Tuesday 9 October 2012

සෙවණැලි අතරින්...1








මෙච්චර ඉක්මනට කලුවර වැටෙයි කියලා සහේලිට නිකමටවත් හිතුනේ නෑ. ඒ මදිවට හවස ඇද වැටුනු මහ වැස්ස දැන් චුරු...චුරු...වක් බවට හැරිලා. ඈ පාරේ එකතු වෙලා තිබුනු වතුර වලවල් මග හරිමින් ගමන් කලා...මිනිස්සු කවුරුත් එලියේ පෙනෙනෙන්ට නැත්තේ වැස්ස හන්දා වෙන්ට ඇති. තමන්ගේ නවාතැනට හැරෙන පාර, පාලුවට පේන්නේ ඒ හන්දයි ඈ හිතුවා.... සමහර ගෙවල්වල දැනටමත් පහන් දල්වලා ...ඒවායේ කහ පැහැති එලිය, වැසූ වීදුරු පියන් තුලින් පෙනුනේ අද්භූත සෙවනැලි වගේ.

'ටක්-ටොක්' සහේලි පසුපස හැරී බැලුවා. අඩි සද්දයක් නේද? ඒත් ඈට කිසිවක් පෙනුනේ නැත්තේ පරිසරය වසා පැතිර යන, ලා මීදුමක් හන්දද? දොරක් වැසූ පාලු නිවෙසක කවුදෝ හැංගී ඉන්නවද? ඈ ගමන් වේගය වැඩි කලා.

නැවතත් ඒ හඬ. ඈ එවර නම් හැරී බැලුවේ නෑ. තව පොඩි දුරයි. දුවන්නට හිතුනත්, ඈ එසේ නොකලේ කවුරුන් හෝ දුටුවොත් යන අදහසින්.

නවාතැනට ලංවූ ඇයට දැනුනේ සැනසීමක්...

ඈ උන්නේ තට්ටු දෙකක නිවාසයක් උඩුමහලේ කාමරයක් කුලියට ගෙන. අයිතිකාරිය ඇගේ මවගේ මිතුරියක්වීමත්, උඩු මහලේ අනෙක් කාමර දෙකෙහි තවත් ගැහැනු ලමුන් දෙදෙනෙක්වීමත් ඈ මෙම ස්ථානයට කැමතිවූ හේතු දෙකක්.

ඈ දොර අරින හඬ ඇසී ගෙදර හිමිකාරිය, කෑම කාමරය දෙසින් එබිලා බැලුවා.

' සහේලි මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා. වොෂ් දාගෙන කෙලින්ම කෑමට එන්ට..'

ඈ කාරුණික තැනැත්තියක්. සැමියා මල පසු, ආදායමක් උපයා ගැනීම සඳහායි, ඈ ඇගේ නිවසේ, අඳුනන පවුල් කිහිපයක තරුණියන් කීපදෙනෙක් නතර කරගෙන උන්නේ.

'හොඳයි ආන්ටි...'

'මට අමතක උනා. සහේලිට කෝල්ස් දෙකක් ආවා...'

සහේලී නතර උනේ තිගැස්සිලා.

'කෝල්ස් දෙකක්? කාගෙන්ද ආන්ටී'

'නම කීවේ නෑ නොම්මරයක් වැටුනෙත් නෑ...පස්සේ කතා කරන්නම් කීවේ?'
උඩු මහලට නගින තරපු පෙල මත පයක් තබා, තමා දෙස බලා ඉන්නා සහේලි දුටු,  සමන්තාට ඇති වූයේ විමතියක්.

'ඇයි දුව...'

'නෑ නෑ ආන්ටි...මම වොෂ් දාගෙන එන්නම්'

කාමරයේ දොර වසා අත් බෑගය මේසය මතට වීසි කල සහේලි, ඇඳෙහි වැතිරුනේ ගැහෙන හදවතින්. අද උදෑසන සිදුවූ සිදුවීම ඇගේ මතකයට ගලා ආවේ හදවතට වද දෙමින්.

උදෙත් මේ වගේම පොඩි වැස්සක් කඩා වැටුනු බව ඈට මතකයි. ඈ ඒ යටින් කාර්යාලය තිබූ, බිල්ඩිමට ලඟා වූයේ නොතෙමී ඉන්නට අසාර්ථක වෑයමක් දරමින්.

'හැමදාම වහින වෙලාවට ලඟ කුඩයක් නෑ' ඈ තමාටම කියාගත්තේ විදුලි සෝපානයේ උඩට යන ගමන්. අන් හැවොම වගේ ඒ වෙලාවේ වැඩට ඇවිත් තිබුනා.

