇතුලු උනේ සිකුරාජපති එක්ක එකම දවසෙ.
ඒ පලවෙනිම දවසෙ පංතියෙ පස්සම පේළියෙ හිටපු දඩබ්බර කොළුවෙක් බලවර්ධනට පැංසලෙන් ඇන්නා...ඒ මොහොතෙම බලවර්ධනට එහා පුටුවෙ හිටපු සිකුරාජපති ඒ කොලුවට තොල් පට පුපුරන්න ගැහැව්වා.ඒ පටන් ගත්තු සම්බන්ධතාවය අවුරුදු පනස් පහක් ගෙවිලත් තාම එහෙමමයි. තවමත් සිකුරාජපති කරන්නෙ එදා පලවෙනි ශ්‍රේණියෙදි කරපු වැඩේම තමයි...බලවර්ධනට රිද්දන්න එන ඕනම කෙනෙකුට ලේ පනින්න ගහන එක...එකම වෙනස එදා ඒ වැඩේ එළිපිටම කලත් අද කරන්නෙ කිසිකෙනෙක් දැන නොගන්ට...දන්නෙ සිකුරාජපති සහ බලවර්ධන විතරමයි.
පෞද්ගලික සෝපානය විවෘත උනා.... සිකුරාජපති
'' මොකද ඇමතිතුමා?....'' සිකුරාජපති පැයකට විතර කලින් සහේළි ඉඳගෙන හිටපු පුටුවෙ වාඩි උනා.
'' පොඩි ප්‍රශ්නයක්....සිකුරා....''
'' ඔව් කියන්න මම ඉන්නෙ ඒකට තමයි....'' සිකුරා හිනාඋනා,
'' දැන් පැයකට විතර කලින් අර ලක්සරණ පත්තරේ කෙල්ලෙක් ආව මාව ඉන්ටවීව් කරන්න..''
'' හෙහ්, මට හිතාගත්තෑකි...කෙල්ල නිකම් දීපිකා වගේ ඇති. ඇමති තුමාට ඕන කෙල්ලගෙ විස්තර...''
බලවර්ධන අතක් උස්සල සිකුරට නිහඬ වෙන්න කියල කිව්වෙ නොඉවසිල්ලෙන්.
'' කියනකල් ඉඳපං බං...කෙල්ල නම් ලස්සනයි තමයි. මම උඹට කතාකලෙත් කෙල්ල ගැන හොයන්ට කියල කියන්ට තමයි. ඒත් ඒ උඹ ඔය හිතන ජාතියෙ කෙහෙල්මලකට නම් නෙවෙයි. ''
බලවර්ධනගෙ ස්වරයෙ තිබුනු කෝපය තේරුම් ගත් සිකුරා නිහඬ උනා.
'' මේකයි සිකුරා උනේ. ඉන්ටවීව් එකට ඒ කෙල්ලත් එක්ක උංගෙ ෆොටෝග්‍රැෆරුත් ආව..ඒ වෙලාවෙ මම මෙතන ඩගී එක්ක බර කතාවක්..''
'' කෙලියා, ......උං දෙන්න ඩගීව දැක්කද? ''
'' ඒකනෙ එවුං දෙන්න බෙල් එක රිං කරපු වෙලාවෙ මම හිතුවෙ අර රිසෙප්ෂනිස්ට් කෙල්ල කියල...මම එන්න කිව්ව..ඩගී හදිස්සියෙම ආපු නිසා මට ඔය ඉන්ට්වීව් එක ගැන මොකවත් මතක නැතිඋනා. ජනාධිපතිවරනෙ තව අවුරුදු දෙහෙකින් එනවනෙ. ඒකට ඩගීගෙන් කොහොමද උදව් ගන්නෙ කියලයි අපි කතා කලේ...''
'' උං දෙන්න ඩගීව දැක්ක විතරක් නම් මදැයි...පස්සෙ කේස් එකක් ආවොත් මම නෑ කියල කිව්වම වැඩේ ඉවරයි...වැඩේ සීරියස් උනේ සිකුරා, ඩගීත් එක්ක මම එකට ඉන්නව අර ආපු ෆොටෝග්‍රෆර් ෆොටෝ ගත්තනෙ...''
මේසය මත වැලමිටි තබාගත් සිකුරා දෑතට හිසෙහි බර පවරා කතා කලේ දැඩි නිහඬතාවයේ වෙලී ගෙවී ගිය මිනිත්තු කිහිපයකට පසුය.
'' හරි ඇමතිතුමා මෙහෙම කරමු. ලක්සරණ ආයෙම ගහන්නෙ ලබන ඉරිද. දවස් තුනක් තියනව...ඊට කලින් හොඳින් හරි නරකින් හරි මම ඒ ෆොටෝස් ටික ගන්නම්..මොකද පත්තරේ ඒ ෆොටෝස් ගියෙ නැතිඋනත් එහෙම ෆොටෝස් උං ගාව තියන එකත් ඔබ තුමාට තර්ජනයක් විශේෂයෙන්ම ඉදිරි කාලෙ ගැන හිතනකොට...''
