Wednesday, 6 March 2013

05. තමරුගේ කතාව (හත්වෙනි කොටස )







වෙනදාට වඩා රාත්‍රිය නිසසලයි. ගහක් කොලක් පවා හෙල්ලෙන හඬක්වත් ඇහුනේ නැති තරම්.

තවත් දවසක නිමාවක්!!!

දොරට යමෙකු තදින් ගසන හඬින් තිගැස්සී ගිය තමරු , උපමාලි දෙස බැලුවා.

'අකලංක වෙන්ට ඇති' උපමාලි කීවේ දෑස් පියාගෙනම.

විවරවූ දොරෙන් එබුනේ අකලංක. 'ඔහුගේ මත හොඳටම වැඩිවෙලා වගේ' තමරුට සිතුනා.
'මම ආවේ අද මම නිදන්නේ, මගේ වයිෆ් ලඟ කියලා කියන්ට'

උපමාලි දෙනෙත් විවර කලෙත්, තමරු හිස පීරමින් සිටි පනාව බිම වැටුනෙත් එක්වැර.
'අකලංක' තමරුගේ හඬ යාන්තමට වෙව්ලලා ගියා.

'ඔයා මේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ?'

උපමාලිට ඇසුනේ තමරුගේ  ස්වරය උච්ච වෙනවා වගෙයි.

'ඔයා අද ඉන්නේ බීලා. ඒ වගේම හෙට උදේට උපාට මේ හැමදේම අමතක වෙලා තියෙන්ට පුලුවන්. ඒ වෙලාවට ඔයාට මොනවා හිතෙයිද කියලා ඔයා කල්පනා කලාද?'

තමරුගේ දෑසේවූ වේදනාව දුටු උපමාලි නැවතත් දෙනෙත වසා ගත්තා.

'එහෙම උනොත්, මගේ ජීවිතේටම, මම ජීවත්වෙන්නේ අද විතරයි කියලා මම හිතාගන්නම්...'
අකලංක සිරුර කාමරයේ දොරට වාරු කරගත්තා.  නිතර අතැඟිලි ඒ අතුරින් යවීම නිසාදෝ,ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුනා. 'අදට මගේ කාමරයේ නිදන්ට' ඔහු ඇයට පැවසුවා.

එය ඉල්ලීම නෙමේ , විධානයක්!!!

තමරු නැවී, බිමවූ පනාව අහුලා ගත්තේ සෙමෙන්. ඊලඟට උපමාලි දෙස හැරී 'මම යනවා උපා' කියා කීවෙත් ඇසෙන, නෑහෙන හඬකින්. ඇගේ දෑසේ එල්වී තිබූ, කඳුලු බිඳු අකලංක නොදැක්කාම නොවේ.

ඔහු ඇගේ ඒ විසල් දෑස මග ඇරියා කීවොත් නිවැරදී. ඇය, ඔහු පසු කරමින් ගමන් කලේ, නමාගත් හිසින් යුතුව.

තමරු, තමාගේ කාමරය දෙසට යනුත්, එහි දොර තදින් වැහෙන හඬත් ඔහුට ඇසුනා.
උපමාලි දෑස් විවර කලේ නෑ. ඇයට දැනුනේ තමා පසෙකින් වැටෙන අකලංකගේ සිරුරේ උණුසුම.

ඇගේ හදවත ගැහෙන්ට පටන් ගත්තේ වේගෙන්. තමා පසෙකින් උන් අකලංකගේ සුපුරුදු උණුසුම ඇගේ ගතට දැනුනා. හරියට කාලෙකට පස්සේ තමන්ගේ නිවසට ආවා වගේ. තමා මේ උණුසුමට පූසියක් මෙන් කීවරක් නම් තුරුල් වෙන්නට ඇද්ද? තමා පසෙකින්වූ, ඒ පුලුල් උරහිසේ මූන සඟවා ගන්නට ඇත්ද? ඔහුගේ පිජාමා කමිසමේ බොත්තම් ගලවා ඒ තුල මුහුන ඔබා ගැනීමේ ආසාවක් ඈ තුල හැමදාම තිබුනා.


ඈට එක්වරම මතකයට නැගුනේ සරසවි යුගයේ ඈ හා අකලංක එක්ව ගතකළ රාත්‍රියයි.

තමා ගැහැණියක වූ රාත්‍රියයි.


