බ්ලොග් කියවන යාලුවන්ටයි - අන්දර මල්දම එක්ක මුල ඉඳලම රැඳිල හිටපු, අපව දිරිගන්වපු ඔයාලා ඔක්කෝටම බොහොම ස්තූතියි.තනි පුද්ගලයෙක් ලියන කතාවක් වගෙ නෙවෙයි කණ්ඩායමක් එකතුවෙලා ලියන සාමූහික කතාවක් උනහම ඔයාල දන්නව අපහසුකම් මතුවෙනව කතාව ඉස්සරහට ගෙනියද්දි.
ඒ කොහොම හරි පළවෙනි කතා 5 අපි සාර්ථකව ලියල ඉවර කලා.ඒ වගේම ඔයාල කියෙව්වා.. ප්‍රතිචාර දැක්වූවා. අපේ හයවෙනි කතාව සරණ බන්ධන පළවෙනි කොටස ඔයාල කියෙව්වෙ මීට අවුරුදු දෙකකට වගෙ ඉස්සර. ඊට පස්සෙ ඉතිං නොයෙක් බාධක දුෂ්කරතා සහ අතපසුවීම් නිසා සරණ බන්ධන ඉස්සරහට ගියේ නෑ. ඔයාලගෙන් අපි සමාව ඉල්ලනව ඒ වෙනුවෙන්.
හරි ඒ නිධාන කථාව සහ පොඩි පැහැදිලිකිරීමක්...ඉතින් කියවන්නකො සරණ බන්ධන ඉස්සරහට...ස්තූතියි!
*******************************************************************************************************************
"සොරි. මගේ ෆ්ලයිට් එකට දැන් වෙලාව ළඟයි...ඉක්මනට පිටත් වෙන්ඩ ඕන..."
"අනේ සමන්තා මාව තේරුම් ගන්න. මට ඔයාව එක විනාඩියකට හම්බෙන්න ඕන...ප්ලීස්....."
අන්තිමට එහා පැත්තේ යුවතිය කරපු ඉල්ලීමට ඉඩ දෙන්න සමන්තා එකඟ උණා. ඒ එතන තමුන් හිටිය නම්, තමුනුත් ඔය ඉල්ලීම කරාවි කියල එයාට හිතුනු නිසා.
ඕනෙවට වඩා අනිත් මිනිස්සු ගැන හිතන්න ගිහින් නැති කරදර පටලගන්නවා කියල ඉස්සර දවසක් සුපුන් දොස් කිව්ව හැටි මතක් උණු සමන්තා ට හීනි හිනාවක් ගියා.
සුපුන්...
ගෙවුණු අවුරුදු තුනේදී සුපුන්ව අමතක කරන්න සමන්තා කවදාවත් උත්සාහ නොගත්තේ ඒක කවදාවත් කරන්න බැරි විත්තිය එයා හොඳින්ම දැනගෙන හිටි නිසා.
ඇත්තටම මම සුපුන්ට ආදරේ කරාද?
සමන්තා දහස් වෙනි වාරෙටත් තමන්ගෙන් ප්‍රශ්න කරේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලෑස්ති කර ගන්න ඕනි නිසා.
අවුරුදු තුනකට කලින් අවසාන වතාවට සුපුන්ව හම්බුණු දවසේ... සමන්තා එයාව හම්බුවෙන්න ආයේ එන්නේ නැති බව එයාට කිව්ව වෙලේ...එයා ගේ මුණේ තිබුණු අසරණ බැල්ම සමන්තාට ආයෙත් මතක් උණා.
සුපුන් මට ඇත්තටම ආදරේ කරා.
ඔව්. සමන්තා ඒක දැනගෙන හිටියා.
ඒ උනත්...ආදරේ විතරක් ජීවිතේට මදි. ඒක සමන්තා ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේදී.
අවුරුදු විසි පහකට එහාට සමන්තා ගේ හිත ඉගිල්ලුනා...
එදා පුංචි ගේ මගුල් දවස... ලස්සන සුදු ගවුමක් ඇඳන් දිග වේල් එකක් දාපු පුංචිව සමන්තා ට පෙනුනේ පල්ලියේ පියතුමා කියා දීපු කතාවල ඉන්න දේව දුතියක් වාගේ. ඒත් පුංචි නම් කීවේ ක්‍රීම් පාට දිග ගවුම් පොඩියක් එක්ක පුංචි රෝස පොහොට්ටු මල් ඉත්තකුත් හිසේ පළන්දන් මල් කුමාරිට හිටි, සමන්තා තමයි දේව දුතිය කියලා.