යන්තම් ඇඳ හිටි කෙටි උඩු කබාය ඉවත් කරලා, පරිගණකය ක්‍රියාත්මක කලා විතරයි. ලියුම් මිටියක් එක්ක පියදාස කාමරයට එබුනා.

'මිසී'

'ඔව් පියදාස...'

'ලොකු මහත්තයා මිසීව හෙව්වා...'

ඈ මේ දිනවල අවසන් කරමින් උන්නේ, රටේ ප්‍රසිද්ධ දේශපාලනඥයකු හා කල සාකච්චාවක්. ඒ ගැන අහන්නට වෙන්ට ඇති ඈ හිතුවා.

'මම කතා කරලා බලන්නම්'

'හොඳමයි මිසී'

'තෑන්ක්ස් පියදාස'

නගරයේ දක්නට නොලැබෙන අන්දමේ පිවිතුරු බවක් මේ යොවුන් තරුණිය වෙතින් පියදාස දුටුවා. ඇගේ මුව පුරා විහිදෙන,  මිහිරි සිනාව උදෙන්ම දැකීමත්, ඔහුට හිතුනේ දවස හොඳින් ගෙවීමට ලැබෙන සුබ නිමිත්තක් වගේ.

පියදාස ගියා විතරයි මේසය මතවූ ඔෆිස් ෆෝනය හැඬ උනා. බොස් වෙන්ට ඕනි සහේලි හිතුවා.

'හෙලෝ....

එහා පැත්තෙන් හඬක් ආවේ නෑ. 'හෙලෝ..' ඈ යලිත් කතා කලා. එහා පසින් ඇයට ඇහුනේ රිසීවරය තබන හඬ. සහේලි වහා පණිවිඩය ලැබූ නොම්මරය දෙස බැලුවා. එහි සඳහන් වූයේ   ‘Unknown number’  කියායි.

'කවුද මේ?' ඈ නළල රැළි කරගත්තා. කවුරු නමුත් උවමනාවක් තියනවා නම් නැවත කතා කරන්නේ නැතෑ.

ඈ තමාගේ ජංගම දුර කතනය බෑගයෙන් ගෙන මේසය මතින් තැබුවා. බොහෝ වෙලාවට ඈට අම්මාගෙන් කෝල් එකක් ලැබෙන්නේ මේ වෙලාවට.

'දුව ඔෆිස් ගියාද? කෑවද? ඊයේ හොඳට නිදාගත්තද? ඔයා හොඳට කනවද? බඩගින්නේ එහෙම ඉන්නේ නෑනේද?’ හැමදාම අම්මාට අහන්ට තිබුනේ ඔය වගේ ප්‍රශ්න තමයි.

ලොක්කා හම්බ වෙන්ට ගියත් ඔහු උන්නේ මීටිමක. සහේලි ආපහු කාමරයට ආවේ ලිපිය ඉවර කිරීමේ අදහසින්.

'සහේලි' ඒ යමුනා...

සහේලි යමුනාව ප්‍රිය නොකල මුත්, එක තැන වැඩ කරන කෙනෙක් හන්දා සාමය රැක ගැනීමට ඈ හා කතා බහ කලා. ඔෆිදියේ පැතිර තිබූ ආරංචිවල හැටියට යමුනාට බොස්ගෙන් විශේෂ වරප්‍රසාද ලැබුනලු. බොස් නරක කෙනෙක් නෙමේ. ඒත් ඔහුත් මනුස්සයෙක්නේ මේක තමා වැඩ කල කාගෙත් මතය උනේ. අවුරුදු හතලිස් ගනනක් පසුවූ ඔහු අවිවාහකයෙක්. යමුනාත් තාම විවාහයක් ගැන කල්පනා නොකල නිසාත්, අමුතු චරිතයක් වූ නිසාත් කවුරුත් ඒ සම්බන්ධය ගැන ඇසීමට ගියේ නෑ.

'ඔයා තාම අර ආර්ටිකල් එක කරනවද?' යමුනා මෙතරම් තදපාට ලිප්ස්ටික් උලාගෙන ඇත්තේ මොන කෙහෙල්මලකටද? යන්න තමා සහේලිගේ හිතට එක පාරම ආවේ.

'තාම නෑ යමුනා...අද ඉවර කල හැකි'

'නිමල් ඔයාව හෙව්වා මගේ හිතේ'

'ඔව් මට පියදාස කීවා'

සහේලි 'යන්නම්' කියාගෙන හැරුනා.

'කෝකටත් පරිස්සමින් හොඳේ' යමුනා කීවා...