උපමාලිගේ දෙනෙත් වටා කලුපැහගැන්වී ඇති අන්දමත්, ඇගේ දෙනෙත් ගිලී ගොස් තිබූ හැටිත්, සිරුර හා මුහුන වැහැරී ගොස් තිබු හැටිත්, අකලංක දුටුවේ නෑ.

ඔහු ඈ වෙත හැරී ඇයව දෑතින්ම තුරුල් කරගත්තා. ඒත් උපමාලි දෑස් විවර කලේ නෑ. තම දෑතින් මූන් වසාගෙන ඔහුගේ පපුවෙහි මුහුන ඔබා ගත්තා.

ඇයට සිහිපත් වූයේ අකලංකගේ මවගේ මුහුන.

'මට මැරෙන්ට කලින් මගේ මුණුබුරෙක් හරි මුණුබිරියෙක් හරි දැකගන්ට වාසනාවක් නැති උනු හැටි' ඇය තමා බැලීමට පැමිනි දිනක් හඬමින් අකලංකට කියනු උපාට මෙනේ වූවා. ඔවුන් සිතුවේ ඇගේ කල්පනාව ඒ මොහොතේ නොවූ බවයි. අකලංක සිය මවගේ හිස, ඔහුගේ උරහිස මත තබා පිරිමදිනු දුටු, ඇගේ හදවත දහස් වාරයක් ගිණි ගත්තා කීවොත් වැරදි නෑ.
හිතපු නැති මොහොතක, සමහර දර්ශන, තමාගේ හිතේ කොනක යටපත්වූ, මතකයන් සියල්ල එලියට දමන බැව් ඈ  නිතරම ඔවුන්ට පැවසුවේ නෑ. ඒ මොහොතේ අකලංකගේ දෑස් වේදනාවෙන් පිරී යනු ඈ හොඳ හැටි දුටුවා ...

එදා ඇගේ දෑසින් ගැලූ කඳුලු ඔවුන් දුටුවේ නෑ.

ඊලඟට ඇගේ සිත තුල ඇඳී ගියේ තමරුගේ ආදරණීය මුහුන. තමාගේ සහෝදරියක මෙන්, දිවා, රෑ තමා වෙනුවෙන් වෙහෙසෙන තමරුගේ දයාබර මුහුන. දැන් මොහොතකට කලින් ඒ දෑසේ දිස් වූයේ මොන තරම් වේදනාවක්ද? ඇය දුක්වූයේ තමන් වෙනුවෙන්ද? අකලංක වෙනුවෙන්ද? උපාගේ දෑස් පිරී ඉතිරී ගිය කඳුලු කපොල් ඔස්සේ ගලා යනු අකලංක අදත්  දුටුවේ නෑ.


*****************************************************************


අකලංකගේ කාමරය වෙත ගිය තමරු එහි ඇලවුනේ විඩාවෙන්. ඈ හිස තැබු කොට්ටයෙන් හමා ආවේ අකලංක වෙතින් නික්ම එන සුවඳක්. ඈ වහා එය පසෙකට විසි කර, බිත්තියට හේත්තු කොට තිබූ කුඩා කොට්ටයක් ගෙන හිස තබා ගත්තා.

අකලංකගේ සිරුර හා එතුනු උපාගේ සිරුර මෙනෙහිවීමෙන් ඇගේ හදවත ගින්නකින් පිලිස්සෙන්නේ ඇයි? ඒ බුර , බුරා නැගෙන ගින්නෙන් තමා කොයි මොහොතක හෝ පිලිස්සෙනු ඇතැයි ඇයට දැනුනේ බියක්. ඈ කොට්ටයට මූන ඔබා ඇඳේ අනෙක් පසට හැරුනා.


රාත්‍රිය අවදි වීමට පටන් ගත්තේ ඒ මොහොතේ.

හිටි හැටියේ මහ වැස්සක් කඩා වැටෙන්ට පටන් ගත්තේ කොහොමද? වහලට වැටෙන වතුර පාරේ සැරට වහල පාත්වේදැයි බියක් තමරුගේ සිතට දැනුනා. හුලං පාරට කවුලු පියන් පත් හෙල්ලුනා. අකුණක් වැදී, කාමරය ආලෝකමත්වී සැනෙකින් යලි අඳුරේ ගිලුනා.

මොහොතකින් මුලු නිවසම පිරී ගියේ කන් බිහිරි කරවන කෑගෑසීමකින්. සිත් බියට පත් කරනා එහි වූයේ අමානුෂිකබවක්. සම්පූර්ණයෙන් වියරුව ගිය ගැහැනියකගේ හඬක්.