පුංචි අම්මගේ කපාපු පලුව වාගේ. සමන්තා අම්මගේ කපාපු පළුව වාගේ. තුන් දෙනා එකට ඉන්න කොට සමනලියෝ දෙන්නයි පුංචි සමනලී යි වාගේ. එහෙම කීවේ සීය පප්පා. මම්මා ආච්චි ගේ සුද යි, ඕඩ්රි හෙප්බර්න් ගේ වාගේ වක් වෙච්චි ඇහි බැම යි එක්කල සීය පප්පා ගේ කැරලි කොන්ඩේ ඇවිත් තිබුනා මේ තුන් දෙනාටම. සමන්තා ඉපදෙන කොට මම්මා ආච්චි දෙවියන් වහන්සේ ළඟට ගිහින්. ඒ හන්දා මම්මා ආච්චිගේ ලස්සන බලන්න ඉතුරු වෙලා තිබුනේ ෆොටෝ ටිකක් විතරයි. ඒ උණත් හැමෝම කිව්වේ අම්මයි පුංචියි දෙන්නටම වඩා සමන්තා ට මම්මා ආච්චිගේ හැඩ රුව ඇවිත් කියලා.
එදා මගුල් ගෙදර දී සමන්තා හිතුවේ තමුන් සුරංගනා ලෝකෙකට ගිහින් කියලා. පල්ලියේ හැම තැනම මල් ගහලා සරසලා තිබුනා. හැමෝම හරි ලස්සනට ඇඳන් ඇවිත්. පුංචි සීය පප්පා එක්කල අල්තාරේ ළඟට යනකොට ඊටත් ඉස්සරහින් පොරි ඉහින්නත් තිබුණා සමන්තාට. ඒ රාජකාරිය නිසා ටිකක් ආඩම්බරයකුත් දැනුණා.
සමන්තා ගේ සුරංගනා ලෝකේ ඉරි තලන්න පටන් ගත්තේ හෝටලේ දවල් කෑම ඇරිය වෙලේදී.
මගුල් ගෙදර අනිත් මල් කුමාරි එච්චර වෙලා හිටියේ සමන්තා එක්ක සෙල්ලම් කර කර. ලොකු අය බත් කන්න පටන් ගන්නවා දැක්ක සමන්තා ටත් පුංචි බඩගින්නක් ඇවිත්.
"අපි බයි කමු?" සමන්තා අනිත් මල් කුමාරිගෙන් ඇහුවා.
"හා. මට අද තාත්ති කවනවා කිව්වා...ඔයාට කවන්නේ කවුද?"
සමන්තාට කල්පනා කරන්න කරුණු කාරණා දෙකක් තිබුණා. එක - මතක ඇති කාලෙක සමන්තාට "තාත්ති" කෙනෙක් උන්නෙ නැහැ. දෙක - ගෙදරදී අම්ම බත් කවන්න හැදුවත් සමන්තා කැමති උනේ තනියම කන්න.
අනිත් මල් කුමාරිගේ තාත්ති ඇවිත් එයාව වඩා ගත්තේ බයි කන්න යමු නෝනේ කියාගෙන. එයා ගොඩක් උස සීය පප්පා වගේ රැවුල වවපු එක්කෙනෙක්. ඒත් සීය පප්පගේ පුළුන් කැටි වගේ සුදු රැවුල වගේ නෙවෙයි එයාට තිබුනේ කළුම කළු හීනි රැවුලක්. එහෙම අය හිටියා සමන්තාගේ කතන්දර පොත්වල රූප වල. ගොඩ වෙලාවට අස්සයෙක් පිට නැගල ආඩම්බර තාලෙට. නැත්නම් කඩුවක් අතින් අරං මකරෙක් එක්ක ඔට්ටු වෙවී.
* * *
මගුල් ගෙදර වැඩ ඉවර වෙලා, ගෙදර ගිහින් අම්ම සමන්තා එක්කල කාමරේ ඇඳෙන් වාඩි උනේ ඇඳුම් මාරු කරන ගමන් මහන්සි අරින්න. උදේ සමන්තා ගේ ඔලුවේ ගහපු මල් පරවීගෙන යන්න අරන්.. සාරි පොටෙන් පවන් ගහන ගමන් අම්මා සමන්තගේ ඔලුවේ කටු ගලවන්න ගත්තා.