සහේලි හිටි තැනම නතර උනා.

'ඒ මොකෝ ඔයා එහෙම කීවේ?'

'නෑ ඉතින් ඔය දේශපාලනේ කරන ලොකු ලොක්කෝ ගැන ලියන කොට පරිස්සමින්'

සහේලි කට පුරා හිනාවෙලා කාමරය පැත්තට හැරුනා. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑලු කියලා කතාවක් තියනවලුනේ ඈ හිතුවා..

කාමරයට ඈ අතුල් වූවා විතරයි ඇගේ ජංගම දුර කතනය නාදවූවා.

'අම්මා වෙන්ට ඇති' ඈ වහා ෆෝනය ගත්තා..

'හෙලෝ'

එහා පැත්තෙන් කිසි හඬක් ඇහුනේ නෑ. හරියට උදේ ආපු කෝල් එක වගේ.

 කවුදෝ තදින් හුස්ම ගන්නා හඬක් නේද ඒ?

‘Hello who is this?     '  ඈ තද ස්වරයෙන් ඇහුවා. ඇයට පිලිතුරක් විදියට ඇහුනේ එහා පැත්තෙන් ෆෝනය තිබු හඬ...

තැතිගැන්මක් මුලින්ම හිතට ඇතිවෙන්ට පටන් ගත්තේ ඒ වෙලාවේ ඉඳලයි.

ඈ පියවි ලොවට ආවේ කවුදෝ දොරට ගසන හඬින්...

'සහේලි අපි නම් කන්ට යනවෝ'

'ඕකේ...මම ඉක්මනින් එන්නම්'

සමන්තා ආන්ටි හැමදාම වගේ රෑට ඔවුන්හට පිලියෙල කලේ බත්. දහවලට කැන්ටින් වලින් මොනා හරි කන ලමයින්ට රෑට හොඳ කෑම වේලක් දීම ඈ සිරිතක් වශයෙන් කලා. ඉතා සරල වුනත් ඒ කෑම වේල රසටත්, ගුණදායක් ලෙසටත් පිලියෙලවී තිබුනා.

කෑම මේසයට ඈ වාඩි වූයේ දවාලටත් හරිහැටි කෑවේ නෑ නේදැයි සිතමින්.

පරිප්පුත්, තෙල් දාපු හාල්මැස්සන් සමග මැල්ලුමක්. ගෙදර වැඩපලවලට උදව් කරන මේරි වතුර පිරවූ ජොග්ගුවක් මේසය මත තබමින් හිටියා.

ඒ පාර වැස්ස හොඳටම තදවෙලා....ජනෙල්වලට වතුර පාර වදින හඬ පවා ඇහෙනවා...

'මේරි අර ඉස්සරහා ජනෙල් වහලද බලලා එන්ට' ඒ සමන්තා  ආන්ටි.

ඉදිරි කාමරයේ පහත් මේසය මත තිබූ ටෙලිෆෝනය නාදවූයේත්, තිගැස්සී ගිය, සහේලිගේ අතවූ බත් හැන්ද මේසය මත වැටුනේත් එක වර....


(ඉතිරි කොටස මල්දම් ගොතන ඉතිරි අයගෙන්, ලඟදීම  බලාපොරොත්තු වෙන්ට.)


ප/ලි ජායාරූපය හොයා දුන් සිත්තමීට ස්තූතියි.




24 comments:

  1. අපූරු කුතුහලයෙන් පිරැණු කතාවක්... මොනවා වෙයිද ඊළගට?

    ReplyDelete
    Replies
    1. ඒක තියෙන්නේ ඉතින් අන්දර මල්දම ගොතන අනික් අය අතේ...:)

      Delete
  2. ඕහ් මාරයි හරියට හොල්මන් කතාවක් වගේ :)

    ReplyDelete
    Replies
    1. අංශූ කොහොමත් හොල්මන් කතාවලට ආසා කෙනානේ.:)

      Delete
  3. ඕකෙ ඇති කෙහෙල්මල් අබිරහසක් නෑ, ..අර මෝඩ කෙල්ල ෆෝන් එකේ Mute Button එක ඔබාහෙන ඉන්නෙ..... :) :)

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්........ ඒකත් නිකං මියුට් නෙමෙයි වොයිස් මියුට් එක ඔබලා තියෙන්නේ......... බ්රීත් මියුට් එක ඔබන්න මතක බැරි වෙලා...... :D

      Delete
    2. හෙහ්, හෙහ්, රන්දිල් ඔය අලුත් ගැලැක්සි එස් 4 එකේ තියනව ඔප්ෂන් කීපයක්ම...1. Voice mute breathe only, 2. Breathe mute voice only,..එහෙමත් නැත්නම් 3. calling party voice and breath both mute, self breathe only,