'' ඇත්ත, බං මට තේරෙනව ඒකෙ රිස්ක් එක , මම උඹට තකහනියක් කතාකලෙත් ඒ නිසාමනෙ. ඩගීගෙ නම කොහෙවත් පොලිසියෙ උසාවියෙ ලියවිල නොතිබ්බට දන්නෝ දනිති ලංකාවෙ ඩ්‍රග්ස් බිස්නස් එක තනිකරම හැඬල් කරන්නෙ මිනිහයි කියල.''
'' හරි මම මෙහෙම කරන්නම්.ඔය කෙල්ලගෙ ඔෆිස් එකෙයි ගෙදරයි ටෙලිෆෝන් නම්බර්ස් ඒ එක්කම මොබයිල් නම්බර් එකයි හොයාගෙන මම ඉස්සෙල්ලම ඒකිට කතා කරන්නම්, මගෙ නොම්මරේ හොයා ගන්න බැරිවෙන විදිහට...''
'' කතා කරල? ''
'' හරි, කතා කරනව කිව්වට මම කතා කරන්නෙ නෑ.....කරන්නෙ මෙච්චරයි...මොකවත්ම නොකිය ඉඳල විනාඩියකට විතර පස්සෙ කෝල් එක කට් කරනව...''
'' ඒ මොකද එහෙම කරන්නෙ? ''
'' හෙහ්, හෙහ්, ඒකට කියන්නෙ ඇමති තුමා, Softening up process කියලයි. යුද්ධයක් කරනකොට උනත් මුලින්ම ප්ලේන් යවල දිගට හරහට හතුරු නගර වලට බෝම්බ දානව...ඒ ඇයි? එහෙම කරන්නෙ සතුරා අන්ද මන්ද කරවන්න...ඊට පස්සෙ තමයි පාබල හමුදාව යවල හතුර යටත් කර ගන්නෙ...මෙතනත් මම කරන්නෙ අන්න ඒ ස්ට්‍රැටජි එකම තමයි.ඔය කෙල්ලට ඔහොම දිගටම කෝල්ස් දුන්නම කෙල්ල හොල්මං වෙනව, ඊට පස්සෙ ෆොටෝස් ගැන කියන පමාව විතරයි, බඩු අපි ලඟ...හෙහ්, හෙහ් "
'' හරි, සිකුරා...කැමති දෙයක් කරන්න...මට මේ උඹව විශ්වාසයි. කොහොම හරි මේ ෆොටෝස් ටික මට අරං දීපං...එච්චරයි මම උඹෙං ඉල්ලන්නෙ, ''
'' ඕකේ, ඇමති තුමා බය වෙන්න එපා..කිසි අවුලක් නෑ...මම වැඩේ කරන්න ම ටිප් ටොප් එකට.. ''
මතු සම්බන්ධයි

අම්මෝ කතාව ගලා යන ලස්සන....
ReplyDeleteඑකම කතාවක් දෙන්නෙක් මේ විදියට හිතලා ලියයි කියලා හිතාගන්ටත් බෑ රවි...එච්චරටම අපූරුයි.
දැන් බලමු ඉතිරි අයගේ වැඩ. මෙච්චර නොඉවසිල්ලෙන් කතාවක් කියවපු කාලයක් මතක නෑ.
අනෙක තමා ලංකාවේ සමහර දේවල් ගැන චිත්ත රූප මවාගන්ට බැරි පොඩ්ඩිට මෙන්න ඒකට ඉතිරි හරිය කියලම ලියලා තියෙන්නේ කියලත් හිතුනා.
අති සාර්ථකයි. කියන්ට වෙන වචන නෑ.:)
ස්තූතියි පොඩ්ඩි :) :)
Deleteඅති සාර්ථක කථාවක්
ReplyDeleteඔබටත් එසේම ස්තුතියි ළහිරු...:)
Deleteඕහ් මම හිතුවේ හොල්මන් කතාවක්ද කියලා. එකපාරටම මෙන්න වෙන කොහාටද පැනල. ලස්සනයි, ලස්සනයි දිගටම බලන්න ඕනේ මොකද වෙන්නෙ කියල.
ReplyDeleteහොල්මං කතාවක්ය කියලද මුලින්ම හිතුනෙ?.....හෙහ්, හෙහ්,
DeleteThanks Sonya,
කතාව නම් ලස්සණයි... නියමයි...
ReplyDeleteස්තූතියි අලුත් මල්ලි :)
Deleteඅනේ අපොයි ලව් ස්ටෝරිය!
ReplyDelete:D :D
හැබැයි දැන් ඉතින් කෙල්ලත් ඉන්නව, කොල්ලත් ඉන්නව, දුෂ්ටයත් ඉන්නව. හින්දි සින්දුව විතරයි අඩු!
ඇයි ලව් ස්ටෝරියට මොකද උනේ?....දැන් නෙව ඒක පටං ගන්නෙ...:)
Deleteපේලි දෙකක් කියවද්දිම තේරුනා මේ කොටස ගියන්නේ රවි අයියා කියලා.
ReplyDelete/ '' මිසී මෙන්න තැන '' ඇල්බට් සුදු කෙස් පිරුණු ඔලුව හොල්ලල හිනා උනා. /
Deleteඋඹට මලේ වැඩේ ඉස්තිරම වෙන්ට ඇති මේ කෑල්ල කියෙව්වම නේද?...හෙහ්, හෙහ්,