"අම්මා...තාත්තිලා ඉන්නේ කොහෙද?" සමන්තා ඇහුවේ නළල රැළි කරන්.
ඒ ප්‍රශ්නෙන් අම්මා මොහොතක් ගල් ගැහුණා.
"ඒ මොකෝ සුදු දූ එහෙම ඇහුවේ?"
"ටානිය ට නම් තාත්ති කෙනෙක් ඉන්නව අම්මා. එයා තමා ටානියට බයි කැව්වෙත්..." සමන්තා කිව්වේ අනික් මල් කුමාරි ගැන කියල අම්මට තේරුණා.
"හ්ම්..." අම්මා ඇහුණා නෑහුනා ගානට කටු ගලවනවා.
"අම්මා..."
"හ්ම්...?"
"අනේ අම්මා...තාත්තියෙක් අරන් දෙන්න කෝ මටත්..." සමන්තා කිව්වා.
හුස්මක් හෙළුව අම්ම කටු ගලවන වැඩේ නැවැත්තුව. එතකොට තමා සමන්තා දැක්කේ අම්මගේ ඇස් වල ලොකු කඳුළු ගුලි දෙකක් දිලිසෙනවා.
"පොඩියක් එන්නකෝ දූ මෙහෙට"
සමන්තාගේ මුණ ඉම්බ අම්ම එයාව උකුළට අරං තුරුළු කර ගත්තා.
"දූ ... හැම බබෙක්ටම ජේසු බබා තාත්ති කෙනෙක් දීල තියෙන්නේ .. හොඳද... ඒ උනාට සමහර බබාලට එයාලගේ තාත්ති ලව හම්බෙන්නේ එයාල ටිකක් ලොකු උනාම...දූගේ තාත්ති ත් ඒවි දූව බලන්න තව ටිකක් කල් ගිහාම...සුදු දූ ටිකක් උස ගිහින්...ලොකු ඉස්කෝලෙට යද්දී...හොඳද දු...."
"ඇයි අම්මා තාත්ති මං ලොකු උනාම එන්නේ?" සමන්තා ඇස් ලොකු කරන් ඇහුවා.
" එයා ඉන්නේ ගොඩක් දුර නේ දූ... ඒකයි... "
"පිට රට ද?" ඒ දවස්වල සමන්තා හිතන් හිටියේ 'පිටරට' කියන්නේ ලෝකේ දුරම තැන කියල.
"ඔව් දුව...පිට රට තමයි...ඉතින් එයා දූ ට තෑගි අරං එන්න තමා එහෙ ගියේ...තෑගි ගොඩාක් අරං, එයා ඒවි දූ ව බලන්න..."
* * *
එදා එහෙම කිව්වත්, ටිකෙන් ටික ලොකු වෙනකොට, කරුණු කාරණා තේරුම් යනකොට, තමන්ගේ 'තාත්ති' තෑගි අරං එන දවස ගැන තිබුණ බලාපොරොත්තුව සමන්තා දිය කරලා ඇරියා...
"ට්‍රීං!"
ජංගම දුරකතනය ට කෙටි පණිවිඩයක් ඇවිත්.
"I'm on my way. See you soon. Pls don't tell Supun. Avanthi"
You know how the time flies
Only yesterday was the time of our lives
We were born and raised in a summer haze
Bound by the surprise of our glory days
Only yesterday was the time of our lives
We were born and raised in a summer haze
Bound by the surprise of our glory days
Never mind, I'll find someone like you
I wish nothing but the best for you, too
Don't forget me, I beg, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead
Sometimes it lasts in love, but sometimes it hurts instead
I wish nothing but the best for you, too
Don't forget me, I beg, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead
Sometimes it lasts in love, but sometimes it hurts instead
මේ සමන්තෙක් කොහෙන්ද බං ආවෙ?
ReplyDeleteඕඩ්රි හෙප්බර්න් මගෙ ප්‍රියතම නිළියක් ( උඹේ ඉතිං ප්‍රියතම නැත්තෙ කවුද? නැද්ද?...හෙහ්,හෙහ් )
Roman Holiday & The Unforgiven ආයෙම බලන්ට ඕන මුල ඉඳල...හෙහ්,හෙහ්,