      4. Self brethe cease කියල ඔප්ෂන් එකක් නම් තියනවද කියල හරියටම දන්නෙ නෑ..මොකද එහෙම උනොත් මහම ජංජාලයක් වෙලයි කෙලවර වෙන්නෙ...:) :)

      Delete
    3. Galaxy S iv කවද්ද දන්නෙ නෑ නේද market එකට දාන්නෙ..?? මට දැන් S iii එක එපාවෙලා.. :D

      Delete
    4. @රවි,

      මේ මේ....කෙල්ලෝ මෝඩ නෑ හරිද? එයාලා මෝඩ නම් ඔය හතර දෙනෙක්ම වට කරගෙන ඉන්නේ මොකෝ? හී හී...

      අනෙක ඔය කියන ගැලැක්සිය තාම මාර්කට් එකට ඇවිත් නෑලු.:D

      Delete
    5. @රන්දි,

      ඊලඟට පෝලිමේ ඉන්නේ ඔයා හරිද? මේ පාර පහල ඉඳන් උඩට යන්නේ...:D

      Delete
    6. @බූරා,

      ඔව් අනේ ඒකෙන් නම් වැඩක් නෑ නේද? මම කීවේ S iii එක. :D

      Delete
  4. මේක මරු සෙල්ලම... ඉතිරි කොටසුත් බලමු...

    මටත් ඔහොම unknown number එකකින් කෝල්ස් එනවා... හැබැයි කිසිම සද්දයක් නෑ... අඩුමගානේ සහේලිට වගේ හුස්ම ගන්න සද්දේ වත් ඇහෙනවනම් කියලා මමත් අහගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ෂුවර් එහෙනම්, උඹට කෝල් කරන්නේ මළගිය පරාණ කාරයෙක්..

      Delete
    2. මටත් එහෙම හිතෙනවා... :) යක්කු ගස් නඟින වෙලාවට තමයි එන්නෙත්... :D

      Delete
    3. @බීට්ල්,

      මට නම් හිතෙන්නේ කෙල්ලෙක්...ඔයාට හිත ගිය කෙනෙක් වෙන්ට ඇති. අනෙක් අතට බැලුවාම බූරාගේ කතාව ඇත්ත වෙන්ටත් පුලුවන්. ඔයාට ආදරේ කරමින් ඉඳලා මළගිය පරාණයක්ද දන්නේ නෑ. කෝකටත් පරිස්සමින්...:D

      Delete
    4. @බූරා,

      මට ඊලඟ කොටස ලියන්ට තිබුනා නම් මම මේ කතාව ඔය කියන විදියට මළගිය කෙනෙක්ගෙන් එන කෝල්ස් විදියට වෙනස් කරනවා...හී හී..

      Delete
  5. ශික් මට එන්නේ නෑනේ ඔහොම කෝල්.
    අන්දර මල්දමේ ලස්සන කතා ලියවෙනවා නේ.
    රවි අයියාගේ වගේම පොඩ්ඩිගේ කතාවත් මරු...

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්තත් කැමතිද මැරිච්ච අයගෙන් කෝල්ස් එනවට....:D

      රවියි, මමයි විතරක් නෙමේ සිත්තමී, ජනූ, අමා, රන්දි මේ ඔක්කොම එක කතාවේ කොටස් ලියනවා...:)

      Delete
    2. මළ කෙලියයි කීවාලු. කවුද දන්නේ කෝල් එක ආවේ මැරිච්ච කෙනෙක්ගෙන් කියලා. හිතේ තියන් හිටියට අපි දන්නවාද...:P

      Delete
    3. හී හී...මාත් දන්නේ නෑ අනේ. ඊලඟට කතාව ලියන අය තමයි ඒක දන්නේ.

      Delete
  6. මොකද්ද සහෙලිගෙ network එක? Dialog ද නැත්තන් Telstra ද ? දෙකම එක වගේ චාටර්! :D :D

    ReplyDelete
    Replies
    1. මෙයාද දන්නේ නෑ සහේලිට කෝල්ස් දෙන කෙනා....:D:D:D

      Delete
  7. කොහොමද මෙහෙම ලස්සනට ලියන්නේ.ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. හිතට අදහසක් ආවාම, ඒක කතාවකට දාන්ට ඕනි උනාම , ඒ කතාවේ චරිතයක් බවට පත් උනාම, ලස්සනට ලියවෙනවා මගෙ හිතේ සෝන්යා...

      ස්තූතියි ඔයාට.:)

      Delete