තමරු වහා ඇඳෙන් බැස, උපාගේ කාමරය වෙත දුවන්නට උනා.



"love hurts, love scars, love wounds and marks...."

ප/ලි: විශේෂ ස්තූතිය මා අමාරුවේ දමා ඉන් ගොඩ ගත් ජනුවාට. :D:D:D



13 comments:

  1. මේක මුල ඉඳන්ම බලන් එන්න ඕනේ නිවාඩු පාඩුවේ.

    ReplyDelete
    Replies
    1. එන්ටකෝ...ආව එකට කෝරලේට ස්තූතියි. :)

      Delete
  2. ඕහ් මොනාවත් හිතාගන්න බැහැ, මාව නිකම් කරකවලා අතහැරියා වගේ. පොඩ්ඩි ඒ පාර මොකක්ද මේ වෙන්නේ ???????

    ඔක්කොම සිදුවීම් ටෙලිඩ්‍රාමා එකක වගේ මැවිලා පේනවා. අනේ ටෙලිඩ්‍රාමා එකක් කරන්න හොඳ කතාවක් වගේ දැන්නම්.

    ReplyDelete
    Replies
    1. ටෙලිඩ්‍රාමා එකකට නේද? මේ වගේ ෆිල්ම්ස් තුන, හතරක් තිබ්බ හන්දා ඉතින් ටෙලිඩ්‍රාමා එකක් හදන එකත් නරකම නෑ.:D

      සෝන්යා ලස්සන ෆොටෝ එකක් දාලා තියෙන්නේ. තෝරලා දීපු කෙනා කවුරු උනත්, ගෑනුන්ගේ ලස්සන හොයන්ට දක්ෂයෙක්...:D:D

      Delete
  3. නුල ඉදලම කියවල බලන්න ෂැගියා අද ඉදන් මේ පැත්තට එනවෝ....

    ReplyDelete
    Replies
    1. නොවරදවාම එන්ට ෂැගියෝ. පරණ කතා ගොඩේ පැණි පිරුණු කතා ඇති.:)

      Delete
  4. // ඒ බුර , බුරා නැගෙන ගින්නෙන් //

    Huh. Where's the copy rights..??

    ........................................

    Why does Thamaru so against about Akalanka & Upamali being together.!? Isn't that, what they want to do & trying to do.?? Is Thamaru in love with Akalanka.?? Does she expects in her unconcious mind that one day Akalanka will giveup on Upamali and they going to be together.?? Is this another psycho case.??

    To get answers for all these unanswered questions, read the next episode.. Don't forget, after all this is 'Thamaruge Kathawa', not someone else kathawa.. ;-)

    ReplyDelete
    Replies
    1. කොහේ තියන කොපි රයිට්ස් ද?

      අනෙක මේ කතාව දැන් කොයි පැත්තකටවත් ගෙනියන්නේ කොහොමද මෙයා ඉඟි දීලනේ.:D

      කෝ මේ දවස්වල සිංහල ෆොන්ට් වැඩ කරන්නේ නැද්ද?:D:D

      Delete
  5. ඔක්කොම කොටස් කියෙව්වා. මේක හරියට කියවන්න අකමැති උනත්, පටන් ගත්තාම නවත්තන්න බැරි හොල්මන් කතාවක් වගෙයි. මට මතක් වුනේ වැම්පයර් මූවි එකක ලියල තිබ්බ එකක්:

    "For us to live, you must die"
    කතාව ඉවර කරන්න නං,කෙල්ලො දෙන්නගෙන් එකෙක්ව මරන්නම වෙනවා. දැන් කවුද අලුගෝසු කොටස ලියන්නෙ :)

    ReplyDelete
    Replies
    1. අලුගෝසු කොටස පටන් ගත්තු එක්කෙනාටම දීලා පැත්තකට උනා නම් ඉවරයි නේද කියලා හිතුනා ටොමියගේ කමෙන්ට් එක දැක්කාම. :D

      Delete
  6. මම හිතුව මේකෙ ඇක්ෂන් තියෙයි කියල. ෂික්!

    ReplyDelete
    Replies
    1. මෙයා නම් ඇක්ෂන් බලන්ටම ඉපදුනු කෙනෙක් වගේ...:D:D:D

      Delete
  7. අදමනේ ආවේ.... රවුමක් ගහලා එන්නම් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete